ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwbr21 මැයි 1-4 පි.
  • වැඩපොත සඳහා තොරතුරු - 2021 මැයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වැඩපොත සඳහා තොරතුරු - 2021 මැයි
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
  • උපමාතෘකා
  • මැයි 3-9
  • මැයි 10-16
  • මැයි 17-23
  • මැයි 24-30
  • මැයි 31–ජූනි 6
  • ජූනි 7-13
  • ජූනි 28–ජූලි 4
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
mwbr21 මැයි 1-4 පි.

‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු

මැයි 3-9

දේවවචනය නිධානයක් | ගණන් කතාව 27-29

දේවවචනයෙන් මැණික්

it-2-E 528 5¶

පූජා

පාන පූජා. අනිත් පූජා ඔප්පු කරන ගමන් තමයි පාන පූජාත් ඔප්පු කරලා තියෙන්නේ. පාන පූජාවක් ඔප්පු කළේ මධ්‍යසාර අඩංගු වයින් පූජාසනය මත වත් කරලයි. (ගණන් 28:7, 14; නික් 30:9; ගණන් 15:10 බලන්න.) ෆිලිප්පියේ හිටිය ක්‍රිස්තියානීන්ට පාවුල් මෙහෙම කිව්වා. “ඔබ තුළ තිබෙන විශ්වාසය නිසා මහජනයා වෙනුවෙන් ඔබ කරන මෙම සේවය පූජාවක් හා සමානය. ඒ පූජාව වෙනුවෙන් පාන පූජාවක් ලෙස මගේ ජීවිතය පුද කරන්න සිදු වුණත් මම එය සතුටින් කරමි.” ඒ අවස්ථාවේදී පාවුල් පාන පූජාවක් කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ සංකේතයක් විදිහටයි. එයා ඒ දේ කිව්වේ අනිත් ක්‍රිස්තියානීන් වෙනුවෙන් වෙහෙස නොබලා සේවය කරන්න එයා කැමැත්තෙන් ඉන්නවා කියන එක පෙන්වලා දෙන්නයි. (ෆිලි 2:17) තමන්ගේ මරණයට ටික කාලෙකට කලින් පාවුල් තිමෝතිට මෙහෙම කිව්වා. “මා වත් කරනු ලබන වයින් පූජාවක් හා සමානය. මා නිදහස ලබන මොහොතද ඉතා ආසන්නය.”—2තිමෝ 4:6.

මැයි 10-16

දේවවචනය නිධානයක් | ගණන් කතාව 30-31

“පොරොන්දුවක් වුණොත් ඒක ඉටු කරන්න”

it-2-E 1162

පොරොන්දු

පොරොන්දු ඉටු කරන එක අනිවාර්ය දෙයක් වුණා. කෙනෙක් පොරොන්දුවක් වුණේ කැමැත්තෙන්මයි. ඒත් පොරොන්දුවක් වුණාට පස්සේ ඒක අනිවාර්යයෙන්ම ඉටු කරන්න ඕනෙ කියලා දෙවියන් දුන්න නීතියේ කියලා තිබුණා. (ගණන් 30:2; රෝම 1:31, 32 බලන්න.) යෙහෝවා දෙවියන්ට පොරොන්දුවක් වෙන එක කෙනෙක්ගේ ජීවිතයට බලපාන බැරෑරුම් දෙයක්. ඒ නිසා පොරොන්දුවක් වෙන්න කලින් ඒ පොරොන්දුවට ඇතුළත් වෙන්නේ මොනවාද කියලා තේරුම්ගන්න එක හුඟක් වැදගත් දෙයක් වුණා. ඒ ගැන නීතියේ කියලා තිබුණේ මෙහෙමයි. “ඔබ යෙහෝවා දෙවිට භාරයක් වුණොත් එය ඉටු කිරීමට ප්‍රමාද නොවන්න. ඔබ ඒ භාරය ඉටු කරයි කියා යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වෙනවා. ඔබ එය ඉටු නොකළොත් එය පාපයක් වෙයි. නමුත් භාරයක් නොවී සිටීම පාපයක් නොවෙයි.”—ද්වි 23:21, 22.

