ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwbr22 නොවැම්බර් 1-5 පි.
  • ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
  • උපමාතෘකා
  • නොවැම්බර් 7-13
  • නොවැම්බර් 14-20
  • නොවැම්බර් 28–දෙසැම්බර් 4
  • දෙසැම්බර් 12-18
  • දෙසැම්බර් 19-25
  • දෙසැම්බර් 26–ජනවාරි 1
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත සඳහා තොරතුරු
mwbr22 නොවැම්බර් 1-5 පි.

‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු

නොවැම්බර් 7-13

දේවවචනය නිධානයක් | 2 රාජාවලිය 5-6

“ඒ අයට වඩා විශාල පිරිසක් අපිත් එක්ක ඉන්නවා!”

it-1-E 716 4¶

එලිෂා

ඊශ්‍රායෙලය සිරියාවෙන් නිදහස ලබයි. යෙහෝරම් රජ ඊශ්‍රායෙල් රාජ්‍යය පාලනය කරපු කාලේදී ඊශ්‍රායෙල් දේශයට විරුද්ධව හදිසි ප්‍රහාරයක් එල්ල කරන්න සිරියාව සැලසුම් කෙරුවා. ඒත් එලිෂා දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් සිරියානුවන්ගේ හැම උපායක්ම යෙහෝරම් රජට හෙළි කෙරුවා. මුලදි සිරියාවේ 2වෙනි බෙන්-හාදද් රජ හිතුවේ ඔත්තුව දීලා තියෙන්නේ එයාගෙම කඳවුරේ කෙනෙක් කියලා. හැබැයි එහෙම කරන්නේ එලිෂා කියලා දැනගත්තම එයා අශ්වයන්ගෙන් සහ අශ්ව රථවලින් සන්නද්ධ හමුදාවක් යැව්වා එලිෂාව අල්ලගන්න. ඒ සේනාව දැක්කම එලිෂාගේ සේවකයා හොඳටම බය වුණා. ඒත් සේවකයාගේ ඇස් පහදන්න කියලා එලිෂා යාච්ඤා කෙරුවා. එතකොට “එලිෂා සිටි ස්ථානය අවට තිබූ කඳුකර පළාත පුරාම ගිනි වැනි වූ අශ්වයන් සහ අශ්ව රථ තිබෙනවා ඔහුගේ සේවකයා දැක්කා.” සිරියානු හමුදාව ළං වෙද්දී එලිෂා යෙහෝවාට මෙහෙම යාච්ඤා කෙරුවා. “අනේ දෙවියනි, මේ අයගේ ඇස් අන්ධ කරන්න.” ඊටපස්සේ එලිෂා, සිරියානුවන්ට “මාත් එක්ක එන්න” කියලා කිව්වා. හැබැයි එලිෂා එයාලව අතින් අල්ලගෙන එක්කන් ගියේ නැහැ. මොකද ඇත්තටම අන්ධ වුණේ එයාලගේ ඇස් නෙමෙයි, එයාලගේ මනස්. එයාලට එලිෂාව අඳුරගන්න බැරි වුණෙත් එලිෂා එයාලව එක්කගෙන යන්නේ කොහේටද කියලා තේරුම්ගන්න බැරි වුණෙත් ඒ නිසයි.—2රාජා 6:8-19.

it-1-E 343 1¶

අන්ධභාවය

හමුදාවේ අයගේ ඇස් ඇත්තටම අන්ධ වුණා නම් ඒ හැමෝවම අතින් අල්ලගෙන එක්කගෙන යන්න වෙනවා. හැබැයි එලිෂා එයාලට කිව්වේ “ඔබ යන්නේ වැරදි පාරේ. ඔබ යා යුත්තේ මේ නුවරට නෙවෙයි. මාත් එක්ක එන්න” කියලයි. එයාලා හිටියේ එයාලගේ මනස් අන්ධ වෙලා. වෛද්‍යවරුන් කියන විදිහට කෙනෙක්ට මානසික අන්ධභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් යම් දෙයක් දැක්කට දැක්කේ මොනවාද කියලා අඳුරගන්න බැහැ. එහෙම වෙන්නේ එයා දැක්කේ මොනවාද කියන පණිවිඩය මොළෙන් නිකුත් වෙන්නේ නැති නිසයි. එදා සිරියානු හමුදාවට යෙහෝවා කෙරුවෙත් ඒ වගේ දෙයක්.—2රාජා 6:8-20.

