ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • th 7 පාඩම 10 පි.
  • නිවැරදි සහ විශ්වාසයක් ඇති කරවන තොරතුරු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවැරදි සහ විශ්වාසයක් ඇති කරවන තොරතුරු
  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • සමාන තොරතුරු
  • යමක් නිවැරදිව පැවසීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • බයිබල් පද හොඳින් හඳුන්වා දීම
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • තොරතුරු ප්‍රයෝජනවත් වන විදිහ පෙන්වලා දෙන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • ප්‍රශ්න පාවිච්චි කිරීම
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
තව තොරතුරු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
th 7 පාඩම 10 පි.

7වෙනි පාඩම

නිවැරදි සහ විශ්වාසයක් ඇති කරවන තොරතුරු

බයිබල් පදයක්

ලූක් 1:3

සාරාංශය: සවන් දෙන අයට නිවැරදි නිගමනයට එන්න උදව් කිරීමට විශ්වාසවන්ත තොරතුරු ඉදිරිපත් කරන්න.

ඒක කරන විදිහ:

  • විශ්වාසවන්ත මූලාශ්‍ර යොදාගන්න. ඔයා කියන දේ බයිබලය මත පදනම් කරන්න. පුළුවන් හැම අවස්ථාවෙම බයිබලයෙන් කියවන්න. විද්‍යාත්මක කරුණක්, ප්‍රවෘත්තියක්, සිද්ධියක් හෝ වෙනත් තොරතුරක් ගැන කියද්දී ඒවා ලබාගන්නේ විශ්වාසවන්ත මූලාශ්‍රයකින් කියලත් ඒවා අලුත්ම තොරතුරු කියලත් සහතික වෙන්න.

  • මූලාශ්‍රවලින් ගන්න තොරතුරු නිවැරදිව පාවිච්චි කරන්න. බයිබල් පද පැහැදිලි කරද්දී අවට පදවලටත් බයිබලයේ අනිත් තැන්වල තියෙන තොරතුරුවලටත් ‘විශ්වාසවන්ත දාසයා’ සපයන ප්‍රකාශනවල තියෙන තොරතුරුවලටත් එකඟ වෙන්න ඕනේ. (මතෙ. 24:45) වෙනත් මූලාශ්‍රවලින් තොරතුරු ගද්දී ලේඛකයා අදහස් කරපු දේ වෙනස් කරලා කියන්න එපා.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    තොරතුරු එක දෙක කරලා කියන්න එපා. “කීපදෙනෙක්” “වැඩිදෙනෙක්” කියලවත් “සමහර අවස්ථා” “හැම අවස්ථාවකදී” කියලවත් “සමහරවිට” “බොහෝදුරට” කියලවත් කියන්න එපා.

  • තර්කානුකූලව හිතන්න උදව් කරන්න. බයිබල් පදයක් හෝ වෙනත් මූලාශ්‍රයක තොරතුරක් කියෙව්වාම ප්‍රශ්නයක් අහලා එහෙම නැත්නම් උදාහරණයක් පාවිච්චි කරලා සවන් දෙන අයටම ඒ ගැන නිවැරදි නිගමනයකට එන්න උදව් කරන්න.

සේවයේදී

නිවැසියා අහයි කියලා හිතෙන ප්‍රශ්න ගැන කලින්ම හිතලා ඒවාට උත්තර දෙන්න උදව් වන තොරතුරු හොයන්න. අහපු ප්‍රශ්නයකට උත්තරය ඔයා දන්නේ නැත්නම් ඒ ගැන හොයලා ආයෙත් දවසක ඇවිත් උත්තරය දෙන්නම් කියලා කියන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න