‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
ජනවාරි 11-17
දේවවචනය නිධානයක් | ලෙවී කතාව 20-21
“යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව වෙන් කරගනියි”
it-1-E 1199
උරුමය
කෙනෙක්ට එයාගේ පරම්පරාවෙන් හරි කලින් අයිති වෙලා තිබුණු කෙනාගෙන් හරි ලැබුණු දේපළක් එයාගෙන් පැවතෙන කෙනෙකුට දෙන්න එහෙමත් නැත්නම් එයා මැරුණාට පස්සේ වෙන කෙනෙකුට ලැබෙන්න සලස්වන්න පුළුවන්කම තිබුණා. ඒ ලැබුණු දේපළ සැලකුවේ උරුමයක් විදිහටයි. ‘උරුමය ලබා දෙනවා’ කියලා පරිවර්තනය කරලා තියෙන එක හෙබ්‍රෙව් ක්‍රියා පදයකින් අදහස් වෙන්නේ පරම්පරාවෙන් කෙනෙක්ට යම් දෙයක් ලැබෙන එකයි. (ගණන් 26:55; එස 46:18) ඒ අර්ථයම තියෙන තවත් ක්‍රියා පදයකින් වෙන කෙනෙක්ට අයිති දෙයක් “උරුම කරගන්නවා” කියන එකත් අදහස් වෙනවා. (උත් 15:3; ලෙවී 20:24) ඒ විතරක් නෙවෙයි යුද්ධ කරලා “පන්නා දානවා” කියන තේරුමත් ඒ වචනයෙන් අදහස් වෙනවා.—ද්වි 2:12; 31:3.
it-1-E 317 2¶
කුරුල්ලන්
ජලගැල්මෙන් පස්සේ නෝවා “පවිත්‍ර පක්ෂීන්ගෙන්” කිහිපදෙනෙක්ව පූජාවක් විදිහට ඔප්පු කළා. (උත් 8:18-20) ඒකෙන් පැහැදිලි වෙනවා පූජාවන් විදිහට පිළිගන්න පවිත්‍ර සතුන් ගැන ඒ වෙද්දිත් දෙවියන් නෝවාට කියලා තිබුණා කියලා. පස්සේ කාලෙක මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියේ පවිත්‍ර සහ අපවිත්‍ර සතුන් ගැන දෙවියන් පැහැදිලිව කියලා තිබුණා. (ලෙවී 11:13-19, 46, 47; 20:25; ද්වි 14:11-20) සාමාන්‍යයෙන් අපවිත්‍ර කුරුල්ලන් විදිහට සැලකුවේ අනිත් කුරුල්ලන්ව සහ මළ කුණු වගේ දේවල් ආහාරයට ගන්න කුරුල්ලන්වයි.
දේවවචනයෙන් මැණික්
it-1-E 563
කපාගැනීම
මැරුණු අය වෙනුවෙන් ශරීරය කපාගන්න එක දෙවියන් දීලා තිබුණු නීතියේ තහනම් කරලා තිබුණා. (ලෙවී 19:28; 21:5; ද්වි 14:1) ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවියන්ට අයිති විශේෂ සෙනඟක් වුණු එක එහෙම කරන්න ප්‍රධාන හේතුව වුණා. (ද්වි 14:2) කෙනෙක් මැරුණාම වෙන දේ ගැන සහ නැවත නැඟිටීම ගැන ඊශ්‍රායෙල්වරුන් දැනගෙන හිටපු නිසා මැරුණු අය වෙනුවෙන් තමන්ගේ ශරීරය කපාගන්න එක සුදුසු දෙයක් වුණේ නැහැ. (දානි 12:13; හෙබ්‍රෙ 11:19) ඒ වගේම ඒ නීතියට කීකරු වෙන එකෙන් යෙහෝවා දෙවියන්ගේ නිර්මාණයක් වුණු ශරීරයට ගෞරව කරනවා කියලා ඊශ්‍රායෙල්වරුන්ට පෙන්වන්න පුළුවන් වුණා.
