සාකච්ඡාවක් පටන්ගන්න ‘දේවවචනයට හැඳින්වීමක්’ යොදාගන්න
1. මෑතකදී අපිට ලැබුණේ දේශනා සේවයට උදව් වෙන මොන පොතද?
1 පහුගිය තුන්දින සමුළුවේදී ‘දේවවචනයට හැඳින්වීමක්’ කියන කුඩා පොත ලැබුණා. සාකච්ඡා පටන්ගන්න ඒ පොත යොදාගන්න පුළුවන් කොහොමද? ඒකේ විවිධ විෂයන් යටතේ බයිබල් පද කීපයක් තියෙනවා. ඒක හරියට ‘බයිබල් සාකච්ඡාවන් ආරම්භ කර දිගටම පවත්වාගෙන යා හැකි අයුරු’ කියන පුංචි පොත වගෙයි. ඒ නිසා සාකච්ඡා පටන්ගන්න ඒක හුඟක් ප්‍රයෝජනවත් වෙයි.
2. ‘දේවවචනයට හැඳින්වීමක්’ කියන කුඩා පොත සේවයේදී පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?
2 අටවෙනි ප්රශ්නය තෝරගෙන ඔබට මේ විදිහට කියන්න පුළුවන්. “අද හුඟදෙනෙක් ‘මිනිසුන් විඳින දුක් වේදනාවලට වග කියන්න ඕනේ දෙවියන්ද?’ කියලා කල්පනා කරනවා. [සමහර ප්‍රදේශවලදී නිවැසියාට පොතෙන්ම ප්රශ්නය පෙන්වන එක සුදුසු වෙයි.] ඔයාගේ අදහස මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඒ ප්‍රශ්නෙට බයිබලයේ හොඳ උත්තරයක් තියෙනවා.” සඳහන් කරලා තියෙන බයිබල් පදයක් හෝ කීපයක් බයිබලයෙන්ම කියවන්න. නිවැසියා උනන්දුවක් දක්වනවා නම් පටුනේ තියෙන ප්‍රශ්න 20ම පෙන්වලා ඊළඟ වතාවේ සාකච්ඡා කරන්න කැමති මොන ප්‍රශ්නෙද කියලා අහන්න. එහෙම නැත්නම් සාකච්ඡා කරපු කරුණ ගැන බයිබල් පාඩම් පවත්වන ප්රකාශනයක වැඩි විස්තර තියෙනවා නම් ඒ ප්රකාශනය දෙන්න.
3. ක්‍රිස්තියානි නොවන අය ඉන්න ප්‍රදේශවලදී සාකච්ඡාවක් පටන්ගන්න ‘දේවවචනයට හැඳින්වීමක්’ කියන පොත යොදාගන්නේ කොහොමද?
3 ක්‍රිස්තියානි නොවන අය ඉන්න ප්‍රදේශවලදී 4වෙනි ප්රශ්නය සහ 13 සිට 17 දක්වා ප්‍රශ්න හුඟක් ප්‍රයෝජනවත් වෙයි. උදාහරණයකට 17වෙනි ප්රශ්නයේ තියෙන තොරතුරු පාවිච්චි කරන්න පුළුවන්. “අද හුඟක් පවුල්වල අයට ප්‍රශ්න තියෙනවා නේද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] විවාහයක් සාර්ථක වෙන්න නම් ‘භාර්යාව ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දක්වන්න ඕනේ’ කියලා හුඟක් අය පිළිගන්නවා. [ඒක තියෙන්නේ එෆීස 5:33 කියලා කියන්න ඕන නැහැ. ඔබ කතා කරන්නේ කාන්තාවකට නම් එෆීස 5:28 තියෙන අදහස කියන්න පුළුවන්.] ඒ වටිනා උපදෙස පිළිපදින එක ප්‍රයෝජනවත් කියලා ඔයා හිතනවාද?”
4. ක්‍රිස්තියානි නොවන කෙනෙක් එක්ක සාකච්ඡාවක් කළාට පස්සේ කරන්න පුළුවන් මොකක්ද?
4 සාකච්ඡාව අවසන් කරද්දී තවත් සාකච්ඡාවකට සැලසුම් යොදාගන්න. ඔබ සාකච්ඡා කරපු ප්‍රශ්නෙට අදාළ තවත් බයිබල් පදයක් සාකච්ඡා කරන්න සැලසුම් යොදාගන්න පුළුවන්. සුදුසු අවස්ථාවක් උදා වුණාම ඔබ සාකච්ඡා කරපු වටිනා අදහස් තියෙන්නේ බයිබලයේ කියලා නිවැසියාට කියන්න. කලින් සාකච්ඡා කරපු කරුණුත් බයිබලය ගැන නිවැසියා දරන අදහසත් සලකලා බලලා සුදුසු ප්රකාශනයක් ඉදිරිපත් කරන්න.—2014 පෙබරවාරි ‘රාජ්‍ය සේවාවේ’ 3-6 පිටු බලන්න.