සේවයේ දක්ෂ වීමට තොරතුරු වාර්තා කරගන්න
“ඔබ ගැනත් ඔබ උගන්වන දේ ගැනත් නිරතුරුවම සැලකිලිමත් වන්න.” (1 තිමෝ. 4:16) අපි සත්‍යයට ආවේ මෑතකදී වුණත් කාලයකට පෙර වුණත් පාවුල් තිමෝතිට දුන් ඒ උපදෙස අපි හැමෝටම උදව් වෙනවා. මෙතැන් සිට “සේවයේ දක්ෂ වීමට” කියලා ලිපි මාලාවක් ‘රාජ්‍ය සේවාවේ’ පළ වෙනවා. ඒ හැම ලිපියකම දියුණු කරගන්න ඕන පැත්තක් සහ ඒකට උදව් වෙන යෝජනා සඳහන් වෙනවා. හැම මාසයකදීම දියුණු කරගන්න ඕන පැත්ත ගැන දී ඇති යෝජනා අදාළ කරගන්න විශේෂ වෑයමක් දරන්න. ඒ යෝජනා ප්‍රයෝජනවත් වූ ආකාරය ගැනත් ලැබූ අද්දැකීම් ගැනත් ඒ මාසය අවසන් වූ පසු සේවා රැස්වීමකදී කියන්න අපිට අවස්ථාව ලැබෙනවා. මේ මාසයේදී උනන්දුවක් දක්වන අයගේ තොරතුරු වාර්තා කරගැනීම දියුණු කරගන්න අපි උත්සාහ කරමු.
ඒක වැදගත් ඇයි? අපේ පැවරුම සාර්ථකව ඉටු කරන්න නම් දේශනා කරනවාට අමතරව උනන්දුවක් දක්වපු අයව මුණගැහිලා ඒ අයට උගන්වන්න අවශ්‍යයි. ඒක හරියට පැළ කරපු සත්‍යයේ බීජවලට වතුර දානවා වගෙයි. (මතෙ. 28:19, 20; 1 කොරි. 3:6-9) ඒ සඳහා උනන්දුව දැක්වුව කෙනාව හොයාගෙන යන එකත් එයා සැලකිලිමත් වුණු දේවල් ගැන කතා කරන එකත් කලින් වතාවේදී එයා එක්ක සාකච්ඡා කරපු දේවල් මත සාකච්ඡාව ගොඩනඟන එකත් වැදගත්. ඒ නිසා උනන්දුවක් දක්වන කෙනා ගැන හැම තොරතුරක්ම සටහන් කරගන්න.
ඒක කරන්නේ කොහොමද?
• සේවයේ යද්දී සටහන් ගන්න අවශ්‍ය දේවල් ගෙනියන්න. පිළිවෙළට පැහැදිලිව තොරතුරු සටහන් කරගන්න. සාකච්ඡාව ඉවර වුණාම නොපමාව තොරතුරු ලියාගන්න.
• නිවැසියා ගැන තොරතුරු ලියාගන්න. නම, ලිපිනය, දුරකථන අංකය හෝ ඊ-මේල් ලිපිනය මොකක්ද? ඔහු ගැන හා ඔහුගේ පවුලේ අය ගැන යම් විශේෂ තොරතුරක් තියෙනවාද?
• සාකච්ඡා කරපු දේවල් ලියාගන්න. පෙන්නුවේ මොන බයිබල් පදද? එයාගේ විශ්වාසයන් ගැන එයා කිව්වේ මොනවාද? දුන්නේ මොන ප්‍රකාශනද? වෙලාව, දවස හා දිනය සටහන් කරගන්න.
• ඊළඟ වතාවේ කරන්න බලාපොරොත්තු වෙන දේ ලියාගන්න. සාකච්ඡා කරන්න පොරොන්දු වුණේ මොනවා ගැනද? ආපහු එනවා කියලා කිව්වේ කවදාටද?
• යන හැම වතාවකම තොරතුරු අලුත් කරන්න. ඔබට අවශ්‍යයි කියලා හිතෙන අමතර තොරතුරු ලියාගන්න.
මාසය තුළ මෙය අත්හදා බලන්න
• තොරතුරු ලියාගනිද්දී ඔබ ලියාගන්නේ මොනවාද කියලා ඔබ එක්ක සේවයේ යන කෙනාට කියන්න.