‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
නොවැම්බර් 1-7
දේවවචනය නිධානයක් | යොෂුවා 18-19
“යෙහෝවා ඊශ්‍රායෙල් ගෝත්‍රවලට ඉඩම් බෙදලා දුන්නා”
it-1-E 359 1¶
සීමා මායිම්
ගෝත්‍රවලට ඉඩම් බෙදලා දෙද්දී දාදු දාලා එන ප්‍රතිඵලය සහ ගෝත්‍රයේ ප්‍රමාණය කියන කාරණා දෙක සැලකිල්ලට ගත්තා. දාදු දාන එකෙන් තමයි ගෝත්‍රයකට දෙන්න ඕනෙ කොයි ප්‍රදේශයද කියලා තීරණය කළේ. දාදු දාලා එන තීරණය යෙහෝවා දෙවියන්ගෙන් ලැබෙන තීරණයක් නිසා ගෝත්‍ර අතර ඊර්ෂ්‍යාවක් ඇති වෙන එක සහ රණ්ඩු ඇති වෙන එක වැළකුණා. (හිතෝ 16:33) යෙහෝවා මේ විදිහට මඟ පෙන්නපු නිසා යාකොබ් මැරෙන්න ළං වෙලා ඉද්දී කියපු අනාවැකියේ විදිහටම ගෝත්‍රවලට ඉඩම් ලැබුණා.—උත් 49:1-33.
it-1-E 1200 1¶
උරුමය
උරුමයක් විදිහට ලැබුණ ප්‍රදේශ. උත්පත්ති 49:5, 7 යාකොබ් මාර්ගයෙන් කියපු අනාවැකියේ තිබුණ විදිහට සිමියොන්ටයි ලෙවීටයි අනිත් ගෝත්‍රවලට වගේ උරුමයක් විදිහට වෙනම ප්‍රදේශ ලැබුණේ නැහැ. සිමියොන්ට ලැබුණේ යූදාට උරුමයක් විදිහට ලැබුණ ප්‍රදේශයේ තිබුණ නගර කීපයක් විතරයි.—යොෂු 19:1-9.
it-1-E 359 2¶
සීමා මායිම්
ගෝත්‍රයකට දෙන්නේ කොයි ප්‍රදේශයද කියලා දාදු දාලා තීරණය කළාට පස්සේ කොච්චර ප්‍රදේශයක් උරුමයක් විදිහට ඒ ගෝත්‍රයට දෙනවාද කියලා තීරණය කළා. ඒ ගැන බයිබලේ මෙහෙම කියනවා. “එක් එක් ගෝත්‍රයට හා එක් එක් පවුලට දිය යුතු ප්‍රදේශය තීරණය කළ යුත්තේ දාදු දැමීමෙනුයි. දාදු වැටෙන ආකාරයට අනුව ඔවුන්ට අයිති වන ප්‍රදේශය නියම වෙයි. විශාල පවුල්වලට විශාල ඉඩම් ප්‍රමාණයක්ද කුඩා පවුල්වලට කුඩා ඉඩම් ප්‍රමාණයක්ද උරුමයක් ලෙස දිය යුතුයි. ඔබේ ගෝත්‍රයට අනුව ඔබට උරුමයක් ලැබෙයි.” (ගණන් 33:54) ගෝත්‍රයකට දෙන ප්‍රදේශය අනිවාර්යයෙන්ම දාදු දාලා තීරණය කරන්න ඕනෙ වුණාට ගෝත්‍රයේ ඉන්න අයගේ ගාණට අනුව ලැබෙන ප්‍රදේශයේ ප්‍රමාණය අඩු වැඩි කරන්න පුළුවන්කම තිබුණා. උදාහරණෙකට යූදා ගෝත්‍රයට ලැබුණ ප්‍රදේශයෙන් නගර කීපයක්ම සිමියොන් ගෝත්‍රයට ලැබුණේ යූදා ගෝත්‍රයට ලැබුණ ප්‍රදේශය ප්‍රමාණයෙන් විශාල නිසයි.—යොෂු 19:9.
