‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
පෙබරවාරි 5-11
දේවවචනය නිධානයක් | මතෙව් 12-13
ගැඹුරින් හොයමු
nwtsty මතෙ 12:20 සටහන
නිවී යන පහන් තිරයක්: ඒ කාලේ මිනිසුන් පාවිච්චි කළේ මැටිවලින් හදපු පුංචි පහන්. ඒවාට දැම්මේ ඔලීව තෙල්. පහන් තිරය හදලා තිබුණේ හණ කෙඳිවලින්. යෙසා 42:3 කියන දේ තේරුම්ගන්න ඒ තොරතුරු අපිට උදව් වෙනවා. ඒ කාලේ මුහුණ දෙන්න වුණු දුක් පීඩා නිසා මිනිසුන් අන්ත අසරණ තත්වයට පත් වෙලයි හිටියේ. නිවී යන පහන් තිරයක පේන්න තියෙන පුංචිම දැල්ල වගේ, අන්ත අසරණ තත්වයක හිටිය ඒ අයගේ හිත්වල පුංචිම හරි බලාපොරොත්තුවක් තිබුණා නම් ඒක සුන් වෙන විදිහට වැඩ කරන්න යේසුස් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. යේසුස්ගේ හිතේ කොයි තරම් දයානුකම්පාවක් තියෙනවාද කියලා ඒකෙන් පැහැදිලියි.
පෙබරවාරි 12-18
දේවවචනය නිධානයක් | මතෙව් 14-15
nwtsty මතෙ 14:21 සටහන
ස්ත්‍රීන් හා කුඩා දරුවන්: යේසුස් මේ ආශ්චර්යය කරපු අවස්ථාව ගැන වාර්තා කරද්දී ස්ත්‍රීන් සහ කුඩා දරුවන් ගැන සඳහන් කරලා තියෙන්නේ මතෙව් විතරයි. යේසුස් ඒ ආශ්චර්යය කරපු අවස්ථාවේදී එතැන 15,000දෙනෙක්වත් ඉන්න ඇති කියලා හිතන්න පුළුවන්.
ගැඹුරින් හොයමු
nwtsty මතෙ 15:7 සටහන
කුහකයන්: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ “හුපොක්‍රිටේස්” කියන ග්‍රීක වචනය. මුලදී ඒ වචනේ යොදාගත්තේ කටහඬේ ශබ්දය වැඩි කරන වෙස් මූණු දාගෙන හිටපු ග්‍රීක වේදිකා නළුවන්ව (පස්සේ කාලෙක රෝම වේදිකා නළුවන්ව) හඳුන්වන්නයි. කාලයක් යද්දී බොරු මවාපෑමක් කරමින් තමන් මොන වගේ කෙනෙක්ද කියන එක හංගන්න උත්සාහ කරපු අයව හඳුන්වන්නත් ඒ වචනය යොදාගත්තා. මේ පදයේ යේසුස් “කුහකයන්” විදිහට හඳුන්වලා තියෙන්නේ යුදෙව් ආගමික නායකයන්ව.—මතෙ 6:5, 16.
nwtsty මතෙ 15:26 සටහන
දරුවන් . . . බලු පැටවුන්: මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියේ බල්ලන්ව හැඳින්නුවේ අපවිත්‍ර සතුන් විදිහට. (ලෙවී 11:27) ඒ නිසා හුඟක් අවස්ථාවලදී බයිබලයේ බල්ලා කියන වචනයෙන් යොමු දක්වලා තියෙන්නේ පහත් විදිහට හැසිරෙන අයව. (මතෙ 7:6; එළි 22:15, පාදසටහන) හැබැයි මතෙව්, මාර්ක් (7:27) දෙන්නාම වාර්තා කරන්නේ යේසුස් මේ අවස්ථාවේදී “බලු පැටවුන්” කිව්වා කියලයි. පෙනෙන විදිහට ඔහු පාවිච්චි කරලා තියෙන්නේ යුදෙව් ජාතියට අයිති නොවන අය ගෙදර ඇති කරපු සුරතල් බල්ලන්ටත් කුඩා බල්ලන්ටත් ආදරෙන් කියපු වචනයක්. ඊශ්‍රායෙල්වරුන්ව “දරුවන්” විදිහටත් යුදෙව් ජාතියට අයිති නැති අයව “බලු පැටවුන්” විදිහටත් යේසුස් හැඳින්නුවේ තමන් මුලින්ම අවධානය දෙන්න ඕනෙ කාටද කියන එක කාවද්දන්න. මොකද සාමාන්‍යයෙන් නිවසක මුලින්ම දරුවන්ට කන්න දීලා තමයි සුරතලුන්ට කන්න දුන්නේ.