නොවැම්බර් 14-20

දේවවචනය නිධානයක් | 2 රාජාවලිය 7-8

“අපි නොහිතන දේ කරන්න අපේ දෙවියන්ට පුළුවන්”

it-1-E 716-717

එලිෂා

සිරියාවේ 2වෙනි බෙන්-හාදද් රජ සමාරිය වැටලුවා. වැටලීම නිසා සමාරියේ දරුණු සාගතයක් ඇති වුණා. ඒක කොයි තරම් දරුණු වුණාද කියනවා නම් ස්ත්‍රියක් එයාගේ පුතාව තම්බන් කෑවා කියලා එක අවස්ථාවකදී ඊශ්‍රායෙල් දේශයේ යෙහෝරාම් රජට දැනුම් දෙනවා. ඒත් එලිෂා යෙහෝරාම්ට කිව්වා ඊළඟ දවසේදී සෙනඟට ඇති තරම් කන්න ලැබෙනවා කියලා. යෙහෝවා කියපු දේ ඉටු කෙරුවේ කොහොමද? යෙහෝවා සිරියාවේ හමුදාව බය කෙරුවා. සතුරු හමුදාවන් එකතු වෙලා තමන්ට විරුද්ධව සටනට එනවා වගේ ශබ්දයක් එයාලට ඇහෙන්න යෙහෝවා සැලැස්සුවා. බය වුණ පාර සමාරිය වටලගෙන හිටපු සිරියාවේ හමුදාව හැම දෙයක්ම දාලා පලා ගියා. එයාලා ගියේ ගෙනාපු කෑමත් කඳවුරේ දාලයි.—2රාජා 6:24–7:20.

දේවවචනයෙන් මැණික්

it-2-E 195 7-8¶

පහන

දාවිත්ගේ රජ පෙළපත. යෙහෝවා දෙවියන් දාවිත්ව ඊශ්‍රායෙල් දේශයේ රජ විදිහට පත් කෙරුවා. දෙවියන්ගේ මඟ පෙන්වීම යටතේ වැඩ කරපු දාවිත් තමන් ප්‍රඥාවන්ත මඟ පෙන්වන්නෙක් වගේම හොඳ නායකයෙක් කියලා ඔප්පු කෙරුවා. ඒ නිසා එයාව “ඊශ්‍රායෙල්හි පහන” කියලා හැඳින්නුවා. (2 සාමු. 21:17) යෙහෝවා දාවිත් එක්ක ඇති කරගත්ත ගිවිසුමෙන් මෙහෙම පොරොන්දු වුණා. “ඔබේ රාජ්‍යයත් ඔබෙන් බිහි වන රාජකීය පෙළපතත් කවදාවත් පහ නොවන්නේය. මම එය සදහටම පිහිටුවන්නෙමි. ඔබේ සිංහාසනයද සදහටම පවතින්නේය.” (2සාමු 7:11-16) ඒ විදිහට දාවිත්ගෙන් පස්සේ එයාගේ පුතා වුණ සලමොන්ගෙන් පැවතුණ රාජකීය පෙළපතෙන් ආපු පාලකයන් ඊශ්‍රායෙල් දේශයට “පහනක්” වුණා.—1රාජා 11:36, පාදසටහන.

ශෙදකියාව රජකමෙන් අයින් කරලා බැබිලෝනියට වහලෙක් විදිහට ගෙනිච්චාම “පහන” නිවිලා ගියා වගෙයි පෙනුණේ. ඒත් යෙහෝවා එහෙම වෙන්න ඉඩ දුන්නේ නැහැ. රජකමට “නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තා පැමිණෙන තෙක්” ඔහු රාජකීය පෙළපතෙන් රජ කෙනෙක් පත් වෙන එක ටික කාලෙකට නැවැත්තුවා. (එස 21:27) නීත්‍යනුකූල අයිතිය තියෙන සුදුසුම කෙනා “දාවිත්ගෙන් පැවතෙන” යේසුස් ක්‍රිස්තුස්. ඔහු සදාකාලයටම රජකම් කරන නිසා දාවිත්ගේ “පහන” නිවිලා යන්නේ නැහැ.

