ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 92 පරි. 216 පි.-217 පි. 7 ¶
  • ලාදුරු රෝගීන් දහදෙනෙක් සුව වුණත් ස්තුති කරන්නේ එක්කෙනයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලාදුරු රෝගීන් දහදෙනෙක් සුව වුණත් ස්තුති කරන්නේ එක්කෙනයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • යෙරුසලමට යන අන්තිම ගමනේදී යේසුස් ලාදුරු රෝගීන් දසදෙනෙකුව සුව කරයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ස්තුතියි කියන්න ඔයාට මතක් වෙනවාද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • යේසුස් බලවත් දේවල් කරයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • කිසිවකින් බාධාවට පත් නොවී ශුභාරංචිය ප්‍රකාශ කරමු
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 92 පරි. 216 පි.-217 පි. 7 ¶
යේසුස් සුව කරපු ලාදුරු රෝගීන් දහදෙනාගෙන් එක් කෙනෙක් ඔහුට ස්තුති කරන්න නැවත පැමිණෙයි

92වෙනි පරිච්ඡේදය

දහදෙනෙකුව සුව කළත් ස්තුති කළේ එක් කෙනයි

ලූක් 17:11-19

  • යේසුස් ලාදුරු රෝගීන් දහදෙනෙකුව සුව කරයි

යේසුස් යෙරුසලමට ඊසානදිගින් පිහිටි එෆ්‍රායිම් නුවරට ගිහින් ගෝලයන් එක්ක එහේ නතර වෙලා ඉන්නවා. ඒ නිසා තමයි සතුරන් ඔහුව මරන්න යොදපු සැලසුම් අසාර්ථක වුණේ. (යොහන් 11:54) හැබැයි ක්‍රි.ව. 33 පාස්කු උත්සවය ළං වෙලා තියෙන නිසා යේසුස් වැඩි කාලයක් එහේ ඉන්නේ නැහැ. දැන් ඔහු උතුරෙන් පිහිටි සමාරිය හරහා ගලීලයට යනවා. මේක තමයි යේසුස් තම මරණයට කලින් ගලීලයට යන අන්තිම වතාව.

වැඩි දුරක් යන්න කලින් යේසුස්ට ලාදුරු රෝගීන් දහදෙනෙක්ව මුණගැහෙනවා. ලාදුරු රෝගය කොයි තරම් බරපතළද කියනවා නම් ඒ රෝගය හැදුණාම ඇඟිලි, කන් වගේ අවයව කුණු වෙලා යන්න පවා පුළුවන්. (ගණන් කතාව 12:10-12) ලාදුරු රෝගියෙක් තමන් “අපවිත්‍රය, අපවිත්‍රය” කියලා මහ හඬින් කෑගහන්න ඕනෙ කියලත් අනිත් අයගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න ඕනෙ කියලත් දෙවිගේ නීතියේ සඳහන් වුණා.—ලෙවී කතාව 13:45, 46.

ඒ නිසා තමයි යේසුස්ට මුණගැහුණු ලාදුරු රෝගීන් යම් දුරකින් ඉඳන් මහත් හඬකින් මෙහෙම කියන්නේ. “යේසුස්, ගුරුතුමනි, අපට අනුකම්පා කරන්න.” එතකොට යේසුස් “ගොස් පූජකයා ඉදිරියේ පෙනී සිටින්න” කියා ඔවුන්ට කියනවා. (ලූක් 17:13, 14) ඔහු එහෙම කියන්නේ දෙවිගේ නීතියට අනුව ලාදුරු රෝගීන්ව සෝදිසි කරලා බලලා ඒ අයට සුවය ලැබිලා කියලා ප්‍රකාශ කරන වගකීම තිබුණේ පූජකයන්ට නිසයි. (ලෙවී කතාව 13:9-17) ඔව්, යේසුස් ඒ නීතියට ගරු කළා.

යේසුස්ට ලාදුරු රෝගීන් දහදෙනෙක්ව මුණගැසෙයි

යේසුස්ට ලෙඩ සුව කරන්න බලය තියෙනවා කියලා ඒ ලාදුරු රෝගීන් දහදෙනාම දැනගෙන හිටියා. ඒ නිසා තමයි රෝගය සුව වෙන්නත් කලින් ඔවුන් පූජකයා ළඟට යන්න පිටත් වෙන්නේ. ඔවුන් තුළ තිබුණු විශ්වාසය නිසා ඔවුන් ගමන් කරමින් ඉද්දීම ඔවුන්ට සම්පූර්ණයෙන්ම සුවය ලැබෙනවා.

යේසුස් කරපු දේ මුළු හදින්ම අගය කරන එක මිනිසෙක් ආපහු යේසුස්ව හොයාගෙන එනවා. යේසුස් මාර්ගයෙන් තමන්ට සුවය ලබා දුන්නේ දෙවියන් කියලා මේ සමරිතානු මිනිසා තේරුම් අරන් ඉන්න නිසා තමයි එන අතරතුරේදී ඔහු “මහත් හඬින් දෙවිට ප්‍රශංසා” කරන්නේ. (ලූක් 17:15) යේසුස්ව මුණගැහුණාම ඔහු යේසුස්ගේ පාමුල වැටිලා ඔහුට ස්තුති කරනවා.

දැන් යේසුස් ඔහු ළඟ ඉන්න හැමෝටම ඇහෙන්න ඒ සමරිතානු මිනිසාට මෙහෙම කියනවා. ‘දහදෙනාම සුව වුණා නේද? එසේනම් අනික් නවදෙනා කොහේද? වෙනත් ජාතියකට අයත් ඔබ හැර වෙන කවුරුත් දෙවිට ප්‍රශංසා කරන්න ආවේ නැද්ද? ඔබ සුව වුණේ ඔබේ විශ්වාසය නිසයි. දැන් ඔබට යන්න පුළුවන්.’—ලූක් 17:17-19.

යේසුස්ට ස්තුති කරන්න හැරිලා ආපු සමරිතානු මිනිසාට සදාකාල ජීවිතය ලබාගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ලාදුරු රෝගීන් දහදෙනාව සුව කරපු එකෙන් යේසුස්ට යෙහෝවා දෙවිගේ අනුමැතිය තියෙනවා කියලා හොඳින්ම පැහැදිලියි. මේ කාලෙදී යේසුස් ඒ වගේ බලවත් ක්‍රියාවන් කරන්නේ නැති වුණත් අපි ඔහු කෙරෙහි විශ්වාසය තියනවා නම් අපිට සදාකාල ජීවිතය අත් කරගන්න පුළුවන්. සමරිතානු මිනිසා වගේ අපිත් දෙවියන් අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් මුළු හදින්ම අගය කරනවාද?

  • යේසුස්ව මරන්න සතුරන් යොදපු සැලසුම් අසාර්ථක වුණේ කොහොමද?

  • ලාදුරු රෝගීන් යම් දුරකින් හිටියේ ඇයි? පූජකයා ඉදිරියේ පෙනී ඉන්න කියලා යේසුස් ඔවුන්ට කිව්වේ ඇයි?

  • සමරිතානුවරයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න