ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bhs 11 පරි. 116-123 පි.
  • අපි දුක් විඳින්නේ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි දුක් විඳින්නේ ඇයි?
  • බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • කියවන්න බයිබලයේ ඉගැන්වීම්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඇයි මේ තරම් දුක් වේදනා?
  • දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?
  • දෙවියන් මෙච්චර කාලයක් බලන් ඉන්නේ ඇයි?
  • දෙවියන්ගෙන් ලැබිලා තියෙන තෑග්ගක්
  • මෙච්චර දුක් කරදර දුෂ්ටකම් තියෙන්නේ ඇයි?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • දුක් වේදනා පැවතීමට දෙවි ඉඩ දී ඇත්තේ මන්ද?
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • මිනිස් වර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
තව තොරතුරු
බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
bhs 11 පරි. 116-123 පි.

11වෙනි පරිච්ඡේදය

අපි දුක් විඳින්නේ ඇයි?

1, 2. හුඟක් අය අහන ප්‍රශ්නය මොකක්ද?

සුනාමි රළ පහර මුළු ගමක්ම විනාශ කරයි. පාසැලකට කඩා වැදුණු තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් කීපදෙනෙක්ම මිය යයි. දරුවන් පස්දෙනෙකුට මව් සෙනෙහස අහිමි කරමින් මවක් පිළිකා රෝගයෙන් ජීවිතය හැර යයි.

2 ඒ වගේ දේවල් වෙද්දී ‘දෙවියනේ, ඇයි අපි මේ විදිහට දුක් විඳින්නේ’ කියලා හුඟක් අය අහනවා. ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද?

3, 4. (අ) දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි කියලා අහන එක වැරදිද? පැහැදිලි කරන්න. (ආ) දුක් වේදනා ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

3 ඔයාටත් එහෙම හිතෙනවා නම් ඒකේ වරදක් නැහැ. මොකද දෙවියන් ගැන ලොකු විශ්වාසයකින් හිටිය අයත් ඒ විදිහෙම ප්‍රශ්න අහලා තියෙනවා. හබක්කුක් ඒ වගේ කෙනෙක්. එයා දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා. “ඔබ මේ නපුරුකම් දෙස බලා සිටින්නේ කෙසේද? මා බලන බලන සෑම තැනම සොරකම්ද මැරවරකම්ද සිදු වෙයි. මගේ දෑසින් මේ දුෂ්ට දේවල් දකින්න ඔබ මට ඉඩහරින්නේ ඇයි? මෙතරම් කෝලහල අඬදබර සිදු වන්නේ මන්ද?”—හබක්කුක් 1:3.

4 ඒ ප්‍රශ්නවලට දෙවියන් දීපු උත්තරය වගේම ඒවාට විසඳුමක් දෙනවා කියලා ඔහු දීපු පොරොන්දුවත් හබක්කුක් 2:2, 3 තියෙනවා. මිනිසුන් විඳින දුක් වේදනා ගැන අපිටත් වඩා දුකක් දෙවියන්ට දැනෙනවා. (යෙසායා 55:8, 9) මොකද ඔහු මිනිසුන්ට හුඟක් ආදරෙයි. බයිබලයේ කියන්නේ “ඔහු ඔබ ගැන සැලකිලිමත්” කියලයි. (1 පේතෘස් 5:7) එහෙනම් ලෝකයේ මේ තරම් දුක් වේදනා තියෙන්නේ ඇයි?

ඇයි මේ තරම් දුක් වේදනා?