නොවැම්බර් 28–දෙසැම්බර් 4

දේවවචනය නිධානයක් | 2 රාජාවලිය 11-12

“බලයට කෑදර, දුෂ්ට රැජිනක් දඬුවම් ලබයි!”

it-1-E 209

අතලියා

අතලියා නම් ඇරපු අතක් නැහැ එයාගේ අම්මා වුණ යෙසබෙල් වගේමයි. අතලියාගේ සැමියා යෙහෝරම්. යෙහෝරම් යූදා දේශය පාලනය කරපු අවුරුදු අට පුරාම අතලියාට ඕනෙ විදිහටයි පාලනය කෙරුවේ. එහෙම කරන්න අතලියා, යෙහෝරම්ට ලොකු පීඩනයක් දුන්නා. (1රාජා 21:25; 2ලේක 21:4-6) යෙසබෙල් වගේ අතලියාත් අහිංසක මිනිස්සුන්ව මරලා දැම්මා. එයාගේ දුෂ්ට පුතා වුණ අහසියා රජකම් කරන්න පටන් අරන් අවුරුද්දකින් මැරුණා. ඊටපස්සේ රජ පෙළපතට අයිති අනිත් අයව අතලියා මරලා දැම්මා. ඉතුරු වුණේ ළදරුවෙක් වුණ යෙහෝයාෂ් විතරයි. ඒකට හේතුව උත්තම පූජකයා සහ එයාගේ බිරිඳ වුණ යෙහෝෂබියත් (යෙහෝෂෙබා කියලත් හඳුන්වනවා. එයා යෙහෝයාෂ්ගේ නැන්දා) එයාව හංගපු නිසයි. අතලියා අවුරුදු හයක් (ක්‍රි.පූ. 905-899 විතර) දේශය පාලනය කෙරුවා.—2ලේක 22:11, 12.

it-1-E 209

අතලියා

යෙහෝයාෂ්ට අවුරුදු හතක් විතර වෙද්දී උත්තම පූජක යෙහෝයාදා, යෙහෝයාෂ්ව හංගගෙන හිටපු තැනින් ගෙනල්ලා රජ විදිහට පත් කෙරුවා. සෙනඟ සතුටින් කෑගහන්නේ මොකද කියලා බලන්න දෙවියන්ගේ ගෘහයට ආපු අතලියා වෙලා තියෙන දේ තේරුම්ගත්තම “මහා කුමන්ත්‍රණයක්” කියලා කෑගැහුවා. ඒ වෙලාවේ උත්තම පූජකයා අතලියාව දෙවියන්ගේ ගෘහයෙන් පිටතට අරන් ගිහින් මරලා දාන්න කියලා අණ කෙරුවා. පේන විදිහට ආහබ්ගේ දුෂ්ට රජ පෙළපතේ අත්තිම සාමාජිකයා තමයි අතලියා. (2රාජා 11:1-20; 2ලේක 22:1–23:21) “යෙහෝවා දෙවි ආහබ් රජුගේ පවුලට විරුද්ධව පැවසූ සෑම දෙයක්ම ඉටු වෙන බව අමතක කරන්න එපා. යෙහෝවා දෙවි පැවසූ එක් දෙයක්වත් ඉටු නොවී තිබෙන්නේ නැහැ” කියලා කලින් කියලා තිබුණා. ඒ වචන කොච්චර ඇත්තක් වුණාද!—2රාජා 10:10, 11; 1රාජා 21:20-24.

