ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • rk 9 කොටස 22-23 පි.
  • යේසුස්ගේ නායකත්වය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස්ගේ නායකත්වය
  • ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
  • සමාන තොරතුරු
  • යේසුස් ක්‍රිස්තුස් කවුද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යේසුස් ක්‍රිස්තුස් කවුද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • යේසුස් ක්‍රිස්තුස්—ඔහු කවුද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “මාගේ අනුගාමිකයා වන්න”
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය
rk 9 කොටස 22-23 පි.

9වන කොටස

යේසුස්ගේ නායකත්වය

මිනිසුන්ගේ නායකයා විදිහට යේසුස්ව පත් කරන බව දෙවියන් කියලා තිබුණා. අපේ නායකයා විදිහට යේසුස්ව තෝරාගත්තේ හොඳම නායකයා කවුද කියලා දෙවියන් හොඳින්ම දන්න නිසයි. යේසුස් මොන වගේ කෙනෙක්ද? යුද්ධයට නැත්නම් දේශපාලනයට දක්ෂයෙක්ද? නැත්නම් උගත් කෙනෙක්ද? බයිබලයේ කියන්නේ යේසුස් අනික් අයට වඩා විශේෂයි කියලයි.—මතෙව් 23:10.

යේසුස් ඉපදෙන කොට ඔහු තුළ කිසිම පව්කාරකමක් තිබුණේ නැහැ. එහෙම වුණේ දෙවියන් ඒකට මැදිහත් වුණ නිසයි. යේසුස්ව මේ පොළොවට බිහි වෙන්න සැලැස්සුවේ කිසිම දෝෂයක් නැති පරිපූර්ණ කෙනෙක් විදිහට. සාතන්, යේසුස්ව වරදට පොලඹවන්න උත්සාහ කළත් යේසුස් ඒවාට අහු වුණේ නැහැ. යේසුස් ක්‍රියා කළ විදිහෙන් දෙවියන්ට මොන තරම් බලයක් තියෙනවාද කියලත්, ඔහු කොතරම් යුක්තිගරුක, ඥානවන්ත, ප්‍රේමණීය කෙනෙක්ද කියලත් තේරුම්ගන්න පුළුවන්.

යේසුස් මිනිසුන්ට කරුණායෙන් සැලකුවා

යේසුස් හැමෝටම කරුණාවෙන් සැලකුවා

දෙවියන්ගෙන් ලැබුණු බලයෙන් මිනිස්සුන්ට උදව් කළා. එක අවස්ථාවකදී යේසුස් උගන්වන දේවල් අහන්න ඇවිත් හිටිය මිනිස්සු ගැන ඔහු මෙහෙම කිව්වා. ‘මට මේ සෙනඟ ගැන මහත් අනුකම්පාවක් දැනෙනවා. ඔවුන්ට කන්නත් කිසි දෙයක් නැහැ.’ (මාක් 8:2) ඔවුන් ගැන බොහෝ සේ සැලකිලිමත් වූ යේසුස් දෙවියන්ගෙන් ලැබුණු බලය යොදාගෙන ඔවුන්ට කෑම ලබා දුන්නා.

යේසුස් ගමින් ගමට ගිහින් දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය කිව්වා. ඒ වගේම මිනිසුන්ගේ ‘රෝග සහ ආබාධත් සුව කළා.’ (මතෙව් 4:23) යේසුස්ගේ ඇඳුමෙන් අල්ලපු හැමෝම සුව වුණු නිසා රැස් වෙලා හිටිය අය උත්සාහ කළේ ඔහුව අල්ලන්න. ඔවුන් සුව වෙද්දී යේසුස්ගෙන් ශක්තිය වැය වුණා. (ලූක් 6:19) ඇත්තටම ‘යේසුස් ආවේ සේවය ලබන්න නෙවෙයි. සේවය කරන්න හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා ජීවිතය පූජා කරන්නයි.’ (මතෙව් 20:28)a මිනිසුන් වෙනුවෙන් ඒ තරම් කැපවීමකින් වැඩ කරන පාලකයන් ඉන්නවාද?

