මෙය නැති කරගන්න එපා
රුධිරයේ අනුකොටස් භාවිතය හෝ ඔබේම රුධිරය භාවිත කරමින් කරන ප්‍රතිකාර ගැන ඔබ දරන ස්ථාවරය කුමක්ද?
බයිබලය ක්‍රිස්තියානීන්ට පවසන්නේ ‘ලෙයින් වැළකී සිටින්න” කියයි. (ක්‍රියා 15:20) මේ හේතුව නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්පූර්ණ රුධිරය හෝ රුධිරයේ ප්‍රධාන කොටස් හතර වන රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා සහ රුධිර ප්ලාස්මාව ලබාගන්නේ නැහැ. ඔවුන් ලේ දන් නොදෙන අතර ශල්‍යකර්මයකදී භාවිත කිරීම සඳහා තමාගේම රුධිරය ගබඩා කරන්නේවත් නැහැ.—ලෙවී. 17:13, 14; ක්‍රියා 15:28, 29.
රුධිරයේ අනුකොටස් මොනවාද? ඒවා භාවිත කරන ආකාරය ගැන සෑම ක්‍රිස්තියානියෙක්ම පෞද්ගලික තීරණයක් ගත යුත්තේ ඇයි?
රුධිරයේ අනුකොටස් කියන්නේ යම් ක්‍රියාවලියක් තුළින් රුධිරයෙන් ඉවතට ගන්නා අතුරු (කුඩා) කොටස්වලටයි. උදාහරණයකට රුධිරයේ එක් ප්‍රධාන කොටසක් වන රුධිර ප්ලාස්මාව මතු දැක්වෙන අතුරු කොටස්වලට බෙදිය හැකියි: ජලය (සියයට 91ක්); ඇල්බියුමින, ග්ලොබියුලින සහ ෆයිබ්රිනොජින වැනි ප්‍රෝටීන (සියයට 7ක් පමණ); පෝෂ්‍ය පදාර්ථ, හෝමෝන, වායු, විටමින, අපද්‍රව්‍ය, ලවණ ආදි වෙනත් ද්‍රව්‍ය (සියයට 1.5ක් පමණ).
ලෙයින් වැළකී සිටින්න යන ආඥාවට රුධිරයේ අනුකොටස් ඇතුළත්ද? ඒ ගැන අපට ස්ථිරවම කියන්න බැහැ. රුධිරයේ අනුකොටස් ගැන බයිබලයේ කෙළින්ම පිළිතුරක් දකින්න නැහැ.a ප්‍රතිකාර සඳහා භාවිත කරන බොහෝ අනුකොටස් දන් දී ඇති රුධිරවලින් ලබාගන්නා නිසා ඇතැම් අය ඒවා ප්‍රතිකාර සඳහා භාවිත කරන්න කැමති වෙන්නේ නැහැ. නමුත් වෛද්‍ය ප්‍රතිකාරවලට මෙවැනි අනුකොටස් භාවිත කරනවාද නැත්නම් ප්‍රතික්ෂේප කරනවාද යන්න ගැන සෑම ක්‍රිස්තියානියෙකුම තමාගේ හෘදය සාක්ෂියට එකඟව තීරණයක් ගත යුතුයි.
මෙවැනි තීරණ ගන්නා විට මතු දැක්වෙන ප්‍රශ්න සලකා බැලීම යෝග්‍යයි. සියලුම රුධිර අනුකොටස් ඔබ ප්‍රතික්ෂේප කළොත් වයිරස් ආසාදන සහ රෝග මර්දනය කිරීමට යොදාගන්නා ඇතැම් ඖෂධ ප්‍රතික්ෂේප කිරීමට සිදු වන බවත් ලේ ගැලීම නතර කිරීම සඳහා ලේ කැටි ගැසීමට උපකාරවත් වන ඇතැම් ඖෂධ ප්‍රතික්ෂේප කිරීමට සිදු වන බවත් ඔබට තේරෙනවාද? ඇතැම් රුධිර අනුකොටස් භාවිතයට එකඟ වෙන්න හෝ එකඟ නොවෙන්න හේතු වෛද්‍යවරයෙකුට පැහැදිලි කර දෙන්න ඔබට පුළුවන්ද?
ඔබේම රුධිරය භාවිත කරන ඇතැම් ප්‍රතිකාරවලට එකඟ වෙනවාද නැද්ද යන්න පෞද්ගලික තීරණයක් වන්නේ ඇයි?