දේවවචනයෙන් මැණික්

it-1-E 1265-1266

යෙහෝයාෂ්

උත්තම පූජක යෙහෝයාදා පුංචි යෙහෝයාෂ්ව ඇති දැඩි කෙරුවේ එයාගෙම පුතෙක් වගේ. එයාගෙන් උපදෙස්, මඟ පෙන්වීම් ලබාගත්ත කාලය පුරා දේශය සාර්ථකව පාලනය කරන්න යෙහෝයාෂ්ට පුළුවන් වුණා. වයස 21ක් වෙද්දී එයා විවාහ වුණා. එයාට භාර්යාවන් දෙන්නෙක් හිටියා. එයාලා මාර්ගයෙන් යෙහෝයාෂ්ට පුතාලාත් දුවලාත් ඉපදුණා. අතලියාගේ දුෂ්ටකම නිසා නැත්තටම නැති වෙලා යන්න ඔන්න මෙන්න කියලා තිබුණ රාජකීය පෙළපත (දාවිත් ඉඳලා ගැලවුම්කරු දක්වා) යෙහෝවා රැකගත්තේ ඒ විදිහටයි.—2රාජා 12:1-3; 2ලේක 24:1-3; 25:1.

දෙසැම්බර් 12-18

දේවවචනය නිධානයක් | 2 රාජාවලිය 16-17

“යෙහෝවාගේ ඉවසීමටත් සීමාවක් තියෙනවා”

it-2-E 908 5¶

ෂල්මනෙසෙර්

ඊශ්‍රායෙල් දේශය යටත් කරගනියි. ඒ වෙද්දී (ක්‍රි.පූ. 758-740 විතර) ඊශ්‍රායෙල් රාජ්‍යය පාලනය කරමින් හිටියේ හෝෂෙයා රජ. ඇසිරියාවේ 5වෙනි ෂල්මනෙසෙර් රජ පලස්තීන ප්‍රදේශය යටත් කරගත්ත ඒ කාලේ හෝෂෙයාව කප්පම් ගෙවන රජෙක් විදිහට පත් කෙරුවා. (2රාජා 17:1-3) ඒත් පස්සේ කාලෙක හෝෂෙයා කප්පම් ගෙව්වේ නැහැ. ඒ කාලෙදිම වගේ එයා ඊජිප්තුවේ සෝ රජත් එක්ක කුමන්ත්‍රණය කෙරුවා කියලා ඇසිරියාවේ රජට ආරංචි වුණා. ඒ නිසා එයා හෝෂෙයාව නිවාස අඩස්සියේ තියලා අවුරුදු තුනක් සමාරිය වටලගෙන හිටියා. අන්තිමට, බලකොටුවලින් ශක්තිමත් නගරයක් වුණ සමාරිය බිඳ වැටුණා. ඊශ්‍රායෙල්වරුන්ව වහල්කමට අරන් ගියා.—2රාජා 17:4-6; 18:9-12; හොෂෙ 7:11.

it-1-E 414-415

වහල්භාවය

උතුරේ ගෝත්‍ර දහයේ (ඊශ්‍රායෙල්) සහ දකුණේ ගෝත්‍ර දෙකේ (යූදා) සෙනඟව වහල්කමට ගෙනිච්චේ එකම හේතුවක් නිසයි. ඒ එයාලා යෙහෝවාට පිටුපාලා බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු නිසයි. (ද්වි 28:15, 62-68; 2රාජා 17:7-18; 21:10-15) දෙවියන් එයාලට අනතුරු අඟවන්න දිගින් දිගටම අනාගතවක්තෘවරුන්ව යැව්වත් වැඩක් වුණේ නැහැ. (2රාජා 17:13) උතුරු රාජ්‍යයේ මුල්ම රජ වුණ යෙරොබොවම් පිහිටුවපු බොරු නමස්කාරය දේශයෙන් සම්පූර්ණෙන්ම අතුගාලා දාන්න ඒ රාජ්‍යයේ කිසිම රජෙක්ට පුළුවන් වුණේ නැහැ. යූදා රාජ්‍යයේ හිටපු අය යෙහෝවාගේ මඟ පෙන්වීම් පිළිගත්තේ නැහැ විතරක් නෙමෙයි ඊශ්‍රායෙල් රජ්‍යයට වුණ දෙයින් පාඩමක් ඉගෙනගත්තෙත් නැහැ. (යෙරෙ 3:6-10) අන්තිමට රාජ්‍යයන් දෙකේ හිටපු සෙනඟව වහල්කමට අරන් ගියා.

