6වෙනි පාඩම
බයිබල් පද අදාළ වන විදිහ පැහැදිලි කරන්න
යොහන් 10:33-36
සාරාංශය: නිකම්ම බයිබල් පදයක් කියවලා ඊළඟ කරුණට යන්න එපා. ඔයා පෙන්වන කරුණට කියවපු බයිබල් පදය සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා සවන් දෙන අයට පැහැදිලි කරන්න.
ඒක කරන විදිහ:
ප්‍රධාන වචන උලුප්පා දක්වන්න. බයිබල් පදයක් කියෙව්වාට පස්සේ ඔයා කතා කරන ප්‍රධාන කරුණට කෙළින්ම සම්බන්ධ වන වචන උලුප්පා දක්වන්න. ඒ වචන ආයෙත් කියවලා හෝ සවන් දෙන කෙනාට ඒ වචන හොයාගන්න උදව් වන ප්‍රශ්න අහලා හෝ ඒක කරන්න පුළුවන්.
මතක තියාගන්න ඕනෙ කරුණ කාවද්දන්න. ඔයා බයිබල් පදයක් හඳුන්වා දෙන්නේ ඒක කියවන්න හේතුව පැහැදිලි කරලා නම් පදයේ තියෙන ප්‍රධාන වචන ඔයා කියපු හේතුවට සම්බන්ධ වන විදිහ පෙන්වන්න.
අදාළ කිරීම සරල වෙන්න ඕනේ. ප්‍රධාන කරුණට සම්බන්ධ නැති තොරතුරු විස්තර කරන්න එපා. කතා කරන විෂය ගැන සවන් දෙන අය දැනටමත් දන්නේ මොනවාද කියලා හිතන්න. ඒ අනුව බයිබල් පදයේ අදාළ වීම පැහැදිලි කිරීමට කොච්චර තොරතුරු ප්‍රමාණයක් කියන්න ඕනෙද කියලා තීරණය කරන්න.