ජනවාරි 18-24
දේවවචනය නිධානයක් | ලෙවී කතාව 22-23
“දෙවියන් නියම කළ උත්සවවලින් පාඩම්”
it-1-E 826-827
මුහුන් නොදැමූ රොටි උත්සවය
මුහුන් නොදැමූ රොටි උත්සවයේ පළවෙනි දවස සබත් දවසක්. එදා ශුද්ධ එක්රැස්වීමක් පැවැත්වුවා. දෙවෙනි දවසේදී බාර්ලි අස්වැන්නේ මුල්ම පලදාව පූජකයා ළඟට ගෙනාවා. පූජකයා ඒ ධාන්‍ය මිටිය ඒ මේ අත සොලවලා ඒක සෙලවීමේ පූජාවක් විදිහට ඔප්පු කළා. ඒ එක්කම දවන පූජාවක්, ධාන්‍ය පූජාවක් සහ පාන පූජාවක් ඔප්පු කළා.—ලෙවී 23:6-14.
අදහස. ඒ උත්සවයේදී එයාලා “මුහුන් නොදැමූ රොටි” ආහාරයට ගත්තා. (ද්වි 16:3) හැම අවුරුද්දකම පවත්වපු මේ උත්සවයෙන් ඊශ්‍රායෙල්වරුන් හදිස්සියේම ඊජිප්තුවෙන් පිට වුණු විදිහත් (පිටිවලට මුහුන් දාලා ඒක පිපෙන කල් ඉන්න වෙලාවක් තිබුණේ නැහැ) ඊජිප්තුවේ වින්ද දුක් පීඩාවලින් සහ වහල්කමින් එයාලා නිදහස් වුණ විදිහත් එයාලට මතක් කළා. (නික් 12:34) යෙහෝවා දෙවියන්ම කිව්වා “ඊජිප්තු දේශයෙන් ඔබ නිදහස් වූ ආකාරය ඔබට කිසිදා අමතක නොවෙයි” කියලා. එයාලා ජාතියක් විදිහට දැන් මොන තරම් නිදහසක් අද්දකිනවාද කියලත් එයාලගේ ගැලවුම්කරු යෙහෝවා දෙවියන් කියලත් හොඳින් තේරුම්ගන්න ඒ උත්සවය ඊශ්‍රායෙල්වරුන්ට හොඳ අවස්ථාවක් වුණා.
it-2-E 598 2¶
සති උත්සවය (පෙන්තකොස්ත උත්සවය)
සති උත්සවයේදී මුහුන් දැමූ සිහින් පිටිවලින් “නිවසේදී සාදාගත්” රොටි දෙකක් යෙහෝවා දෙවියන්ට පූජාවක් විදිහට ඔප්පු කළා. (ලෙවී 23:17) ඒ එක්කම දවන පූජා සහ පාප පූජාත් ඔප්පු කළා. හවුල් පූජාවක් විදිහට බැටළුවන් දෙන්නෙක්වත් ඔප්පු කළා. පූජකයා ඒ රොටි සහ බැටළුවන්ව යෙහෝවා දෙවියන් ඉදිරියේ ඒ මේ අත සොලවපු එකෙන් පෙන්නුවේ ඒවා යෙහෝවා දෙවියන්ට ඔප්පු කළා කියන එකයි. ඊටපස්සේ ඒක පූජකයාට අයිති වුණා. එයා ඒක හවුල් පූජාවක් විදිහට ආහාරයට ගත්තා.—ලෙවී 23:18-20.
ජනවාරි 25-31
දේවවචනය නිධානයක් | ලෙවී කතාව 24-25
“ජුබිලි අවුරුද්ද සහ අනාගතයේදී ලැබෙන නිදහස”
it-1-E 871
නිදහස
නිදහස ලබා දෙන දෙවියන්. යෙහෝවා දෙවියන් තමයි නිදහස ලබා දෙන දෙවියන්. ඔහු ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවේ වහල්භාවයෙන් නිදහස් කළා. ඊශ්‍රායෙල්වරුන් දෙවියන් දුන්න නීතිවලට කීකරු වෙන තාක් කල් එයාලට නිදහස අද්දකින්න පුළුවන් වෙනවා කියලා යෙහෝවා දෙවියන් කියලා තිබුණා. (ද්වි 15:4, 5) ඒත් කෙනෙක්ට එයාගේ හරි එයාගේ පවුලේ අයගේ හරි අවශ්‍යතා සපයන්න හැකියාවක් නැත්නම් තමන්වම දාසයෙක් විදිහට විකුණන්න නීතියෙන් අවසර තිබුණා. හැබැයි හත්වෙනි අවුරුද්දෙදි නීතියට අනුව එයාට නිදහස ලැබුණා. (නික් 21:2) හැම අවුරුදු 50කටම සැරයක් එන විශේෂ අවුරුද්දෙදි ඒ කියන්නේ ජුබිලි අවුරුද්දෙදි හැම කෙනෙක්ටම සම්පූර්ණ නිදහසක් ලැබුණා. ඒ නිසා එයාලට එයාලගේ ගම්බිම්වලට පවුලේ අය ගාවට යන්න පුළුවන්කම ලැබුණා.—ලෙවී 25:10-19.