it-2-E 1162

පොරොන්දු

කෙනෙක් දෙවියන්ට වෙන පොරොන්දුවකට යම් දෙයක් කරන එක, පරිත්‍යාගයක් කරන එක, විශේෂ සේවයක් ඉටු කරන එක එහෙමත් නැත්නම් නීතියට අනුව වැරදි නැති දෙයක් නොකර ඉන්න තීරණය කරන එක ඇතුළත් වෙනවා. ඒ වගේ පොරොන්දුවක් වෙනවාද නැද්ද කියලා තීරණය කරන්න කෙනෙක්ට නිදහස තිබුණා.

දේවවචනයෙන් මැණික්

it-2-E 28 1¶

තමන්ගේ දරුවන්ව ශුද්ධස්ථානයේ සේවය වෙනුවෙන් කැප කරන්න දෙමාපියන්ට අයිතිය තිබුණා. සාමුවෙල් ඒ වගේ කැප කරපු දරුවෙක්. හන්නා සාමුවෙල් ඉපදෙන්නත් කලින් එයාව ශුද්ධ කූඩාරමේ සේවය වෙනුවෙන් කැප කරනවා කියලා පොරොන්දු වුණා. හන්නා වෙච්ච පොරොන්දුවට එයාගේ ස්වාමිපුරුෂයා වුණ එල්කානා කිසිම විදිහකින් විරුද්ධ වුණේ නැහැ. සාමුවෙල් කිරි වැරුවාට පස්සේ හන්නා එයාව ශුද්ධස්ථානයට ගිහිල්ලා බාර දුන්නා. ඒත් එක්කම හන්නා සත්ව පූජාවකුත් අරගෙන ගියා. (1සාමු 1:11, 22-28; 2:11) සැම්සන් කියන්නෙත් නසරීතවරයෙක් විදිහට යෙහෝවා දෙවියන්ගේ සේවය වෙනුවෙන් කැප කරපු තවත් දරුවෙක්.—විනි 13:2-5, 11-14.

මැයි 17-23

දේවවචනය නිධානයක් | ගණන් කතාව 32-33

“දේශයේ ජීවත් වන සියලු වැසියන්ව පන්නා දමන්න”

it-1-E 404 2¶

කානාන්

කානානිවරුන්ව සම්පූර්ණයෙන්ම පන්නලා දාන්න කියලා යෙහෝවා දෙවියන් මෝසෙස්ට කිව්ව දේ යොෂුවා අකුරටම පිළිපැද්දා. (යොෂු 11:15) ඒත් ඊශ්‍රායෙල්වරුන් යොෂුවා වගේ කානානිවරුන්ව සම්පූර්ණයෙන්ම දේශයෙන් පන්නලා දැම්මේ නැහැ. කානානිවරු දිගටම දේශයේ හිටපු නිසා ඊශ්‍රායෙල්වරුන් එයාලා එක්ක විවාහ වුණා, බොරු නමස්කාරයට පෙලඹුණා. ඒ වගේම පිළිකුල් චාරිත්‍ර වාරිත්‍රවලට හවුල් වුණා. ඒ නිසා හුඟක් අයගේ ජීවිත නැති වුණා. (ගණන් 33:55, 56; විනි 2:1-3, 11-23; ගීතා 106:34-43) ඊශ්‍රායෙල්වරුන් මුලදිම යෙහෝවා දෙවියන් කිව්ව විදිහට කානානිවරුන්ව විනාශ කළා නම් ඒ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ.—නික් 23:32, 33; 34:12-17; ලෙවී 18:26-30; ද්වි 7:2-5, 25, 26.

