ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 මැයි 11 පි.
  • ඔයාගේ ආශාවන් පාලනය කරගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාගේ ආශාවන් පාලනය කරගන්න
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දුම් බොන එක ගැන මං දැනගෙන ඉන්න ඕනෙ මොනවාද?
    යොවුන් සිතේ ගැටලු
  • දුම්පානය එතරම්ම හානිකරද?
    2011 පිබිදෙව්!
  • දුම් පානය දෙවියන් අනුමත කරනවාද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැරදි ආශාවන්ගෙන් සිත ආරක්ෂා කරගන්නේ කෙසේද?
    2003 පිබිදෙව්!
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 මැයි 11 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ඔයාගේ ආශාවන් පාලනය කරගන්න

පව්කාරකම උරුම වෙලා තියෙන අපිට අපේ ආශාවන් පාලනය කරගන්න ලොකු සටනක් කරන්න වෙනවා. අපිට ආස හිතෙන හැම දේම අපි කරන්න ගියොත් අන්තිමේදී යෙහෝවා එක්ක අපිට තියෙන බැඳීමත් නැති වෙයි. උදාහරණෙකට සමහරු කෑම බීම, ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල් වගේ දේවල්වලට තියෙන ආශාව නිසා දෙවියන්ව දෙවෙනි තැනට දාලා තියෙනවා. තවත් අය දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්ති තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැතුව වැරදි ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්නවා. (රෝම 1:26, 27) අනිත් අයගේ පිළිගැනීම ලබන්න තියෙන ආශාව නිසාත් සමහරු වැරදි දේවල් කරන්න පෙලඹිලා තියෙනවා.—නික් 23:2.

වැරදි ආශාවන් පාලනය කරගන්න පුළුවන් කොහොමද? යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න උපරිමයෙන් වෑයම් කරන එක ඒකට උදව් වෙනවා. (මතෙ 4:4) ඒ වගේම වැරදි ආශාවන් පාලනය කරගන්න උදව් ඉල්ලලා අපි ලොකු ඕනෙකමකින් යාච්ඤා කරන්න ඕනේ. මොකද අපිට හොඳම දේ මොකක්ද කියලත් අපේ ආශාවන් තෘප්තිමත් කරන්න පුළුවන් කොහොමද කියලත් අපිට වඩා හොඳින් ඔහු දන්නවා.—ගීතා 145:16.

‘දුමට පෙම් කරලා ජීවිතය පුච්චගන්න එපා!’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • “දුමට පෙම් කරලා ජීවිතය පුච්චගන්න එපා!” කියන වීඩියෝ එකේ දර්ශනයක්. දුමට ඇබ්බැහි කරන යන්ත්‍රය ඇතුළෙන් යන මිනිස්සු.

    සමහරු සිගරට් බොන්නේ ඇයි?

  • “දුමට පෙම් කරලා ජීවිතය පුච්චගන්න එපා!” කියන වීඩියෝ එකේ දර්ශනයක්. දරුණු විදිහට කහින දුම් බොන කෙනෙක්ගේ පෙනහළු..

    සිගරට් බිව්වොත් මොනවා වෙයිද?

  • “දුමට පෙම් කරලා ජීවිතය පුච්චගන්න එපා!” කියන වීඩියෝ එකේ දර්ශනයක්. ව්‍යාපාරිකයෙක් ඇමක් විදිහට ඉලෙක්ට්‍රෝනික සිගරට් එකක් පාවිච්චි කරනවා.

    සිගරට්, ඉලෙක්ට්‍රෝනික සිගරට් බොන එක වැරදි ඇයි?—2කොරි 7:1

  • “දුමට පෙම් කරලා ජීවිතය පුච්චගන්න එපා!” කියන වීඩියෝ එකේ දර්ශනයක්. කාන්තාවක් උඩුමහලේ ඉඳන් අහස දිහා බලන් ඉන්නවා.

    සිගරට් බොන පුරුද්දෙන් ගොඩ එන්න ඔයාට පුළුවන්!

    කෙනෙක් ඔයාට සිගරට් එකක් දෙද්දී “එපා” කියන්නත් සිගරට්වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්ට ඒකෙන් ගොඩ එන්නත් පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න