ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 82 පරි. 192 පි.-193 පි. 4 ¶
  • යේසුස් පෙරයාවේ සේවය කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් පෙරයාවේ සේවය කරයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යේසුස් නැවත වරක් යෙරුසලමට යයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ‘ඔහුගේ වේලාව ඒ තාක් පැමිණ තිබුණේ නැත’
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මහා හෙරොද් රජගේ පාලන සමය
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “පැය පැමිණ තිබේ”
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 82 පරි. 192 පි.-193 පි. 4 ¶
කිකිළියක් තම පැටවුන්ව තම පියාපත් යටට එකතු කරගනියි

82වෙනි පරිච්ඡේදය

යේසුස් පෙරයාවේ සේවය කරයි

ලූක් 13:22–14:6

  • පටු දොරටුවෙන් ඇතුල් වෙන්න දැඩි උත්සාහයක් අවශ්‍යයි

  • යේසුස් මිය යන්නේ යෙරුසලමේදියි

යුදයේ වගේම යෙරුසලමේදීත් යේසුස් මිනිසුන්ට උගන්වමින් අසනීප අයව සුව කළා. ඊටපස්සේ ඔහු යොර්දාන් ගඟින් එගොඩට ගියේ පෙරයාව කියන දිස්ත්‍රික්කයේ ගමින් ගමට ගිහින් එහේ මිනිසුන්ටත් උගන්වන්න. ඒත් ටික දවසකින් ඔහු ආයෙත් යෙරුසලමට එන්න නියමිතයි.

මිනිසෙක් පටු දොරටුවෙන් ඇතුල් වෙන්න දැඩි උත්සාහයක් දරයි

යේසුස් පෙරයාවේ ඉද්දී මිනිසෙක් ඇවිත් “ස්වාමීනි, ගැලවීම ලැබෙන්නේ සුළු පිරිසකට විතරද” කියලා ඔහුගෙන් අහනවා. ආගමික නායකයන් අතරේ ඒ ගැන විවිධ මත තියෙනවා කියලා ඒ මිනිසා දැනගෙන ඉන්න ඇති. ඔහුගේ ප්‍රශ්නයට උත්තර දෙනවා වෙනුවට ගැලවීම ලබාගන්න නම් කරන්න ඕනෙ මොනවාද කියලා පැහැදිලි කරන්න යේසුස් මෙහෙම කියනවා. “පටු දොරටුවෙන් ඇතුල් වීමට දැඩි උත්සාහයක් දරන්න.” ඇත්තටම දැඩි උත්සාහයක් දරන්න ඕනෙ ඇයි? ඒකට හේතුව ඔහු මෙහෙම පැහැදිලි කරනවා. “බොහෝදෙනෙකු ඇතුල් වෙන්න උත්සාහ කළත් ඔවුන්ට එයින් ඇතුල් විය නොහැකියි.”—ලූක් 13:23, 24.

දැඩි උත්සාහයක් දරන එක කොයි තරම් වැදගත්ද කියලා පැහැදිලි කරන්න යේසුස් මෙහෙම කියනවා. ‘ගෙහිමියා නැඟිට, දොරට අගුලු දැමුවායින් පසු ඔබ දොරකඩ ළඟට ඇවිත් දොරට තට්ටු කරමින්, “මහත්මයාණෙනි, දොර අරින්න” කියා පැවසුවත්, ඔහු, “ඔබ කොහේ සිට ආවාද කියාවත් මම දන්නේ නැහැ. ඔබ සියලුදෙනාම අධර්මිෂ්ඨයි. කරුණාකර මෙහෙන් පිට වී යන්න” කියා ඔබට කියයි.’—ලූක් 13:25-27.

