ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 32 පරි. 78 පි.-79 පි. 7 ¶
  • සබත් දවසේ කරන්න හොඳ මොන වගේ දේවල්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සබත් දවසේ කරන්න හොඳ මොන වගේ දේවල්ද?
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • සබත් නීතියට එකඟ වන්නේ කුමක්ද?
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ගෝලයන් සබත් දවසේදී ධාන්‍ය කරල් කඩයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ක්‍රිස්තියානීන් සබත් දවස පවත්වන්න ඕනද?
    බයිබලයෙන් උත්තර
  • සබත් දවසේදී ධාන්‍ය කරල් කැඩීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 32 පරි. 78 පි.-79 පි. 7 ¶
යේසුස් අතක් පණ නැති මිනිසෙක්ව සුව කරන්න සූදානම් වෙයි

32වෙනි පරිච්ඡේදය

සබත් දවසේ කරන්න හොඳ මොන වගේ දේවල්ද?

මතෙව් 12:9-14 මාක් 3:1-6 ලූක් 6:6-11

  • සබත් දවසේ අතක් පණ නැති මිනිසෙක්ව සුව කරයි

තවත් සබත් දවසක යේසුස් සිනගෝගයකට යනවා. පෙනෙන විදිහට මේ සිනගෝගය තියෙන්නේ ගලීලයේ. එහෙදී දකුණු අත පණ නැති මිනිසෙක්ව යේසුස් දකිනවා. (ලූක් 6:6) නීතිය පිටපත් කරන්නන් සහ පරිසිවරුන් දැන් යේසුස් ගැන ඇහැගහගෙනයි ඉන්නේ. ඒ හොඳකට නම් නෙවෙයි. “සබත් දවසේ සුව කිරීමෙහි වරදක් නැද්ද” කියලා ඔවුන් යේසුස්ගෙන් අහන ප්‍රශ්නය, ඒක තේරුම්ගන්න උදව් වෙනවා.—මතෙව් 12:10.

සබත් දවසකදී කෙනෙක්ව සුව කරන්න පුළුවන් ඒ කෙනාගේ ජීවිතය අනතුරේ තියෙනවා නම් විතරයි කියලා යුදෙව් ආගමික නායකයන් විශ්වාස කළා. ඒ නිසා බරපතළ නැති අසනීපයකට සබත් දවසේදී බෙහෙත් කරන එක ඒ කියන්නේ බිඳුණු අස්ථියක් හදන එක, උළුක්කුවකට බෙහෙත් බඳින එක වගේ දේවල් වැරදියි කියලා ඔවුන් හිතුවා. නීතිය පිටපත් කරන්නන් සහ පරිසිවරුන් යේසුස්ගෙන් ප්‍රශ්න කරන්නේ අත පණ නැති මිනිසා ගැන දැනෙන අනුකම්පාව නිසා නෙවෙයි. ඇත්තටම ඔවුන්ට ඕනෙ යේසුස්ට චෝදනා කරන්න හේතුවක් හොයාගන්නයි.

ඔවුන්ගේ ඒ චේතනාව යේසුස් දන්නවා. සබත් නීතිය කඩ වෙන්නේ මොන වගේ වැඩ කළොත්ද කියන එක ගැන පරිසිවරුන්ට තියෙන්නේ අන්තවාදී අදහසක් කියලත් ඒක ශුද්ධ ලියවිල්ලට එකඟ නැහැ කියලත් යේසුස් දන්නවා. (නික්මයාම 20:8-10) මේ වෙද්දිත් සබත් දවසේ යහපත් දේවල් කරපු එක ගැන යේසුස්ට චෝදනා එල්ල වෙලයි තියෙන්නේ. කොහොමවුණත් යේසුස් දැන් කරන දේ නිසා තත්වය තවත් උග්‍ර වෙනවා. අත පණ නැති මිනිසාට “නැඟිට, මේ පිරිස මැදට එන්න” කියා යේසුස් පවසනවා.—මාක් 3:3.