5. දුක් වේදනා ගැන ආගමික නායකයන් උගන්වන්නේ මොකක්ද? ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

5 ආගමික නායකයන්, පූජකයන් සාමාන්‍යයෙන් කියන්නේ මිනිසුන් දුක් විඳින එක දෙවියන්ගේ කැමැත්ත කියලයි. හැම දේම වෙන්නේ දෙවියන් කලින්ම නියම කරලා තියෙන විදිහට කියලත් දෙවියන් එහෙම කරන හේතුව අපිට තේරුම්ගන්න බැහැ කියලත් සමහරු කියනවා. මිනිසුන් විතරක් නෙවෙයි දරුවනුත් මැරෙන්නේ දෙවියන්ට එයාලව ස්වර්ගයට ගන්න ඕන වුණාමයි කියලා කියන අයත් ඉන්නවා. ඒත් ඒ එක අදහසක්වත් ඇත්ත නෙවෙයි. යෙහෝවා දෙවියන් කවදාවත් නපුරු දේවල් කරන්නේ නැහැ. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “සැබෑ දෙවි කවදා හෝ දුෂ්ට ලෙස ක්‍රියා කරයිද? සියලු බලැති දෙවි අයුක්තියක් කරයි කියා සිතිය හැකිද? එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත.”—යෝබ් 34:10.

6. දුක් වේදනා අද්දකිද්දී සමහරු දෙවියන්ට දොස් කියන්නේ ඇයි?

6 සමහර අය හැම විපතකටම දෙවියන්ට දොස් කියන්නේ මේ ලෝකය පාලනය කරන්නේ දෙවියන් කියලා එයාලා හිතන නිසයි. ඒත් අපි 3වෙනි පරිච්ඡේදයෙන් ඉගෙනගත්තා ලෝකය පාලනය කරන්නේ යක්ෂයා කියලා.

7, 8. ලෝකයේ මේ තරම් දුක් වේදනා තියෙන්නේ ඇයි?

7 දුක් වේදනා පවතින්න එක හේතුවක් තමයි මේ ලෝකය සාතන්ගේ පාලනය යටතේ තියෙන එක. “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්” කියලා බයිබලයේ කියනවා. (1 යොහන් 5:19) දුෂ්ට, කුරිරු කෙනෙක් වන සාතන් ‘මුළු පොළොවම නොමඟ යවනවා.’ (එළිදරව් 12:9) හුඟක් මිනිසුන්ට තියෙන්නේ සාතන්ගේ ගතිලක්ෂණ නිසා ලෝකය බොරුව, වෛරය, කුරිරුකම් පිරුණු තැනක් වෙලා.

8 තවත් හේතුවක් තමයි මිනිසුන්ට පව්කාර ස්වභාවය උරුම වෙලා තියෙන එක. ඒ නිසා හුඟක් අය බලන්නේ අනිත් අයව පාගලා ඉහළට යන්න. මේ තරම් ආරවුල්, යුද්ධ, හිංසා පීඩා තියෙන්නේ ඒ නිසයි. (දේශනාකාරයා 4:1; 8:9) “නොසිතන මොහොතක බලාපොරොත්තු නොවූ දේවල්” වෙන එකත් තව හේතුවක්. (දේශනාකාරයා 9:11) වැරදි වෙලාවක, වැරදි තැනක ඉද්දී මිනිසුන් අනතුරට ලක් වෙලා දුක් විඳිනවා.

9. දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ හොඳ හේතුවක් තියෙන නිසයි කියලා කියන්නේ ඇයි?

9 යුද්ධ, අපරාධ, අසාධාරණකම්වලට වග කියන්න ඕනෙ යෙහෝවා දෙවියන් නෙවෙයි. භූමිකම්පා, කුණාටු, ජලගැලීම් ඇති කරන්නෙත් ඔහු නෙවෙයි. ඒත් මුළු විශ්වයේම බලවත්ම කෙනා යෙහෝවා දෙවියන් නම් ඔහු මේ දේවල් නවත්වන්නේ නැත්තේ ඇයි කියලා ඔයා කල්පනා කරනවා ඇති. දෙවියන් අපිට හුඟක් ආදරෙයි. එහෙනම් දෙවියන් මේ දුක් වේදනාවන් පවතින්න ඉඩහැරලා තියෙන්නේ හොඳ හේතුවක් තියෙන නිසයි කියලා හිතන්න පුළුවන්.—1 යොහන් 4:8.

දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?

