යෙහෝවා දෙවි මාව දකින්නේ මොන විදිහටද?
1. බයිබලය කණ්ණාඩියකට සමාන කරලා තියෙන්නේ ඇයි?
1 අපි කණ්ණාඩියෙන් බලන්නේ අඩුපාඩු හදාගන්නයි. බයිබලයත් කණ්ණාඩියකට සමාන කරලා තියෙනවා. බයිබලය කියවද්දී අපේ ඇතුළාන්තය දකින්න අපිට පුළුවන්. යෙහෝවා දෙවි බලන්නෙත් අපේ ඇතුළාන්තයයි. (1 සාමු. 16:7; යාකො. 1:22-24) දේවවචනයට පුළුවන් අපේ ‘සිතේ සිතුවිලි හා චේතනා’ වටහාගන්න උදව් කරන්න. (හෙබ්‍රෙ. 4:12) දක්ෂ දේවසේවකයන් වෙන්න දියුණු කරගන්න ඕන පැති තේරුම්ගන්න හැමදාම බයිබලය කියවන එකත් ඒ ගැන ගැඹුරින් කල්පනා කරන එකත් උදව්වක්. ඒ කොහොමද?—ගීතා. 1:1-3.
2. අපි මොන වගේ අයද කියලා තේරුම්ගන්න අපිට බයිබලයෙන් උපකාර ලැබෙන්නේ කොහොමද?
2 බයිබලයෙන් ඉගෙනගන්න: බයිබලයේ සඳහන් දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් ගැන කියවද්දී දෙවි කැමති මොන වගේ ගුණාංගවලටද කියලා තේරුම්ගන්න පුළුවන්. උදාහරණයකට දාවිත්ට දෙවිගේ නම ගැන ලොකු හැඟීමක් තිබුණා. (1 සාමු. 17:45, 46) යෙසායා දුෂ්ට සමාජයට නිර්භීතව දෙවිගේ පණිවිඩය කියන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. (යෙසා. 6:8, 9) යේසුස් යෙහෝවා දෙවිට හුඟක් ප්‍රේම කරපු නිසා දේවසේවයෙන් ප්රබෝධයක් හා තෘප්තියක් ලැබුවා. ඒක ඔහුට බරක් වුණේ නැහැ. (යොහ. 4:34) මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් උද්යෝගයෙන් දේශනා කළා. යෙහෝවා දෙවි මතම රැඳිලා හිටියා. දිගටම දේවසේවය කරන්නත් අධිෂ්ඨාන කෙරුවා. (ක්‍රියා 5:41, 42; 2 කොරි. 4:1; 2 තිමෝ. 4:17) ඒ වගේ ආදර්ශ ගැන හොඳට හිතලා බලනවා නම් අපේ සේවයේ දියුණු කරන්න ඕන පැති ගැන හිතලා බලන්න අපිට පුළුවන්.
3. අඩුපාඩු හදාගන්න එක කල් දාන්න හොඳ නැත්තේ ඇයි?
3 අඩුපාඩු හදාගන්න: කණ්ණාඩියෙන් බැලුවට වැඩක් නැහැ අඩුපාඩුවක් දැක්කත් හදාගන්නේ නැත්නම්. අඩුපාඩු දකින්නත් ඒවා හදාගන්නත් යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලන්න. (ගීතා. 139:23, 24; ලූක් 11:13) තියෙන්නේ තව කෙටි කාලයක් නිසා අපේ අඩුපාඩු හදාගන්න එක කල් දාන්න කාලයක් නැහැ.—1 කොරි. 7:29; 1 තිමෝ. 4:16.
4. දේවවචනය හොඳින් සෝදිසි කරලා අඩුපාඩු හදාගන්න කෙනෙක් මොන වගේද?
4 පිටත පෙනුමට වඩා කෙනෙක්ගේ ඇතුළාන්තය හුඟක් වටිනවා. මොකද යෙහෝවා දෙවි බලන්නේ කෙනෙක්ගේ ඇතුළාන්තයයි. (1 පේතෘ. 3:3, 4) දේවවචනය හොඳින් සෝදිසි කරලා අඩුපාඩු හදාගන්න කෙනෙක් මොන වගේද? ඔහු ‘අසා අමතක කරන්නෙකු නොව දෙවිගේ වදන් පිළිපදින්නෙක්. ඒවා පිළිපැදීමෙන් ඔහු මහත් සන්තෝෂයක් අද්දකියි.’ (යාකො. 1:25) අපි “යෙහෝවා දෙවිගේ තේජස පිළිබිඹු කරන කැඩපත් හා සමාන” නිසා දක්ෂ ප්‍රීතිමත් දේවසේවකයන් වෙන්න අපිට පුළුවන්.—2 කොරි. 3:18.