දේවවචනයෙන් මැණික්

it-1-E 359 2¶

සීමා මායිම්

ගෝත්‍රවලට ඉඩම් බෙදා දුන්නේ දාදු දාලා එන ප්‍රතිඵලය සහ ගෝත්‍රයේ ප්‍රමාණය කියන කාරණා දෙක සැලකිල්ලට අරගෙනයි. දාදු දාන එකෙන් තමයි යම් ගෝත්‍රයකට දෙන්න ඕනෙ කොයි ප්‍රදේශයද කියලා තීරණය කළේ. එක් එක් ගෝත්‍රයේ ප්‍රමාණය අනුව ඒ ගෝත්‍රයට කොයි තරම් ඉඩම් ප්‍රමාණයක් ලැබෙනවාද කියන එක තීරණය කළා. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “එක් එක් ගෝත්‍රයට හා එක් එක් පවුලට දිය යුතු ප්‍රදේශය තීරණය කළ යුත්තේ දාදු දැමීමෙනුයි. දාදු වැටෙන ආකාරයට අනුව ඔවුන්ට අයිති වන ප්‍රදේශය නියම වෙයි. විශාල පවුල්වලට විශාල ඉඩම් ප්‍රමාණයක්ද කුඩා පවුල්වලට කුඩා ඉඩම් ප්‍රමාණයක්ද උරුමයක් ලෙස දිය යුතුයි. ඔබේ ගෝත්‍රයට අනුව ඔබට උරුමයක් ලැබෙයි.”—ගණන් 33:54.

මැයි 24-30

දේවවචනය නිධානයක් | ගණන් කතාව 34-36

දේවවචනයෙන් මැණික්

w92 4/1 21 13¶

ජීවිත පූජාව

ආදම්ටවත් ඒවටවත් යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මොකද මෝසෙස්ට දුන්න නීතියේ මෙහෙම කියලා තිබුණා. “මරණ දණ්ඩනය නියම කළ මිනී මරුවෙකුව මුදවාගන්නා පිණිස ගෙවන කිසි වන්දියක් භාර නොගන්න. ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.” (ගණන් කතාව 35:31) ආදම් රැවටුණේ නැහැ. එයා වරද කළේ හිතාමතාමයි. (1 තිමෝති 2:14) ආදම් කරපු වරද නිසා එයාගෙන් පැවතෙන හැම කෙනෙක්ටම පාපය සහ මරණය උරුම වුණා. ඒක හරියට ආදම් එයාලව මරණයට පත් කළා වගේ. ඒ වගේම ආදම් පරිපූර්ණ මිනිසෙක් විදියට හිතාමතාම දෙවියන්ගේ නීතියට අකීකරු වුණ නිසා එයාට අනිවාර්යයෙන්ම මරණ දඬුවම ලැබෙන්න ඕනෙ කියලා පැහැදිලියි. එහෙම බලද්දී ආදම්ට යේසුස්ගේ ජීවිත පූජාවෙන් සමාව දෙන එක යෙහෝවා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට කොහොමටවත් එකඟ නැහැ. හැබැයි ආදම්ගෙන් පැවතෙන අයට යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන්.—රෝම 5:16.

මැයි 31–ජූනි 6

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

nwtsty මතෙ 24:8 සටහන

දරුණු විපත්: මේ අදහස දෙන්න ග්‍රීක භාෂාවෙන් යොදාගෙන තියෙන වචනයෙන් මූලිකවම අදහස් වෙන්නේ දරුවෙක්ව බිහි කරද්දී දැනෙන වේදනාවයි. ඒ ග්‍රීක වචනය මෙතැනදී පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් මිනිසුන්ට ඇති වෙන දුක් කරදර ගැන විස්තර කරන්න. දරුවෙක් ඉපදෙන්න ළං වෙද්දී මවකට දැනෙන වේදනාව වැඩි වෙනවා වගේ මහත් පීඩාවට කලින් අපිට මුහුණ දෙන්න වෙන දුක් පීඩා එන්න එන්නම වැඩි වෙනවා කියලත් ඒවා තව තවත් දරුණු වෙනවා කියලත් ඒවා කාලයක් තිස්සේ දරාගෙන ඉන්න වෙනවා කියලත් කාවද්දන්න වෙන්න ඇති ඒ වචනය පාවිච්චි කරන්න ඇත්තේ.—මතෙ 24:21.