ක්‍රිස්තියානීන් ලේ දන් දෙන්නේ නැහැ. ඒ වගේම පසුව ශරීරගත කිරීම සඳහා තම රුධිරය ගබඩා කරන්නෙත් නැහැ. නමුත් රෝගියාගේම රුධිරය භාවිත කරමින් සිදු කරන ඇතැම් ප්‍රතිකාර හෝ පරීක්ෂණ බයිබල් ප්‍රමිතිවලට කෙළින්ම විරුද්ධ වන්නේ නැහැ. එමනිසා තමාගේ රුධිරය භාවිත කරමින් සිදු කරන ඇතැම් ප්‍රතිකාරවලට එකඟ වෙනවාද නැද්ද යන්න ගැන සෑම පුද්ගලයෙකුම තමාගේ හෘදය සාක්ෂියට එකඟව තීරණයක් ගත යුතුයි.
මෙවැනි තීරණ ගැනීමට පෙර කරුණු බොහොමයක් සලකා බැලිය යුතුයි. උදාහරණයකට ලේ ‘භූමියෙහි වත් කළ’ යුතු බව බයිබලයේ සඳහන් වෙනවා. ඇතැම් ප්‍රතිකාරවලදී ඔබේම රුධිරයෙන් කොටසක් ශරීරයෙන් පිටත කෙටි වේලාවකට ගෙන නැවත ශරීරගත කරනවා. ඇතැම්විට සාමාන්‍ය රුධිර ගමනාගමනය නතර විය හැකි නිසා මෙම රුධිරය ඔබේ ශරීරයේ කොටසක් ලෙස සැලකීමට ඔබේ හෘදය සාක්ෂිය ඔබට ඉඩ දෙනවාද? (ද්වි. 12:23, 24) ඇතැම් වෛද්‍ය ප්‍රතිකාරවලදී ඔබේම රුධිරය පිටතට ගෙන එයට යම් දේවල් එකතු කර හෝ එයින් යම් දේවල් ඉවත් කර නැවත ශරීරගත කරනවා. එවැනි දෙයක් සිදු වුණොත් ඔබේ හෘදය සාක්ෂිය ඉන් බාධා විය හැකිද? ඔබේම රුධිරය භාවිත කරන සියලුම ප්‍රතිකාරවලට එකඟ නොවීමෙන් කෘත්‍රිම හෘද/ශ්වසන යන්ත්‍රයක් භාවිත කිරීම හෝ කාන්දු පෙරීම (රුධිරයෙන් අපද්‍රව්‍ය පෙරා ඉවත් කිරීම) ඇතුළත් ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන්න සිදු වන බව ඔබට තේරෙනවාද? තීරණයක් ගැනීමට පෙර ඔබ දෙවිගේ මඟ පෙන්වීම ඉල්ලා යාච්ඤ කර තිබෙනවාද?b
ඔබේ පෞද්ගලික තීරණ මොනවාද?
ඊළඟ පිටුවල දක්නට ලැබෙන ප්‍රශ්නාවලි දෙක සලකා බලන්න. රුධිරයෙන් ලබාගන්නා ඇතැම් අනුකොටස් සහ ඒවා වෛද්‍ය ප්‍රතිකාරවලදී භාවිත කරන ආකාරය පළමුවන ප්‍රශ්නාවලියේ දක්වා තිබෙනවා. මෙම අනුකොටස් ප්‍රතිකාරවලදී භාවිත කරනවාට ඔබ එකඟ වෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ඔබේ පෞද්ගලික තීරණය එම ප්‍රශ්නාවලියේ සටහන් කරගන්න. ඔබේම රුධිරය භාවිත කරමින් සාමාන්‍යයෙන් සිදු කරන වෛද්‍ය ප්‍රතිකාර දෙවන ප්‍රශ්නාවලියේ සඳහන් කර තිබෙනවා. මෙම වෛද්‍ය ප්‍රතිකාරවලට ඔබ එකඟ වෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන්ද ඔබේ පෞද්ගලික තීරණය එම ප්‍රශ්නාවලියේ සටහන් කරගන්න. මෙම ප්‍රශ්නාවලි දෙක නීතික ලියවිලි දෙකක් නොවෙයි. නමුත් ඔබේ ස්ථාවර ඇටෝනි බලපත්‍රය (රුධිරය එපා කාඩ්පත) පුරවද්දී මෙහි තොරතුරු ඔබට භාවිත කරන්න පුළුවන්.
