-
බොරුවෙන් යට වුණු සත්‍යය ආපහු මතු වුණේ කොහොමද?දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
-
-
3වෙනි පාඩම
බොරුවෙන් යට වුණු සත්‍යය ආපහු මතු වුණේ කොහොමද?
බයිබල් ශිෂ්‍යයන්, 1870
මුල්ම මුරටැඹ සඟරාව, 1879
අද කාලේ මුරටැඹ සඟරාව
යේසුස් මැරුණට පස්සේ සමහරු යේසුස් උගන්නපු දේවල්වලට විරුද්ධ දේවල් උගන්නලා ක්‍රිස්තියානීන්ව නොමඟ යවනවා කියලා බයිබලේ කියලා තිබුණා. (ක්‍රියා 20:29, 30) ඇත්තටම ඒක වුණා. සමහරු යේසුස්ගේ ඉගැන්වීම්වලට වෙනත් ආගමික විශ්වාසයන්, වත්පිළිවෙත්, චාරිත්‍ර එකතු කරගත්තා. ඒකෙන් සත්‍යය යටපත් වෙලා ගියා. ක්‍රිස්තියානීන් කියලා කිව්වට බයිබලේට විරුද්ධ දේවල් කරන ආගම් හුඟක් අද තියෙන්නේ ඒ නිසයි. (2 තිමෝති 4:3, 4) එහෙමනම් බයිබලේ තියෙන ඉගැන්වීම් ගැන අපිට තියෙන අවබෝධය නිවැරදියි කියලා දැනගන්නේ කොහොමද?
හරි කාලය ආවාම දෙවි සත්‍යය හෙළි කළා. අවසාන කාලයේදී ‘නිවැරදි දැනුම නොඅඩුව ලැබෙනවා’ කියලා දෙවි කලින්ම කියලා තිබුණා. (දානියෙල් 12:4) වර්ෂ 1870දී බයිබලේ තියෙන සත්‍ය ඉගැන්වීම් තේරුම්ගන්න ආසාවකින් හිටිය කීපදෙනෙකුට තේරුණා පල්ලිවල උගන්වන දේවල් බයිබලේට එකඟ නැහැ කියලා. ඒ නිසා බයිබලේ තියෙන සත්‍ය ඉගැන්වීම් මොනවාද කියලා ඒ අය හොයන්න පටන්ගත්තා. යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඒ බයිබල් ශිෂ්‍යයන්ට ලැබුණු නිසා ඒ අයගේ උත්සාහය සාර්ථක වුණා.
බයිබල් ශිෂ්‍යයන් උනන්දුවෙන් බයිබලේ තියෙන ඉගැන්වීම් හොයලා බැලුවා. ඒ අය එදා බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න පාවිච්චි කරපු ක්‍රමයම තමයි අද අපිත් පාවිච්චි කරන්නේ. එයාලා මුලින්ම මොකක් හරි විෂයක් තෝරගෙන ඒ ගැන බයිබලේ කියලා තියෙන්නේ මොනවාද කියලා හොයලා බැලුවා. බයිබලේ තියෙන මොනවා හරි දෙයක් තේරුම්ගන්න අමාරු වුණාම එයාලා ඒක තේරුම්ගන්න උදව් වෙන වෙනත් බයිබල් පද හොයලා බැලුවා. ඒ විදිහට හොයාගත්ත තොරතුරු බයිබලේ අනිත් පදවලට එකඟ නම් ඒක සටහන් කරගත්තා. එයාලා බයිබලේ තියෙන ඉගැන්වීම් උනන්දුවෙන් හොයලා බලපු නිසා සැබෑ දෙවිගේ නම ගැනත් දේවරාජ්‍යය ගැනත් දෙවි මිනිසුන්ව නිර්මාණය කරපු හේතුව ගැනත් සත්‍යය දැනගත්තා. ඒ වගේම මරණයේදී වෙන දේ ගැනත් මැරුණු අයට ආපහු ජීවත් වෙන්න පුළුවන්ද කියන එක ගැනත් හරි අවබෝධයක් එයාලට ලැබුණා. ඒ සත්‍ය තොරතුරු නිසා බොරු විශ්වාසයන්වලින් නිදහස් වෙන්නත් වැරදි වත්පිළිවෙත් අත්හරින්නත් එයාලට පුළුවන් වුණා.—යොහන් 8:31, 32.
වර්ෂ 1879 වෙද්දී බයිබල් ශිෂ්‍යයන් තේරුම්ගත්තා බයිබලෙන් හොයාගත්ත සත්‍ය ඉගැන්වීම් හැමෝටම කියන්න ඕනේ කියලා. ඒ නිසා මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි කියන සඟරාව ඒ අවුරුද්දේ ඉඳන් පළ කරන්න පටන්ගත්තා. ඒ සඟරාව මේ වෙනකම් නොකඩවා පළ කරනවා. මේ වෙන කොට අපි භාෂා 750කට වැඩි ගාණකින් බයිබලේ තියෙන සත්‍ය තොරතුරු අනිත් අයට කියලා දෙනවා. රටවල් 240ක අපි ඒ දේ කරනවා.