හරි නම් ඒ නිදර්ශනයේ සඳහන් මිනිසාට තමන්ගේ පහසුව ගැන හිතන්නේ නැතුව වේලාසනින් එන්න තිබුණා. ඒත් ඔහු ප්‍රමාද වෙලා ආපු නිසා ඔහුට ඇතුළට යන්න ලැබුණේ නැහැ. යේසුස් උගන්වන දේවලින් ප්‍රයෝජන ගන්නේ නැති අයට වෙන්නෙත් ඒ මිනිසාට වුණා වගේ දෙයක්. මොකද සැබෑ නමස්කාරයට ජීවිතයේ මුල් තැන දෙන්න ඒ අයට දැන් අවස්ථාව ලැබිලා තිබුණත් ඔවුන් ඒ දේ කරන්නේ නැහැ. යේසුස් උගන්වපු පළාත්වල හිටිය හුඟක් අය ගැලවීම ලබා දෙන්න දෙවියන් දීපු සැපයුම පිළිගත්තේ නැහැ. යේසුස් කියන්නේ ඒ අයව පිටතට දැමුවාම ඔවුන්ට ‘අඬමින් දත්මිටි කන්න’ සිද්ධ වෙනවා කියලයි. හැබැයි “පොළොවේ සියලු දිශාවලින් පැමිණෙන” සියලු ජාතීන්ට අයත් අය “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වී එහි පිළියෙල කර ඇති මේසය වටා ඉඳගනියි” කියලත් යේසුස් කියනවා.—ලූක් 13:28, 29.

දැන් යේසුස් මෙහෙම කියනවා. “අන්තිමයන්ගෙන් [යුදෙව් නොවන අය සහ පීඩා විඳින යුදෙව්වන්ගෙන්] කිහිපදෙනෙක් ප්‍රථමයන් බවටත් ප්‍රථමයන්ව සිටි [තමන් ආබ්‍රහම්ගෙන් පැවතෙන එක ගැන ආඩම්බර වෙන යුදෙව් ආගමේ පිළිගැනීමක් තියෙන අය] කිහිපදෙනෙක් අන්තිමයන් බවටත් පත් වෙයි.” (ලූක් 13:30) ඔවුන් “අන්තිමයන්” වෙනවා කියලා යේසුස් කිව්වේ ඔවුන්ට කවදාවත් දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැති නිසයි.

දැන් යේසුස් ළඟට එන සමහර පරිසිවරු මෙහෙම කියනවා. “හෙරොද් [අන්තිපස්] ඔබව මරන්න සොයනවා. ඒ නිසා මෙතැනින් ඉක්මනට පිට වී යන්න.” සමහරවිට යේසුස්ව මේ පළාතෙන් පිටත් කරලා යවන්න හිතාගෙන හෙරොද්ම ඒ ආරංචිය පතුරුවන්න ඇති. යොහන් බව්තීස්තගේ මරණයට වග කියන්න වුණා වගේ තවත් අනාගතවක්තෘවරයෙක්ගේ මරණයටත් තමන්ට වග කියන්න වෙයි කියලා ඔහු බය වෙන්න ඇති. කොහොමවුණත් යේසුස් ඒ පරිසිවරුන්ට කියන්නේ මෙහෙමයි. “ගොස් ඒ කපටියාට මෙසේ කියන්න. ‘අදත් හෙටත් මේ පළාතේ මම භූතයන්ව දුරු කරමින් අසනීප වී සිටින අයව සුව කරනවා. තුන්වෙනි දවසේදී මගේ සියලුම වැඩකටයුතු මම නිමා කරනවා.’” (ලූක් 13:31, 32) හෙරොද් නිසාවත් වෙන කිසිම කෙනෙක් නිසාවත් යේසුස් තමන් කරන කාර්යය නතර කරන්නේ නැහැ. පියාගෙන් ලැබුණු කාර්යය ඔහු ඉටු කරන්නේ පියා කැමති විදිහට මිසක් මිනිසුන්ට ඕන විදිහට නෙවෙයි.

