ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwbr22 සැප්තැම්බර් 1-2 පි.
  • ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
  • උපමාතෘකා
  • සැප්තැම්බර් 26–ඔක්තෝබර් 2
  • ඔක්තෝබර් 17-23
  • ඔක්තෝබර් 31–නොවැම්බර් 6
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
mwbr22 සැප්තැම්බර් 1-2 පි.

‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු

සැප්තැම්බර් 26–ඔක්තෝබර් 2

දේවවචනය නිධානයක් | 1 රාජාවලිය 15–16

“ඔයාත් ආසා වගේ ධෛර්යයවත් කෙනෙක්ද?”

it-1-E 184-185

ආසා රජ

ආසා (යෙහෝෂපාට්ගේ තාත්තා) අවුරුදු 41ක් යූදා රාජ්‍යය පාලනය කෙරුවා. සමහර අවස්ථාවලදී එයා වැඩ කෙරුවේ දුර දිග නොබලා අනුවණ විදිහට, යෙහෝවා දෙවියන් මත රඳන්නේ නැතුව. ඒත් එයා හොඳ රජෙක්. බොරු නමස්කාරය දේශයෙන් අයින් කරන්න ගොඩක් මහන්සි වුණා. එයා අතින් වැරදි වුණත් එයා කරපු හොඳ දේවල්, වැරදිවලට වඩා වැඩියි. ඒ නිසා එයාව හඳුන්වන්නේ යූදා රාජ්‍යයේ හිටපු විශ්වාසවන්ත රජෙක් විදිහට.—2ලේක 15:17.

ඔක්තෝබර් 17-23

දේවවචනය නිධානයක් | 1 රාජාවලිය 21–22

“අධිකාරිය යෙහෝවා වගේ පාවිච්චි කරන්න”

it-2-E 21

ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි

ආහබ් සහ යෙහෝෂපාට් රජවරුන්ට අනාගතවක්තෘ මිකායා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි තම සිංහාසනයේ ඉඳගෙන සිටිනවා මම දුටුවා. ස්වර්ගයේ සේනාවන් ඔහුගේ දකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් සිටිනවාත් මම දුටුවා.” (1රාජා 22:19-21) ඒ වෙලාවේ මිකායා විස්තර කෙරුවේ හමුදාවක් වගේ ඉන්න දේවදූතයන් ගැන. ඒ තරම් විශාල දේවදූතයන් සංඛ්‍යාවක් ඉන්න නිසයි යෙහෝවා දෙවියන්ව ස්වර්ගයේ සේනාවල අධිපතියා විදිහට හඳුන්වලා තියෙන්නේ. යෙහෝවා දෙවියන් මොන තරම් බලවත් සෙන්පතියෙක්ද කියලා ඒකෙන් පැහැදිලියි.

it-2-E 245

බොරුව

සමහරු යේසුස් පිළිබඳ ශුභාරංචිය පිළිගන්නවා වෙනුවට “බොරු දේවල් විශ්වාස කරන්න” කැමතියි. යෙහෝවා දෙවියනුත් ඒ අය තුළ “එම මුළාකරවන බලපෑම ක්‍රියාත්මක වෙන්න” ඉඩහරිනවා. (2තෙස 2:9-12) මේ දේ ආහබ් රජුගේ කාලයේ සිද්ධ වුණ දෙයකින් පැහැදිලි වෙනවා. බොරු අනාගතවක්තෘවරු සහතික කරලාම කිව්වේ ආහබ් රජ රාමොත්-ගිලියද්ට විරුද්ධව කරන සටන දිනනවාමයි කියලයි. ඒත් අනාගතවක්තෘ මිකායා විනාශයක් වෙනවා කියලා කලින්ම අනතුරු අඟවලා තිබුණා. දර්ශනයක් මාර්ගයෙන් යෙහෝවා ඔහුගේ අනාගතවක්තෘවරයා වුණ මිකායාට කිව්වේ දේවදූතයෙක් ආහබ්ගේ අනාගතවක්තෘවරු මාර්ගයෙන් ආහබ්ව රවට්ටනවා කියලයි. ඒ කියන්නේ ඒ දේවදූතයා යෙහෝවා දෙවියන් ඔහුට දුන්නු බලය පාවිච්චි කරලා රජ අහන්න කැමැත්තෙන් හිටිය, ඒ අනාගතවක්තෘවරු කියන්න කැමැත්තෙන් හිටිය දේ කියන්න පෙලඹුවා. මිකායා මාර්ගයෙන් අනතුරු ඇඟෙව්වත් ආහබ් කැමති වුණේ බොරු අනාගතවක්තෘවරුන්ව විශ්වාස කරන්නයි. අන්තිමට ජීවිතෙන් වන්දි ගෙවන්න එයාට සිද්ධ වුණා.—1රාජා 22:1-38.

ඔක්තෝබර් 31–නොවැම්බර් 6

දේවවචනය නිධානයක් | 2 රාජාවලිය 3-4

දේවවචනයෙන් මැණික්

it-2-E 697 2¶

අනාගතවක්තෘවරු

“අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයන්.” මේ අය අනිවාර්යෙන්ම අනාගතවක්තෘවරුන්ගේ පුතාලාමයි කියලා කියන්න බැහැ. සමහරවිට ඒ විදිහට හඳුන්වලා තියෙන්නේ අනාගතවක්තෘවරු කණ්ඩායමක ඉන්න සාමාජිකයන්ව විස්තර කරන්න. ඒ වගේ කණ්ඩායම් බෙතෙල්වල, යෙරිකෝවේ සහ ගිලියද්වල ඉඳලා තියෙනවා. (2රාජා 2:3, 5; 4:38) සාමුවෙල් සහ එලිෂා, ඒ වගේ කණ්ඩායම්වල පෙරමුණ අරන් වැඩ කරලා තියෙනවා. (1සාමු 19:19, 20; 2රාජා 4:38; 6:1-3) බයිබල් වාර්තාවේ සඳහන් වෙන විදිහට එයාලටම කියලා ස්ථිර තැනක් තිබුණේ නැහැ. සමහර අවස්ථාවලදී අනිත් අයගේ ආයුධ, උපකරණත් පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා එයාලා ගත කරලා තියෙන්නෙ සරල ජීවිතයක් කියලා. එයාලා පදිංචි වුණේ එකට. කෑම කෑවේ බෙදා හදා ගෙන. සමහර අවස්ථාවලදී විශේෂ පැවරුම් කරන්නත් අනාවැකි කියන්නත් යෙහෝවා එයාලව පාවිච්චි කරලා තියෙනවා.—1රාජා 20:35-42; 2රාජා 4:1, 2, 39; 6:1-7; 9:1, 2.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න