ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • th 8 පාඩම 11 පි.
  • උදාහරණ පාවිච්චි කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • උදාහරණ පාවිච්චි කරන්න
  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • සමාන තොරතුරු
  • සුදුසු උපහැරණ
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • ‘ඔහු උපමාවක් භාවිත නොකර ඔවුන්ට කතා කළේ නැහැ’
    “මගේ අනුගාමිකයෙක් වෙන්න”
  • ඔහු “උපමාවක් නැතිව ඔවුන්ට කතා නොකළේය”
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තීක්ෂ්ණ බුද්ධියෙන් සහ ඒත්තුගන්වනසුලුභාවයෙන් උගන්වන්න
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
th 8 පාඩම 11 පි.

8වෙනි පාඩම

උදාහරණ පාවිච්චි කරන්න

බයිබල් පදයක්

මතෙව් 13:34, 35

සාරාංශය: උගන්වද්දී සවන් දෙන අයගේ හිතට කාවදින, වැදගත් කරුණු කියලා දෙන සරල උදාහරණ පාවිච්චි කරන්න.

ඒක කරන විදිහ:

  • සරල උදාහරණ තෝරාගන්න. යේසුස් කළා වගේ බැරෑරුම් කාරණයක් පැහැදිලි කරන්න සරල උදාහරණයක් යොදාගන්න. අනවශ්‍ය තොරතුරු එකතු කරලා උදාහරණය සංකීර්ණ කරන්න එපා. පාවිච්චි කරන උදාහරණයේ තියෙන තොරතුරු ඔයා උගන්වන්න හදන පාඩමට ගැළපුණේ නැත්නම් සවන් දෙන අයගේ මනස ප්‍රධාන කරුණෙන් වෙන පැත්තකට යන්න පුළුවන්.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    ඔයා අවට තියෙන දේවල් හොඳින් නිරීක්ෂණය කරන්න. සංවිධානයේ ප්‍රකාශන හොඳින් අධ්‍යයනය කරන්න. දක්ෂ ගුරුවරුන්ට ඇහුම්කන් දෙන්න. එහෙම කරද්දී ඔයාගේ ඉගැන්වීම්වලදී පාවිච්චි කරන්න පුළුවන් උදාහරණ ඔයාට හම්බ වෙයි. ඒවා එකතු කරලා තියාගන්න.

  • සවන් දෙන අයට ප්‍රයෝජනවත් වන දේ ගැන හිතන්න. සවන් දෙන අය සාමාන්‍යයෙන් කරන, එයාලා උනන්දු වන දේවල්වලට සම්බන්ධ උදාහරණ තෝරාගන්න. ඒත් එයාලා අපහසුතාවට පත් වන උදාහරණ තෝරාගන්න එපා.

  • ප්‍රධාන කරුණ උගන්වන්න. හැම පොඩි කරුණකටම උදාහරණ පාවිච්චි කරන්න එපා. උදාහරණය විතරක් නෙමෙයි ඒකෙන් කියලා දෙන පාඩම සවන් දෙන අයට මතක තියාගන්න උදව් කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න