-
චාරිකා සේවකයන් අපි වෙනුවෙන් කරන්නේ මොන වගේ සේවයක්ද?දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
-
-
17වෙනි පාඩම
චාරිකා සේවකයන් අපි වෙනුවෙන් කරන්නේ මොන වගේ සේවයක්ද?
මලාවි
සේවා කණ්ඩායමක්
දේවසේවයේදී
වැඩිමහල්ලන් එක්ක රැස්වීමක්
බානබස් හා පාවුල් සංචාරක සේවකයන් විදිහට සභාවන්වලට ගිහින් කරපු සේවය ගැන බයිබලේ සඳහන් වෙනවා. සහෝදර සහෝදරියන් ගැන අවංක ආදරයක් තිබුණු නිසා තමයි එයාලා ඒ විදිහට සභාවන්වලට ගියේ. ශුභාරංචිය දේශනා කරපු ප්‍රදේශවල හිටිය අයව ආපහු ගිහින් බලන්න පාවුල්ට ලොකු ආසාවක් තිබුණා කියලා බයිබලේ තියෙනවා. ඒ නිසා එයා කිලෝමීටර් සිය ගාණක් දුර ගෙවාගෙන ගිහින් එයාලව හම්බ වෙලා, ඒ අයව දිරිගැන්නුවා. (ක්‍රියා 15:36) අද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරේ ඉන්න සංචාරක සේවකයනුත් සභාවන්වලට ගිහින් ඒ අයව දිරිගන්වලා, එයාලගේ විශ්වාසය තවත් ශක්තිමත් කරන්න හුඟක් කැමතියි.
එයාලා අපිව දිරිගන්වනවා. චාරිකා සේවකයෙක් සාමාන්‍යයෙන් සභා 20ක් විතර බලාගන්නවා. එක් එක් චාරිකා සේවකයා බලාගන්න සභාවන් කීපයටම කියන්නේ ‘චාරිකාවක්’ කියලයි. චාරිකා සේවකයෙක් හැම අවුරුද්දකම එයාගේ චාරිකාවේ තියෙන හැම සභාවක්ම දෙපාරක් බලන්න යනවා. එහෙම ගියාම ඒ සභාවේ අයත් එක්ක එයා සතියක් සේවය කරනවා. චාරිකා සේවකයන්ගෙන් අපිට ගොඩක් වටිනා දේවල් ඉගෙනගන්න පුළුවන්. එයාලා විවාහ වෙලා ඉන්නවා නම් එයාලගේ භාර්යාවන්ගෙනුත් අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. සභාවල ඉන්න බාල මහලු හැම කෙනෙක්වම හොඳට අඳුනගෙන එයාලත් එක්ක සේවයේ යන්න, බයිබල් පාඩම්වලට යන්න චාරිකා සේවකයන් ගොඩක් කැමතියි. එයාලා වැඩිමහල්ලන් එක්ක සමහර අයව පෞද්ගලිකව බලන්න ගිහින් එයාලව දිරිගන්වනවා. සභාවේදී වගේම සමුළුවලදී එයාලා දෙන කතාවලින් අපිට ලැබෙන්නේ ලොකු දිරිගැන්වීමක්.—ක්‍රියා 15:35.
එයාලා අපි ගැන සැලකිලිමත්. චාරිකා සේවකයන් හැම සභාවකම ඉන්න අය ගැන හුඟක් සැලකිලිමත් නිසා යෙහෝවා දෙවිත් එක්ක තියෙන මිත්‍රත්වය රැකගන්න එයාලා ගොඩක් උදව් කරනවා. එයාලා සභාවන්වලට ආවාම වැඩිමහල්ලන්ට හා සහායක සේවකයන්ට ඒ අයගේ වගකීම් හොඳට කරන්න පුළුවන් විදිහ ගැන කියලා දෙනවා. ඒ වගේම සභාවේ ඉන්න පුරෝගාමීන්වත් හම්බ වෙලා එයාලගේ සේවය තවත් හොඳින් කරන්න පුළුවන් විදිහ ගැන මඟ පෙන්වීම් දෙනවා. සභාවට අලුතින් එන අය එක්ක කතාබහ කරලා එයාලව අඳුනගන්නත් චාරිකා සේවකයන් කැමතියි. චාරිකා සේවකයන් එයාලගේ කාලය, ශ්‍රමය අපි වෙනුවෙන් කැප කරන්නේ කැමැත්තෙන්මයි. (2 කොරින්ති 8:23) එයාලගේ විශ්වාසය හා දෙවිට තියෙන ළැදිකම අපි ආදර්ශයට ගන්න එක ගොඩක් වටිනවා.—හෙබ්‍රෙව් 13:7.
