යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ඕනම භේදයක් පරදන දෙවිගේ ඉගැන්වීම්
යෙහෝවා දෙවි හැමෝටම සලකන්නේ එක විදිහට. (ක්‍රියා 10:34, 35) ඕනෙම භාෂාවක් කතා කරන, ඕනෙම ජාතියකට, ගෝත්‍රයකට අයිති හැමෝවම දෙවි පිළිගන්නවා. (එළි 7:9) ඒ නිසා ක්‍රිස්තියානි සභාවේ කිසිම භේදයකටවත් විශේෂ සැලකිලි දක්වන එකටවත් ඉඩක් නැහැ. (යාකො 2:1-4) දෙවිගේ ඉගැන්වීම් නිසා පෞද්ගලිකත්වයන් වෙනස් කරගෙන පාරාදීසයක් හා සමාන තත්වයක් අද්දකින්න ලැබිලා තියෙන එක ගැන අපි කොයි තරම් ස්තුතිවන්න වෙන්න ඕනෙද! (යෙසා 11:6-9) හැමෝටම එක විදිහට සලකන්න උත්සාහ කරද්දී අපි දෙවිව අනුකරණය කරන අය වෙනවා.—එෆී 5:1, 2.
‘ජොනී සහ ගිඩියොන්: කලින් සතුරෝ, දැන් සහෝදරයෝ’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න:
භේද නැති කරන්න මිනිසුන් දරන ඕනෙම වෑයමකට වඩා දෙවිගේ ඉගැන්වීම් උසස් වෙන්නේ ඇයි?
ලෝකෙ පුරාම විසිරිලා ඉන්න සහෝදරයන් අතරේ තියෙන මොකක් ගැනද ඔයා වැඩියෙන්ම සතුටු වෙන්නේ?
ක්‍රිස්තියානීන් අතරේ තියෙන එකමුතුකමෙන් යෙහෝවා දෙවිව ගෞරවයට පත් වෙන්නේ කොහොමද?