ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwbr18 මාර්තු 1-3 පි.
  • වැඩපොත සඳහා තොරතුරු - 2018 මාර්තු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැඩපොත සඳහා තොරතුරු - 2018 මාර්තු
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
  • උපමාතෘකා
  • මාර්තු 5-11
  • මාර්තු 12-18
  • මාර්තු 19-25
  • ප්‍රේමය
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
mwbr18 මාර්තු 1-3 පි.

‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු

මාර්තු 5-11

දේවවචනය නිධානයක් | මතෙව් 20-21

nwtsty මතෙ 20:3 මීඩියා

වෙළඳපොළ: මේ පින්තූරෙන් පේන විදිහට සමහර වෙළඳපොළවල් තිබිලා තියෙන්නේ පාර දෙපැත්තේ. වෙළෙන්දන් බඩු ගොඩගහලා තිබුණු නිසා පාරේ නිතරම වගේ තදබදයක් තිබිලා තියෙනවා. මැටි භාණ්ඩ, මිල අධික වීදුරු බඩු සහ කෑම බීම වගේ ගෙදරකට ඕන කරන දේවල් ඒ වෙළඳපොළවල්වල තිබුණා. ශීතකරණ තිබුණේ නැති නිසා එදිනෙදාට ඕන කරන දේවල් මිල දී ගන්න මිනිසුන්ට හැම දවසකම වෙළඳපොළට එන්න සිද්ධ වුණා. වෙළෙන්දන් එක්ක එහෙමත් නැත්නම් වෙළඳපොළට එන අමුත්තන් එක්ක කතාබහ කරද්දී අලුත් තොරතුරු දැනගන්නත් එයාලට පුළුවන් වුණා. ඒ වෙළඳපොළවල්වල පුංචි දරුවන් සෙල්ලම් කළා. කුලියට මොකක් හරි වැඩක් කරන්න ලැබෙන කල් බලාගෙන හිටිය අයත් ඒ වෙළඳපොළවල්වල හිටියා. යේසුස් වෙළඳපොළක හිටිය අසනීප අයව සුව කරලා තියෙනවා. පාවුල් ඒ වගේ තැන්වල හිටිය මිනිසුන්ට දේශනා කරලා තියෙනවා. (ක්‍රියා 17:17) හැබැයි උඩඟු විදිහට වැඩ කරපු පරිසිවරුන් සහ නීතිය පිටපත් කරන්නන් මිනිසුන් වැඩිපුර ගැවසෙන ඒ වගේ තැන්වලට ආවේ මිනිසුන් අතරේ කැපීපෙනෙමින් එයාලගේ ප්‍රසාදය ලබාගන්නයි.

nwtsty මතෙ 20:20, 21 සටහන්

සෙබදීගේ පුත්‍රයන්ගේ මව: ඒ විදිහට හඳුන්වලා තියෙන්නේ යේසුස්ගේ නියෝජිතයන් වුණු යාකොබ්ගේ සහ යොහන්ගේ මව වුණු සලෝමිව. එයා යේසුස්ගේ මව වුණු මරියාගේ සහෝදරිය වෙන්න ඇති. මේ සිද්ධිය මාක්ගේ සුවිශේෂයේ වාර්තා වෙන්නේ යාකොබ් සහ යොහන් යේසුස්ගෙන් ඒ ඉල්ලීම කළා කියලයි. එහෙනම් මේ අවස්ථාවේදී සලෝමි යේසුස්ගෙන් ඒ ඉල්ලීම කළේ පුතාලා දෙන්නාගේ උවමනාවට කියලා පැහැදිලි වෙනවා.—මතෙ 27:55, 56; මාක් 15:40, 41; යොහ 19:25.

එක් කෙනෙකුට ඔබේ දකුණු පැත්තේද අනික් පුතාට ඔබේ වම් පැත්තේද: යේසුස්ගේ දකුණු පැත්තේ ඉඳගන්න ලැබුණත් වම් පැත්තේ ඉඳගන්න ලැබුණත් ඒකෙන් අදහස් කළේ ඒ කෙනාට ලොකු ගෞරවයක්, උසස් තනතුරක් ලැබෙනවා කියන එකයි. හැබැයි වැඩියෙන්ම ගෞරවය ලැබෙන්නේ දකුණු පැත්තේ ඉන්න කෙනාට.—ගීතා 110:1; ක්‍රියා 7:55, 56; රෝම 8:34.