දේවවචනයෙන් මැණික්

it-2-E 847

සමාරියේ සිටි ජනයා

“සමාරියේ සිටි ජනයා” කියන යෙදුම බයිබලේ මුලින්ම දකින්න ලැබෙන්නේ ක්‍රි.පූ. 740දී උතුරු ගෝත්‍ර දහයේ (ඊශ්‍රායෙල් රාජ්‍යයේ) අගනුවර වුණ සමාරිය, ඇසිරියානුවන් අතට පත් වුණාට පස්සේ. ඒ යෙදුම මුලින්ම අදාළ වුණේ ඇසිරියාවේ පාලකයන් එයාලගේ අධිරාජ්‍යයේ වෙනත් පැතිවලින් විදේශික මිනිස්සුන්ව ගෙනල්ලා ඊශ්‍රායෙල් රාජ්‍යය පුරා පදිංචි කරවන්න කලින් එහේ පදිංචි වෙලා හිටපු අයට. (2රාජා 17:29; 2ලේක 34:6-9) පස්සේ කාලේ “සමාරියේ සිටි ජනයා” කියලා හැඳින්නුවේ සමාරියේ ඉතුරු වෙලා හිටපු ඊශ්‍රායෙල්වරුන් සහ ඇසිරියාවෙන් ගෙනත් පදිංචි කරවපු විදේශිකයන් කියන දෙගොල්ලන්ව. ඒ විතරක් නෙමෙයි, ඊශ්‍රායෙල්වරුන් සහ ඒ විදේශිකයන් විවාහ වෙලා එයාලට ලැබුණ දරුවන්වත් ඒ නමින් හඳුන්වන්න ඇති. තවත් කාලයක් ගියාට පස්සේ ඒ නමින් හැඳින්නුවේ එක්තරා ආගමක් අදහපු අයව. ඒ ජනයා ජීවත් වුණේ පුරාණ ෂීකෙම් සහ සමාරියේ නගරවල. එයාලගේ ආගම යුදෙව් ආගමට වඩා ගොඩක් වෙනස්.—යොහ 4:9.

දෙසැම්බර් 19-25

දේවවචනය නිධානයක් | 2 රාජාවලිය 18-19

“අපේ හතුරෝ බලන්නේ අපිව දුර්වල කරන්න”

yb74-E 177 1¶

ජර්මනිය

තමන් සාක්ෂිකරුවෙක් නෙමෙයි කියන ප්‍රකාශයට අත්සන් කරගන්න නාට්සි භටයන් නිතරම වගේ පාවිච්චි කෙරුවේ හරිම පහත් ක්‍රම. කෙනෙක් අත්සන් කෙරුවාට පස්සේ කලින්ටත් වඩා එයාට හිරිහැර කෙරුවා. කාල් කර්ෂ්ට් ඒ ගැන මෙහෙම කියනවා. “වෙන කාටවත් වඩා ගාල් කඳවුරුවල හිරිහැරවලට ලක් වුණේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. අපිට එච්චර හිංසා කෙරුවේ කොහොමහරි ඒ ලියවිල්ලට අත්සන් කරවගන්න. කීප සැරයක්ම අත්සන් කරන්න කියලා අපිට කිව්වා. සමහරු නම් අත්සන් කළා. ඒත් එයාලව නිදහස් කෙරුවේ අවුරුද්දකටත් වැඩි කාලයක් ගියාට පස්සේ. ඒ කාලේ පුරාවම අනිත් සිරකරුවන් ඉස්සරහා එයාලට ‘කුහකයෝ,’ ‘බයගුල්ලෝ’ කියලා අපහාස කෙරුවා. ඒ විතරක් නෙමෙයි එයාලව නිදහස් කරන්න කලින් විශ්වාසවන්ත සහෝදරයන් ඉස්සරහින් එයාලව එක්කගෙන ගියා. එහෙම කෙරුවේ එයාලව තව ලැජ්ජ කරන්න.”

