ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • th 5 පාඩම 8 පි.
  • නිවැරදිව කියවීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවැරදිව කියවීම
  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • සමාන තොරතුරු
  • නිවැරදි කියවීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • කියවීමට අවධානය යොමු කරන්න
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • කියවා මතක තබා ගත හැකි අයුරු
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • ප්‍රයෝජන ලැබෙන විදිහට බයිබලය කියවන්න
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
th 5 පාඩම 8 පි.

5වෙනි පාඩම

නිවැරදිව කියවීම

බයිබල් පදයක්

1 තිමෝති 4:13

සාරාංශය: ලියලා තියෙන දේ ඒ විදිහටම ශබ්ද නඟලා කියවන්න.

ඒක කරන විදිහ:

  • හොඳින් සූදානම් වෙන්න. කියවන කොටස ලියලා තියෙන්නේ ඇයි කියලා හිතන්න. වචනයෙන් වචනය කියවනවා වෙනුවට වචන කීපයක් කියවන්න පුරුදු වෙන්න. වචන අතින් දාලා, අතහැරලා, තියෙන වචනය වෙනුවට වෙන වචන දාලා කියවන්න එපා. හැම විරාම ලකුණකටම අවධානය දෙන්න.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    ඔයා කියවද්දී ඔයා වැරදියට කියවන වචන පෙන්වලා දෙන්න කියලා යාළුවෙක්ට කියන්න.

  • හැම වචනයක්ම නිවැරදිව උච්චාරණය කරන්න. වචනයක් නිවැරදිව උච්චාරණය කරන විදිහ දන්නේ නැත්නම් ඒ ප්‍රකාශනයේ පටිගත කිරීමකට සවන් දෙන්න. එහෙම නැත්නම් කියවීමට දක්ෂ කෙනෙක්ගෙන් අහන්න.

  • පැහැදිලිව කතා කරන්න. වචන පැහැදිලිව ශබ්ද කරන්න. ඔළුව කෙළින් තියාගෙන, කට ඇරලා කතා කරන්න. සම්පූර්ණ වචනයම පැහැදිලිව කියවන්න.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    වචන උච්චාරණය කරන්න අනවශ්‍ය අවධානයක් දුන්නොත් ඔයාගේ කියවීම අස්වාභාවික වෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න