ඔබ ගන්නා තීරණ වෙනත් කෙනෙකුගේ හෘදය සාක්ෂිය පදනම් කරගෙන ගත් තීරණ නොවිය යුතුයි. ඔබ ගත යුත්තේ ඔබේ පෞද්ගලික තීරණයයි. ඒ වගේම වෙනත් කෙනෙක් ගන්නා තීරණය ප්‍රශ්න කිරීමටත් කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. සෑම කෙනෙක්ම ‘තම තමාට තිබෙන වගකීම් නමැති බර ඉසිලිය’ යුතුයි.—ගලා. 6:4, 5.
[5වන පිටුවේ වගුව]
පළමුවන ප්‍රශ්නාවලිය
ක්‍රිස්තියානීන්ට පිළිගත ඔබේ පෞද්ගලික තීරණය
නොහැකියි
සම්පූර්ණ ඔබට ගැනීමට
රුධිරය
අනුකොටස් සිදු වන තීරණ
ප්ලාස්මාව ඇල්බියුමින - රුධිර ප්ලාස්මාවේ 4% දක්වා අඩංගු වෙයි
මෙය රුධිර ප්ලාස්මාවෙන් ලබාගන්නා
ප්‍රෝටීනයක්. විවිධ ඇල්බියුමින
වර්ග පැළෑටිවල, කිරි බිත්තර වැනි
ආහාරවල සහ මවකගේ කිරිවලද
දක්නට ලැබෙනවා. ඇතැම්විට
කම්පනයට හා දැඩි පිලිස්සුම්වලට
ලක් වූ රෝගීන්ගේ රුධිර පරිමාව මම ඇල්බියුමින ලබාගැනීමට
අවශ්‍ය මට්ටමට පත් කිරීම එකඟ වෙමි සඳහා රුධිර පරිමා ප්රසාරකයන් නැතහොත්
ලබා දෙනවා. එම ප්රසාරකයන්වල මම ඇල්බියුමින
ඇතැම්විට ඇල්බියුමින සියයට 25ක් ලබාගැනීමට
දක්වා අඩංගු විය හැකියි.රතු රුධිරාණු එකඟ නොවෙමි
නිෂ්පාදනයට දායක වන එරිත්රෝපොයටීන
(EPO) සංයෝගවලින් සමහරක හා වෙනත්
නොයෙකුත් ඖෂධ සඳහාද ඇල්බියුමින අල්ප
ප්‍රමාණවලින් භාවිත වෙනවා.
ඉමියුනොග්ලොබීන - රුධිර
ප්ලාස්මාවේ 3% දක්වා අඩංගු වෙයි
මෙම ප්‍රෝටීන අනුකොටස්
ගල පටල රෝගය (ඩිප්තීරියාව),
පිටගැස්ම, වයිරස් හෙපටයිටිස්
සහ ජල භීතිකාව මම ඉමියුනොග්ලොබීන
වැනි රෝගවලට ලබාගැනීමට එකඟ වෙමි
සහ වයිරස් ආසාදනවලට විරුද්ධව නැතහොත්
යොදාගන්නා ඖෂධවල ඇතැම්විට මම ඉමියුනොග්ලොබීන
මෙය අඩංගුයි. මව් කුසේ වැඩෙන ලබාගැනීමට එකඟ නොවෙමි
ළදරුවෙකුගේ ජීවිතයට හානියක්
ඇති විය හැකි අවස්ථාවලදී
හා සර්ප හෝ මකුළු විෂවලට
ප්‍රතිකාරයක් ලෙසද එය
භාවිත කළ හැකියි.
රුධිරය කැටි ගැසීමට දායක වන ද්‍රව්‍ය
- රුධිර ප්ලාස්මාවේ 1% වඩා අඩුවෙන් අඩංගු වෙයි
ලේ ගැලීම නතර කිරීම
සඳහා ලේ කැටි ගැසීම අවශ්‍යයි.