10. සාතන් දෙවියන්ට කරපු චෝදනාව මොකක්ද?

10 සාතන් ඒදන් උයනේදී ආදම්, ඒවව රවට්ටපු විදිහ මතකද? එදා සාතන් දෙවියන්ට චෝදනා කළේ ඔහු හොඳ පාලකයෙක් නෙවෙයි කියලයි. දෙවියන් ආදම්ටයි ඒවටයි හොඳ දේවල් දෙන්නේ නැතුව හංගගෙන හිටියා කියලත් එයා කිව්වා. “ඔයාලට යෙහෝවා දෙවියන් ඕන නැහැ. මං ඔයාලට හොඳ ජීවිතයක් දෙන්නම්” වගේ අදහසක් සාතන් ආදම්, ඒවට දුන්නා.—උත්පත්ති 3:2-5; 26වෙනි අමතර සටහන බලන්න.

11. අපි උත්තර බලන්න යන්නේ මොන ප්‍රශ්නයටද?

11 ආදම්, ඒව දෙවියන්ට අකීකරු වෙලා හිතාමතාම ඔහුට විරුද්ධව වැඩ කළා. හරි වැරැද්ද තීරණය කරන්න තමන්ට අයිතිය තියෙනවා කියලා එයාලා හිතුවා. ඒත් එයාලා හිතපු දේ වැරදියි කියලත් මිනිසුන්ට ඕන හොඳම දේ දන්නේ යෙහෝවා දෙවියන් කියලත් ඔප්පු කරන්න දෙවියන් කළේ මොකක්ද?

12, 13. (අ) යෙහෝවා දෙවියන් කැරලිකරුවන්ව ඒ වෙලාවෙම විනාශ කළේ නැත්තේ ඇයි? (ආ) සාතන්ට මේ ලෝකය පාලනය කරන්නත් මිනිසුන්ට එයාලවම පාලනය කරගන්නත් දෙවියන් ඉඩ දුන්නේ ඇයි?

12 ආදම්, ඒව වැරදි කරපු වෙලාවෙම යෙහෝවා දෙවියන් එයාලව විනාශ කළේ නැහැ. කාලයක් ජීවත් වෙලා දරුවන් බිහි කරන්න එයාලට ඉඩ දුන්නා. පාලකයා විදිහට දෙවියන්ව තෝරාගන්නවාද නැද්ද කියන තීරණය ගන්න එයාලගේ දරුවන්ටත් අවස්ථාව දුන්නා. මතකද, මිනිසුන්ව නිර්මාණය කරද්දී දෙවියන් බලාපොරොත්තු වුණේ පරිපූර්ණ මිනිසුන්ගෙන් පොළොව පුරවන්න. සාතන් මොන බාධා ගෙනාවත් දෙවියන් ඒක ඉටු කරනවා.—උත්පත්ති 1:28; යෙසායා 55:10, 11.

13 යෙහෝවා දෙවියන් හොඳ පාලකයෙක් නෙවෙයි කියලා සාතන් චෝදනා කළේ මිලියන ගාණක් දේවදූතයන් ඉස්සරහා. (යෝබ් 38:7; දානියෙල් 7:10) ඒ චෝදනාව හරිද කියලා ඔප්පු කරන්න දෙවියන් සාතන්ට යම් කාලයක් දුන්නා. ඒ වගේම මිනිසුන්ට මිනිසුන්වම සාර්ථකව පාලනය කරන්න පුළුවන්ද කියලා බලන්න දෙවියන් මිනිසුන්ටත් කාලයක් දුන්නා.

14. ගත වෙලා තියෙන කාලය පුරාම ඔප්පු වෙලා තියෙන්නේ මොකක්ද?

