දේවවචනය නිධානයක් | නික්මයාම 15-16
යෙහෝවා දෙවියන්ට ප්රශංසා ගී ගයන්න
සංගීතය අපේ සිතුවිලිවලට සහ හැඟීම්වලට තදින්ම බලපානවා. යෙහෝවා දෙවියන්ට ප්රශංසා ගී ගායනා කරන එක අපේ නමස්කාරයේ වැදගත් අංගයක්.
යෙහෝවා දෙවියන් එයාලව ආශ්චර්යවත් විදිහට රතු මුහුදෙන් ගලවගත්ත නිසා මෝසෙස් සහ ඊශ්රායෙල් සෙනඟ ඔහුට ප්රශංසා ගී ගායනා කළා
දාවිත් රජ දේවමාලිගාවේ ගායකයන් සහ වාදකයන් විදිහට සේවය කරන්න පුරුෂයන් 4,000ක්ව පත් කළා
යේසුස් මිය යන්න කලින් රාත්රියේදී ඔහුගේ විශ්වාසවන්ත ගෝලයන් එක්ක යෙහෝවා දෙවියන්ට ප්රශංසා ගී ගායනා කළා
යෙහෝවා දෙවියන්ට ගී ගයලා ප්රශංසා කරන්න මට පුළුවන් මොන වගේ අවස්ථාවලදීද?