it-1-E 1200 2¶
උරුමය
සාමාන්‍යයෙන් ඉඩමක් පරම්පරාවෙන් පරම්පරාවට එකම පවුලකට අයිති වෙන නිසා ඒක වෙනත් කෙනෙක්ට හැමදාටම අයිති වෙන විදිහට විකුණන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉඩමක් විකුණද්දී ඒකේ වටිනාකම තීරණය කළේ ජුබිලි අවුරුද්ද වෙන කල් ඒ ඉඩමෙන් අස්වැන්න ලබාගන්න ඉතුරු වෙලා තියෙන අවුරුදු ගාණට අනුවයි. ඒ ඉඩමේ මුල් අයිතිකරුට ජුබිලි අවුරුද්ද වෙන කල් ඉඩම ආපහු මිල දී ගන්න බැරි වුණා නම් හරි නියමිත මුදල ගෙවලා ඒක බේරගන්න බැරි වුණා නම් හරි ඒ අවුරුද්දෙදි ඒක ආයෙත් එයාට අයිති වුණා.—ලෙවී 25:13, 15, 23, 24.
it-2-E 122-123
ජුබිලි අවුරුද්ද
අද හුඟක් රටවල අන්ත දුප්පත් සහ හුඟක් පොහොසත් කියලා පන්ති දෙකක් දකින්න තියෙනවා. ඒත් ඊශ්‍රායෙල්වරු ජුබිලි අවුරුද්ද ගැන දීලා තිබුණ නීතිවලට කීකරු වෙද්දී ඒ පන්ති භේදය ඇති වෙන එක වැළකුණා. ඒක නිසා ඊශ්‍රායෙලයේ කිසිම කෙනෙක් හුඟක් දුප්පත් වෙලා කිසි දෙයක් කරකියාගන්න බැරි තත්වයට පත් වුණේ නැහැ. ඒ වෙනුවට එයාලගේ හැකියාවන්, දක්ෂතාවයන් තමන්ගේ ජාතියේ දියුණුව වෙනුවෙන් පාවිච්චි කරන්න හැමෝටම පුළුවන් වුණා. එයාලා ජුබිලි අවුරුද්ද ගැන දීලා තිබුණ නීතිවලට කීකරු වෙද්දී යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ලැබුණ නිසා හොඳ අස්වැන්නක් ලබාගන්නත් දෙවියන් දෙන අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නත් පුළුවන් වුණා. ඒ වගේම දෙවියන්ගේ පාලනය යටතේ සමෘද්ධිමත් ජීවිතයක් ගත කරන්න එයාලට අවස්ථාව ලැබුණා.—යෙසා 33:22.
පෙබරවාරි 1-7
දේවවචනය නිධානයක් | ලෙවී කතාව 26-27
“යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්න කරන්න ඕනෙ දේවල්”
it-1-E 223 3¶
ගරුබිය
ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවියන්ගේ ශුද්ධස්ථානයට ගරුබියක් පෙන්වන්න ඕනෙ වුණා. (ලෙවී 19:30; 26:2) යෙහෝවා දෙවියන් අණ කරලා තියෙන විදිහට ඔහුට නමස්කාර කරන එකෙනුත් ඔහු දීලා තිබුණ නීතිවලට කීකරු වෙන එකෙනුත් ඒ ගරුබිය පෙන්වන්න එයාලට පුළුවන් වුණා.
