‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
ඔක්තෝබර් 14-20
දේවවචනය නිධානයක් | 1 පේතෘස් 1-2
ගැඹුරින් හොයමු
it-2-E 565 3¶
සභාව රැකබලා ගන්නන්
සභාව රැකබලා ගන්න ශ්‍රේෂ්ඨතම තැනැත්තා. යෙසායා 53:6 උපුටා දක්වන පේතෘස්, 1 පේතෘස් 2:25 “මංමුළා වී ගිය බැටළුවන්” ගැන කතා කරනවා. පේතෘස් ඒ අය ගැන කියන්නේ මෙහෙමයි. “දැන් ඔබ ඇවිත් සිටින්නේ ඔබේ ජීවිත රැකබලා ගන්නා එඬේරාගේ රැකවරණය යටතටය.” මේ පදයේදී පේතෘස් කතා කරන්නේ යේසුස් ක්‍රිස්තුස්ව අත්හැරලා ගිහින් මංමුළා වුණු අය ගැන නෙවෙයි. ඒ වෙනුවට යේසුස් මාර්ගයෙන් උතුම් එඬේරා වන යෙහෝවා දෙවියන් වෙතට නැවතත් හැරී එන්න අවස්ථාව ලැබුණු අය ගැනයි. (ගීතා 23:1; 80:1; යෙරෙ 23:3; එස 34:12) ඒ නිසා “රැකබලා ගන්නා එඬේරා” විදිහට පේතෘස් හඳුන්වලා තියෙන්නේ යෙහෝවා දෙවියන්වයි කියලා හිතන්න පුළුවන්. ඔහු රැකබලා ගන්නෙක් විදිහට කරන කාර්යයට සෝදිසි කරන එකත් ඇතුළත් වෙනවා. (ගීතා 17:3) දෙවියන් විසින් කරන සෝදිසි කිරීම (ග්‍රීක බසින්, “එපිස්කොපෙයි”) සමහර වෙලාවට විනිශ්චයකට මඟ පාදන්න පුළුවන්. උදාහරණෙකට ක්‍රි.ව. පළවෙනි සියවසේදී දෙවියන් යෙරුසලම ‘සෝදිසියට ලක් කරද්දී [ග්‍රීක බසින්, “එපිස්කොපේස්”]’ එහේ හිටිය අය මුරණ්ඩු විදිහට ක්‍රියා කළ නිසා ඒ නගරය විනාශ කරන්න දෙවියන් තීරණය කළා. (ලූක් 19:44) දෙවියන් කෙනෙක්ව සෝදිසි කරද්දී ඒකෙන් හොඳ ප්‍රතිඵල සහ ප්‍රයෝජන අද්දකින්න ඒ කෙනාට අවස්ථාව උදා වෙන්නත් පුළුවන්. උදාහරණෙකට “දෙවි සියල්ල සෝදිසි කිරීමට [ග්‍රීක බසින්, “එපිස්කොපෙයි”] පැමිණෙන කාලයේදී” ඔහුව ගෞරවයට පත් කරන අයට ආශීර්වාද ලැබෙනවා.—1පේතෘ 2:12.