nwtsty මතෙ 20:26 සටහන

සේවකයා: අනිත් අය වෙනුවෙන් දිගටම නිහතමානීව සේවය කරන අයව හඳුන්වන්න බයිබලයේ හුඟක් අවස්ථාවලදී “ඩියාකනොස්” කියන ග්‍රීක වචනය යොදාගෙන තියෙනවා. ඒ වගේම ක්‍රිස්තුස්ව, (රෝම 15:8) ක්‍රිස්තුස්ගේ සේවකයන්ව, (1කොරි 3:5-7; කොලො 1:23) සහායක සේවකයන්ව, (ෆිලි 1:1; 1තිමෝ 3:8) ගෙවල්වල වැඩ කරන අයව (යොහ 2:5, 9) සහ ආණ්ඩුවේ නිලධාරීන්ව (රෝම 13:4) විස්තර කරන්නත් ඒ වචනය යොදාගෙන තියෙනවා.

ගැඹුරින් හොයමු

nwtsty මතෙ 21:9 සටහන

ආරක්ෂා කරන්න: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ ග්‍රීක භාෂාවෙන් “හෝසන්නා” කියන යෙදුමයි. ඒ ග්‍රීක යෙදුම ඇවිත් තියෙන්නේ “අනේ බේරාගන්න” නැත්නම් “ගලවාගන්න” කියන අදහස දෙන හෙබ්‍රෙව් යෙදුමකින්. පස්සේ කාලෙක ඒ හෙබ්‍රෙව් යෙදුම දෙවිට යාච්ඤා කරද්දීත් ප්‍රශංසා කරද්දීත් යොදාගන්න පටන්ගත්තා. ඒ හෙබ්‍රෙව් යෙදුම සඳහන් වෙන එක අවස්ථාවක් තමයි ගීතා 118:25. ඒක පාස්කු කාලේදී දෙවිට ප්‍රශංසා කරන්න ගයපු ගීතිකාවක කොටසක්. ඒ නිසා පාස්කු කාලේදී ඒ හෙබ්‍රෙව් යෙදුම නිතරම වගේ අහන්න ලැබුණා. මතෙ 21:9 ඒ යෙදුම යොදාගෙන තියෙන්නේ “ගලවාගන්න” නැත්නම් “ජයග්‍රහණය දෙන්න” කියලා දෙවිට කරන ආයාචනයක් විදිහට. දාවිත්ගේ පුත්‍රයාව ගලවාගන්න කියලා කරපු ආයාචනයට දෙවි උත්තර දීපු එක විදිහක් තමයි යේසුස්ව මරණයෙන් නැවත නැඟිටවපු එක. මතෙ 21:42 යේසුස් සඳහන් කරපු දේ ඔහු උපුටා දැක්වුවේ ගීතා 118:22, 23 පදවලින්. ඒක අදාළ වෙන්නේ ගැලවුම්කරුට කියලා ඔහු පැහැදිලි කළා.

දාවිත්ගේ පුත්‍රයා: යේසුස්ගේ පෙළපත ගැනත් පොරොන්දු වෙලා තිබුණු ගැලවුම්කරු ඔහු බවත් පෙන්වන්න තමයි මේ යෙදුම පාවිච්චි කරලා තියෙන්නේ.

මාර්තු 12-18

දේවවචනය නිධානයක් | මතෙව් 22-23

nwtsty මතෙ 22:37 සටහන

හදවත: සංකේත අර්ථයකින් මේ වචනය යොදාගද්දී ඒකෙන් අදහස් කරන්නේ ඇතුළාන්ත පුද්ගලයාවයි. හැබැයි “හදවත,” “ජීවිතය” සහ “මනස” කියන වචන එකට යෙදෙන අවස්ථාවලදී “හදවත” කියන වචනය විශේෂ අර්ථයක් ගන්නවා. ඒ වගේ තැන්වලදී “හදවත” කියන වචනය යොදාගන්නේ කෙනෙක්ගේ හැඟීම් සහ ආශාවන්වලට යොමු දක්වන්න. ඒත් මේ පදයේ “හදවත,” “ජීවිතය” සහ “මනස” යන වචන තුන එකට යොදාගෙන තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථ තුනක් දෙන්න නෙවෙයි. මොකද එක ළඟින් යන අදහසුත් ඒ වචන තුනට තියෙනවා. මේ අවස්ථාවේදී ඒ වචන තුනම එකට යොදාගෙන තියෙන්නේ දෙවි අපේ ආදරය සම්පූර්ණයෙන්ම ලබන්න වටිනවා කියන එක තදින්ම කාවද්දන්නයි.