දේවවචනයෙන් මැණික්
it-1-E 359 5¶
සීමා මායිම්
යොර්දානෙන් බටහිර ප්‍රදේශය යටත් කරගන්න ඊශ්‍රායෙල්වරු පරක්කු වුණ එක ගැන ෂීලෝවලට ආවාට පස්සේ යොෂුවා ඉතුරු ගෝත්‍ර හතේ අයට තදින් කතා කෙරුවා. (යොෂු 18:2, 3) ඇත්තටම එයාලා එහෙම පරක්කු වෙන්න ඇත්තේ ඇයි? ඒ ගැන විචාරකයන් එක එක අදහස් කියනවා. එයාලා කියන්නේ මේ වගේ දේවල්. ඊශ්‍රායෙල්වරු යටත් කරගත්ත ප්‍රදේශවලින් ඇති වෙන්න කොල්ල කා ගත්ත නිසා එයාලා සෑහීමට පත් වෙන්න ඇති. ආයේ කාලෙකට සතුරු ප්‍රහාරයක් එල්ල වෙන එකක් නැති නිසා ලැබුණ සාමකාමී කාලය නිදහසේ ගෙවන්න ආස වෙන්න ඇති. ඒ නිසා කලබල වෙන්නේ නැතුව, වෙලාව තියෙන විදිහට ඉතුරු ප්‍රදේශ අල්ලගන්න පුළුවන් වෙයි කියලා හිතන්න ඇති. තැනින් තැන හිටිය බලවත් සතුරු හමුදාවන් අවුස්සගෙන නිරපරාදේ අමාරුවේ වැටෙන්න ඕනෙ නැහැ කියලා හිතපු එකත් පස්ස ගහන්න හේතුවක් වෙන්න ඇති. (යොෂු 13:1-7) යටත් කරගන්න තිබුණ ඒ ප්‍රදේශය ගැන එයාලට ලොකු දැනුමක් තියෙන්නත් නැතුව ඇති. පරක්කු වෙන්න මේ වගේ දේවල් හේතු වුණා කියලා හිතන්න පුළුවන්.
නොවැම්බර් 8-14
දේවවචනය නිධානයක් | යොෂුවා 20-22
දේවවචනයෙන් මැණික්
it-1-E 402 3¶
කානානිවරු
ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශය යටත් කරගත්තාට පස්සෙත් කානානිවරු හුඟදෙනෙක් දේශයේ හිටියා. ඒත් ‘යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වුණ විදිහටම’ ඒ දේශය උරුමයක් විදිහට ඊශ්‍රායෙල්වරුන්ට දුන්නා. එයාලා ‘යුධ බියක් නැතුව සාමකාමී’ ජීවිතයක් ගත කළා. ඒ නිසා “යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟට දුන් එක පොරොන්දුවක්වත් කඩ නොවී සියල්ල ඒ අයුරින්ම ඉටු වුණා” කියලා කියන්න පුළුවන්. (යොෂු 21:43-45) දේශයේ තැනින් තැන කානානිවරු හිටියාට එයාලා හිටියේ බයෙන්. ඒ නිසා එයාලා ඊශ්‍රායෙල්වරුන්ට තර්ජනයක් වුණේ නැහැ. යෙහෝවා කියලා තිබුණ විදිහට කානානිවරුන්ව දේශයෙන් පන්නලා දැම්මේ “ටිකෙන් ටික.” මොකද එහෙම වුණේ නැත්නම් එකපාරටම පාළුවට ගිය ප්‍රදේශවලට වනසතුන් ඇතුල් වෙලා උන්ගේ ගාණ වැඩි වෙලා ඊශ්‍රායෙල්වරුන්ට හානියක් වෙන්න ඉඩ තිබුණා. (නික් 23:29, 30; ද්වි 7:22) කානානිවරුන්ට යකඩ උල් සවි කරපු අශ්ව රථ වගේ දියුණු යුධ උපකරණ තිබුණ බව ඇත්ත. ඒත් එයාලට සමහර ප්‍රදේශ යටත් කරගන්න බැරි වුණ හේතුව යෙහෝවා පිට පටවන්න බැහැ. (යොෂු 17:16-18; විනි 4:13) ඊශ්‍රායෙල්වරු කරපු යුද්ධවලින් කීපයක් පැරදුණේ එයාලා යෙහෝවාට විශ්වාසවන්තව හිටියේ නැති නිසයි.—ගණන් 14:44, 45; යොෂු 7:1-12.
