ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb17 60-65 පි.
  • ආසියාව සහ මැදපෙරදිග

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආසියාව සහ මැදපෙරදිග
  • 2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • උපමාතෘකා
  • එක් කෙනෙක්ට දේශනා කරපු නිසා කීදෙනෙක් සත්‍යයට ආවාද!
  • බිහිරි අයව හොයාගන්න ගත් වෙහෙස
  • රජයේ නිලධාරියෙක්ගෙන් ලැබුණු ස්තුති ප්‍රශංසාව
  • එයාගේ යාච්ඤාවට පිළිතුරු ලැබුණා
2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb17 60-65 පි.
මැකාව්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කාන්තාවකට සාක්ෂි දරමින්

මැකාව්

ලොව වටා සේවය

ආසියාව සහ මැදපෙරදිග

  • රටවල් ගණන 49

  • ජනගහනය 4,46,43,74,770

  • ප්‍රචාරකයන් ගණන 7,28,989

  • බයිබල් පාඩම් ගණන 7,71,272

එක් කෙනෙක්ට දේශනා කරපු නිසා කීදෙනෙක් සත්‍යයට ආවාද!

පිලිපීනයේ ජීවත් වෙන ජොනතන් දවසක් ඉස්පිරිතාලෙට ගියා. එතන හිටපු පිළිගැනීමේ නිලධාරිනිය හොඳට ඇඳ පැළඳගෙන ඉන්න ජොනතන්ව දැකලා මෙහෙම ඇහුවා. “ඔයා වැඩ කරන්නේ ඉන්ෂුවරන්ස් එකේද?” එතකොට ජොනතන්, එයා සාක්ෂිකරුවෙක් කියලත් එයා එතනට ආවේ තවත් සාක්ෂිකරුවෙක්ගේ උදව්වටයි කියලත් කිව්වා. ඒක අහලා කාන්තාව මෙහෙම කිව්වා. “මගේ තාත්තා දිගටම ‘මුරටැඹ’ සඟරාව කියවපු කෙනෙක්. එයා ළඟදි මැරුණා.” එතකොට ජොනතන් යොහන් 5:28, 29 ගැන කියලා ‘මිය ගිය අය නැවත ජීවත් වෙයිද?’ කියන පත්‍රිකාවත් දුන්නා.

පිලිපීනයේ රෝහලක පිළිගැනීමේ නිලධාරිනියකට ජොනතන් පත්‍රිකාවක් දෙමින්

පිලිපීනය: ජොනතන් ඉස්පිරිතාලේ පිළිගැනීමේ නිලධාරිනියට සාක්ෂි දැරුවා

පස්සේ දවසක ජොනතන් සඟරා පොත් පත් වගයක් දීලා සහෝදරියක්වත් එයාට අඳුන්නලා දුන්නා. සහෝදරිය ලයිලා කියන ඒ කාන්තාවත් එක්ක පාඩමක් පටන්ගත්තා. ටික දවසකින් ලයිලාගේ මහත්තයායි, නංගියි, අම්මායි පාඩමට හවුල් වුණා.

ලයිලා සාක්ෂිකරුවන් එක්ක පාඩම් කරනවා කියලා දැනගත්ත අසල්වැසි කාන්තාවකුත් පාඩමක් පටන්ගත්තා. එයාගේ නම රෝස්. එයා ගමට ගිය වෙලාවේ ඉගෙනගත්ත දේවල් ගැන එයාගේ නංගිට කිව්වා. ඒ නිසා එයාත් පාඩමක් කරන්න කැමති වුණා. පස්සේ රෝස්ගේ අම්මාත් පාඩමක් පටන්ගත්තා.

ජොනතන් මුලින්ම කතා කරපු ලයිලා ළඟදී තිබුණු තුන්දින සමුළුවක බව්තීස්ම වුණා. ලයිලාගේ අම්මාත් පස්සේ බව්තීස්ම වුණා. ළඟ ගෙදර හිටපු රෝස් සහ එයාගේ නංගිත් ගිය අවුරුද්දේ බව්තීස්ම වුණා. රෝස්ගේ අම්මා දැන් දිගටම රැස්වීම්වලට එනවා. ලයිලාගේ පවුලේ තව කිහිපදෙනෙක්ම පාඩම් කරන්න පටන් අරන් තියෙනවා. ඉස්පිරිතාලෙදී එක් කෙනෙක්ට පණිවිඩය දේශනා කරපු නිසා කීදෙනෙක් සත්‍යයට ආවාද!