14 අවුරුදු දහස් ගාණක් තිස්සේ මිනිසුන් තමන්වම පාලනය කරගන්න උත්සාහ කළත් එයාලා සාර්ථක වෙලා නැහැ. ඒ කාලය තුළ සාතන් බොරුකාරයෙක් කියලා විතරක් නෙවෙයි දෙවියන්ගේ උදව් මිනිසුන්ට ඕනෙමයි කියන එකත් ඔප්පු වෙලා තියෙනවා. යෙරෙමියා කියපු මේ දේ මොන තරම් ඇත්තක්ද! ‘යෙහෝවා දෙවියනි, මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය තනිව තීරණය කිරීමට අයිතියක් නැති බව මම දනිමි. ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක්ද නැත.’—යෙරෙමියා 10:23.

දෙවියන් මෙච්චර කාලයක් බලන් ඉන්නේ ඇයි?

15, 16. (අ) දෙවියන් දුක් වේදනා පවතින්න ඉඩහැරලා තියෙන්නේ ඇයි? (ආ) ප්‍රශ්න විසඳන්න දෙවියන් මැදිහත් වෙලා නැත්තේ ඇයි?

15 යෙහෝවා දෙවියන් මෙච්චර කාලයක් දුක් වේදනා පවතින්න ඉඩ දීලා තියෙන්නේ ඇයි? ඒවා නතර කරන්නේ නැත්තේ ඇයි? සාතන්ගේ පාලනය අසාර්ථකයි කියලා ඔප්පු කරන්න යම් කාලයකට ඉඩ දෙන්න වුණා. මිනිසුන් හැම පාලන ක්‍රමයක්ම අත්හදා බැලුවත් එකක්වත් සාර්ථක වෙලා නැහැ. විද්‍යාව, තාක්ෂණය අතින් මිනිසුන් ලොකු දියුණුවක් ලබලා තිබුණත් අයුක්තිය, දුප්පත්කම, අපරාධ, යුද්ධ වෙන කවදාකටත් වඩා වැඩි වෙලා. දෙවියන්ගේ උදව් නැතුව අපිවම පාලනය කරගන්න බැහැ කියලා හොඳටම පැහැදිලියි.

16 සාතන්ගේ පාලනය නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්න විසඳන්න දෙවියන් මැදිහත් වෙලා නැහැ. එහෙම කළා නම් ඒක සාතන්ගේ පාලනයට උදව් කළා වගේ දෙයක්. දෙවියන් කවදාවත් එහෙම කරන්නේ නැහැ. දෙවියන් ප්‍රශ්න විසඳුවා නම් මිනිසුන්ට තමන්වම පාලනය කරගන්න පුළුවන් කියලා සාතන් කියපු බොරුව ඇත්තක් කියලත් මිනිස්සු හිතයි. දෙවියන් කවදාවත් බොරු කියන්නේ නැති නිසා ඔහු ඒ බොරුව ඇත්තක් කරන්න උදව් කරන්නේ නැහැ.—හෙබ්‍රෙව් 6:18.

17, 18. සාතන් කරපු නරක දේවල් හරිගස්වන්න දෙවියන් කරන්න යන්නේ මොනවාද?

17 සාතනුයි මිනිස්සුයි කරලා තියෙන හානිකර දේවල් අයින් කරලා තත්වය ආයෙත් හොඳ අතට හරවන්න දෙවියන්ට පුළුවන්ද? ඔව්, ඔහුට කරන්න බැරි දෙයක් නැහැ. සාතන් කරපු චෝදනා බොරුවක් කියලා සම්පූර්ණයෙන්ම ඔප්පු වුණාට පස්සේ යෙහෝවා දෙවියන් පොළොව පාරාදීසයක් කරනවා. “සොහොන් ගෙවල්වල” ඉන්න අයට ඒ කාලෙදී ආයෙත් ජීවිතය ලැබෙනවා. (යොහන් 5:28, 29) කිසිම කෙනෙක් ලෙඩ වෙන්නෙවත් මැරෙන්නෙවත් නැහැ. යෙහෝවා දෙවියන් යේසුස්ව යොදාගෙන ‘යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කරනවා.’ (1 යොහන් 3:8) යෙහෝවා දෙවියන් ඉවසීමෙන් වැඩ කරන එක ගැන අපි කොයි තරම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද! දෙවියන්ව දැන හඳුනා ගෙන අපේ පාලකයා විදිහට ඔහුව තෝරාගන්න අපිට අවස්ථාව ලැබුණේ ඒ නිසයි. (2 පේතෘස් 3:9, 10 කියවන්න.) අපි දැන් දුක් වින්ඳත් දෙවියන් ඒවා දරාගන්න අපිට උදව් කරනවා.—යොහන් 4:23; 1 කොරින්ති 10:13 කියවන්න.