පෙබරවාරි 19-25
දේවවචනය නිධානයක් | මතෙව් 16-17
ගැඹුරින් හොයමු
nwtsty මතෙ 16:18 සටහන
ඔබ පේතෘස්ය. . . . මේ පර්වතය මතයි: පේතෘස් කියලා පරිවර්තනය කරලා තියෙන්නේ “පෙත්‍රොස්” කියන ග්‍රීක වචනයයි. ඒ වචනයට “ගල් කැටයක්; ගලක්” කියන අදහස් ඇතුළත් වෙනවා. මේ පදයේ විස්තර කරන විදිහට “පෙත්‍රොස්” කියන්නේ යේසුස් සීමොන්ට දීපු ග්‍රීක නම. (යොහ 1:42) ඒත් “පර්වතය” විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ “පෙත්‍රා” කියන වචනයයි. ඒකට අත්තිවාරම් ගල, ප්‍රපාතය සහ පර්වතය කියන අදහස් ඇතුළත් වෙනවා. මතෙ 7:24, 25; 27:60; ලූක් 6:48; 8:6; රෝම 9:33; 1කොරි 10:4; 1පේතෘ 2:8 ඒ වචනයම යොදාගෙන තියෙනවා. යේසුස් ගොඩනඟන්න යන සභාවේ අත්තිවාරම නැත්නම් පර්වතය තමන් කියලා පේතෘස් කවදාවත් හිතුවේ නැහැ. දෙවි ‘අත්තිවාරම සඳහා තෝරාගත් ප්‍රධාන ගල’ යේසුස් කියලා පේතෘස්ම කිව්ව දෙයින් ඒක හොඳින්ම පැහැදිලි වෙනවා. (1 පේතෘ 2:4-8) පාවුලුත් යේසුස්ව හඳුන්වන්නේ “අත්තිවාරම” සහ “දෙවි ලබා දුන් පර්වතය” විදිහට. (1කොරි 3:11; 10:4) එහෙම බලද්දී පේතෘස්ට කියපු දෙයින් යේසුස් අදහස් කළේ මේ වගේ දෙයක් කියලා පැහැදිලියි. ‘ඔබ පේතෘස්, ඒ කියන්නේ ගලක්. ඔබ ක්‍රිස්තුස් කියන තැනැත්තාව හරියට හඳුනගෙන තියෙනවා. ක්‍රිස්තුස් කියන “මේ පර්වතය” ඒ කියන්නේ මේ අත්තිවාරම් ගල මත තමයි ක්‍රිස්තියානි සභාව ගොඩනඟන්න යන්නේ.’
සභාව: මේ පදයේ තමයි ග්‍රීක ලියවිල්ලේ මුල්ම වරට “එක්ලේසියා” කියන වචනය සඳහන් වෙන්නේ. “එක්” (“පිටතට” කියන අර්ථය) සහ “කලේයො” (“කැඳවන්න” කියන අර්ථය) කියන ග්‍රීක වචන දෙක එකතු කරලා තමයි “එක්ලේසියා” කියන වචනය හැදිලා තියෙන්නේ. ඒක යොදාගන්නේ විශේෂ වැඩකට නැත්නම් අරමුණකට කැඳෙව්ව සෙනඟක්ව විස්තර කරන්න. මේ පදයේ යේසුස් කතා කරමින් හිටියේ ඉදිරියේදී පිහිටුවන්න යන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් හැදෙන සභාව ගැනයි. “දෙවිගේ බලය මාර්ගයෙන් ගෘහයක් ලෙස ඉදි කරනු ලබන” “ජීවමාන ගල්” වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් තමයි ඒ සභාව හැදෙන්නේ. (1පේතෘ 2:4, 5) “සෙප්ටුඅජින්ට්” පරිවර්තනයේ “සභාව; සමූහය; සෙනඟ” කියන අර්ථය දෙන හෙබ්‍රෙව් වචනයට යොදාගෙන තියෙන්නෙත් “එක්ලේසියා” කියන වචනයමයි. (ද්වි 23:3; 31) ඒක වැඩියෙන්ම පාවිච්චි කරන්නේ දෙවි තෝරාගත් මුළු ජාතියවම විස්තර කරන්න. ක්‍රියා 7:38 ඊජිප්තුවෙන් කැඳවාගත්ත ඊශ්‍රායෙල් “සෙනඟ” ගැන කතා කරද්දීත් යොදාගෙන තියෙන්නේ “එක්ලේසියා” කියන වචනයමයි. ඒ හා සමානව අභිෂේක ලත් අයව මේ අන්ධකාර ලෝකයෙන් දෙවිගේ ආලෝකයට කැඳවලා “දෙවිගේ සභාව” සකස් කරලා තියෙනවා.—1පේතෘ 2:9; යොහ 15:19; 1කොරි 1:2.