යේසුස් පොඩි දරුවන්ව ආදරෙන් ළඟට ගන්නවා

යේසුස් පොඩි දරුවන්ටත් ආදරෙන් සැලකුවා

දෙවියන් වගේ යුක්තිගරුක වුණා. දෙවියන් දීලා තිබුණු නීතිවලට යේසුස් කීකරු වුණා. “මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝ සේ ආශා වෙමි. ඔබේ නීතිය මාගේ සිතෙහි ලියා ඇත” කියලා දාවිත් කිව්ව දේට යේසුස් එකඟ වුණු බවට සැකයක් නැහැ. (ගීතාවලිය 40:8) දෙවියන් මෙන් යේසුස්ද දුප්පත්, පොහොසත්, බාල මහලු, ස්ත්‍රී පුරුෂ සියලුදෙනාටම එක සේ සලකමින් ගෞරව කළා. දෙමාපියන් තම දරුවන්ව යේසුස් වෙතට ගෙනෙන්න උත්සාහ කළාම තම ගෝලයන් එයට අකමැති වුණත් ඔහු ඔවුන්ට මෙහෙම කිව්වා. “මේ කුඩා දරුවන්ට මා ළඟට එන්න ඉඩහරින්න. මන්ද දෙවිගේ රාජ්‍යය අයිති වන්නේ මේ දරුවන් වගේ සිටින අයටයි.”—මාක් 10:14.

දෙවියන්ගෙන් ලැබුණ ඥානයට අනුව ක්‍රියා කළා. ‘යේසුස්ට මිනිසුන්ගේ සිත්වල තියෙන දේ තේරුම්ගන්න පුළුවන් වුණා.’ (යොහන් 2:25) යේසුස් “වගේ උගන්වන්න පුළුවන් මිනිසෙකුව නම් අපි කවදාවත් දැකලා නැහැ” කියලා ඔහුගේ සතුරන් පවා පිළිගත්තා. ඒ තරම් ඥානයක් යේසුස්ට ලැබුණේ කොහෙන්ද? ඒ ගැන යේසුස් මෙහෙම පැහැදිලි කළා. “මා උගන්වන්නේ මගේ අදහස් නොව මාව එවූ තැනැත්තාගේ අදහස්.”—යොහන් 7:16, 46.

යේසුස් අසනීප මිනිසෙක්ව සුව කරනවා

යේසුස් අනුකම්පාවෙන් පෙලඹී රෝගීන්ව සුව කළා

දෙවියන් වගේ ප්‍රේමය පෙන්නුවා. යේසුස්ටත් මිනිසුන් ගැන අනුකම්පාවක් දැනුණා. “මුළු ශරීරය පුරාම ලාදුරු රෝගය පැතිර තිබූ මිනිසෙක්” ඉතා යටහත්ව යේසුස්ට මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔබ කැමති නම් මාව පවිත්‍ර කරන්න ඔබට පුළුවන්.” ඒ අවස්ථාවේදී යේසුස් “තම අත දිගු කර ඔහුව ස්පර්ශ කර, මා කැමතියි. පවිත්‍ර වෙන්න” කියලා ඔහුට කිව්වා. ඒ මොහොතේදීම ඔහුට සුවය ලැබුණා. (ලූක් 5:12, 13; මාක් 1:41, 42) වේදනාවෙන් හිටිය ඒ ලාදුරු රෝගියාව සුව කරන්න යේසුස්ට සැබෑ වුවමනාවක් තිබුණා.

යේසුස් ඔයා ගැනත් සැලකිලිමත්ද? ඔහු කිව්ව මේ දෙයින් ඊට පිළිතුරු පැහැදිලියි. ‘වෙහෙස වූ බරින් පීඩිත වූ සියල්ලෙනි, මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි. මා මෘදු ගුණැති නිහතමානී කෙනෙකු වන නිසා මගෙන් ඉගෙනගන්න. එමගින් ඔබට මහත් සහනයක් ලබාගත හැකියි.’—මතෙව් 11:28, 29.

අපේ නායකයා වෙන්න යේසුස්ට මොන තරම් සුදුසුකම් තියෙනවාද කියලා අපි බලපු තොරතුරුවලින් පැහැදිලි වෙනවා. “මගෙන් ඉගෙනගන්න” කියලා යේසුස් අපි හැමෝටම ආරාධනා කරනවා. ඒ ආරාධනාව පිළිගන්නවා නම් හැමදාමත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්.

a යේසුස්ගේ ජීවිත පූජාව ගැන වැඩි විස්තර දැනගන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතේ 27වෙනි පාඩම බලන්න.

උත්තර දෙන්න පුළුවන්ද?

  • දෙවියන්, යේසුස්ව පත් කළේ කවුරුන් විදිහටද?

  • යේසුස් පෙන්වූ දෙවියන් සතු ලක්ෂණ මොනවාද? ඔයා වැඩියෙන්ම කැමති මොකටද?

  • යේසුස් අපි හැමෝටම කරන ආරාධනය මොකක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න