ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 82
  • මොර්දෙකයි හා එස්තර්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මොර්දෙකයි හා එස්තර්
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • නිර්භීත කාන්තාවක්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එස්තර් එයාගේ සෙනඟව බේරගත්තා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • නැණවත්ව හා නිර්භීතව ක්‍රියා කළ කාන්තාවක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • දෙවිගේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටි රැජිනක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 82
ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව හාමාන් කරපු කුමන්ත්‍රණය එස්තර් බිසව අහෂ්වේරොෂ් රජුට කියනවා

කතන්දර 82

මොර්දෙකයි හා එස්තර්

අපේ මේ කතන්දරය පටන්ගන්නේ එස්රා යෙරුසලමට යන්න අවුරුදු කිහිපයකට කලිනුයි. මේ කාලේ පර්සියානු රාජ්‍යයේ ඉන්න වැදගත්ම ඉශ්‍රායෙල්වරුන් දෙන්නා මොර්දෙකයි හා එස්තර්. එස්තර් තමයි එහේ බිසව. මොර්දෙකයි කියන්නේ ඇගේ ඥාති සහෝදරයෙක්. මේ කාලයේදී මොර්දෙකයිගේ බලය දෙවෙනි වුණේ රජුගේ බලයට විතරයි.

එස්තර් පොඩි කාලේ ඇගේ දෙමාපියෝ මැරුණා. ඉතින් ඇයව බලාගත්තේ මොර්දෙකයි. අහෂ්වේරොෂ් කියන පර්සියාවේ රජුගේ ෂූෂන් නගරයේ මාළිගාවේ මොර්දෙකයි රජුට සේවය කරනවා. රජුගේ භාර්යාවගේ නම වස්තී. දවසක්දා ඇය එයාට අකීකරු වෙනවා. ඉතින් රජ අලුත් භාර්යාවක් තෝරාගන්නවා, එයාගේ බිසව වෙන්න. එයා තෝරාගන්නේ කාවද කියලා ඔයා දන්නවාද? ඔව්, මේ ලස්සන තරුණ එස්තර්වයි.

මොර්දෙකයි තමන් ඉස්සරහා හිස නමන්නේ නැති නිසා හාමාන්ට තරහා යනවා

මෙහෙ ඉන්න මිනිස්සු මේ ආඩම්බර මිනිසා එනකොට හිස නමන හැටි ඔයාට පේනවාද? මෙයාගේ නම හාමාන්. එයා පර්සියාවේ හරිම වැදගත් මිනිසෙක්. හාමාන්ට ඕනේ වෙන්නේ, මොර්දෙකයි ඒ විදිහටම එයාට හිස නමනවා දකින්නයි. මොර්දෙකයි මෙතන ඉඳගෙන ඉන්නවා ඔයාට පේනවා ඇති. ඒ වුණාට මොර්දෙකයි හිස නමන්නේ නැහැ. මෙච්චර නපුරු මිනිසෙකුට හිස නමන එක වැරදියි කියලයි එයා හිතන්නේ. මේ නිසා හාමාන්ට හරිම තරහයි. ඉතින් මෙන්න මේකයි එයා කරන්නේ.

හාමාන් ඉශ්‍රායෙල්වරුන් ගැන රජුට බොරු කියනවා. ‘ඒගොල්ලන් ඔබේ නීතිවලට කීකරු වෙන්නේ නැති නරක මිනිස්සු. ඒගොල්ලන්ව මරලා දාන්න ඕනේ’ කියලා එයා කියනවා. අහෂ්වේරොෂ් දන්නේ නැහැ එයාගේ භාර්යාව එස්තර් ඉශ්‍රායෙල් ජාතික කෙනෙක් කියලා. ඉතින් එයා හාමාන් කියන දෙයට ඇහුම්කන් දීලා හැම ඉශ්‍රායෙල්වරයෙක්ම මරලා දාන්න දවසක් නියම කරමින් නීතියක් දානවා.

මොර්දෙකයිට මේ නීතිය ගැන දැනගන්න ලැබුණාම එයා ගොඩක් කලබල වෙනවා. ඉතින් එයා එස්තර්ට මෙහෙම පණිවුඩයක් අරිනවා: ‘ඔයා මේ ගැන රජුට කියන්නම ඕනේ. අපිව කරුණාකරලා බේරන්න කියලා එයාගෙන් ඉල්ලන්න.’ හැබැයි, ආරාධනාවක් නැතුව රජුව හමු වෙන්න එන එක පර්සියානු නීතියට විරුද්ධයි. කොහොම වුණත් එස්තර් ආරාධනාවක් නැතුව යනවා. රජු එයාගේ රත්තරන් සැරයටිය දික් කරනවා. ඒකෙන් කියන්නේ ඇය මෙහෙම කළාට ඇයව මරන්න ඕනේ නැහැයි කියලයි. එස්තර් රජුටයි හාමාන්ටයි ලොකු කෑම වේලකට ආරාධනා කරනවා. එහෙදී රජු එස්තර්ගෙන් අහනවා ඇයට ඕන උදව්ව මොකක්ද කියලා. එස්තර් කියනවා ඇය ඒ ගැන එයාට කියන්නේ එයයි හාමානුයි ඊළඟ දවසෙත් කෑම වේලකට ආවොතින් විතරයි කියලා.

ඒ කෑම වේලේදී එස්තර් රජුට මෙහෙම කියනවා: ‘මමයි මගේ ජාතියට අයිති අයයි මැරෙන්නයි යන්නේ’ කියලා. රජුට තරහ යනවා. ‘කවුද මේ වගේ දෙයක් භය නැතුව කරන්න හදන්නේ’ කියලා එයා අහනවා.

‘අර මිනිහා, අර හතුරා, නපුරු හාමාන්’ කියලා එස්තර් කියනවා.

දැන් නම් රජුට හොඳටම තරහයි. හාමාන්ව මරලා දාන්න කියලා එයා අණ දෙනවා. ඊට පස්සේ රජ මොර්දෙකයිට ගොඩක් බලතල දෙනවා. ඒ කියන්නේ එයාගේ බලය දෙවෙනි වෙන්නේ රජුගේ බලයට විතරයි. දැන් මොර්දෙකයි අලුත් නීතියක් පනවනවා. මේ නීතිය නිසා ඉශ්‍රායෙල්වරුන්ට පුළුවන් වෙනවා ඒගොල්ලන්ව මරනවා කියලා තිබුණු දවසේ ඒගොල්ලන්ගේ ජීවිත බේරාගන්න යුද්ධ කරන්න. මොර්දෙකයි දැන් හුඟක් වැදගත් මිනිසෙක් නිසා හුඟදෙනෙක් ඉශ්‍රායෙල්වරුන්ට උදව් කරනවා. ඉතින් ඒගොල්ලන් ඒගොල්ලන්ගේ හතුරන්ගේ අතින් බේරෙනවා.

එස්තර් 1–10 නමැති බයිබල් පොත.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න