ඊටපස්සේ පරිසිවරුන්ගෙන් සහ නීතිය පිටපත් කරන්නන්ගෙන් යේසුස් මෙහෙම අහනවා. “ඔබ අතරෙන් යමෙකුට බැටළුවෙකු සිටිනවා කියා සිතන්න. ඒ බැටළුවා සබත් දවසේදී වළක වැටුණොත් ඔබ ඌව ගොඩගන්නේ නැද්ද?” (මතෙව් 12:11) බැටළුවන් ඇති කරන එක මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක්. ඒ නිසා වළකට වැටුණ බැටළුවෙක්ව එදා දවසෙම ගොඩට නොගෙන ඌ මැරුණොත් පාඩු විඳින්න වෙනවා. ඒ වගේම ශුද්ධ ලියවිල්ලෙත් කියන්නේ “ධර්මිෂ්ඨයා, තමා ඇති කරන සතා ගැන පවා සැලකිලිමත් වෙයි” කියලයි.—හිතෝපදේශ 12:10.

දැන් යේසුස් මේ වැදගත් කාරණය ඔවුන්ට කියනවා. “එසේනම් බැටළුවෙකුට වඩා මිනිසෙක් කොතරම් වටිනවාද! එමනිසා සබත් දවසේදී යහපත් දෙයක් කිරීමෙහි වරදක් නැහැ.” (මතෙව් 12:12) එහෙමනම් සබත් දවසේ මිනිසෙක්ව සුව කරන එකෙන් යේසුස් සබත කඩ කරනවා කියලා කියන්න බැහැ. දයානුකම්පාවෙන් ක්‍රියා කරන යේසුස් ඉදිරිපත් කරන පැහැදිලි තර්කය බිඳින්න ආගමික නායකයන්ට පුළුවන් වෙන්නේ නැහැ. කිසිවක් නොකියා ඔවුන් නිහඬව ඉන්නේ ඒ නිසයි.

ඒ අයගේ සිත්වල දැඩිකම ගැන බොහෝ සෙයින් දුක් වෙන යේසුස් ඒ අය දිහා උදහසින් බලලා අත පණ නැති මිනිසාට “ඔබේ අත දිගු කරන්න” කියා පවසනවා. (මතෙව් 12:13) ඒ මොහොතේදීම ඔහුගේ අත ප්‍රාණවත් වෙනවා. ඒ මිනිසා ඒ වෙලාවේ හුඟක් සතුටු වුණත් යේසුස්ට චෝදනා කරන්න හේතුවක් හොයන අයට නම් ඒක සතුටක් නෙවෙයි.

යුදෙව් නායකයන් යේසුස්ව මරන්න කුමන්ත්‍රණය කරයි

ඒ වෙලාවෙම එතැනින් පිටත් වෙලා යන පරිසිවරුන් “ඔහුව [යේසුස්ව] මරා දැමීම සඳහා හෙරොද්ගේ පක්ෂයට අයත්ව සිටි අයව හමු වී ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න” පටන්ගන්නවා. (මාක් 3:6) පෙනෙන විදිහට මේ දේශපාලන පක්ෂයට සද්දුසිවරුන් විදිහට හඳුන්වන ආගමික කණ්ඩායමේ සාමාජිකයනුත් ඇතුළත්. සාමාන්‍යයෙන් පරිසිවරුන් සහ සද්දුසිවරුන් කියන ආගමික කණ්ඩායම් දෙක අතරේ කිසිම එකමුතුකමක් නැහැ. හැබැයි යේසුස්ට පීඩා කරද්දී නම් ඔවුන් එකා මෙන් වැඩ කරනවා.

  • පරිසිවරුන්ට යේසුස් ගැන තියෙන කේන්තිය තවත් වැඩි වෙන්න හේතු වුණේ මොනවාද?

  • සබත් නීතිය ගැන යුදෙව් ආගමික නායකයන්ට තිබුණු වැරදි අදහස මොකක්ද?

  • සබත ගැන ආගමික නායකයන්ට තිබුණු අදහස් වැරදියි කියලා යේසුස් පෙන්නුවේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න