යේසුස් මැරුණට පස්සේ සත්‍ය ඉගැන්වීම්වලට මොනවාද වුණේ?
යට වුණු සත්‍ය ඉගැන්වීම් ආපහු අවබෝධ කරගන්න අපිට පුළුවන් වුණේ කොහොමද?
-
-
අපි නව ලොව පරිවර්තනය ප්‍රකාශයට පත් කළේ ඇයි?දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
-
-
4වෙනි පාඩම
අපි නව ලොව පරිවර්තනය ප්‍රකාශයට පත් කළේ ඇයි?
කොංගෝව (කින්ෂාසා)
රුවන්ඩා
ක්‍රිස්තු වර්ෂ තුන්වෙනි හෝ හතරවෙනි සියවසට අයිති සිමැකස්ගේ අත්පිටපතේ කොටසක්. මෙතන පෙන්නලා තියෙන්නේ ගීතාවලිය 69:31 දෙවිගේ නම තියෙන තැනයි
අවුරුදු ගාණක් තිස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟක් බයිබල් පරිවර්තන පාවිච්චි කළා. සමහරක් ඒවා මුද්‍රණය කරලා බෙදාහැරියා. හැබැයි කාලයක් යද්දී අපිට තේරුණා ‘සත්‍යය පිළිබඳව නිවැරදි දැනුම ලබාගැනීමට’ උදව් වෙන හොඳ පරිවර්තනයක් ප්‍රකාශයට පත් කරන්න ඕනේ කියලා. මොකද හැමෝම සත්‍යය දැනගන්නවාට තමයි දෙවි කැමති. (1 තිමෝති 2:3, 4) ඒ නිසා 1950 ඉඳලා නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් කියන බයිබල් පරිවර්තනය කොටස් හැටියට ප්‍රකාශයට පත් කරන්න පටන්ගත්තා. මේ වෙන කොට ඒ පරිවර්තනය භාෂා 130කට වඩා වැඩි ගාණකින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
ලේසියෙන් තේරුම්ගන්න පුළුවන් බයිබලයක් අවශ්‍ය වුණා. ඕනම භාෂාවක් කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒ නිසා හුඟක් බයිබල් පරිවර්තනවල තියෙන වචන හා යෙදුම් හුඟදෙනෙක්ට තේරෙන්නේ නැහැ. ඒ වගේම හුඟක් පරණ, නිවැරදි ශුද්ධ ලියවිල්ලේ අත්පිටපත් හොයාගෙන තියෙන නිසා බයිබලය ලියපු කාලේ පාවිච්චි කරපු හෙබ්‍රෙව්, ඇරමයික, ග්‍රීක වගේ භාෂා ගැන තිබුණු අවබෝධය තවත් වැඩි වුණා. ඒ නිසා තව සරලව, පැහැදිලිව බයිබලය පරිවර්තනය කරන්න පුළුවන්කම තිබුණා.
දෙවිගේ අදහස් ඒ විදිහටම තියෙන බයිබල් පරිවර්තනයක් අවශ්‍ය වුණා. විශ්වාසවන්ත පරිවර්තකයෙක් දෙවිගේ අදහස් ඒ විදිහටම පරිවර්තනය කරන්න ඕනේ. හැබැයි ගොඩක් බයිබල් පරිවර්තනවල යෙහෝවා කියන දෙවිගේ නමවත් නැහැ.
සැබෑ දෙවිව ගෞරවයට පත් කරන පරිවර්තනයක් අවශ්‍ය වුණා. (2 සාමුවෙල් 23:2) හුඟක් පරණ අත්පිටපත්වල දෙවිගේ නම 7,000 වතාවක් විතර තිබුණා. (ගීතාවලිය 83:18) පහළ පින්තූරේ පෙන්නලා තියෙන්නෙත් ඒ වගේ අත්පිටපතක කොටසක්. දෙවිගේ නම මුල් පිටපත්වල තිබුණු තැන්වලම නව ලොව පරිවර්තනයේ තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ ගොඩක් තොරතුරු හොයලා බලලා දෙවිගේ අදහස් හරිම නිවැරදි විදිහට පරිවර්තනය කරලා තියෙන නිසා මේ පරිවර්තනය හරි ආසාවෙන් කියවන්න පුළුවන්. ඔයා ළඟ නව ලොව පරිවර්තනයක් තිබුණත් නැතත් ඔයා ළඟ දැනට තියෙන බයිබලය හැමදාම කියවන්න කියලා අපි උනන්දු කරන්න කැමතියි.—යොෂුවා 1:8; ගීතාවලිය 1:2, 3.
හොඳ පරිවර්තනයක් ප්‍රකාශයට පත් කරන්න ඕනේ කියලා අපිට හිතුණේ ඇයි?
දෙවි ගැන සත්‍යය දැනගන්න කැමති අය නිතිපතා කරන්න ඕනේ මොකද්ද?
-