nwtsty මතෙ 16:19 සටහන
ස්වර්ග රාජ්‍යයේ යතුරු: බයිබලයේ යම් කෙනෙක්ට යතුරු භාර දුන්නා කියලා කියද්දී ඒකෙන් යම් වගකීමක් භාර දීපු එක අදහස් වුණා. යතුරු භාර දුන්නා කියන එක සංකේතාත්මක අර්ථයකින් කියද්දීත් ඒ අදහසම ඇතුළත් වුණා. (1ලේක 9:26, 27; යෙසා 22:20-22) ඒ නිසා “යතුර” කියන වචනය බයිබලයේ යොදාගෙන තියෙන්නේ අධිකාරියක් සහ වගකීමක් සංකේතවත් කරන්න. පේතෘස්ට ලැබුණු “යතුරු” එයා පාවිච්චි කළේ යුදෙව්වන්ට, (ක්‍රියා 2:22-41) සමාරියේ වැසියන්ට (ක්‍රියා 8:14-17) සහ වෙනත් ජාතීන්ට (ක්‍රියා 10:34-38) ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න අවස්ථාව ලබා දෙන්නයි.
පෙබරවාරි 26–මාර්තු 4
දේවවචනය නිධානයක් | මතෙව් 18-19
nwtsty මතෙ 18:6, 7 සටහන්
බූරුවෙකු විසින් කරකවනු ලබන ඇඹරුම් ගලක්: ඒ කියන්නේ විශාල ඇඹරුම් ගලක්. සාමාන්‍යයෙන් ඒ වගේ ඇඹරුම් ගලක විෂ්කම්භය මීටර් 1.2ත් 1.5ත් (අඩි 4ත් 5ත්) අතර වුණා. ඒ ගල හුඟක් බර නිසා තමයි ඒක කරකවන්න බූරුවෙක්ව පාවිච්චි කළේ.
වරදට පොලඹවන: ඒ විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ “ස්කන්දලොන්” කියන ග්‍රීක වචනයයි. සමහරවිට ඒ ග්‍රීක වචනය මුලින්ම යොදාගන්න ඇත්තේ උගුලක් කියන අදහස දෙන්න වෙන්න ඇති. ඒකෙන් යොමු දක්වන්න ඇත්තේ ඇමක් අටවලා තිබුණු කෝටුවකට කියලා සමහරු කියනවා. පස්සේ කාලෙකදී කෙනෙක්ගේ කකුල පැටලිලා වැටෙන්න හේතු වෙන ඕනෑම දෙයක් විස්තර කරන්නත් ඒ වචනය යොදාගත්තා. “ස්කන්දලොන්” කියන වචනයට සංකේත අර්ථත් තියෙනවා. ඒ තමයි කෙනෙක් නොමඟ යන්න, ප්‍රතිපත්තියක් කඩන්න, බරපතළ වරදක් කරන්න පොලඹවන දෙයක් නැත්නම් ක්‍රියාවක් කියන අර්ථ. “ස්කන්දලොන්” කියන වචනයේ ක්‍රියා පදය වන “ස්කන්දලීඩ්සෝ” කියන වචනය මතෙ 18:8, 9 පරිවර්තනය කරලා තියෙන්නේ “වරදක් කරන්න පෙලඹෙනවා” කියලයි. ඒක “උගුලක් වෙනවා” නැත්නම් “පාපයට වැටෙනවා” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්.
nwtsty මීඩියා
ඇඹරුම් ගල
ඇඹරුම් ගලක් භාවිතයට ගැනුණේ ධාන්‍ය අඹරාගැනීමට සහ ඔලීව ගෙඩි අඹරා තෙල් ලබාගැනීමටයි. සමහර ඒවා අතින් කරකවන්න පුළුවන් වුණා. හැබැයි හුඟක් විශාල ඇඹරුම් ගල් කරකවන්න සතුන්ව පාවිච්චි කරන්න සිද්ධ වුණා. සමහරවිට පිලිස්තිවරු සැම්සන්ට කියලා කරකවාගත්තේ මේ පින්තූරයේ තියෙනවා වගේ ඇඹරුම් ගලක් කියලා හිතන්න පුළුවන්. (විනි 16:21) සතුන් ලවා කරකවාගන්න ඇඹරුම් ගල් පාවිච්චි කරලා තියෙන්නේ ඊශ්‍රායෙලයේ විතරක් නෙවෙයි. රෝම අධිරාජ්‍යයේ හුඟක් ප්‍රදේශවලත් ඒවා පාවිච්චි කරලා තියෙනවා.