w91-E 3/1 17 10¶
“දෙවි ලබා දෙන සමාදානය” තුළින් ඔයාගේ හදවත ආරක්ෂා කරගන්න
යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. “ඔබ මගේ ආඥාවලට කීකරු වෙමින් මගේ පනත්වලට අනුව ජීවත් වුණොත් මම නියම කලට ඔබේ දේශය පිට වැසි වස්සවන්නෙමි. ඉතා සාරවත් අස්වැන්නක් භූමියෙන් ඔබට ලැබෙන්නේය. කෙත්වල ගස්ද බොහෝ පල දරන්නේය. මම ඔබේ දේශය පුරා සමාදානය ඇති කරන්නෙමි. ඔබ කිසිවෙකුට බිය නොවී සැනසීමෙන් නිදාගන්නහුය. මම නපුරු වනමෘගයන්ව ඔබේ දේශයෙන් පන්නා දමන්නෙමි. ඔබේ දේශයේ යුද්ධ ඇති නොවන්නේය. මම ඔබ සමඟ සිට ඔබේ දෙවි වන්නෙමි. ඔබද මගේ සෙනඟ වන්නහුය.” (ලෙවී 26:3, 4, 6, 12) ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තිබුණු නිසාත් හැම දේම ඇති තරම් තිබුණ නිසාත් සතුරු ප්‍රහාරවලින් ආරක්ෂාව ලැබුණ නිසාත් එයාලා ලොකු සමාදානයක් අද්දැක්කා. හැබැයි ඒ සමාදානය දිගටම තියෙනවාද නැද්ද කියන එක තීරණය වුණේ එයාලා දෙවියන් දීලා තිබුණ නීතිවලට කීකරු වෙන එක මතයි.—ගීතා 119:165.
දේවවචනයෙන් මැණික්
it-2-E 617
වසංගත
මිරියම්ට, උසියාට සහ ගෙහාසීට ලාදුරු රෝගයෙන් පහර දුන්නා වගේ යෙහෝවා දෙවියන් සමහර අවස්ථාවලදී ලෙඩ රෝගවලින් මිනිසුන්ට දඬුවම් කරලා තියෙනවා. ඒත් හුඟක් අවස්ථාවලදී ලෙඩ රෝග සහ වසංගත ඇති වුණේ පුද්ගලයෙක් හෝ ජාතියක් කරපු වරදක ප්‍රතිඵලයක් විදිහටයි. ඒ කියන්නේ එයාලා වපුරපු දේ කපාගත්තා මිසක් දෙවියන් එයාලට පහර දුන්නේ නැහැ. (ගලා 6:7, 8) පිළිකුල්සහගත ලිංගික ක්‍රියාවල යෙදුණ අය ගැන පාවුල් මෙහෙම කිව්වා. “දෙවි ඒ අපවිත්‍ර දේවල් තුළම ඇලීගැලී සිටීමට ඔවුන්ට ඉඩහැරියේය. එයින් ඔවුහු තම සිරුරුවලට මහත් අගෞරවයක් ගෙන දෙන අයුරින් හැසිරුණෝය. . . එවැනි වැරදිවලට අනිවාර්යයෙන්ම ඔවුහු නිසි ප්‍රතිඵල ලබන්නෝය.”—රෝම 1:24-27.
පෙබරවාරි 8-14
දේවවචනය නිධානයක් | ගණන් කතාව 1-2
“යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව සංවිධානය කරනවා”
w94 12/1 9 4¶
ඊශ්‍රායෙල්වරුන් දෙවියන්ට කරපු නමස්කාරය
ඊශ්‍රායෙල්වරුන් අතරේ මිලියන තුනක් හෝ ඊට වඩා වැඩි පිරිසක් ජීවත් වුණත් එයාලා කඳවුරු බැඳගෙන හිටියේ හරිම පිළිවෙළටයි. උතුර, දකුණ, නැගෙනහිර සහ බස්නාහිර දිශාවල කණ්ඩායම් හතරක් කඳවුරු බැඳගෙන හිටියා. ඒ එක කඳවුරක ගෝත්‍ර තුනක අය කූඩාරම් ගැහුවා. ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුරේ හරි මැදට වෙන්න ශුද්ධ කූඩාරම තිබුණා. ලෙවී ගෝත්‍රයේ අය ඒ ශුද්ධ කූඩාරම වටේට කඳවුරු බැඳගෙන හිටියා.—ගණන් 1:52, 53; 2:3, 10, 17, 18.