දේවවචනයෙන් මැණික්

it-1-E 155 4¶

පුරාවිද්‍යාව

අද්‍රම්මෙලෙක් සහ ෂරෙෂෙර් කියන ඇසිරියාවේ සෙනකෙරිබ් රජගේ පුතාලා දෙන්නා එයාව මැරුවා කියලත් ඒසර්-හද්දොන් කියන අනිත් පුතා ඊටපස්සේ රජ වුණා කියලත් බයිබලේ කියනවා. (2රාජා 19:36, 37) ඒත් බැබිලෝනියෙන් හොයාගත්ත ගල් පුවරුවක සඳහන් වෙන්නේ ටීබෙත් මාසේ 20වෙනිදා සෙනකෙරිබ් රජගේ පුතා කැරලිගහලා සෙනකෙරිබ්ව මරලා දැම්මා කියලයි. ක්‍රි.පූ. 3වෙනි සියවසේ බැබිලෝනියේ හිටපු පූජකයෙකුයි (බෙරෝසස්) ක්‍රි.පූ. 6වෙනි සියවසේ හිටපු බැබිලෝනියේ රජ කෙනෙකුයි (නැබොනිඩස්) කිව්වෙත් සෙනකෙරිබ් රජව මැරුවේ එයාගේ එක පුතෙක් කියලා. ඒත් මෑතකදී හොයාගත්ත ඒසර්-හද්දොන්ගේ මැටි පුවරුවක සඳහන් කරලා තියෙන්නේ එයාගේ සහෝදරයෝ (බහු වචනයෙන්) කැරලිගහලා තාත්තාව මරලා පැනලා ගියා කියලා. මේ ගැන ෆිලිප් බයිබෆෙල්ඩ් කියන ඉතිහාසඥයා කිව්වේ මෙහෙමයි. “බැබිලෝනියෙන් හොයාගත්ත ගල් පුවරුවයි බෙරෝසස් සහ නැබොනිඩස් කියපු දේවලුයි මේ සොයාගැනීම නිසා බොරු වුණා. බයිබලේ වාර්තා කරලා තියෙන හැම පොඩි කරුණක්ම ඇත්ත කියලා ඒසර්-හද්දොන්ගේ මැටි පුවරුවෙන් තහවුරු වුණා. බැබිලෝනියේ සහ ඇසිරියාවේ ඉතිහාසය ගැන බැබිලෝනියෙන්ම හම්බුණ වාර්තාවලට වඩා බයිබලේ ඒ ගැන තියෙන තොරතුරු කොච්චර නිවැරදිද කියලා ඒකෙන් පැහැදිලියි. මේ සොයාගැනීමෙන් පැහැදිලි වෙනවා, බයිබලේ තියෙන තොරතුරකට වඩා වෙනස් දෙයක් ඉතිහාස වාර්තාවලින් කියවුණත් ඒවා පිළිගන්න කලින් ඒවා ගැන හොඳට හොයලා බලන එක කොච්චර වැදගත්ද කියන එක.”

දෙසැම්බර් 26–ජනවාරි 1

දේවවචනය නිධානයක් | 2 රාජාවලිය 20-21

දේවවචනයෙන් මැණික්

it-2-E 240 1¶

මට්ටම් උපකරණ

“සමාරිය මැනීමට යොදාගත් ලණුව හා ආහබ්ගේ පෙළපත මට්ටම් කිරීමට යොදාගත් ලීය” අකීකරු යෙරුසලම සඳහාත් යොදාගන්නවා කියලා යෙහෝවා අනාවැකියක් කිව්වා. යෙහෝවා සමාරිය සහ ආහබ්ගේ පෙළපත මැන්නම දැක්කේ ඒවා සදාචාරය අතින් පිරිහිලා කියලයි. අන්තිමට යෙහෝවා එයාලව විනාශ කෙරුවා. ඒ වගේම දෙයක් තමයි යෙරුසලමට වුණෙත්. දෙවියන් යෙරුසලමේ සෙනඟව සහ එහේ පාලකයන්ව මැන්නම එයාලගේ දුෂ්ටකමත් හෙළි වුණා. ඒ නිසා ක්‍රි.පූ. 607දී එයාලව විනාශ කෙරුවා.—2රාජා 21:10-13; 10:11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න