8වෙනි පාඩම
අපි රැස්වීම්වලට යද්දී පිළිවෙළකට අඳින්නේ පළඳින්නේ ඇයි?
අයිස්ලන්තය
මෙක්සිකෝව
ගිනි බිසව්
පිලිපීනය
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රැස්වීම්වලට යද්දී එයාලගේ ඇඳුම් කොච්චර පිළිවෙළකට තියෙනවාද කියලා මේ සඟරාවේ තියෙන සමහර පින්තූරවලින් ඔයා දකින්න ඇති. අපි අපේ ඇඳුම් පැළඳුම් ගැන මෙච්චර සැලකිලිමත් වෙන්නේ ඇයි?
දෙවිට අපි ගෞරව කරන නිසයි. යෙහෝවා දෙවි වැඩි අවධානයක් දෙන්නේ පිටින් පේන්න තියෙන දේට නෙමෙයි කියලා අපි දන්නවා. (1 සාමුවෙල් 16:7) ඒත් අපි අපේ ඇඳුම් පැළඳුම් ගැන සැලකිලිමත් වෙන්නේ යෙහෝවා දෙවිටයි සභාවේ ඉන්න අයටයි අපි ගෞරව කරනවා කියලා ඒකෙන් පෙන්නන්න පුළුවන් නිසයි. අපිට රටේ පාලකයෙක් ඉස්සරහට යන්න වුණොත් අපි කවදාවත් අපිරිසිදුව, අපිළිවෙළට ඇඳගෙන යන්නේ නැහැ. මොකද එයාගේ තනතුරට අපි ගරු කරනවා. අපි රැස්වීම්වලට යන්නේ ‘සියලු ජාතීන්ගේ රජ්ජුරුවන්’ වන යෙහෝවා දෙවිට නමස්කාර කරන්නයි. (යෙරෙමියා 10:7) අපේ ඇඳුම් පැළඳුම් පිරිසිදුව, පිළිවෙළකට තියෙද්දී අපි පෙන්නන්නේ අපේ දෙවිටයි ඔහුට නමස්කාර කරන්න රැස් වෙන තැනටයි අපි ගෞරව කරනවා කියලයි.
බයිබලේ තියෙන උසස් ප්රමිති අදාළ කරගන්න නිසයි. අපි ‘විනීතව හා හොඳ සිහිකල්පනාවෙන් ක්රියා කරන්න’ ඕනේ කියලා බයිබලේ කියනවා. (1 තිමෝති 2:9, 10) අපි ඇඳුම් පැළඳුම් තෝරගන්න කොට ඒ උසස් ප්රමිතිය අදාළ කරගන්නවා. ‘විනීතව’ අඳින කෙනෙක් ඇඟ පේන, ඕනෑවට වඩා හිර ඇඳුම් අඳින්නේ නැහැ. ඒ වගේම තියෙන ගණන් ඇඳුම් පැළඳුම් අනිත් අයට ප්රදර්ශනය කරන විදිහට අඳින්නේ පළඳින්නෙත් නැහැ. ‘හොඳ සිහිකල්පනාවෙන්’ ක්රියා කරන කෙනෙක් ඇඳුම් තෝරද්දී පිළිවෙළක් නැති, රස්තියාදු පෙනුමක් පෙන්නන ඇඳුම් තෝරගන්නේ නැහැ. බයිබලේ තියෙන ඒ වගේ ප්රමිති නිසා අපේ නිදහස සීමා වෙන්නේ නැහැ. ඒ ප්රමිති කඩ කරන්නේ නැතුව අපිට ඕන තරම් විලාසිතා තෝරගන්න නිදහස තියෙනවා. අපි පිළිවෙළකට අඳින පළඳින කොට යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න අපිට පුළුවන්. මොකද එතකොට අනිත් අය තේරුම්ගන්නවා අපි එහෙම අඳින්නේ ‘දෙවිගේ ඉගැන්වීම්’ අපි අදාළ කරගන්න නිසා කියලා.—තීතස් 2:10; 1 පේතෘස් 2:12.
ඔයා ළඟ හොඳ ඇඳුම් නැහැ කියලා හිතලා අපේ රැස්වීම්වලට එන්නේ නැතුව ඉන්න එපා. අපේ රැස්වීම් එන්න ගොඩක් ගණන්, අලුත් අලුත් ඇඳුම් ඕනේ නැහැ. පිරිසිදුව, පිළිවෙළකට හිටියොත් ඒ ඇති.
දෙවිට නමස්කාර කරද්දී පිළිවෙළකට අඳින පළඳින එක කොච්චර වැදගත්ද?
ඇඳුම් පැළඳුම් තෝරගද්දී අපි අදාළ කරගන්න ප්රමිති මොනවාද?