නොවැම්බර් 15-21
දේවවචනය නිධානයක් | යොෂුවා 23-24
“ඊශ්‍රායෙල්වරුන්ට යොෂුවාගෙන් උපදෙස්”
it-1-E 75
කිට්ටු බැඳීම්
ඊශ්‍රායෙල්වරුන්ගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වෙලා තිබුණ විදිහටම පොරොන්දු දේශය අත් කරගන්න යෙහෝවා එයාලට අවස්ථාව දීලා තිබුණා. එයාලා ඒ දේශයේ ජීවත් වෙන්න යන්නේ විදේශිකයන් විදිහට නෙවෙයි. ඒ නිසා ඒ දේශයේ හිටපු වෙනත් ජාතීන් එක්ක කිසිම සම්බන්ධකමක් ඇති කරගන්න එපා කියලා යෙහෝවා අණ කෙරුවා. (නික් 23:31-33; 34:11-16) යෙහෝවා දෙවියන්ගේ නීතිවලට විතරක් කීකරු වෙන්න කියලත් ඒ ජාතීන්ගේ කිසිම චාරිත්‍රයක් අනුගමනය කරන්න එපා කියලත් යෙහෝවා එයාලට කිව්වා. (ලෙවී 18:3, 4; 20:22-24) ඒ වගේම ඒ ජාතීන්වලට අයිති අයත් එක්ක විවාහ වෙන්න එපා කියලත් පැහැදිලිව කිව්වා. මොකද එහෙම වුණොත් බොරු දෙවිවරුන්ට නමස්කාර කරන බිරිඳ එක්ක විතරක් නෙවෙයි එයාගේ නෑදෑයන් එක්කත් ළඟින් ආශ්‍රය කරන්න වෙනවා. එතකොට එයාලගේ චාරිත්‍ර පිළිපදින්නත් බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්නත් පෙලඹෙන්න පුළුවන්. අන්තිමේදී යෙහෝවාව අත්හරින්න වුණත් ඒ වගේ කෙනෙක් පෙලඹෙන්න පුළුවන්. ඒක එයාලට ලොකු උගුලක්.—ද්වි 7:2-4; නික් 34:16; යොෂු 23:12, 13.
දෙසැම්බර් 13-19
දේවවචනය නිධානයක් | විනිශ්චයකරුවෝ 8-9
දේවවචනයෙන් මැණික්
it-1-E 753 1¶
ඒෆොද් හැට්ටය
ගිඩියොන් ඒෆොද් හැට්ටය හැදුවේ යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට දීපු ජයග්‍රහණය සිහි කරන්න සහ දෙවියන්ව ගෞරවයට පත් කරන්න හිතාගෙනයි. ඒත් ඊශ්‍රායෙල්වරු ඒකට නමස්කාර කරන්න පටන්ගත්තා. ඒ නිසා ‘ගිඩියොන්ටයි එයාගේ පවුලේ අයටයි ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා.’ (විනි 8:27) හැබැයි ගිඩියොන් ඒෆොද් හැට්ටයට නමස්කාර කළා කියලා බයිබලේ කියලා නැහැ. එයා එහෙම කළා නම් “විශාල වලාකුළක් හා සමාන” යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන් ගැන කියද්දී පාවුල් ගිඩියොන්ගේ නම සඳහන් කරයි කියලා හිතන්න බැහැ.—හෙබ්‍රෙ 11:32; 12:1.