it-1-E 397 4¶
කඳවුර
ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුර හරිම විශාලයි. ඒ කඳවුරේ ලක්ෂ 30ක් හෝ ඊට වැඩි ගාණක් හිටියා. ඒකට යුද්ධයට යන්න හැකියාව තිබුණු පුරුෂයන් 6,03,550ක් සහ ඊට අමතරව ස්ත්‍රීන්, දරුවන්, මහලු අය සහ ආබාධිත අය ඇතුළත් වුණා. ඒ වගේම ලෙවීවරුන් 22,000ක් සහ “වෙනත් ජාතීන්ට අයත් මහත් සමූහයක්” ඊශ්‍රායෙල්වරුන් අතර හිටියා. (නික් 12:38) ඊශ්‍රායෙල්වරුන්ට කඳවුරු බැඳගන්න කොච්චර ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වුණාද කියලා හරියටම කියන්න බැහැ. ඒත් එක අවස්ථාවක ඊශ්‍රායෙල් සෙනඟ යෙරිකෝව ඉස්සරහා මෝවබ් පාළුකරයේ කඳවුරු බැඳගත්තාම ඒ කඳවුර “බෙත්-යෙෂිමොත් සිට ආබෙල්-ෂිට්ටිම් දක්වා විහිදී ගියා” කියලා බයිබලේ කියනවා.—ගණන් 33:49.
දේවවචනයෙන් මැණික්
it-2-E 764
ලියාපදිංචිය
ඊශ්‍රායෙල් සෙනඟව ලියාපදිංචි කරනවා කියද්දී නිකන්ම මිනිසුන් කී දෙනෙක් ඉන්නවාද කියලා ගණන් බලනවාට වඩා වැඩි දෙයක් සිද්ධ වුණා. බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා ඊශ්‍රායෙල්වරුන්ව ලියාපදිංචි කළේ බදු අය කරගන්න, හමුදා සේවයට බඳවගන්න, ශුද්ධස්ථානයේ සේවය සඳහා පැවරුම් ලබා දෙන්න වගේ හේතුවලටයි කියලා.
පෙබරවාරි 15-21
දේවවචනය නිධානයක් | ගණන් කතාව 3-4
“ලෙවීවරුන් ඉටු කරපු සේවය”
it-2-E 683 3¶
පූජකයා
මෝසෙස්ගේ නීතියේ. දහවෙනි පීඩාවෙදි ඊජිප්තුවරුන්ගේ කුලුඳුල් දරුවන්ව මරණයට පත් කළාට පස්සේ ඊශ්‍රායෙල්වරුන්ගේ හැම කුලුඳුල් පිරිමි දරුවෙක්වම යෙහෝවා දෙවියන් තමන්ට අයිති ශුද්ධ අය විදිහට වෙන් කරගත්තා. (නික් 12:29; ගණන් 3:13) ඒ අයව ඒ විදිහට වෙන් කරගත්තේ ඔහු වෙනුවෙන් විශේෂ සේවයක් ඉටු කරන්නයි. ඒ කියන්නේ පූජකයන් සහ ශුද්ධ කූඩාරමේ වැඩකටයුතු බලාගන්නන් විදිහට පාවිච්චි කරන්නයි. අනිත් ගෝත්‍රවල හිටපු හැම කුලුඳුල් පිරිමි කෙනෙක්වම ඒ වැඩකටයුතුවලට පාවිච්චි කරනවා වෙනුවට දෙවියන් තීරණය කළා ලෙවී ගෝත්‍රයේ පුරුෂයන්ව ඒ සඳහා වෙන් කරන්න.
it-2-E 241
ලෙවීවරුන්
වගකීම්. ලෙවීවරුන් විදිහට හැඳින්නුවේ ලෙවීගේ පුත්‍රයන් වුණ ගේර්ෂොන්, කෝහාත් සහ මෙරාරීගෙන් පැවතෙන අයවයි. (උත් 46:11; 1ලේක 6:1, 16) ලෙවීවරුන්ට පැවරුණ කාර්යය තමයි ශුද්ධ කූඩාරම තැනින් තැනට ගෙනියද්දී ඒක ගලවන එක, අරගෙන යන එක සහ නැවත සවි කරන එක. ඊශ්‍රායෙල්වරුන් එක තැනකින් තව තැනකට යද්දී ආරොනුත් එයාගේ පුතුනුත් ශුද්ධස්ථානය සහ අතිශුද්ධස්ථානය වෙන් කරන තිරයෙන් ගිවිසුම් පෙට්ටිය, පූජාසන, ශුද්ධස්ථානයේ වැඩකටයුතු සඳහා ගන්නා භාණ්ඩ ආවරණය කළා. ඒවා උස්සගෙන ගියේ කෝහාත්වරුන්. ගේර්ෂොන්වරු තිර රෙද්ද, ඊට උඩින් දාලා තිබුණ ආවරණ, සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තිබුණ තිර රෙද්ද, කූඩාරම, පූජාසනය වටේ තිබුණ මළුවේ තිර, ඒ මළුවේ දොරටුව සඳහා තිබුණ තිරය සහ ඒවායේ ලණු අරගෙන ගියා. ඒ වගේම මෙරාරීවරුන් කූඩාරමේ රාමු, ඒකේ පොලු, කණු, අඩි, ඒකේ තිබුණ හැම භාණ්ඩයක්ම, මළුවේ කණු, ඒවායේ අඩි, කූඤ්ඤ සහ ලණු අරගෙන ගියා.—ගණන් 1:50, 51; 3:25, 26, 30, 31, 36, 37; 4:4-33; 7:5-9.
