ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • fg 1 පාඩම 1-3 ප්‍රශ්න
  • මොකද්ද මේ ප්‍රීතිමත් පණිවිඩය?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මොකද්ද මේ ප්‍රීතිමත් පණිවිඩය?
  • සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • සමාන තොරතුරු
  • බයිබලය අධ්‍යයනය කළ යුත්තේ ඇයි?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මිනිසුන් සඳහා දෙවියන් අරමුණු කරලා තියෙන්නේ මොකද්ද?
    සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
fg 1 පාඩම 1-3 ප්‍රශ්න

1වන පාඩම

මොකද්ද මේ ප්‍රීතිමත් පණිවිඩය?

1. දෙවියන් පවසන පණිවිඩය මොකද්ද?

මිනිසුන් සතුටින් මේ පොළොවේ ජීවත් වෙනවා

පොළොව හා අනිත් හැම දෙයක්ම දෙවියන් නිර්මාණය කළේ අපිට ආදරේ නිසයි. ඔහු කැමති හැමෝම සතුටින් ජීවත් වෙනවාටයි. ඔහු ළඟදීම දුක් කරදරවලට හේතු වෙන හැම දෙයක්ම අයින් කරලා අපිට හොඳ අනාගතයක් උදා කරනවා.—යෙරෙමියා 29:11 කියවන්න.

අපරාධ, ලෙඩ රෝග, මරණය නැති කරන්න කිසිම ආණ්ඩුවකට පුළුවන් වෙලා නැහැ. ඒත් දෙවියන්ට ඒක කරන්න පුළුවන්. ඒ දේ කරන්න දෙවියන් දැනටමත් පියවර අරගෙනයි තියෙන්නේ. ළඟදීම ඔහු පොළොවේ තියෙන හැම ආණ්ඩුවක්ම නැති කරලා දානවා. ඔහු ඒක කරන්නේ ස්වර්ගයේ පිහිටුවලා තියෙන ඔහුගේ ආණ්ඩුව මාර්ගයෙන්. ඒ ආණ්ඩුව ළඟදීම පොළොව පාලනය කරනවා. එදාට මිනිසුන් කිසි ලෙඩක් දුකක් නැතුව සමාදානයෙන් ඉන්නවා. දෙවියන් පවසන ප්‍රීතිමත් පණිවිඩය ඒකයි.—යෙසායා 25:8; 33:24; දානියෙල් 2:44 කියවන්න.

2. දෙවියන්ගේ පණිවිඩය ගැන දැන්ම දැනගන්න එක වැදගත්ද?

දුක් කරදර අවසන් වෙන්නේ දෙවියන් දුෂ්ටයන්ව විනාශ කළාට පස්සෙයි. (ශෙපනියා 2:3) ඒක වෙන්නේ කවදාද? ඒ විනාශය ළං වෙලා තියෙද්දී පොළොවේ දරුණු වාතාවරණයක් තියෙන්න යනවා කියලා දෙවියන් කලින්ම කියලා තිබුණා. අපි අද ජීවත් වෙන්නේ ඒ දරුණු කාලයෙයි. ඒ කියන්නේ දෙවියන් විනාශය ගේන දවස අත ළඟයි. එහෙමනම් දෙවියන්ගේ පණිවිඩය දැන්ම දැනගන්න එක හරිම වැදගත්.—2 තිමෝති 3:1-5 කියවන්න.

3. අපි දැන් කරන්න ඕනේ මොකද්ද?

අපි දැන් දෙවියන්ව දැනගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් හොඳම විදිහ තමයි ශුද්ධ බයිබලය කියවන එක. ඒක හරියට ආදරණීය තාත්තා කෙනෙක්ගෙන් ලැබුණු ලියුමක් වගේ. අර්ථවත් ජීවිතයක් දැන් ගත කරන්න පුළුවන් විදිහත් හැමදාටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කොහොමද කියලත් ඒකේ තියෙනවා. හැබැයි ඔයා බයිබලයේ තියෙන දේවල් දැනගන්න උත්සාහ කරද්දී සමහර අය ඒකට අකමැති වෙන්න පුළුවන්. ඒත් දෙවියන් අපිට හොඳ අනාගතයක් දෙන්න පොරොන්දු වෙලා තියෙන නිසා ඒ ගැන දැනගන්න ඔයා දරන උත්සාහය අත්හරින්න එපා.—හිතෝපදේශ 29:25; එළිදරව් 14:6, 7 කියවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න