ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 111
  • නිදා වැටුණ තරුණයෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිදා වැටුණ තරුණයෙක්
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • අපි අවදිව සිටිය යුතුයි
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මම හැම කෙනෙක්ගෙම ලේවලින් නිදහස්”
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • නැව බිඳී ගිහින් දූපතකට ගොඩවීම
    මගේ බයිබල් කතන්දර පොත
  • තිමෝති—පාවුල්ගේ අලුත් උදව්කාරයා
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 111
මැරුණු යුතිකස් බිම දිගා වෙලා ඉන්නවා

කතන්දර 111

නිදා වැටුණ තරුණයෙක්

අයියෝ! මේ මොනවාද වෙලා තියෙන්නේ? බිම වැටිලා ඉන්න තරුණයාට ගොඩක් තුවාල වෙලාද? මේ ගෙදරෙන් එළියට එන අයගෙන් එක්කෙනෙක් පාවුල්! ඔයාට තිමෝතිවත් පේනවාද? ජනේලයෙන් එළියටද මේ තරුණයා වැටිලා තියෙන්නේ?

ඔව්, ඒක තමයි වෙලා තියෙන්නේ. ත්‍රෝවසේ ඉන්න ගෝලයන්ට පාවුල් කතාවක් දෙමිනුයි හිටියේ. එයාට පසුවදා නැවකින් පිටත් වෙන්න තිබුණ නිසා එයා දැනගෙන හිටියා එයාට මේ අයව කාලෙකට හම්බ වෙන්නේ නැහැයි කියලා. ඉතින් මහ රෑ වෙනකම්ම එයා කතා කර කර හිටියා.

යුතිකස් කියන මේ තරුණයා ජනෙල් පඩියේ ඉඳගෙනයි හිටියේ. එතනදී එයාට නින්ද ගිහින් මේ තුන්වෙනි මහලේ ජනේලයෙන් බිමටම වැටුණා! එහෙනම්, මේ මිනිස්සු මෙච්චර කලබල වෙලා ඉන්නේ ඇයි කියලා අපිට තේරුම්ගන්න පුළුවන් නේද? මේ මිනිස්සු තරුණයාව උස්සනකොට ඒගොල්ලන් හිතුවේ එයා මැරිලා ඇති කියලයි. ඔව්, ඇත්තටම එයා මැරිලා!

මේ තරුණයා මැරිලයි කියලා පාවුල් දැක්කාම, එයාගේ ඇඟ උඩ නිදාගෙන එයාව බදාගන්නවා. ඊට පස්සේ එයා කියනවා: ‘භය වෙන්න එපා. එයා සනීපෙන් ඉන්නවා!’ කියලා. ඇත්තටම එයා දැන් සනීපෙන්! ඒක නම් හරිම පුදුමයි! පාවුල් එයාව ආයෙත් ජීවත් කරවලා! ඉතින් සෙනඟට හරිම සන්තෝෂයි.

දැන් ඒ හැමදෙනාම ආයෙත් උඩු මහලට ගිහින් කෑම වේලක් කනවා. උදේ වෙනකම්ම පාවුල් කතා කර කර ඉන්නවා. හැබැයි යුතිකස්ට නම් ආයෙත් කොහොමටවත්ම නින්ද යන්න නැතුව ඇති! ඊට පස්සේ පාවුල් තිමෝතියි ඒගොල්ලන් එක්ක ගමන් කරන අනිත් අයත් එක්කයි නැවට නඟිනවා. ඒගොල්ලන් දැන් කොහේද යන්නේ කියලා ඔයා දන්නවාද?

බිම දිගා වෙලා ඉන්න යුතිකස් දිහා පාවුල් සහ තිමෝති බලාගෙන ඉන්නවා

පාවුල්ගේ තුන්වෙනි දේශනා ගමන ඉවර වෙන්න ළඟයි. ඉතින් එයා දැන් ගෙදර යන්නයි ලෑස්ති වෙන්නේ. මේ ගමනේදී පාවුල් එපීස නගරයේ විතරක්ම අවුරුදු තුනක් ඉඳලා තියෙනවා. ඉතින් එයාගේ දෙවෙනි ගමනටත් වඩා මේක දිග ගමනක් වුණා.

ත්‍රෝවසෙන් පිට වුණාට පස්සේ, ටික කාලෙකට මිලේතසේ ඒ නැව නවත්වනවා. එපීසයෙන් මෙතැනට වැඩි දුරක් නැහැ, ඒ කියන්නේ හැතැප්ම කිහිපයයි. ඉතින් එහේ සභාවේ ඉන්න වැඩිමහල්ලන්ට පාවුල් කියනවා එයාත් එක්ක අන්තීම වතාවට කතා කරන්න මිලේතසට එන්න කියලා. ඊට පස්සේ එහෙන් පිටත් වෙන්න කාලය ආවාම පාවුල් යනවා දකිද්දී ඒගොල්ලන් කොච්චර දුක් වෙනවාද!

අන්තිමට නැව ආයෙත් කායිසාරියට එනවා. පාවුල්, පිලිප් කියලා හිටිය ගෝලයෙක්ගේ ගෙදර නැවතිලා ඉන්නකොට අගබස් කියන අනාගතවක්තෘවරයෙක් පාවුල්ට අනතුරක් වෙයි කියලා අවවාද කරනවා. පාවුල් යෙරුසලමට ගියාම එයාව හිරේ දායි කියලයි අගබස් කියන්නේ. ඉතින් කිව්ව දේම වෙනවා. කායිසාරිය නගරයේ හිරේ අවුරුදු දෙකක් විතර හිටියාට පස්සේ, පාවුල්ව රෝමයට යවනවා. එහෙදී, කායිසර් කියන රෝමානු පාලකයා එයාට විරුද්ධව නඩු විභාගයක් කරන්න යනවා. දැන් මේ රෝමයට යන ගමනේදී මොනවාද වෙන්නේ කියලා බලමුද?

ක්‍රියා පරිච්ඡේද 19 සිට 26 දක්වා.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න