චාරිකා සේවකයන් සභාවල ඉන්න අයව බලන්න යන්නේ ඇයි?
එයාලා සභාවට එන එකෙන් අපිට තියෙන ප්‍රයෝජනය මොකද්ද?
-
-
විපතට පත් වෙන සහෝදරයන්ට අපි උදව් කරන්නේ කොහොමද?දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
-
-
18වෙනි පාඩම
විපතට පත් වෙන සහෝදරයන්ට අපි උදව් කරන්නේ කොහොමද?
ඩොමිනිකන් ජනරජය
ජපානය
හයිටි
ලෝකේ කොහේ හරි තැනක ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට මොකක් හරි විපතක් සිද්ධ වුණාම ඒ අයට උදව් උපකාර කරන්න අපි ඉක්මනින් පියවර ගන්නවා. අපි එහෙම කරන්නේ ඒ අය ගැන අපිට අවංක ආදරයක් තියෙන නිසයි. (යොහන් 13:34, 35; 1 යොහන් 3:17, 18) අපි ඒ වගේ අයට උදව් කරන්නේ කොහොමද?
සල්ලිවලින් උදව් කරනවා. යුදයේ දරුණු සාගතයක් ඇති වුණු වෙලාවේ අන්තියෝකියේ හිටපු ක්‍රිස්තියානීන් යුදයේ හිටපු සහෝදර සහෝදරියන්ට සහනාධාර යැව්වා කියලා බයිබලේ තියෙනවා. (ක්‍රියා 11:27-30) ඒ වගේ අපිත් අපේ සහෝදර සහෝදරියන්ට මොකක් හරි විපතක් වෙලා කියලා දැනගත්තාම එයාලට ඕන කරන දේවල් ගන්න සභාව මාර්ගයෙන් සල්ලි යවනවා.—2 කොරින්ති 8:13-15.
මූලික දේවල් ලබා දෙනවා. මොකක් හරි විපතක් වුණාම ඉක්මනින්ම ඒ ප්‍රදේශයේ ඉන්න වැඩිමහල්ලන් එයාලගේ සභාවේ ඉන්න හැම කෙනෙක් ගැනම හොයලා බලනවා. ඊටපස්සේ විපතට පත් වෙලා ඉන්න අයට ඉන්න හිටින්න තැන්, කෑම, වතුර, ඇඳුම්, බෙහෙත් වගේ දේවල් දෙන්න ඉක්මනින් පියවර ගන්නවා. ඒක කරන්නේ සහන සේවා කමිටුවක් මාර්ගයෙන්. සහෝදර සහෝදරියන්ගේ කැඩිලා බිඳිලා ගිය ගෙවල් හදන්නත් නමස්කාර මධ්‍යස්ථාන අලුත්වැඩියා කරන්නත් සහන සේවා වැඩවලට උදව් කරන්නත් සමහර අය කැමැත්තෙන්ම ඒ ප්‍රදේශවලට යනවා. එයාලා එහෙම යන්නේ එයාලගේම වියදමින්. අපි සංවිධානයක් විදිහට හරිම එකමුතුව, එක්සත්ව වැඩ කරන නිසා විපතක් වුණාම අවශ්‍ය කරන දේවල් හා අවශ්‍ය කරන අයව ඉක්මනින්ම ඒ තැන්වලට යවන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. අපි උදව් කරන්නේ විපතට පත් වෙලා ඉන්න “අප හා සමාන විශ්වාසයක් ඇති අපගේ සහෝදර සහෝදරියන්ට” විතරක් නෙමෙයි. පුළුවන් හැම වෙලාවකම අපි අනිත් අයටත් උදව් කරනවා.—ගලාති 6:10.
බයිබලෙන් සැනසීමක් ලබා දෙනවා. විපතකට මුහුණ දීලා ඉන්න අයට වැඩියෙන්ම ඕන කරන්නේ සහනයයි. අපි ඒ සහනය ලබාගන්නේ ‘සියලු සැනසිල්ලේ දෙවි වන යෙහෝවාගෙන්.’ (2 කොරින්ති 1:3, 4) විපතකට මුහුණ දීලා ඉන්න අයත් එක්ක බයිබලේ තියෙන පොරොන්දු ගැන අපි කතා කරන්නේ ඒ නිසයි. දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලේදී විපත්ති, වේදනා ඇති වෙන්නේ නැහැ කියන බලාපොරොත්තුව ඒ වගේ අයට ලොකු සැනසීමක්.—එළිදරව් 21:4.
විපතකට මුහුණ දීලා ඉන්න අයට ඉක්මනින් උදව් උපකාර කරන්න සාක්ෂිකරුවන්ට පුළුවන් වෙලා තියෙන්නේ ඇයි?
