‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania
ජූලි 10-16
දේවවචනය නිධානයක් | එස්රා 7-8
“එස්රා යෙහෝවාව ප්‍රශංසාවට පත් කළා”
බයිබල් පොත් අංකය 13—1 ලේකම්
5 යෙහෝවා ඔහුට උපකාර කළේය. දෙවි එස්රාට දී තිබූ ප්‍රඥාව හඳුනාගත් පර්සියානු අධිරාජ්‍යයා යූදා දිස්ත්‍රික්කයේ සිවිල් කටයුතු පාලනය කිරීමේ බලතල ඔහුට පිරිනැමුවේය. (එස්රා 7:12-26) මෙසේ එස්රාට දෙවිගෙන් මෙන්ම අධිරාජ්‍යයාගෙන් ලැබූ බලතල නිසා ලබාගත හැකි විශ්වාසදායකම ලියවිලි යොදාගනිමින් ඔහුගේ වාර්තාව සකස් කිරීමට හැකි විය.
it-1-E 1158 4¶
නිහතමානිකම
නිවැරදි මඟ පෙන්වයි. කෙනෙක් යෙහෝවා ඉස්සරහා නිහතමානී නම් එයාට දෙවියන් මඟ පෙන්වයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. එස්රාට ලොකු රාජකාරියක් පැවරුණා. ඒ පූජකයන්, නෙතිනිම්වරු, ස්ත්‍රීන් සහ දරුවන් හැර පුරුෂයන් 1,500කට වඩා වැඩිදෙනෙක්ව බැබිලෝනියේ ඉඳලා යෙරුසලමට මඟ පෙන්වන එක. ඊට අමතරව යෙරුසලමේ දේවමාලිගාව අලංකාර කරන්න රත්රන් සහ රිදී සෑහෙන ප්‍රමාණයක් අරන් එන්නත් සිද්ධ වුණා. එයාලාගේ ගමනට ආරක්ෂාව ඕන වුණා. ඒ වුණත් එයා පර්සියාවේ රජගෙන් හමුදා ආරක්ෂාව පතලා මිනිස්සු මත රඳා හිටියේ නැහැ. කොහොමත් එයා රජට මෙහෙම කියලා තිබුණා. “අපගේ දෙවිගෙන් මඟ පෙන්වීම් පතමින් ඔහුට ළං වන සියලුදෙනාට දෙවිගේ ආශීර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා.” ඉතින් එයා සෙනඟට කිව්වා නිරාහාරව ඉඳලා ගමනට ආශීර්වාද කරන්න කියලා යෙහෝවාට කන්නලව් කරන්න කියලා. නිහතමානී වුණ නිසා යෙහෝවා සෙනඟට සවන් දීලා මංකොල්ලකරුවන්ගෙන් සෙනඟව බේරගත්තා. ඒ නිසා දුෂ්කර වුණත් ආරක්ෂා සහිතව ගමන නිමා කරන්න එයාලට පුළුවන් වුණා.—එස්රා 8:1-14, 21-32.
ජූලි 24-30
දේවවචනය නිධානයක් | නෙහෙමියා 1-2
දේවවචනයෙන් මැණික්
w86-E 2/15 25
සැබෑ නමස්කාරය ජය ගනියි
නැහැ. යෙරුසලම හොඳටම පාළුවට ගිහින් එහේ සෙනඟ අන්ත අසරණ වෙලා කියලා දැනගත්තාම නෙහෙමියා ඒ ගැන දවස් ගාණක් තිස්සේ “දිවා රෑ දෙකේම” යාච්ඤා කළා. (නෙහෙ 1:4, 6) යෙරුසලමේ පවුරු ගැන අර්තක්ෂස්තා රජට කියන්න අවස්ථාවක් ආවාම නෙහෙමියා ආයෙත් කළේ ඒ ගැන යාච්ඤා කරන එකයි. යෙහෝවා සවන් දීලා නගරයේ පවුරු ගොඩනඟන්න අවසරය අරන් දුන්නා.
මොකක්ද අපිට තියෙන පාඩම? නෙහෙමියා මඟ පෙන්වීම් පැතුවේ යෙහෝවාගෙන්. බැරෑරුම් තීරණ ගන්න වෙද්දී අපිත් අත්නෑර යාච්ඤා කරන්න ඕනේ. ඒ වගේම යෙහෝවා ලබා දෙන මඟ පෙන්වීමට අනුව වැඩ කරන්නත් ඕනේ.—රෝම 12:12.
අගෝස්තු 14-20
දේවවචනය නිධානයක් | නෙහෙමියා 8-9
දේවවචනයෙන් මැණික්
it-1-E 145 2¶
ඇරමෙයික භාෂාව
යුදෙව්වන් බැබිලෝනියේ ඉඳලා ඇවිත් කාලයක් ගියාට පස්සේ එස්රා යෙරුසලමට රැස් වුණ යුදෙව්වන්ට නීතිය සඳහන් ලියවිලේ තියෙන දේවල් කියෙව්වා. ලෙවීවරුන් ඒක පැහැදිලි කරලා දුන්නා. ඒ ගැන නෙහෙමියා 8:8 කියන්නේ මෙහෙමයි. “ඔවුහු සැබෑ දෙවිගේ නීතිය සඳහන් ලියවිල්ල කියවා එහි සඳහන් දේවල් ජනයාට දිගටම පහදා දෙමින් ඒ දේවල නියම අර්ථය තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කළෝය.” පහදලා දුන්නා නැත්නම් පැහැදිලි කරලා දුන්නා කියන එකෙන් සමහරවිට අදහස් කරන්නේ හෙබ්‍රෙව් භාෂාවෙන් තිබුණ ලියවිලිවල අදහස් ඇරමෙයික භාෂාවෙන් විස්තර කරලා දුන්නා කියන එකයි. මොකද බැබිලෝනියේ හිටපු කාලේ යුදෙව්වන් පාවිච්චි කරන්න ඇත්තේ ඇරමෙයික භාෂාව. ඉතින් යුදෙව්වන්ට හෙබ්‍රෙව් භාෂාව තේරුණත් වැදගත්, ගැඹුරු කාරණා හොඳින් තේරුම්ගන්න උදව් ඕන වෙන්න ඇති.