ජීවිතය: නැත්නම් “මුළු ශක්තිය.”

මනස: ඒ කියන්නේ බුද්ධිය. දෙවිව දැන හඳුනා ගෙන ඔහු ගැන හිතේ ආදරයක් ඇති කරගන්න පුද්ගලයෙක් තමන්ගේ මනස වෙහෙසන්න ඕනේ. (යොහ 17:3, පාදසටහන; රෝම 12:1) මතෙ 22:37 තියෙන අදහස උපුටා අරන් තියෙන්නේ ද්වි 6:5න්. මුල් හෙබ්‍රෙව් පිටපත්වල ද්වි 6:5 තිබිලා තියෙන්නේ ‘හදවත, ජීවිතය සහ ශක්තිය’ කියන අර්ථයන් දෙන වචන තුනක්. හැබැයි මතෙව් ඒ කොටස උපුටාගද්දී “ශක්තිය” කියන වචනය වෙනුවට ග්‍රීක භාෂාවෙන් “මනස” කියන තේරුම තියෙන වචනය යොදාගත්තා. ඒ වෙනසට බලපාපු හේතු කීපයක් තිබුණා කියලා හිතන්න පුළුවන්. මුල් හෙබ්‍රෙව් භාෂාවේ “මනස” කියන අදහස දෙන්න නිශ්චිත වචනයක් තිබුණේ නැති එක ඒකට එක හේතුවක් වෙන්න ඇති. හෙබ්‍රෙව් භාෂාවේ “හදවත” සඳහා පාවිච්චි කරපු වචනෙට “මනස” කියන අදහසත් ඇතුළත් වෙලා තිබුණා. ඒ වචනය සංකේත අර්ථයකින් යොදාගද්දී ඒකෙන් අදහස් වෙන්නේ සිතුවිලි, හැඟීම්, ආකල්ප, ආසාවන් ඇතුළු පුද්ගලයෙකුගේ ඇතුළාන්තය ගැනයි. (ද්වි 29:4; ගීතා 26:2; 64:6; මේ පදයේ හදවත යටතේ තියෙන සටහන බලන්න.) මේ හේතුව නිසා හෙබ්‍රෙව් ලියවිල්ලේ “හදවත” කියන වචනය යොදාගෙන තියෙන හුඟක් තැන්වල “සෙප්ටුඅජින්ට්” පරිවර්තනයේ යොදාගෙන තියෙන්නේ “මනස” කියන අදහස දෙන ග්‍රීක වචනය. (උත් 8:21; 17:17; හිතෝ 2:10; යෙසා 14:13) මතෙව්, ද්වි 6:5න් උපුටලා දක්වද්දී “ශක්තිය” කියන වචනය වෙනුවට “මනස” කියන වචනය යොදාගන්න තවත් හේතුවක් තියෙන්න ඇති. ඒ තමයි “ශක්තිය” හැටියට පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනයට ශාරීරික ශක්තිය වගේම මානසික ශක්තිය එහෙමත් නැත්නම් බුද්ධිමය හැකියාව කියන අදහසුත් ඇතුළත් වෙලා තිබුණා කියන එක. හෙබ්‍රෙව් භාෂාවෙන් තියෙන සමහර යෙදුම් ග්‍රීක භාෂාවෙන් එකම විදිහට සඳහන් නොකරන්න හේතුව මොකක් වුණත් ඒකෙන් අපිට වැදගත් කාරණයක් තේරුම්ගන්න පුළුවන්. ඒ තමයි සුවිශේෂ පොත් ලියපු අය ද්වි 6:5 උපුටලා දක්වද්දී එකම වචන යොදාගෙන නැත්තේ ඒ වචනවලට එක ළඟින් යන අදහස් තිබුණු නිසා වෙන්න පුළුවන් කියන දේ.

nwtsty මතෙ 22:39 සටහන

දෙවෙනි ආඥාව: මතෙ 22:37 සඳහන් වෙන්නේ පරිසිවරුන් උතුම්ම ආඥාව ගැන අහපු වෙලේ යේසුස් එයාලට දීපු උත්තරය. හැබැයි මතෙ 22:39 යේසුස් දෙවෙනි ආඥාවක් ගැනත් සඳහන් කළා. (ලෙවී 19:18) යේසුස් ඒ ගැන සඳහන් කළේ ඒ ආඥා දෙක අතරේ ලොකු සම්බන්ධයක් තියෙනවා කියලත් ඒ ආඥා දෙකෙන් මුළු නීතියත් සියලු අනාවැකිත් විස්තර වෙනවා කියලත් පැහැදිලි කරන්නයි.—මතෙ 22:40.