ලේ කැටි ගැසීමට උපකාරවත් මම රුධිරයෙන් ලබාගත්
වන නොයෙකුත් ප්‍රෝටීන තිබෙනවා. කැටි ගැසීමට දායක වන සාධක
මේවායින් සමහරක් ලබා දෙන්නේ ලබාගැනීමට එකඟ වෙමි
ලේ ගැලීමක් සිදු වීමට වැඩි ඉඩ නැතහොත් මම රුධිරයෙන්
කඩක් ඇති රෝගීන්ටයි. ඒවා තුවාල ලබාගත් කැටි ගැසීමට
ආවරණය කිරීමට සහ ශල්‍යකර්මයකින් දායක වන සාධක
පසු සිදු වන ලේ ගැලීම නතර කිරීමට ලබාගැනීමට එකඟ නොවෙමි
භාවිත කරන විවිධ මැලියම් වර්ග
සඳහාද යොදාගන්නවා. රුධිරය කැටි
ගැසීමට උපකාරවත් වන සාධකවලින්
අනූන එක් ද්‍රව්‍යයක් හඳුන්වන්නේ
ක්රයෝප්රෙසිපිටේට ලෙසයි (cryoprecipitate).
සැලකිය යුතුයි: ලේ කැටි ගැසීමට
දායක වන ඇතැම් කොටස්
රුධිරය අඩංගු නැති
ද්‍රව්‍යවලින්ද ලබාගන්නවා.
රතු රුධිරාණු හීමොග්ලොබින් – රතු රුධිරාණුවලින් 33% අඩංගු වෙයි
මෙය සිරුර පුරාම ඔක්සිජන්ද
පෙණහලුවලට කාබන් ඩයොක්සයිඩ්ද
ප්රවාහණය කරන ප්‍රෝටීනයක්. මම හීමොග්ලොබින්
මිනිසාගෙන් හෝ සත්වයන්ගෙන් ලබාගැනීමට එකඟ
ලබාගත් හිමොග්ලොබින්වලින් වෙමි නැතහොත්
නිෂ්පාදනය කළ ඖෂධ මම හීමොග්ලොබින්
දරුණු රක්තහීනතාවකින් ලබාගැනීමට එකඟ නොවෙමි
පෙළෙන රෝගීන්ට හෝ දැඩි
ලේ ගැලීමක් සිදු වූ රෝගීන්ට
ප්‍රතිකාර කිරීම සඳහා යොදාගත හැකියි.
හිමින් - රතු රුධිරාණුවල
2% වඩා අඩුවෙන් අඩංගු වෙයි
මෙය හීමොග්ලොබින්වලින් ලබාගත්
එන්සයිම අක්‍රිය කරවන ද්‍රව්‍යයක්.
එය යොදාගන්නේ ආහාර මම හීමොග්ලොබින්
ජීර්ණ පද්ධතියට, ස්නායු ලබාගැනීමට එකඟ වෙමි
පද්ධතියට හා රුධිර නැතහොත් මම හීමොග්ලොබින්
සංසරණ පද්ධතියට ලබාගැනීමට එකඟ නොවෙමි
බලපාන පරම්පරාගත
දුර්ලභ රුධිරය ආශ්රිත රෝග
සමූහයකට (පෝෆයිරියාව) ප්‍රතිකාර කිරීම සඳහායි.
සුදු රුධිරාණු ඉන්ටර්ෆෙරෝන - සුදු රුධිරාණුවලින්
ලබාගත් කුඩා අනුකොටසක්
මෙය ඇතැම් වයිරස්
ආසාදන සහ පිළිකා මර්දනය රුධිරයෙන් ලබාගත්
කිරීමට ක්‍රියාත්මක වන ඉන්ටර්ෆෙරෝන ලබාගැනීමට
ප්‍රෝටීන වර්ගයක්. නැතහොත් රුධිරයෙන්
මේවායින් වැඩි හරියක් ලබාගත් ඉන්ටර්ෆෙරෝන
නොවෙයි. නමුත් ඉන් ලබාගැනීමට එකඟ නොවෙමි
සමහරක් නිෂ්පාදනය
කරන්නේ මිනිසුන්ගේ සුදු
රුධිරාණුවල අනුකොටස්වලිනුයි.
රුධිර පට්ටිකා දැනට රුධිර පට්ටිකාවලින්
ලබාගත් අනුකොටස් වෛද්‍ය
ප්‍රතිකාර සඳහා ඍජුවම
භාවිත කරන්නේ නැහැ.
