යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ඔයාගේ බලාපොරොත්තුව ගැන ප්‍රීති වෙන්න
දරුණු කුණාටුවකදී නැවක් ගහගෙන යන්නේ නැත්තේ නැංගුරම නිසයි. අපේ බලාපොරොත්තුවත් නැංගුරමක් වගෙයි. (හෙබ්‍රෙ 6:19) අධෛර්යවීම්, ආර්ථික ප්‍රශ්න, දරුණු අසනීප, ආදරය කරපු කෙනෙක්ගේ මරණය වගේ දේවල් හරියට කුණාටුවක් වගෙයි. ඒ වෙලාවලදී දෙවිගෙන් ඈත් නොවී ඉන්න අපිට උදව් වෙන්නේ අපේ බලාපොරොත්තුවයි.—1තිමෝ 1:18, 19.
අපිට ලැබෙන්න යන අනාගතය පැහැදිලිව දකින්න විශ්වාසය සහ බලාපොරොත්තුව උදව් වෙනවා. (2කොරි 4:16-18; හෙබ්‍රෙ 11:13, 26, 27) අපේ බලාපොරොත්තුව ගැන දේවවචනයේ සඳහන් වෙලා තියෙන දේවල් ගැන හොඳින් හිතමු. මොන පීඩා ප්‍රශ්න ආවත් සතුටින් ඉන්න ඒක අපිට උදව් වෙයි.—1පේතෘ 1:6, 7.
“බලාපොරොත්තුව ගැන ප්‍රීති වෙන්න” වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න:
මෝසෙස් හොඳ ආදර්ශයක් කියන්නේ ඇයි?
පවුලේ මූලිකයාට තියෙන වගකීම මොකක්ද?
පවුලේ නමස්කාරයට තෝරගන්න පුළුවන් මොන වගේ විෂයන්ද?
පීඩා එද්දී ඒවාට හොඳින් මුහුණ දෙන්න බලාපොරොත්තුව උදව් වෙන්නේ කොහොමද?
ඔයා ආසාවෙන් බලන් ඉන්නේ මොන දේද?