it-2-E 241
ලෙවීවරුන්
මෝසෙස්ගේ කාලයේදී වයස අවුරුදු 30ට වැඩි ලෙවීවරුන්ගෙන් විතරයි එයාලට පැවරිලා තිබුණ මුළු වැඩ කොටසම කරන එක බලාපොරොත්තු වුණේ. (ගණන් 4:46-49) සමහර වැඩකටයුතු කරන්න ලෙවීවරයෙක්ට අවුරුදු 25දී අවසර ලැබුණත් ශුද්ධ කූඩාරම සහ ඒකේ තිබුණු දේවල් තැනින් තැනට ගෙනියන එක වගේ බර වැඩ කරන්න අවුරුදු 30ට වඩා වැඩි වෙන්න ඕනෙ වුණා. (ගණන් 8:24) කොහොමවුණත් අවුරුදු 50දී ලෙවීවරයෙක් තමන් කරපු පැවරුමෙන් විශ්‍රාම ගන්න අවශ්‍ය වුණා.—ගණන් 8:25, 26; 1ලේක 23:24-26.
පෙබරවාරි 22-28
දේවවචනය නිධානයක් | ගණන් කතාව 5-6
“නසරීතවරුන්ව ආදර්ශයට ගමු”
it-2-E 477
නසරීතවරයා
නසරීතවරයෙක් විදිහට භාරයක් වුණ කෙනෙක් කීකරු වෙන්න ඕන වුණු ප්‍රධාන නීති තුනක් තිබුණා. (1) මත්පැන් අඩංගු කිසිම දෙයක් බොන එකෙන් වළකින්න ඕනෙ වුණා. ඉදුණු මිදිවලින්, වියළි මිදිවලින් හෝ අමු මිදිවලින් හදපු පානයක් බොන්නවත් කෑමක් කන්නවත් නසරීතවරයෙක්ට අවසර තිබුණේ නැහැ. (2) හිසකෙස් දිගටම වවන්න ඕනෙ වුණා. (3) මළ සිරුරක් අල්ලන්න තහනම් වුණා. එයාගේ අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය වගේ ළඟම කෙනෙක් මැරුණත් ඒ නීතියට කීකරු වෙන්න නසරීතවරයෙක්ට සිද්ධ වුණා.—ගණන් 6:1-7.
විශේෂ භාරයන්. කෙනෙක් නසරීතවරයෙක් විදිහට ‘යෙහෝවා දෙවිට විශේෂ භාරයක් වෙමින්’ කැප වුණා. එයාලා නිකන්ම මිනිසුන්ට පේන්න තාපස ජීවිතයක් ගත කරන එක නෙවෙයි කළේ. ඒ වෙනුවට ‘නසරීතවරයෙක් ලෙස ජීවත් වන මුළු කාලයේදීම යෙහෝවා දෙවි ඔහුව ශුද්ධ කෙනෙකු ලෙස’ සැලකුවා.—ගණන් 6:2, 8.
පිරිමි කෙනෙක් වෙලත් හිසකෙස් වවපු එකෙනුත් මත්පැන් බොන එකෙන් වැළකුණු එකෙනුත් දිගටම පවිත්‍රව හිටපු එකෙනුත් නසරීතවරයෙක්ට වැදගත් දෙයක් මතක් කරලා දුන්නා. ඒ තමයි තමන් කැමති විදිහට ජීවත් වෙන්නේ නැතුව දෙවියන් කැමති විදිහට හැම තිස්සේම ජීවත් වෙන්න ඕනෙ කියන එක.—1කොරි 11:2-16.