වමේ: 1930 ගණන්වලදී ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමාවල අපේ සහෝදරියක් සහෝදර රදෆර්ඩ්ගේ පටිගත කරපු දේශනයක් වාදනය කරමින්; දකුණ: ස්විට්සර්ලන්තය
1වෙනි කොටස
සත්‍යය එළිදරව් වෙයි
ඔබ දැන් ඉන්නේ බයිබල් පාඩමක් කරන ගමන් කියලා හිතන්න. බයිබල් පදයක් කියවලා ඒක පැහැදිලි කළාට පස්සේ බයිබල් ශිෂ්‍යයා පුදුමයෙන් මෙහෙම අහනවා. “ඒ පදයේ කියන්නේ මේ මුළු පොළොවම පාරාදීසයක් වෙලා අපිට හැමදාමත් ජීවත් වෙන්න ලැබෙනවා කියලද?” ඔබත් එක්ක පාඩමට හවුල් වෙන අනිත් සහෝදරයා හරිම සන්සුන් විදිහට මෙහෙම කියනවා. “ඔව්. ඔයා දැන් කියවපු බයිබල් පදේ තියෙන විදිහට ඒක තමයි ඉස්සරහට වෙන්නේ.” ඒ සත්‍යය දැනගත්තාම ශිෂ්‍යයා හුඟක් සතුටු වෙනවා. එයා මෙහෙම කියනවා. “මෙච්චර හොඳ බලාපොරොත්තුවක් ගැන මීට කලින් මට දැනගන්න ලැබුණේ නැත්තේ ඇයි කියලා මට නම් හිතාගන්නවත් බැහැ.” මීට සති කිහිපයකට කලින් ඔබ දෙවිගේ නම බයිබලයෙන් මුල්ම වතාවට එයාට පෙන්නුවාමත් එයා කිව්වේ ඒ වගේ දෙයක්.
අපි අතරේ ඉන්න හුඟදෙනෙක්ට ඒ වගේ අද්දැකීම් තියෙනවා. දෙවිගේ සෙනඟ හැටියට අපිට සත්‍යය දැනගන්න ලැබිලා තියෙන එක මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! අපිට ඒ වරප්‍රසාදය ලැබුණේ කොහොමද? මේ කොටසින් අපි බලන්නේ ඒ ගැනයි. දැනට වසර 100ක කාලයක් තිස්සේ දෙවිගේ රාජ්‍යයේ රජු වන යේසුස් ක්‍රිස්තුස් සත්‍යය ගැන දෙවිගේ සෙනඟව දැනුවත් කරමින් ඉන්නවා. අපිට සත්‍යය ගැන ක්‍රමානුකූලව දැනගන්න ලැබිලා තියෙන එකෙන් පැහැදිලි වෙන්නේ දෙවිගේ රාජ්‍යය සැබෑ දෙයක් කියලයි.