ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 83
  • යෙරුසලමේ තාප්ප

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙරුසලමේ තාප්ප
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • යෙරුසලමේ තාප්ප
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • නෙහෙමියා පොතෙන් විශේෂාංග
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න”
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘මට කරුණාව පෙන්වා මාව සිහි කරන්න’
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 83
නෙහෙමියා සහ තවත් ඊශ්‍රායෙල්වරු එකතු වෙලා යෙරුසලමේ තාප්ප නැවත් හදනවා

කතන්දර 83

යෙරුසලමේ තාප්ප

මෙතන වෙන වැඩ දිහා බලන්නකො. ඉශ්‍රායෙල්වරු හොඳට මහන්සි වෙලා යෙරුසලමේ තාප්ප හදනවා වගේ නේද? අවුරුදු එකසිය පනස්දෙකකට කලින් නෙබුකද්නෙශර් රජ යෙරුසලම විනාශ කළාම එයා තාප්ප කඩලා දාලා, නගරයේ දොරටු පිච්චුවා. ඉශ්‍රායෙල්වරු බබිලෝනියෙන් තමන්ගේ රටට මුලින්ම ආපු අවස්ථාවේ ඒගොල්ලන් මේ තාප්ප ආයෙත් ගොඩනැඟුවේ නැහැ.

මෙච්චර අවුරුදු ගානක් ඒගොල්ලන්ගේ නගරය වටේට තාප්පයක් නැතුව ඉන්දැද්දි මිනිස්සුන්ට කොහොම හිතෙන්න ඇතිද! කිසිම ආරක්ෂාවක් නැහැයි කියලා ඒගොල්ලන්ට හිතෙන්න ඇති. ඒගොල්ලන්ගේ හතුරන්ට ලේසියෙන් ඇතුලට ඇවිත් ඒගොල්ලන්ට පහර දෙන්නත් පුළුවන්. කොහොම වුණත් දැන් ඇති යාන්තම්, නෙහෙමියා කියන මේ මිනිසා මිනිස්සුන්ට ඒ තාප්ප ආයෙත් ගොඩනඟන්න උදව් කරනවා. නෙහෙමියා කියන්නේ කවුද කියලා ඔයා දන්නවාද?

නෙහෙමියා ඉශ්‍රායෙල්වරයෙක්. එයාගේ ගමත් මොර්දෙකයි හා එස්තර් ජීවත් වෙලා ඉන්න ෂූෂන් නගරයමයි. නෙහෙමියා, රජුගේ මාළිගාවේ වැඩ කළා. ඉතින් එයා මොර්දෙකයි හා එස්තර් බිසවගේ හොඳ යාළුවෙක් වෙන්න ඇති. ඒ වුණාට නෙහෙමියා එස්තර්ගේ පුරුෂයා අහෂ්වේරොෂ් රජුට සේවය කළායි කියලා බයිබලයේ කියලා නැහැ. එයා සේවය කළේ අර්තක්ෂස්තා කියලා හිටපු ඊළඟ රජුටයි.

අර්තක්ෂස්තා කියන්නේ යෙරුසලමේ යෙහෝවාගේ මාළිගාව ලස්සන කරන්න කියලා මුදල් ගොඩක් එස්රාට දුන්න හොඳ රජු කියලා ඔයාට මතක ඇති. කොහොම වුණත් එස්රා නගරයේ කැඩිලා තිබුණු තාප්ප ආයෙත් ගොඩනැඟුවේ නැහැ. මේ වැඩේ කරන්න නෙහෙමියාට පුළුවන් වුණේ කොහොමද කියලා බලමුද?

දේවමාළිගාව ලස්සන කරන්න කියලා අර්තක්ෂස්තා එස්රාට මුදල් දීලා අවුරුදු 13ක් පහු වෙලා. දැන් අර්තක්ෂස්තා රජුට මිදි පානය දෙන ප්‍රධානියා තමයි නෙහෙමියා. ඒ කියන්නේ එයයි ඒ පානයේ රස බලලා කවුරුත් රජුට වස දෙන්නේ නැති වෙන්න වගබලාගන්නේ. ඉතින් මේක හරිම වැදගත් වැඩක්.

දවසක්දා, නෙහෙමියාගේ සහෝදරයා වන හනානී, ඉශ්‍රායෙල් දේශයෙන් තව මිනිස්සු කට්ටියක් එක්ක නෙහෙමියාව හමු වෙන්න එනවා. ඉශ්‍රායෙල්වරුන් වැටිලා ඉන්න කරදර ගැනයි, යෙරුසලමේ තාප්ප තවමත් කැඩිලා බිඳිලා තියෙන හැටියි එයාට විස්තර කරනවා. මේක දැනගත්තාම නෙහෙමියා ගොඩක් දුක් වෙනවා. ඉතින් එයා මේ ගැන යෙහෝවාට යාච්ඤා කරනවා.