විපතකට මුහුණ දීලා ඉන්න අයට සැනසීමක් ලබා දෙන්න බයිබලේ තියෙන මොන වගේ පොරොන්දු ගැන අපිට කතා කරන්න පුළුවන්ද?
-
-
විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කියන්නේ කාටද?දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
-
-
19වෙනි පාඩම
විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කියන්නේ කාටද?
දාසයා උගන්වන දේවලින් අපි ප්‍රයෝජන ලබනවා
යේසුස් ඔහුගේ මරණයට ටික දවසකට කලින් පේතෘස්, යාකොබ්, යොහන් හා අන්දෘ කියන ගෝලයන් එක්ක අවසාන කාලය අඳුනගන්න පුළුවන් විදිහ ගැන කතා කළා. ඒ වෙලාවේ යේසුස් මේ වැදගත් ප්‍රශ්නය ඇහුවා. “ස්වාමියා විසින් තම මෙහෙකරුවන්ට නියම වේලාවට ආහාර දීම සඳහා ඔවුන් කෙරෙහි පත් කළ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද?” (මතෙව් 24:3, 45; මාක් 13:3, 4) යේසුස් ඒ ප්‍රශ්නය ඇහුවේ “ස්වාමියා” හැටියට ඔහු, අවසාන කාලේ පොළොවේ ඉන්න ඔහුගේ අනුගාමිකයන්ව නොකඩවා දෙවිගේ වචනයෙන් පෝෂණය කරන්න දාසයෙක්ව පත් කරනවා කියලා පෙන්නන්නයි. ඒ දාසයා කවුද?
දාසයා කියන්නේ දෙවිගේ බලයෙන් අභිෂේක කරලා තියෙන යේසුස්ගේ අනුගාමිකයන් ටිකදෙනෙක්ටයි. ‘විශ්වාසවන්ත දාසයා’ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය විදිහට හඳුන්වන්න පුළුවන්. දාසයා යේසුස්ගේ අනුගාමිකයන්ට ‘නියම වේලාවට නියමිත වූ ආහාර කොටස නොකඩවා ලබා දෙනවා.’ (ලූක් 12:42) යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම දිගටම ශක්තිමත්ව තියාගන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ විශ්වාසවන්ත දාසයා බයිබලේ තියෙන දේවල් කලට වෙලාවට අපිට පැහැදිලි කරලා දෙන නිසයි.
දාසයා යෙහෝවා දෙවිගේ ගෘහය බලා කියා ගන්නවා. (1 තිමෝති 3:15) පොළොව මත තියෙන යෙහෝවා දෙවිගේ සංවිධානය බලා කියා ගන්න වගකීම යේසුස් භාර දීලා තියෙන්නේ විශ්වාසවන්ත දාසයාටයි. ඒකට ශුභාරංචිය දේශනා කරන වැඩේ අධීක්ෂණය කරන එක, සංවිධානයට අයිති සම්පත් බලා කියා ගන්න එක, දෙවිගේ සෙනඟට උගන්වන එක අයිතියි. අපි සේවයේ ගිහින් බෙදා දෙන පොත් පත් මාර්ගයෙන්, රැස්වීම් හා සමුළුවලින් අපිට අවශ්‍ය මඟ පෙන්වීම් නියම වේලාවට දාසයා දෙනවා.
යේසුස් පත් කරපු දාසයා විශ්වාසවන්තයි කියලා කියන්න පුළුවන්. මොකද ඒ දාසයා දේවල් කරන්නේ බයිබලේ තියෙන සත්‍ය තොරතුරුවලට එකඟවයි. ශුභාරංචිය දේශනා කරන්න භාර දීලා තියෙන වැඩෙත් ඒ අය විශ්වාසවන්තව ඉටු කරනවා. (ක්‍රියා 10:42) ඒ වගේම දාසයා නුවණ ඇතුව වැඩ කරනවා කියලත් කියන්න පුළුවන්. මොකද එයාලට යේසුස් භාර දීලා තියෙන හැම දෙයක්ම එයාලා හොඳින් බලාගන්නවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරට එකතු වෙන සෙනඟ දිහා බලද්දී දෙවිගේ ආශීර්වාදය දාසයාට තියෙනවා කියලා හොඳින්ම පැහැදිලියි.—යෙසායා 60:22; 65:13.
යේසුස්ගේ අනුගාමිකයන්ව දෙවිගේ වචනයෙන් පෝෂණය කරන්න යේසුස් පත් කරපු දාසයා කවුද?
දාසයා විශ්වාසවන්තව හා නුවණ ඇතුව වැඩ කරනවා කියලා කියන්න පුළුවන් ඇයි?
-