අගෝස්තු 21-27
දේවවචනය නිධානයක් | නෙහෙමියා 10-11
“යෙහෝවා වෙනුවෙන් කැප කිරීම් කළා”
w86-E 2/15 26
සැබෑ නමස්කාරය ජය ගනියි
යුදෙව්වන්ට උරුම බිම් අත්හැරලා යෙරුසලමේ පදිංචියට යන්න යම් වියදමක් දරන්න සිද්ධ වුණා. ඒ වගේම සමහර අවාසිත් තිබුණා. ඒ විතරක් නෙමෙයි එයාලා නගරයේ ජීවත් වෙද්දී භයානක දේවල්වලට වුණත් මූණ දෙන්න ඉඩ තිබුණා. ඒ වගේ තත්වයක් මැද කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ අයට අනිත් යුදෙව්වන් ප්‍රශංසා කළා. එයාලට ආශීර්වාද කරන්න කියලා යාච්ඤා කළා කියලත් කිසිම සැකයක් නැහැ.
අගෝස්තු 28–සැප්තැම්බර් 3
දේවවචනය නිධානයක් | නෙහෙමියා 12-13
“යාළුවෝ තෝරගද්දී මං ගන්නේ කාගේ පැත්තද?”
it-1-E 95 5¶
අම්මොන්වරු
ටොබියාට දේවමාලිගාව තියෙන ප්‍රදේශයට ඇතුල් වෙන්න තිබුණ අවසරය අයින් කළාට පස්සේ යුදෙව්වන් ද්විතීය කතාව 23:3-6 තියෙන නීතිය කියවලා ඒක අදාළ කරගත්තා. එතන කියන්නේ අම්මොන් සහ මෝවබ් ජාතිකයන්ට දෙවියන්ගේ සභාව සමඟ රැස් වෙන්න අවසර නැහැ කියලයි. (නෙහෙ 13:1-3) දෙවියන් ඒ තහනම පැනෙව්වේ ඊට අවුරුදු 1000කට විතර කලින්. ඒ, පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ළං වෙලා ඉද්දී ඒ ජාතීන් දෙක ඊශ්‍රායෙල්වරුන්ට උදව් කරන එක ප්‍රතික්ෂේප කරපු නිසයි. ඒ තහනම නිසා ජාතියක් විදිහට අම්මොන් සහ මෝවබ්වරුන්ට ඊශ්‍රායෙල් ජාතියේ සාමාජිකයෙක් වෙන්නවත් ඊශ්‍රායෙල්වරුන්ට තියෙන අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබාගන්නවත් අවස්ථාව ලැබුණේ නැහැ. හැබැයි තනි පුද්ගලයෙක් විදිහට අම්මොන් හරි මෝවබ් හරි ජාතිකයෙක්ට ඊශ්‍රායෙල්වරුන්ව ඇසුරු කරන්න බැහැ, ඒ දේශයේ ජීවත් වෙන්න බැහැ, යෙහෝවාගේ ආශීර්වාදය ලබන්න බැහැ කියන එක ඒකෙන් අදහස් කළේ නැහැ. මොකද දාවිත්ගේ හමුදාවේ හිටපු ප්‍රධාන හේවයෙක් වුණ ෂෙලෙක් අම්මොන් ජාතිකයෙක්. (2සාමු 23:37) රූත් මෝබබ් ජාතිකයෙක්.—රූත් 1:4, 16-18.
දේවවචනයෙන් මැණික්
it-2-E 452 9¶
සංගීතය
දේවමාලිගාවේ සංගීතයට වැදගත් තැනක් දීලා තිබුණා. ගායකයන් ගැන සඳහන් වෙන බයිබල් පදවලින් ඒක දකින්න පුළුවන්. ගායනය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම අවධානය දෙන්න ඕනෙ නිසා සාමාන්‍යයෙන් ලෙවීවරුන්ට පවරලා තිබුණ සමහර වැඩවලින් ගායකයන්ව නිදහස් කරලා තිබුණා. (1ලේක 9:33) ගායකයන් විශේෂ කණ්ඩායමක් විදිහට සැලකුවා කියලා බැබිලෝනියේ ඉඳලා ආපු අයගේ වාර්තාවේ ඒ අයව වෙනම ලැයිස්තුගත කරලා තියෙන එකෙන් පැහැදිලි වෙනවා. (එස්රා 2:40, 41) ඒ වගේම පර්සියාවේ රජ වුණ අර්තක්ෂස්තා (ලොංගිමානස්) අණ කරලා තිබුණා වෙනත් විශේෂ කණ්ඩායම්වලින් වගේම ගායකයන්ගෙනුත් “බද්දක් හෝ ගාස්තුවක් හෝ අය නොකළ යුතුයි” කියලා. (එස්රා 7:24) ගායකයන් හැමෝම ලෙවීවරුන් වුණත් බයිබලයේ එයාලව කණ්ඩායමක් විදිහට සලකලා “ලෙවීවරුන් සහ ගායකයන්” විදිහට වෙන වෙනම හඳුන්වලා තියෙන්නේ ඇයි කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.—නෙහෙ 7:1; 13:10.