අසල්වැසියා: මේ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයේ මූලික අදහස “ළඟින් ඉන්න කෙනෙක්” කියන එකයි. ඒ වචනයෙන් ළඟපාත ජීවත් වෙන කෙනෙක්වත් කිට්ටුවෙන් ඇසුරු කරන කෙනෙක්වත් අදහස් වෙන්න පුළුවන්.—ලූක් 10:29-37; රෝම 13:8-10.

nwtsty මතෙ 22:40 සටහන

මුළු නීතියත් සියලු අනාවැකිත්: “මුළු නීතිය” විදිහට හඳුන්වලා තියෙන්නේ බයිබලයේ උත්පත්ති පොතේ ඉඳන් ද්විතීය කතාව වෙන කල් තියෙන කොටස. “අනාවැකි” විදිහට හඳුන්වලා තියෙන්නේ හෙබ්‍රෙව් ලියවිල්ලේ ඇතුළත් වෙලා තියෙන අනාවැකි පොත්. කොහොමවුණත් මේ යෙදුම් දෙකම එකම අවස්ථාවේදී යොදාගද්දී ඒකෙන් මුළු හෙබ්‍රෙව් ලියවිල්ලම අදහස් වෙනවා කියලා හිතන්න පුළුවන්.—මතෙ 7:12; 22:40; ලූක් 16:16.

රඳා පවතින්නේ: ඒ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක ක්‍රියා පදයේ අදහස “පදනම් වෙලා තියෙනවා” කියන එකයි. යේසුස් ඒ ග්‍රීක ක්‍රියා පදය පාවිච්චි කෙරුවේ දසපනත ඇතුළත් මුළු නීතිය වගේම හෙබ්‍රෙව් ලියවිල්ලේ තියෙන හැම ඉගැන්වීමක්ම පදනම් වෙලා තියෙන්නේ ආදරය මත කියලා කාවද්දන්නයි.—රෝම 13:9.

ගැඹුරින් හොයමු

nwtsty මතෙ 22:21 සටහන

සීසර්ට අයිති දේ සීසර්ට: යේසුස් කියපු මේ දෙය මාක් 12:17 සහ ලූක් 20:25 පදවලත් සඳහන් වෙනවා. යේසුස් රෝම අධිරාජ්‍යයා ගැන සඳහන් කරලා තියෙන්නේ ඒ අවස්ථාවේදී විතරයි. “සීසර්ට අයිති දේ” කියද්දී ආණ්ඩුවලින් ඉටු කරන සේවාවන් වෙනුවෙන් ගෙවන මුදල්, එයාලට දිය යුතු ගෞරවය සහ දෙවිගේ ප්‍රතිපත්ති කඩ නොවන අවස්ථාවලදී එයාලට කීකරු වෙන එක අදහස් වෙනවා.—රෝම 13:1-7.

දෙවිට අයිති දේ දෙවිට: දෙවිට මුළු හදවතින්ම නමස්කාර කරන එක, මුළු හදවතින්ම ආදරේ කරන එක සහ හැම අවස්ථාවකදීම කීකරු වෙන එක ඒකට ඇතුළත් වෙනවා.—මතෙ 4:10; 22:37, 38; ක්‍රියා 5:29; රෝම 14:8.

nwtsty මතෙ 23:24 සටහන

මදුරුවාව අයින් කර ඔටුවා ගිල දමනවා: හාස්‍ය උපදවන විදිහට යේසුස් මේ දේ කිව්වේ වැදගත් කාරණයක් කාවද්දන්න. අපවිත්‍ර සතුන් හැටියට ඊශ්‍රායෙල්වරු සලකපු පුංචිම සතා මදුරුවා. ලොකුම සතා ඔටුවා. (ලෙවී 11:4, 21-24) ඒ කාලේ හිටිය ආගමික නායකයන් චාරිත්‍රානුකූලව පවිත්‍රව ඉන්න එක ගැන අන්තයටම ගියා. නීතියේ ඇතුළත් පුංචි පුංචි කාරණා ගැන එයාලා ලොකු අවධානයක් දුන්නා. ඒක හරියට දෙයක් බොන්න කලින් ඒකට වැටිලා ඉන්න මදුරුවන් වගේ පුංචිම කෘමීන්ව රෙදි කඩකින් පෙරළා දානවා වගේ වැඩක්. හැබැයි නීතියේ සඳහන් වුණු වැදගත්ම කාරණා ගැන එයාලා කිසිම තැකීමක් කළේ නැහැ. ඒක හරියට ඔටුවෙක්ව ගිල දමනවා වගේ දෙයක්.