දෙසැම්බර් 20-26
දේවවචනය නිධානයක් | විනිශ්චයකරුවෝ 10-12
“යෙප්තා යෙහෝවාට ළැදි කෙනෙක්”
it-2-E 27 2¶
යෙප්තා
යෙප්තා අම්මොන්වරුන්ගේ රජුට පණිවිඩයක් යවලා ඇහුවා ඊශ්‍රායෙල් දේශයට විරුද්ධව යුද්දෙට එන්නේ ඇයි කියලා. එතකොට අම්මොන්වරුන්ගේ රජ කිව්වා ඊශ්‍රායෙල්වරු අම්මොන්වරුන්ගේ දේශය බලහත්කාරයෙන් අල්ලගත්ත නිසයි කියලා. (විනි 11:12, 13) යෙප්තා නිකම්ම දරදඬු, නොසන්ඩාල මනුස්සයෙක් නෙවෙයි. ඒ වෙනුවට එයා කියපු කරපු දේවල්වලින් පැහැදිලි වෙනවා එයාට ඊශ්‍රායෙල්වරුන්ගේ ඉතිහාසය ගැනත් යෙහෝවා අතීතයේදී ඔහුගේ සෙනඟ එක්ක කටයුතු කරපු විදිහ ගැනත් හොඳ දැනුමක් තිබුණා කියලා. එයා අම්මොන්වරුන්ගේ රජුට මේ කරුණු තුන පැහැදිලිව කිව්වේ ඒ නිසයි. (1) ඊශ්‍රායෙල්වරු මෝවබ් දේශයවත් අම්මොන්වරුන්ගේ දේශයවත් ඒදොම්වරුන්ගේ දේශයවත් බලහත්කාරයෙන් අල්ලගත්තේ නැහැ. (විනි 11:14-18; ද්වි 2:9, 19, 37; 2ලේක 20:10, 11) (2) ඊශ්‍රායෙල්වරු මේ දේශය අත් පත් කරගත්ත කාලේදී ඒ දේශය තිබුණේ අමෝරිවරු යටතේ. යෙහෝවා දෙවියන් තමයි ඊශ්‍රායෙල්වරුන්ට ඒ දේශය අත් කරලා දුන්නේ. (3) අවුරුදු 300ක්ම ඊශ්‍රායෙල්වරු ඒ ප්‍රදේශයේ ජීවත් වුණා. ඒත් කිසිම අම්මොන්වරයෙක් යුද්දෙට ආවේ නැහැ. ඇයි දැන් යුද්දෙට එන්නේ?—විනි 11:19-27.
it-2-E 27 3¶
යෙප්තා
ඇති වෙලා තියෙන ප්‍රශ්නේ යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරයට සම්බන්ධයි කියලා යෙප්තා තේරුම්ගත්තා. ඒ නිසා තමයි එයා කිව්වේ යෙහෝවා දෙවියන් අපිට දීපු දේශයෙන් බිම් අඟලක්වත් බොරු දෙවිවරුන්ට නමස්කාර කරන අයට දෙන්නේ නැහැ කියලා.
දේවවචනයෙන් මැණික්
it-2-E 26
යෙප්තා
යෙප්තා අවජාතක දරුවෙක් නෙවෙයි. යෙප්තාගේ අම්මා කලින් “ගණිකාවක්.” හැබැයි යෙප්තා ගණිකාවකගේ පුතෙක් කියලවත් අවජාතකයෙක් කියලවත් කියන්න බැහැ. මොකද යෙප්තා ඉපදෙද්දී එයාගේ අම්මා ගිලියද් (යෙප්තාගේ තාත්තා) එක්ක විවාහ වෙලයි හිටියේ. හරියට රාහබ් වගේ. එයාත් කලින් ගණිකාවක්. ඒත් පස්සේ එයා සල්මොන් එක්ක විවාහ වුණා. (විනි 11:1; යොෂු 2:1; මතෙ 1:5) යෙප්තා අවජාතක දරුවෙක් නෙවෙයි කියලා කියන්න තව සාක්ෂි තියෙනවා. ඒවායින් කීපයක් බලන්න. ගිලියද්ගේ මුල් බිරිඳගේ දරුවන් යෙප්තාව ගෙදරින් පැන්නුවේ තාත්තාගෙන් දරුවෝ හැමෝටම ලැබුණ උරුමය යෙප්තා එක්ක බෙදාගන්න අකමැති වුණ නිසා. (විනි 11:2) ඒ වගේම පස්සේ කාලෙක ගිලියද් දේශයේ වැඩිමහල්ලෝ යෙප්තාව එයාලගේ ප්‍රධානියා විදිහට පත් කරගත්තා. (විනි 11:11) ඒ විතරක් නෙවෙයි යෙප්තා ශුද්ධ කූඩාරමට ගිහින් යෙහෝවා දෙවියන්ට පූජාවක් ඔප්පු කරලත් තියෙනවා. එයා අවජාතක කෙනෙක් නම් එහෙම කරන්න එයාට බැහැ. මොකද නීතියෙන් ඒක තහනම් කරලයි තිබුණේ.—විනි 11:30, 31; ද්වි 23:2.