ජූනි 7-13

දේවවචනය නිධානයක් | ද්විතීය කතාව 3-4

“යෙහෝවා දෙවියන්ගේ ප්‍රඥාවන්ත සහ සාධාරණ නීති”

it-2-E 1140 5¶

අවබෝධයෙන් කටයුතු කිරීම

දෙවියන්ගේ වචනය උනන්දුවෙන් අධ්‍යයනය කරලා ජීවිතේට අදාළ කරගන්න කෙනෙක්ට එයාගේ ගුරුවරුන්ට වඩා හොඳ වටහාගැනීමේ හැකියාවක් ඇතුව වැඩ කරන්නත් වයසින් වැඩි අයට වඩා අවබෝධයෙන් වැඩ කරන්නත් පුළුවන් වෙනවා. (ගීතා 119:99, 100, 130; ලූක් 2:46, 47 බලන්න.) මොකද ප්‍රඥාව සහ අවබෝධය ලබාගන්න තියෙන එකම විදිහ දෙවියන්ගේ නීති සහ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන එකයි. ඊශ්‍රායෙල්වරුන් දෙවියන් දීලා තිබුණු නීතිවලට අනුව ජීවත් වුණා නම් අවට ජාතීන් එයාලව දකින්නේ “දැනුම් තේරුම් ඇති බුද්ධිමත් සෙනඟක්” විදිහටයි. (ද්වි 4:5-8; ගීතා 111:7, 8, 10; 1රාජා 2:3 බලන්න.) අවබෝධයෙන් කටයුතු කරන කෙනෙක් දෙවියන්ගේ වචනයේ සඳහන් වෙලා තියෙන අණපනත් කඩ කරන්න බැහැ කියලා තේරුම්ගන්නවා. ඒ වගේම ඒවාට එකඟව ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි එහෙම ජීවත් වෙන්න උදව් කරන්න කියලා දෙවියන්ට කන්නලව් කරනවා. (ගීතා 119:169) අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් දෙවියන්ගේ පණිවිඩය එයා තුළ ගැඹුරටම මුල් බහින්න ඉඩ දෙනවා. (මතෙ 13:19-23) එයාගේ සිත නමැති පුවරුවේ ඒ දේ ලියාගන්නවා. (හිතෝ 3:3-6; 7:1-4) ඒ වගේම “සියලු වැරදි මාර්ගවලට . . . ද්වේෂ කරනවා.” (ගීතා 119:104) යේසුස් ඒ වගේ අවබෝධයෙන් කටයුතු කරපු කෙනෙක්. බයිබලයේ තියෙන අනාවැකි ඉටු වෙන්න ඕන නිසා වධකණුවක මරණය පවා අද්දකින්න ඔහු කැමති වුණ එකෙනුත් ඒක පේනවා.—මතෙ 26:51-54.

ජූනි 28–ජූලි 4

දේවවචනය නිධානයක් | ද්විතීය කතාව 9-10

දේවවචනයෙන් මැණික්

w06 10/1 16-17 1-2, 5¶

අනාක්වරු

ක්‍රිස්තු පූර්ව 1473 වන විට ඊශ්‍රායෙල් ජනයා සිටියේ පොරොන්දු දේශය අද්දරයි. ඔවුන් මුහුණ දෙන්න යන්නාවූ දුෂ්කර තත්වයන් ගැන මෝසෙස් ජනයාට මතක් කරමින් මෙසේ පැවසුවා. “ඔබට වඩා බලවත් වූ මහත් වූ ජාතීන්ද අහස දක්වා පවුරු ඇති මහත් නුවරවල්ද ඔබ අඳුනන අනාක්වරුන්ගේ පුත්‍රයන් වන මහත් වූ උස් වූ සෙනඟක්ද හිමි කරගන්ට අද යොර්දානෙන් එතෙර යන්ට සිටින්නහුය. අනාක්ගේ පුත්‍රයන් ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටදැයි ඔවුන් ගැන කියනවා ඔබ ඇසුවහුය.” (ද්විතීය කතාව 9:1, 2) ඒ හැඩි දැඩි සෙනඟ යුද්ධයට නම්දරාපු අයයි. ඒ වගේම සමහර කානානිවරුන්ට සන්නද්ධ හමුදාවක් සිටියා. ඔවුන්ට අශ්වයෝද රෝදවලට මුවහත් යකඩ තලයක් සවි කර තිබූ රථද තිබුණා.—විනිශ්චයකාරයෝ 4:13.