මාර්තු 19-25

දේවවචනය නිධානයක් | මතෙව් 24

it-2-E 279 6¶

ප්‍රේමය

ප්‍රේමය හීන වෙලා යන්න පුළුවන්. ඉදිරියේදී වෙන්න යන දේවල් ගැන ගෝලයන්ට කියමින් ඉද්දී යේසුස් කිව්වා දෙවිව විශ්වාස කරනවා කියලා කියන හුඟක් අයගේ ප්‍රේමය (“අගාපේ”) අඩු වෙයි කියලා. (මතෙ 24:3, 12) ඉදිරියේදී එන්න යන අනතුරු සහිත කාලයේදී මිනිසුන් ‘මුදලට ලොල්කමක්’ නැත්නම් ලොකු ඇල්මක් දක්වනවා කියලා පාවුලුත් කිව්වා. (2තිමෝ 3:1, 2) කෙනෙක්ට මුලින්ම දෙවි ගැන ඇති වුණු ආදරේ නැති වෙලා යන්න පුළුවන් කියලත් බයිබල් ප්‍රතිපත්ති ගැන තියෙන අගය අඩු වෙලා යන්න පුළුවන් කියලත් ඒ දේවලින් පැහැදිලි වෙනවා. ඒ නිසා දිගටම ප්‍රේමය පෙන්වන එකත් ඒක වර්ධනය කරගන්න එකත් හුඟක් වැදගත්. බයිබලයේ තියෙන තොරතුරු ගැන ගැඹුරින් කල්පනා කරලා හදාගන්න ඕන පැති හදාගත්තොත් තමයි ඒ දේ කරන්න අපිට පුළුවන් වෙන්නේ.—එෆී 4:15, 22-24.

ගැඹුරින් හොයමු

nwtsty මතෙ 24:8 සටහන

දරුණු විපත්: මේ අදහස දෙන්න ග්‍රීක භාෂාවෙන් යොදාගෙන තියෙන වචනයෙන් මූලිකවම අදහස් වෙන්නේ දරුවෙක්ව බිහි කරද්දී දැනෙන වේදනාවයි. ඒ ග්‍රීක වචනය මෙතැනදී පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් මිනිසුන්ට ඇති වෙන දුක් කරදර ගැන විස්තර කරන්න. දරුවෙක් ඉපදෙන්න ළං වෙද්දී මවකට දැනෙන වේදනාව වැඩි වෙනවා වගේ මහත් පීඩාවට කලින් අපිට මුහුණ දෙන්න වෙන දුක් පීඩා එන්න එන්නම වැඩි වෙනවා කියලත් ඒවා තව තවත් දරුණු වෙනවා කියලත් ඒවා කාලයක් තිස්සේ දරාගෙන ඉන්න වෙනවා කියලත් කාවද්දන්න වෙන්න ඇති ඒ වචනය පාවිච්චි කරන්න ඇත්තේ.—මතෙ 24:21.

nwtsty මතෙ 24:20 සටහන

ශීත කාලයකදී: මේ කාලයේදී තද වැස්ස, ගංවතුර සහ සීතලකාලගුණය නිසා ගමන්බිමන් යන්නත් ආහාර සහ නවාතැන් හොයාගන්නත් හුඟක් අමාරුයි.—එස්රා 10:9, 13.

සබත් දවසකදී: සබත් නීතිය අකුරටම පිළිපැද්ද යුදය වගේ ප්‍රදේශවල සබත් දවසේදී හුඟක් දුර ගමන් කරන එක සහ බඩු මුට්ටු එහා මෙහා ගෙන යන එක ලේසි වුණේ නැහැ. ඒ වගේම සබත් දවසේදී නුවරේ දොරටුත් වහලායි තිබුණේ.—ක්‍රියා 1:12, පාදසටහන සහ sgd 16වෙනි කොටස බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න