උඩු හා යටි ඇඹරුම් ගල්
පින්තූරයේ පෙන්වලා තියෙනවා වගේ විශාල ඇඹරුම් ගල් කරකවන්න බූරුවන් වගේ සතුන්ව ඒ කියන්නේ මිනිසුන් වැඩට යොදාගත්ත සතුන්ව පාවිච්චි කළා. ඒ ඇඹරුම් ගල් පාවිච්චියට ගත්තේ ධාන්‍ය ඇඹරීමට සහ ඔලීව තෙල් ලබාගැනීමටයි. උඩු ගලේ විෂ්කම්භය මීටර් 1.5ක් (අඩි 5ක්) විතර වුණා. යටි ගල ඊටත් වඩා විශාල එකක් වුණා.
nwtsty මතෙ 18:9 සටහන
ගෙහෙන්නා: මේ වචනය හැදිලා තියෙන්නේ “ගෙ” සහ “හින්නොම්” කියන හෙබ්‍රෙව් වචන දෙකෙන්. ඒකේ තේරුම “හින්නොම් නිම්නය” කියන එකයි. ඒ නිම්නය පුරාණ යෙරුසලමේ දකුණේ සිට බටහිර දක්වා තිබුණු ප්‍රදේශය පුරා විහිදුණා. (sgd 16වෙනි කොටසේ “යෙරුසලම සහ ඒ අවට ප්‍රදේශ” කියන සිතියම බලන්න.) යේසුස් පොළොවේ හිටිය කාලේදී ඒ නිම්නය ප්‍රසිද්ධ වුණේ කැළි කසළ පුච්චන තැනක් විදිහට. ඒ නිසා “ගෙහෙන්නා” කියන වචනය සම්පූර්ණ විනාශයක් සංකේතවත් කරන්න හොඳින්ම ගැළපුණා.
nwtstg ශබ්දකෝෂය
ගෙහෙන්නා
පුරාණ යෙරුසලමේ නිරිතදිගින් පිහිටා තිබුණු හින්නොම් නිම්නයට ග්‍රීක භාෂාවෙන් කියන්නේ ගෙහෙන්නා කියලයි. (යෙරෙ 7:31, පාදසටහන) ඒ ස්ථානය මළ මිනි ගොඩගසනු ලබන තැනක් වෙනවා කියලා අනාවැකිවලත් සඳහන් වුණා. (යෙරෙ 7:32; 19:6) මිනිසුන්ව සහ සතුන්ව පණ පිටින් පුච්චන්න හරි වධ දෙන්න හරි ඒ ස්ථානය පාවිච්චි කළා කියලා කියන්න කිසිම සාක්ෂියක් නැහැ. ඒ නිසා මිය ගිය අයව ගින්නෙන් පුච්චමින් වධ දෙන තැනක් සංකේතවත් කරන්න ඒ වචනය යොදාගත්තා කියලා කියන්න බැහැ. යේසුස් සහ ඔහුගේ ගෝලයන් ඒ වචනය යොදාගත්තේ “දෙවෙනි මරණය” ඒ කියන්නේ සදාකාල විනාශය කියන අදහස දෙන්නයි.—එළි 20:14; මතෙ 5:22; 10:28.
nwtsty මතෙ 18:10 සටහන
මගේ පියාණන්ගේ මුහුණ ඉදිරියෙහි: ඒකෙන් අදහස් වෙන්නේ “පියාණන් ළඟට යන්න පුළුවන්” කියන එකයි. දෙවි ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ ස්වර්ගයේ ජීවත් වෙන අයට නිසා දෙවිගේ මුහුණ දකින්න අවස්ථාව තියෙන්නේ එයාලට විතරයි.—නික් 33:20.