[6වන පිටුවේ වගුව]
දෙවන ප්‍රශ්නාවලිය
ඔබේ පෞද්ගලික තීරණය
දෙවන ප්‍රශ්නාවලිය ඔබේ පෞද්ගලික තීරණය ඔබේම රුධිරය භාවිතයෙන් කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර
*සැලකිල්ලට ගන්න: මතු දැක්වෙන ප්‍රතිකාර ක්‍රම යොදාගන්නා ආකාරය වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට වෙනස් වෙනවා. එමනිසා ඔබේ වෛද්‍යවරයා මෙයින් යම් ප්‍රතිකාරයක් යෝජනා කළොත් එයට ඇතුළත් වන්නේ මොනවාදැයි පැහැදිලිවම විස්තර කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටිය යුතුයි. එවිට එම ප්‍රතිකාර ක්‍රමය බයිබල් ප්‍රමිතිවලට හා ඔබේ හෘදය සාක්ෂිය සමඟ එකඟ වෙනවාදැයි සහතික වීමට ඔබට හැකියි.
ප්‍රතිකාරය එයින් ඉටු ඔබ ගත යුතු තීරණ.
වන දේ (මෙම ප්‍රතිකාරවලට
ඔබේ එකඟ
වීම හෝ එකඟ
නොවීම ප්‍රකාශ කිරීමට
පෙර වෛද්‍යාවරයා
සමඟ ඒ ගැන
සාකච්ඡා කිරීමට
අවශ්‍ය විය හැකියි.)
රුධිර සෛල අපතේ රුධිරය අපතේ යෑම අවම කිරීම.
නොයැවීම
(Cell Salvage) ශල්‍යකර්මයක් අතරතුරේදී තුවාලයකින්
හෝ ශරීර අභ්‍යන්තරයේ මම එකඟ වෙමි
තැන්පත් වූ රුධිරය සමහරවිට එකඟ වෙමි*
එකතු කරනු ලබනවා. ඉන්පසුව මම එකඟ නොවෙමි
එසේ ලබාගත් රුධිරය
ඇතැම්විට, දිගටම සිදු වන
ක්‍රියාවලියක් මගින් සෝදා පෙරා
නැවත රෝගියාට ලබා දෙනවා.
රුධිරය තනුක කිරීම රුධිරය අපතේ යෑම අවම කිරීම.
(Hemodilution) ශල්‍යකර්මයක් අතරතුරේදී ශරීරයෙන්
රුධිරය පිටතට ගෙන ඒ වෙනුවට
රුධිරය නොවන පරිමා ප්රසාරකයක්
ලබා දෙනවා. එවිට රෝගියා
තුළ ඉතිරිව තිබෙන මම එකඟ වෙමි
රුධිරය රතු රුධිරාණු අඩු සමහරවිට එකඟ වෙමි*
වඩාත් දියාරු (තනුක) මම එකඟ නොවෙමි
ද්‍රාවණයක් බවට පත් වෙනවා.
ඉන් අනතුරුව ශල්‍යකර්මය
තුළදීම හෝ එහි අවසානයේදී
පිටතට ගත් රුධිරය නැවත
ශරීරගත කරනවා.
කෘත්‍රිම හෘද/ශ්වසන රුධිර සංසරණය පවත්වා ගැනීම.
යන්ත්‍රයක් භාවිත රුධිරය කෘත්‍රිම හෘද/ශ්වසන
කිරීම(Heart/Lung යන්ත්‍රයක් තුළින් යවා මම එකඟ වෙමි
Machine) එයට ඔක්සිජන් මිශ්‍ර සමහරවිට එකඟ වෙමි*
කර නැවතත් රෝගියාට මම එකඟ නොවෙමි
ලබා දෙනවා.
කාන්දු පෙරීම (Dialysis) ශරීර අවයවයක් ලෙස ක්‍රියා කිරීම.
රුධිරය කෘත්‍රිම හෘද/ශ්වසන යන්ත්‍රයක්
තුළින් යවා එයට මම එකඟ වෙමි
ඔක්සිජන් මිශ්‍ර කර සමහරවිට එකඟ වෙමි*
නැවතත් රෝගියාට මම එකඟ නොවෙමි
ලබා දෙනවා.
සුෂුම්නාවට පිටතින් සුෂුම්නා තරලය (spinal fluid) කාන්දු වීම වැළැක්වීම.
