ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 10/1 26 පි.
  • සම් භාජනයක කඳුළු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සම් භාජනයක කඳුළු
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සර්පයාගේ හම
    2014 පිබිදෙව්!
  • යෙහෝවා “ඔබේ සියලු හිසකේ පවා ගණන් කර” තිබෙනවා
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අව්ව තපින්නෙනි, ඔබේ සම රැකගන්න!
    1999 පිබිදෙව්!
  • ඔබේ සමේ පැහැය ගැන සතුටු වන්න
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 10/1 26 පි.

සම් භාජනයක කඳුළු

ඊශ්‍රායෙලයේ අනාගත රජු වීමට සිටි දාවිත්ට දුක් කරදර රාශියකට මුහුණ දෙන්න සිදු වූ නිසා ඔහු තැනින් තැනට පලා ගියා. එම අවස්ථාවේදී ඔහු හැඬූ කඳුළින් යුක්තව යෙහෝවා දෙවිට පැවසුවේ “මාගේ කඳුළු ඔබේ සම් භාජනයේ තබාගන්න” කියායි. (ගීතාවලිය 56:8, නව ලොව පරිවර්තනය, NW) මෙහිදී දාවිත් සඳහන් කළ සම් භාජනය කුමක්ද? එවැනි භාජනයක දෙවි කඳුළු රැස් කරන්නේ කෙසේද?

සම් භාජන දාවිත්ට හොඳින් හුරු පුරුදු දෙයක්. මෙම භාජන භාවිත කළේ වතුර, වයින්, තෙල් සහ බටර් වැනි දෑ රැස් කිරීමටයි. අදටත් සහරා කාන්තාරයේ ජීවත් වන ටුවාරෙග්වරුන් මෙම සම් භාජන භාවිත කරනවා. එම සම් භාජන සාදා තිබෙන්නේ එළුවන්ගේ හෝ බැටළුවන්ගේ සම්පූර්ණ සම යොදාගෙනයි. සම් භාජනයකට කොතරම් ජල ප්‍රමාණයක් දැමිය හැකිද කියා තීරණය වන්නේ භාජනයේ ප්‍රමාණය අනුවයි. දැඩි උෂ්ණත්වයක් පවතින කාන්තාරවල පවා ජලය සිසිල්ව තබාගැනීමට සම් භාජන උපකාරවත් වුණා. අතීතයේදී මෙම සම් භාජන ගෙන ගියේ ඔටුවන් හා බූරුවන් පිටයි.

සම් භාජන සම්බන්ධයෙන් දාවිත් පැවසූ දෙයින් අපට ඇති වැදගත්කම කුමක්ද? ශුද්ධ බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට අද මේ පොළොව පාලනය කරන්නේ “මහත් කෝපයෙන්” සිටින සාතන් නමැති යක්ෂයායි. ඒ නිසා මුළු ලෝකයේම සිටින අය දුක් කරදරවලට මුහුණ දෙනවා. (එළිදරව් 12:12) විශේෂයෙන්ම දෙවිට සේවය කරන අය මානසිකවත් ශාරීරිකවත් පීඩා විඳින්නේ එම හේතුව නිසයි. දෙවිට විශ්වාසවන්තව සිටීමේදී ඔවුන්ට ‘කඳුළු සලන්න’ සිදු වුණත් ඔවුන් කිසිම දිනක යෙහෝවා දෙවිට දක්වන පක්ෂපාතකම අත්හරින්නේ නැහැ. (ගීතාවලිය 126:6, NW) තම සේවකයන් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන විට අද්දකින වේදනාව යෙහෝවා දෙවි තේරුම්ගන්නවා. ඔවුන් මුහුණ දෙන දුක් කරදර සහ ඔවුන් හෙළන කඳුළු දෙවි මතක තබාගන්නවා. එය හරියට දෙවි ඒ කඳුළු සියල්ලම සම් භාජනයක රැස් කර තබාගන්නවා හා සමානයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න