14වෙනි පාඩම
ප්‍රධාන කරුණු ඉස්මතු කරන්න
හෙබ්‍රෙව් 8:1
සාරාංශය: ඔයා දේශනය ගොඩනඟලා තියෙන විදිහ තේරුම්ගන්න උදව් වන විදිහට ඒක ඉදිරිපත් කරන්න. අරමුණට, තේමාවට එක් එක් ප්‍රධාන කරුණ සම්බන්ධ වන විදිහ පැහැදිලි කරන්න.
ඒක කරන විදිහ:
අරමුණ මනසේ පැහැදිලිව තියාගන්න. දේශනයේ අරමුණ මොකක්ද? දැනුවත් කරන එකද? විශ්වාසයක් ඇති කරන එකද? ක්‍රියාවට පොලඹවන එකද? ඒ අනුව ප්‍රධාන කරුණු ගොඩනඟන්න.
දේශනයේ තේමාව කාවද්දන්න. තේමාවට සම්බන්ධ ප්‍රධාන වචන හෝ ඒකට සමාන වචන හෝ දේශනය පුරාම පාවිච්චි කරලා තේමාව මතක් කරන්න.
ප්‍රධාන කරුණු පැහැදිලිව, සරලව කියන්න. ඔයාගේ තේමාවට අදාළ වන, ඔයාට තියෙන කාලය ඇතුළත හොඳින් උගන්වන්න පුළුවන් ප්‍රධාන කරුණු කීපයක් විතරක් තෝරාගන්න. ඒ හැම එකක්ම පැහැදිලිව කියන්න. එක කරුණකින් අනිත් කරුණට යද්දී එකපාර යන්නේ නැතුව පොඩි විරාමයක් දෙන්න.