යහපත් ක්‍රිස්තියානීන් වෙමු
දිවි තුරා තියෙන බැඳීමක්!
සාර්ථක විවාහ ජීවිතයක් ගත කරද්දී ඒකෙන් යෙහෝවාට ගෞරවයක් ලැබෙනවා. යුවළත් ලොකු සතුටක් අද්දකිනවා. (මාක් 10:9) හැබැයි ඔයාගේ විවාහ ජීවිතය හැමදාටම තියෙන, සතුටින් පිරුණු එකක් කරගන්න නම් ඔයා බඳින කෙනාව බයිබලයේ තියෙන ප්‍රතිපත්තිවලට එකඟව තෝරගන්න ඕනේ.
විවාහ වෙන අරමුණින් කෙනෙක්ව ඇසුරු කරන්න කලින් ඔයා ‘යොවුන් විය පහු කරලා ඉන්න’ ඕනේ. (1කොරි 7:36) මොකද ඒ කාලෙදී ලිංගික හැඟීම් ප්‍රබල වෙන නිසා පැහැදිලිව හිතන්න, හරි තීරණ ගන්න ඔයාට අමාරු වෙන්න පුළුවන්. ඔයා දවසක සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න කැමති නම් තනිකඩ කාලෙදී යෙහෝවාට තව ළං වෙන්න. ඔහු කැමති ගුණාංග ඇති කරගන්න.
බඳින්න එකඟ වෙන්න කලින් යාළු වෙලා ඉන්න කෙනාගේ “ඇතුළාන්තය” ගැන හොඳට දැනගන්න ඇති තරම් කාලය ගන්න. (1පේතෘ 3:4) එයා කරන කියන දේවල් ගැන බරපතළ සැකයන් තියෙනවා නම් ඒ ගැන එයාත් එක්ක විවෘතව කතා කරන්න. විවාහයේදී බලාපොරොත්තු වෙන්නේ ‘එයාගෙන් වෙන්න ඕනෙ මොනවද කියන එකට වඩා ඔයාගෙන් වෙන්න ඕනෙ මොනවද’ කියන එකයි. (ෆිලි 2:3, 4) ඔයා බඳින්න කලින් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න පුරුදු වෙලා තියෙනවා නම් බැන්දාට පස්සේ ඒවා අදාළ කරගන්න අමාරු වෙන්නේ නැහැ.
‘විවාහයට සූදානම් වීම - 3වන කොටස: වියදම ගණන් බලන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
යාළු වෙලා හිටපු මුල් දවස්වල දෙන්නා කාලේ ගත කළේ කොහොමද?
ෂේන්ව ටිකෙන් ටික දැන හඳුනා ගද්දී සහෝදරීට මොකක්ද තේරුණේ?
සහෝදරීට එයාගේ අම්මායි, තාත්තායි උදව් කෙරුවේ කොහොමද? එයා ගත්ත බුද්ධිමත් තීරණය මොකක්ද?