18 යෙහෝවා දෙවියන්ව අපේ පාලකයා විදිහට තෝරාගන්න කියලා ඔහු අපිට බල කරන්නේ නැහැ. තීරණ ගැනීමේ නිදහස ඔහු අපිට දීලා තියෙනවා. ඒ තෑග්ග ගැන අපි දැන් බලමු.

දෙවියන්ගෙන් ලැබිලා තියෙන තෑග්ගක්

19. යෙහෝවා දෙවියන් අපිට දීලා තියෙන තෑග්ග මොකක්ද? අපි ඒක අගය කරන්න ඕනෙ ඇයි?

19 තීරණ ගන්න අපිට තියෙන නිදහස යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. ඔහු ඒක සතුන්ට දීලා නැහැ. උන් හැම දේම කරන්නේ සහජ හැකියාවන්ට අනුව. (හිතෝපදේශ 30:24) ඒත් අපිට පුළුවන් අපි ජීවත් වෙන්න ඕනෙ කොහොමද, දෙවියන්ට නමස්කාර කරනවාද නැද්ද කියලා තීරණය කරන්න. දෙවියන් අපිව හදලා තියෙන්නේ යන්ත්‍ර විදිහට නෙවෙයි. අපේ පෞද්ගලිකත්වය අපි කැමති විදිහට හදාගන්න, යාළුවන්ව තෝරාගන්න, අනාගතයේදී මොනවාද කරන්නේ කියලා තීරණය කරන්න අපිට නිදහස තියෙනවා. යෙහෝවා දෙවියන් කැමතියි අපි සතුටින් ජීවත් වෙනවාට.

20, 21. ඔයාට ගන්න පුළුවන් හොඳම තීරණය මොකක්ද?

20 යෙහෝවා දෙවියන් කැමති අපි මුළු හදවතින්ම ඔහුට ආදරේ කරනවාට. (මතෙව් 22:37, 38) දරුවෙක් හිතින්ම ‘මං ඔයාට ආදරෙයි තාත්තේ’ කියලා කියද්දී තාත්තාට කොච්චර සතුටුයිද! යෙහෝවා දෙවියනුත් ඒ වගේ. ඔහුට සේවය කරන්න කියලා ඔහු අපිට බල කරන්නේ නැහැ. ඒ තීරණය ගන්න අපිට නිදහස දීලා තියෙනවා. සාතන්, ආදම්, ඒව තීරණය කළේ දෙවියන්ට සේවය නොකර ඉන්න. ඔයාගේ තීරණය මොකක්ද?

21 සාතන්ගේ පැත්ත ගන්නේ නැතුව යෙහෝවා දෙවියන්ට සේවය කරන්න ඔයාත් තීරණයක් ගන්න. (හිතෝපදේශ 27:11) අද ලෝකේ පුරාම ඉන්න මිලියන ගාණක් ඒ තීරණය අරන් තියෙනවා. ළඟදීම යෙහෝවා දෙවියන් හැම දුකක්ම නැති කරනවා. ඒ ලස්සන කාලේ ජීවත් වෙන්න නම් ඔයා දැන් කරන්න ඕනෙ මොනවාද කියලා අපි ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.

සාරාංශය

1වෙනි ඉගැන්වීම: දුක් වේදනාවලට හේතුව යෙහෝවා දෙවියන් නෙවෙයි

“සියලු බලැති දෙවි අයුක්තියක් කරයි කියා සිතිය හැකිද? එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත.”—යෝබ් 34:10

ලෝකයේ මේ තරම් දුක් වේදනා තියෙන්නේ ඇයි?