යේසුස් දැන් ගමන් කරන්නේ යෙරුසලමට. ඒකට හේතුව ඔහු මෙහෙම පැහැදිලි කරනවා. “අනාගතවක්තෘවරයෙකු මරා දමනවා නම් ඒ සඳහා සුදුසුම තැන යෙරුසලමයි.” (ලූක් 13:33) ඒත් මෙසියස් මැරෙන්නේ යෙරුසලමේ කියලා කිසිම අනාවැකියක සඳහන් වෙලා නැහැ. ඇත්තටම යේසුස් එහෙම කිව්වේ ඇයි? බොරු අනාගතවක්තෘවරු විදිහට චෝදනා එල්ල වෙන අය ගැන විභාග කරන යුදෙව් මහාධිකරණය තියෙන්නේ අගනුවර වුණු යෙරුසලමේ. එහෙදීම තමයි සත්ව පූජාවනුත් ඔප්පු කරන්නේ. තමන් මිය යන්න සුදුසුම තැන යෙරුසලම කියලා යේසුස් කිව්වේ ඒ හේතු නිසයි.

කිකිළියක් තම පැටවුන්ව තම පියාපත් යටට එකතු කරගනියි

යුදෙව් ජාතිය දෙවිගේ පුතාව පිළිගන්නේ නැති නිසා ඔවුන්ට අත් වෙන ප්‍රතිඵල ගැන යේසුස් දැන් මෙහෙම කියනවා. “යෙරුසලම, යෙරුසලම, අනාගතවක්තෘවරුන්ව මරා දැමූ, තමන් වෙතට එවූ අයට ගල් ගැසූ නුවර! කිකිළියක් තම පැටවුන්ව තම පියාපත් යටට එකතු කරගන්නා සේ ඔබේ දරුවන්ව එකතු කරගන්න මා කී වරක් නම් කැමති වුණාද! නමුත් ඔබ ඊට කැමති වුණේ නැහැ! බලන්න! ඔබට ඉතුරු වන්නේ පාළු වූ සියලුදෙනා අත්හැර දැමූ දේවමාලිගාවක් පමණයි.”—ලූක් 13:34, 35.

යේසුස් යෙරුසලමට යන්න කලින් පරිසිවරයෙක් සබත් දවසකදී ඔහුට කෑමකට ආරාධනා කරනවා. සිරුර ඉදිමිලා අසනීපයෙන් ඉන්න මිනිසෙකුත් ඒ නිවසට ඇවිත්. එහෙට ඇවිත් ඉන්න හැමෝම බලන් ඉන්නේ යේසුස් ඒ මිනිසා වෙනුවෙන් යමක් කරයිද කියලයි. යේසුස් පරිසිවරුන්ගෙන් සහ නීතිය ගැන මනා දැනුමක් ඇති අයගෙන් දැන් මෙහෙම අහනවා. “සබත් දවසේදී කෙනෙකුව සුව කිරීම නීතියට එකඟද නැද්ද?”—ලූක් 14:3.

කිසිම කෙනෙක් උත්තර දෙන්නේ නැහැ. යේසුස් ඒ මිනිසාව සුව කරලා ඔවුන්ගෙන් මෙහෙම අහනවා. “සබත් දවසේදී ඔබේ පුතා හෝ ඔබට අයිති ගොනෙකු ළිඳකට වැටුණොත් ඔබ මොනවාද කරන්නේ? ඔබ වහාම ගොස් ඔහුව හෝ ඌව පිටතට ගන්නේ නැද්ද?” (ලූක් 14:5) ඒ ප්‍රශ්නයටත් කිසිම කෙනෙක් උත්තර දෙන්නේ නැහැ.

  • ගැලවීම ලබාගන්න නම් කරන්න ඕනේ මොනවාද? හුඟක් අයට ගැලවීම ලැබෙන්නේ නැත්තේ ඇයි?

  • යේසුස් කියපු විදිහට “ප්‍රථමයන්” සහ “අන්තිමයන්” වෙන්නේ කවුද?

  • හෙරොද් බය වෙන්න ඇත්තේ ඇයි?

  • තමන් මිය යන්නේ යෙරුසලමේදී කියලා යේසුස් කිව්වේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න