බිහිරි අයව හොයාගන්න ගත් වෙහෙස

ශ්‍රී ලංකාවේ සංඥා භාෂාව කතා කරන අය මෑතක ඉඳන් පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. 2015දී සාක්ෂිකරුවන් ළඟ තිබුණේ බිහිරි අය ඉන්න ගෙවල්වල ලිපින 80කටත් අඩුවෙන්. ඒවාත් නිකං පොත්වල ලියලා තිබුණේ. ඒත් සංඥා භාෂාවෙන් සභාවක් පටන්ගත්තාට පස්සේ ගොඩක් වෙනස්කම් වුණා. සහෝදරයන් බිහිරි අය ඉන්න ගෙවල්වල ලිපින 420ක් ඇතුළත් දත්ත ගබඩාවක් පරිගණකය පාවිච්චි කරලා හැදුවා. GPS තාක්ෂණය හරහා ඒ ගෙවල් හොයාගන්න අවශ්‍ය දත්ත ඒකට ඇතුළත් කළා. ලිපිනවලින් 80% කම ඉන්න අයව ගෙවල්වලටම ගිහින් හම්බ වෙන්න එහෙමත් නැත්නම් වීඩියෝ කෝල්, SMS මාර්ගයෙන් සම්බන්ධ වෙන්න දැනටමත් පියවර අරගෙනයි තියෙන්නේ. එහේ සේවය කරන මිෂනාරි යුවළක් මෙහෙම කියනවා. “ඉස්සර නං බිහිරි ප්‍රචාරකයන් සේවයේ යද්දී දන්න අඳුනන බිහිරි අයව විතරයි බලන්න යන්න පුළුවන් වුණේ. ඒත් දැන් සේවය කරන්න ප්‍රදේශ පවා වෙන් කරලා තියෙනවා. එච්චරට බිහිරි අය ඉන්න තැන් අපි හොයාගෙන තියෙනවා.”

රජයේ නිලධාරියෙක්ගෙන් ලැබුණු ස්තුති ප්‍රශංසාව

මොංගෝලියාවේ සමහර කාලවල උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 30 වෙන කල් අඩු වෙනවා. ඒත් ඒ සීතලටවත් බැහැ අපේ සහෝදරයන් කරන විශේෂ පොදු සේවය නවත්තන්න. දවසක් රජයේ නිලධාරියෙක් පුවරුව ළඟට ඇවිත් සඟරාවක් අරන් ගියා. පස්සේ එයා සහෝදරයන්ට ස්තුති කරලා ලියුමක් එවලා තිබුණා. ඒකේ මෙහෙම සඳහන් වුණා. “මම බෞද්ධ කෙනෙක්. ඒත් මම අනිත් ආගම් ගැනත් හොයලා බලනවා. ඔයාලාගේ සඟරාවල තියෙන ලිපි හරිම වටිනවා. ඒවායේ තියෙන තොරතුරු හොයාගන්න ලොකු වෙහෙසක් දරලා තියෙනවා කියලා පේනවා. ඒ වගේම බයිබලය හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම කියවන්න ඕනෙ පොතක් කියලා ඔයාලාගේ සඟරා කියවනකොට මම තේරුම්ගත්තා. බයිබලයෙන් අපේ ජීවිතවලට වටිනා මඟ පෙන්වීම් ලබාගන්න පුළුවන්. මේ සඟරා, පොත් පත් මොන්ගෝලියන් භාෂාවට පරිවර්තනය කරන්න මහන්සි වෙන අයට ගොඩක් ස්තුතියි. ඒ වගේම අව්ව, වැස්ස, සීතල බලන්නේ නැතුව සඟරා බෙදා දෙන්න මහන්සි වෙන අයටත් ගොඩක් ස්තුතියි.”

මොංගෝලියාවේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අධික සීතල කාලෙත් විශේෂ පොදු සේවයේ යෙදෙමින්

මොංගෝලියාව: සීතල බලන්නේ නැතුව විශේෂ පොදු සේවයේ යෙදෙන සහෝදරයන්

එයාගේ යාච්ඤාවට පිළිතුරු ලැබුණා

හොං කොංවල ඉන්න පුරෝගාමියෙක් වන බ්‍රෙට් දවසක් තරුණයෙක්ට ‘පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?’ කියන පත්‍රිකාව දුන්නා. ඒක දැකපු තරුණයාගේ ඇස්වලට කඳුළු ආවා. ඒ තරුණයා හැදිලා වැඩිලා තිබුණේ සාක්ෂිකාර පවුලක. ඒත් වයස අවුරුදු 16දී එයා ගෙදරින් පැනලා ගිහින් අවුරුදු 5ක් තිස්සේ යන එන මං නැතුව පාරවල් ගානේ රස්තියාදු වෙවී ඉඳලා තියෙනවා. මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වෙලා. පස්සේ අසරණ සරණ සංවිධානයකින් එයාට උදව් කරලා තියෙනවා.

එයා සහෝදරයාට මෙහෙමත් කිව්වා. “දෙවි පිළිගන්න ආගම අඳුරගන්න උදව් කරන්න කියලා අද උදේ මම දෙවිගෙන් ඉල්ලුවා.” සහෝදරයාව හම්බ වුණ එකෙන් දෙවි එයාගේ යාච්ඤාවට පිළිතුරු දුන්නා කියලා තරුණයා තේරුම්ගත්තා. බ්‍රෙට් තරුණයාත් එක්ක ‘ආයෙත් එන්න’ කියන සඟරාවේ තොරතුරු ටිකක් සාකච්ඡා කළා. තරුණයා එදා හවස ප්‍රංශයට ගියා. පස්සේ එයා මෙහෙම ලියලා එව්වා. “එදා ඔයා මට කතා කරපු වෙලාවේ යෙහෝවා දෙවි මගේ යාච්ඤාවට පිළිතුරු දුන්නා කියලා මට තේරුණා. මම මේ ඉරිදා අපේ ගෙවල් ළඟ තියෙන නමස්කාර මධ්‍යස්ථානයකට යන්න හිතාගෙන ඉන්නේ.” එයා ප්‍රංශයේ ඉන්න සාක්ෂිකරුවන්ව මුණගැහිලා රැස්වීම් යන්න පටන්ගත්තා. පාඩමකුත් කරන්න කැමති වුණා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න