ගැඹුරින් හොයමු
nwtsty මතෙ 18:22 සටහන
හැත්තෑහත් වරක්: ඒ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක යෙදුමේ මූලික අදහස “හැත්තෑවර හත” කියන එකයි. ඒ ග්‍රීක යෙදුමට “හැත්තෑව සහ හත” (77 වරක්) නැත්නම් “හැත්තෑවර හත” (490 වරක්) කියන අදහස් දෙකම ඇතුළත් වෙනවා. ඒ ග්‍රීක යෙදුමම තමයි උත් 4:24 “හැත්තෑහත් වරක්” කියන අදහස පරිවර්තනය කරන්න “සෙප්ටුඅජින්ට්” පරිවර්තනයේ යොදාගෙන තියෙන්නේ. ඒකෙන් පැහැදිලි වෙනවා “හැත්තෑහත් වරක්” කියන යෙදුම වැරදි නැහැ කියලා. ඒ ග්‍රීක යෙදුම කොයි විදිහට පරිවර්තනය කළත් ඒකේ අංක 7 දෙපාරක් සඳහන් කරලා තියෙන්නේ “සීමාවක් නැහැ,” “හැමදාමත්” වගේ අදහසක් දෙන්නයි. හත් වරක් දක්වා සමාව දුන්නොත් ඇතිද කියලා පේතෘස් අහද්දී “හැත්තෑහත් වරක්” දක්වා සමාව දෙන්න කියලා යේසුස් කියපු එකෙන් පෙන්නුවේ සමාව දෙන එකට සීමාවක් නැහැ කියන එකයි. හැබැයි බැබිලෝනිය තල්මුඩයේ (යෝමා 86ආ) තියෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් අදහසක්. ඒකේ තියෙන්නේ මෙහෙමයි. “කෙනෙක් වරදක් කළාම තුන් වතාවක්ම ඔහුට සමාව දෙන්න පුළුවන්. නමුත් හතරවෙනි වතාවේදී නම් ඔහුට කිසි සමාවක් නැහැ.”
nwtsty මතෙ 19:7 සටහන
අත්හැරීමේ පත්‍රයක්: ඒ කියන්නේ ‘දික්කසාද වන බවට සකස් කරන ලියවිල්ලක්.’ දික්කසාද වෙන්න සැලසුම් කරන කෙනෙක්ට ඒකට අදාළ නීතික ලියවිල්ලක් සකස් කරන්න කියලත් වැඩිමහල්ලන් එක්ක ඒ ගැන කතා කරන්න කියලත් දෙවි දීපු නීතියේ සඳහන් වුණා. ඒ නිසා ඒ වගේ බරපතළ තීරණයක් ගන්න කලින් ඒ ගැන හොඳින් හිතලා බලන්න ඒ කෙනාට ඇති තරම් කාලයක් ලැබුණා. දෙවි දීපු ඒ නීතියේ අරමුණ වුණේ අසාධාරණ හේතු මත දික්කසාද වෙන එක වළක්වලා ස්ත්‍රීන්ට නීතියෙන් යම් ආරක්ෂාවක් ලබා දෙන එකයි. (ද්වි 24:1) හැබැයි යේසුස් පොළොවේ ජීවත් වුණු කාලේ හිටිය ආගමික නායකයන් පොඩි පොඩි හේතු නිසාත් දික්කසාද වෙන්න අවසර දුන්නා. මුල් සියවසේ හිටිය ඉතිහාසඥයෙක් වුණු ජොසීෆස් දික්කසාද වෙලා හිටපු පරිසිවරයෙක්. එයා කියලා තියෙනවා “ඕනෙම හේතුවක් මත (ඒ වගේ හේතු ඕන තරම් තියෙනවා)” කෙනෙක්ට දික්කසාද වෙන්න අවසර තියෙනවා කියලා.
nwtsty මීඩියා
දික්කසාද වන බවට සකස් කරන ලියවිල්ල
ක්‍රි.ව. 71දී නැත්නම් 72දී දික්කසාද වන බවට ඇරමයික භාෂාවෙන් සකස් කරපු ලියවිල්ලක් යූදා පාළුකරයේ වාඩි මුරාබාට් කියන ප්‍රදේශයෙන් සොයාගෙන තියෙනවා. යුදෙව්වන්ගේ කැරැල්ල පැවතුණු හයවෙනි අවුරුද්දේදී නාක්සාන්ගේ පුතා වන මසඩාවල ජීවත් වුණු ජෝසෙෆ්, ජොනතන්ගේ දියණිය වන මීරියම්ව දික්කසාද කළා කියලා ඒකේ සඳහන් වෙලා තියෙනවා.