  • 1 යොහන් 5:19

    මේ ලෝකය පාලනය කරන්නේ සාතන්.

  • දේශනාකාරයා 8:9

    මිනිසුන් කරන දේවල් නිසාත් හුඟක් අය දුක් විඳිනවා.

  • දේශනාකාරයා 9:11

    සමහරු දුක් විඳින්නේ එයාලා වැරදි වෙලාවක, වැරදි තැනක හිටිය නිසයි.

  • 1 පේතෘස් 5:7

    යෙහෝවා දෙවියන් මිනිසුන්ට හුඟක් ආදරෙයි. මිනිසුන් දුක් විඳින එක ඔහුට වේදනාවක්.

2වෙනි ඉගැන්වීම: පාලනය කරන්න දෙවියන්ට අයිතියක් නැහැ කියලා සාතන් චෝදනා කළා

“ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.”—උත්පත්ති 3:5

සාතන් කරපු චෝදනාව දෙවියන් අමතක කළේ නැත්තේ ඇයි?

  • උත්පත්ති 3:2-5

    දෙවියන් හොඳ පාලකයෙක් නෙවෙයි කියලා සාතන් චෝදනා කළා. හොඳ නරක තීරණය කරන්න මිනිසුන්ට අයිතියක් තියෙනවා කියලා පෙන්වන්නයි සාතන්ට ඕන වුණේ.

  • යෝබ් 38:7

    සාතන් යෙහෝවා දෙවියන්ට චෝදනා කළේ මිලියන ගාණක් දේවදූතයන් ඉදිරිපිටයි.

3වෙනි ඉගැන්වීම: සාතන් කරපු චෝදනාව බොරු වෙලා

‘තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට මිනිසාට හැකියාවක්ද නැත.’—යෙරෙමියා 10:23

මිනිසුන් මේ තරම් කාලයක් දුක් විඳින්නේ ඇයි?

  • යෙසායා 55:9

    මිනිසුන් හුඟක් ආණ්ඩු ක්‍රම අත්හදා බලලා තියෙනවා. ඒත් දෙවියන් නැතුව සාර්ථකව පාලනය කරන්න මිනිසුන්ට බැහැ.

  • 2 පේතෘස් 3:9, 10

    යෙහෝවා දෙවියන් ඉවසීමෙන් බලන් ඉන්නේ ඔහුව දැන හඳුනා ගෙන අපේ පාලකයා විදිහට ඔහුව තෝරාගන්න අපිට අවස්ථාවක් දෙන්නයි.

  • 1 යොහන් 3:8

    යෙහෝවා දෙවියන් සාතන් කරපු හැම නපුරු දෙයක්ම අයින් කරන්නේ යේසුස් මාර්ගයෙන්.

4වෙනි ඉගැන්වීම: තීරණ ගැනීමේ නිදහස පාවිච්චි කරලා දෙවියන්ට සේවය කරන්න

‘මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට මා උත්තර දෙන පිණිස ඔබ ප්‍රඥාවන්තව ක්‍රියා කරන්න.’—හිතෝපදේශ 27:11

යෙහෝවා දෙවියන් ඔහුට නමස්කාර කරන්න කියලා අපිට බල කරන්නේ නැත්තේ ඇයි?

  • හිතෝපදේශ 30:24

    සතුන් වැඩ කරන්නේ සහජ හැකියාවෙන්. ඒත් දෙවියන් මිනිසුන්ට තීරණ ගැනීමේ නිදහස දුන්නා. ඒ නිසා දෙවියන්ට සේවය කරනවාද කියලා තීරණය කරන්න අපිට පුළුවන්.

  • මතෙව් 22:37, 38

    යෙහෝවා දෙවියන් කැමති ඔහුට තියෙන ආදරේ නිසා අපි ඔහුට සේවය කරන්න තෝරාගන්නවාටයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න