දවසක් නෙහෙමියා ඉන්නේ දුකෙන් කියලා රජුට පේනවා. ඉතින් එයා අහනවා: ‘ඇයි ඔයා මෙච්චර දුකෙන් ඉන්නේ?’ නෙහෙමියා කියනවා, එයා දුකෙන් ඉන්නේ යෙරුසලමේ තාප්ප කැඩිලා මුළු නගරයම නරක තත්වයක තියෙන නිසයි කියලා. ‘ඉතින් ඔයාට මොනවාද ඕනේ’ කියලා රජු අහනවා.

‘ඒ තාප්ප ආයෙත් ගොඩනඟන්න පුළුවන් වෙන්න මට යෙරුසලමට යන්න අවසර දෙන්න’ කියලා නෙහෙමියා කියනවා. අර්තක්ෂස්තා රජ හරිම කරුණාවන්තයි. එයා කියනවා නෙහෙමියාට යන්න පුළුවන් කියලා. ගොඩනැඟීමේ වැඩවලට පාවිච්චි කරන්න ලී හොයාගන්නත් එයා උදව් කරනවා. වැඩි කාලයක් යන්න කලින් නෙහෙමියා යෙරුසලමට ඇවිත් එයාගේ අදහස් ගැන මිනිස්සුන්ට කියනවා. මේ අදහසට ඒගොල්ලන් කැමති වෙලා මෙහෙම කියනවා: ‘හරි, අපි ගොඩනඟන්න පටන්ගමු.’

සමහර ඊශ්‍රායෙල්වරු යෙරුසලමේ තාප්ප ආයේ හදද්දී තවත් අය ඒක ආරක්ෂා කරනවා

ඉශ්‍රායෙල්වරුන්ගේ හතුරන්ට මේ තාප්ප ගොඩනඟනවා දකින්න ලැබුණාම ඒගොල්ලන් කියනවා: ‘යමු, ගිහිල්ලා අපි ඒගොල්ලන්ව මරලා දාලා ගොඩනැඟීමේ වැඩ නවත්වමු’ කියලා. ඒ වුණාට නෙහෙමියාට මේ ගැන දැනගන්න ලැබුණාම එයා වැඩ කරන අයට කඩුද හෙල්ලවල්ද දෙනවා. ‘අපේ හතුරන් ගැන භය වෙන්න එපා! ඕගොල්ලන්ගේ සහෝදරයන් වෙනුවෙන්ද, ඕගොල්ලන්ගේ දරුවන් වෙනුවෙන්ද, ඕගොල්ලන්ගේ භාර්යාවන් වෙනුවෙන්ද, ඕගොල්ලන්ගේ ගෙවල් වෙනුවෙන්ද සටන් කරන්න’ කියලාත් එයා කියනවා.

මිනිස්සු හරිම නිර්භීතයි. ඒගොල්ලන් රෑ දවල් දෙකේම ආයුධ ළඟම තියාගෙන තාප්ප ගොඩනඟනවා. ඉතින් තාප්ප ගොඩනඟලා ඉවර කරන්න දවස් 52යි ගත වෙන්නේ. දැන් ඒගොල්ලන්ට නගරය ඇතුලේ භය නැතුව ඉන්න පුළුවන්. නෙහෙමියා හා එස්රා මිනිස්සුන්ට දෙවිගේ නීති උගන්වලා මිනිස්සු දැන් සන්තෝෂෙන් ජීවත් වෙනවා.

කොහොම වුණත් ඉශ්‍රායෙල්වරුන් බබිලෝනියට වහල්ලු හැටියට යන්න කලින් තිබුණ තත්වයටම දේවල් තවමත් ඇවිත් නැහැ. පර්සියානු රජු මේ මිනිස්සුන්ව පාලනය කරන නිසා ඒගොල්ලන් එයාට සේවය කරන්නම අවශ්‍යයි. ඒ වුණාට යෙහෝවා පොරොන්දු වෙනවා ඔහු අලුත් රජෙක් එවනවා කියලා. මේ රජ මිනිස්සුන්ට සාමය ගේන්නත් යනවා. මේ රජ කවුද? ඔහු ලෝකෙට සාමය ගේන්නේ කොහොමද? මේ ගැන තව විස්තර දැනගන්න ලැබෙන්නේ අවුරුදු හාරසියපනහකට විතර පස්සෙයි. එතකොට හරිම වැදගත් දරුවෙකුගේ උපත ගැන අපි ඉගෙනගන්න යනවා. ඒක අපි තවත් කතන්දරයකින් ඉගෙනගමු.

නෙහෙමියා පරිච්ඡේද 1 සිට 6 දක්වා.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න