2 අනෙක් අතට ඊශ්‍රායෙල්වරුන් ගැන කුමක් කියන්න පුළුවන්ද? ඔවුන් කලින් වහලුන්ව සිටි අතර ඉන්පසු අවුරුදු 40ක්ම ගත කළේ පාළු දේශයකයි. එමනිසා ඊශ්‍රායෙල්වරුන් ඔවුන්ගෙන් ජයගනියි කියා නම් කිසිම මිනිසෙකුට සිතන්න බැහැ. ඒ වුණත් මෝසෙස්ට ඇදහිල්ල තිබුණ නිසා යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වීම දෙන බව ඔහු ‘දැක්කා.’ (හෙබ්‍රෙව් 11:27) ‘ඔබට පෙරටුවෙන් යන තැනැත්තා නම් ඔබේ දෙවි වූ යෙහෝවායයි’ කියා මෝසෙස් ජනයාට කිව්වා. “දෙවි ඔවුන් විනාශ කොට ඔබ ඉදිරියෙහි ඔවුන් පහත් කරන්නේය.” (ද්විතීය කතාව 9:3; ගීතාවලිය 33:16, 17) මෝසෙස්ගේ මරණින් පසු යෝෂුවාව ශක්තිමත් කරමින් යෙහෝවා දෙවි කිව්වේ මෙසේයි. “ඊශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන දේශයට ඔබද මේ මුළු සෙනඟද දැන් නැඟිට මේ යොර්දානින් එතෙරට යන්න. ඔබේ ජීවිතයේ සියලු දවස්වල ඔබට විරුද්ධව සිටින්ට කිසිවෙකුටවත් නොහැකි වන්නේය. මම මෝසෙස් සමඟ සිටි ලෙස ඔබ සමඟත් සිටින්නෙමි.”—යෝෂුවා 1:2, 5.

5 තත්වය එසේ වුණත් මෙම ඔත්තුකරුවන් අතර සිටි දෙදෙනෙක් වන යෝෂුවා සහ කාලෙබ්ට අවශ්‍ය වුණේ ඉක්මනින්ම පොරොන්දු දේශයට ඇතුල් වෙන්නයි. කානානිවරුන් ගැන ඔවුන් කිව්වේ “ඒ දේශයෙහි සෙනඟට භය නොවන්න. මක්නිසාද ඔවුහු අපට ගොදුරු වෙති. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් ඉවත්ව ගියේය. යෙහෝවා අප සමඟ සිටින්නේය. ඔවුන්ට භය නොවන්න” කියායි. (ගණන් කතාව 14:9) ඔවුන් කියමින් සිටියේ කිසිම තේරුමක් නැති දෙයක්ද? ඇත්තෙන්ම නැහැ! අනිත් අය වගේම මොවුන් දෙදෙනාත් දැක තිබුණා යෙහෝවා දෙවි ඊජිප්තු වැසියන්ව සහ එහි දෙවිවරුන්ව වසංගත දහයක් ගෙන එමින් ලජ්ජාවට පත් කළ හැටි. ඒත් සමඟම පාරාවෝ සහ ඔහුගේ සේනාව රතු මුහුදේ ගිල්වා දැමූ හැටිත් ඔවුන් දැක්කා. (ගීතාවලිය 136:15) ඔත්තුකාරයන් දසදෙනාට සහ ඔවුන්ගේ කීමට ඇහුම්කන් දුන් අයගේ භය පදනම් විරහිත එකක්. ඒ ගැන යෙහෝවා දෙවි වේදනාවෙන් යුතුව ඇසුවේ මෙහෙමයි. “ඔවුන් අතරෙහි මා විසින් දැක්වූ සියලු ලකුණු දැකලාත් කොපමණ කල් අදහා නොගෙන සිටින්නෝද?”—ගණන් කතාව 14:11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න