“සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා සිටින්න” ඔවුන්ට උදව් කරන්න
යෙහෝවා දෙවිගේ ආශීර්වාදයෙන් සෑම වසරකම ලක්ෂ 2කට වඩා වැඩිදෙනෙක් දෙවිට කැප වී බව්තීස්ම වෙනවා. (ද්වි. 28:2) සාමාන්‍යයෙන් ශිෂ්‍යයෙක් බව්තීස්ම වුණාට පස්සේ ඔහු සමඟ පාඩම කළ ප්‍රචාරකයා බයිබල් පාඩම නතර කරන්න ඉඩ තියෙනවා. අලුත බව්තීස්ම වුණ ශිෂ්‍යයාත් වැඩි කාලයක් දේවසේවයේ ගත කරන නිසා පාඩම දිගටම කරගෙන යන්න උනන්දු වෙන්නේ නෑ. ඒ වුණත් ශිෂ්‍යයෙක් ක්‍රිස්තුස් තුළ “දිගටම මුල් ඇද” සිටිය යුතු අතර “සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා සිටින්න” අවශ්‍යයි. (කොලො. 2:6, 7; 2 තිමෝ. 3:12) ඒ නිසා ශිෂ්‍යයා බව්තීස්ම වුණාට පසුවත් ‘බයිබලයේ ඉගැන්වීම්’ සහ ‘“දෙවිගේ ප්‍රේමය”’ යන පොත් දෙකම අවසන් වෙනකම් පාඩම කළ යුතුයි.—2011 අප්‍රියෙල් ‘රාජ්‍ය සේවාවේ’ 2වෙනි පිටුව බලන්න.