රුධිර ආවරණයක් යෙදීම යම් පරීක්ෂණ සඳහා සුෂුම්නාව
(Epidural Blood Patch) විදිනු ලැබූ විට එහි දියරය
කාන්දු වීම නතර කළ යුතුයි.
ඒ සඳහා රෝගියාගේම රුධිරයෙන්
කුඩා ප්‍රමාණයක් සුෂුම්නාව මම එකඟ වෙමි
වටා ඇති ආවරණයට සමහරවිට එකඟ වෙමි*
විදිනු ලබනවා.විදිනු ලබන මම එකඟ නොවෙමි
රුධිරය කැටි ගැසෙන නිසා
කාන්දු වීම නතර වෙනවා.
රුධිර ප්ලාස්මාව පිරිසිදු කිරීම රෝගයට ප්‍රතිකාරයක් ලෙස.
(PLASMAPHERESIS) රුධිරය පිටතට ගෙන එයින්
ප්ලාස්මාව ඉවත් කරනවා.
ඉන්පසුව පිටතට ගත් රුධිරයට
ප්ලාස්මාදේශකයක් එක්කොට නැවත
රෝගියාට ලබා දෙනවා. මම එකඟ වෙමි
සැලකිය යුතුයි. ඇතැම් සමහරවිට එකඟ වෙමි*
වෛද්‍යවරුන් එම ආදේශයකය මම එකඟ නොවෙමි
ලෙස වෙනත් පුද්ගලයෙකුගේ
ප්ලාස්මාව භාවිත කිරීමට
නිර්දේශ කළ හැකියි.
නමුත් ක්‍රිස්තියානියෙකුට
මෙයට එකඟ විය නොහැකියි.
රුධිර ප්ලාස්මාව පිරිසිදු කිරීම රෝග නිශ්චය කිරීම හෝ ප්‍රතිකාරයක් ලෙස.
(LABELING OR පිටතට ගත් රුධිරයට යම්
TAGGING) ඖෂධයක් එක් කොට නැවත මම එකඟ වෙමි
රෝගියාට ලබා දෙනවා. සමහරවිට එකඟ වෙමි*
එමගින් සිරුරේ තිබෙන යම් මම එකඟ නොවෙමි
ආසාදනයක් හෝ අභ්‍යන්තර
ලේ ගැලීමක් සිදු වන ස්ථාන
ස්කෑන් කිරීමක් මගින් හඳුනාගත
හැකි අතර ඖෂධ ලබාදිය
යුතු ස්ථානද වඩාත් හොඳින්
හඳුනාගත හැකියි. සැලකිය යුතුයි.
එම රුධිරය ශරීරයෙන් පිටත
තබාගන්නා කාල
සීමාව වෙනස්වනසුලුයි.
රුධිර පට්ටිකා ජෙලය තුවාල ආවරණය කිරීම,
(මෙය ඔබේම ලේ ගැලීම අවම කිරීම.
රුධිරයෙන් රුධිරය යම් ප්‍රමාණයක්
සාදාගනු ලබනවා) පිටතට ගෙන රුධිර
පට්ටිකා සහ සුදු රුධිරාණුවලින්
අනූන සාන්ද්‍රිත ද්‍රාවණයක් මම එකඟ වෙමි
පිළියෙල කරනු ලබනවා. සමහරවිට එකඟ වෙමි*
මෙය ශල්‍යකර්මයකදී මම එකඟ නොවෙමි
සිදු කළ ස්ථානයක හෝ
තුවාලවල ආලේප කරනවා.
සැලකිය යුතුයි: ඇතැම් සංයෝගවලට
ගවයන්ගේ ලේවලින් ලබාගත්
රුධිරය කැටි ගැසීමට ඉවහල්
වන ද්‍රව්‍යයක් යොදාගන්නවා.
[පාදසටහන්වල]
a මෙම විෂයට අදාළ තොරතුරු 2004 ජූනි 15වන මුරටැඹ කලාපයේ 29-31 දක්වා පිටුවල සොයාගත හැකියි.
b මේ ගැන ප්‍රයෝජනවත් තොරතුරු මුරටැඹ 2000 ඔක්තෝබර් 15වන කලාපයේ 30-1 දක්වා පිටුවලින් හා Transfusion Alternative—Documentary Series යන DVD තැටියෙන් ලබාගත හැකියි.