ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යේසුස් ගැලවුම්කරු වෙයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
    • යොහන් යේසුස්ව බව්තීස්ම කළාට පස්සේ දෙවියන්ගේ බලය පරවියෙක් වගේ යේසුස් මතට එනවා

      74වෙනි පාඩම

      යේසුස් ගැලවුම්කරු වෙයි

      ‘මට වඩා උසස් කෙනෙක් එනවා’ කියලා යොහන් මිනිස්සුන්ට කියලා තිබුණා. අවුරුදු 30දී විතර යේසුස් යොහන් ළඟට ඇවිත් තමන්ව බව්තීස්ම කරන්න කියලා කිව්වා. ඒත් යොහන් කිව්වා ‘හරි නම් ඔයායි මාව බව්තීස්ම කරන්න ඕනෙ’ කියලා. එතකොට යේසුස් කිව්වා ‘එහෙම කරන්න කිව්වේ දෙවියන්’ කියලා. ඊටපස්සේ එයාලා යොර්දාන් ගඟට ගියා. එතනදී යොහන් යේසුස්ව සම්පූර්ණයෙන්ම වතුරේ ගිල්ලලා උඩට ගත්තා.

      ඒ වෙලාවේ යේසුස් දෙවියන්ට යාච්ඤා කළාම අහස ඇරිලා දෙවියන්ගේ බලය පරවියෙක් වගේ යේසුස් ළඟට ආවා. ඊටපස්සේ යෙහෝවා ස්වර්ගයේ ඉඳන් කතා කරලා මෙහෙම කිව්වා. “මේ තමයි මගේ පුතා. මගේ ආදරණීය පුතා. මම ඔහු ගැන හුඟක් සතුටු වෙනවා.”

      යෙහෝවාගේ බලය යේසුස්ට ලැබුණ වෙලාවේ ඉඳන් ඔහු ක්‍රිස්තුස් ඒ කියන්නේ ගැලවුම්කරු වුණා. එදා ඉඳන් තමයි පොළොවේදී ඉටු කරන්න යෙහෝවා යේසුස්ට භාර දීපු වැඩේ ඔහු පටන්ගත්තේ.

      ඊටපස්සේ යේසුස් පාළුකරයට ගියා. දවස් 40ක් එහේ ඉඳලා යේසුස් ආයෙත් යොහන් ළඟට ආවාම යොහන් මෙහෙම කිව්වා. “මේ ඉන්නේ දෙවියන්ගේ බැටළු පැටියා. ලෝකයෙන් පාපය නැති කරන්නේ ඔහුයි.” යොහන් ඒක කිව්වේ යේසුස් ගැලවුම්කරු කියලා සෙනඟට තේරුම් කරලා දෙන්නයි.

      “ඒ එක්කම ස්වර්ගයෙන් මෙහෙම කියන හඬක් ඇහුණා. ‘ඔයා තමයි මගේ පුතා. මගේ ආදරණීය පුතා. මම ඔයා ගැන සතුටු වෙනවා.’”—මාක් 1:11

      ප්‍රශ්න: යේසුස් බව්තීස්ම වුණේ ඇයි? යොහන් යේසුස්ට දෙවියන්ගේ බැටළු පැටියා කියලා කිව්වේ ඇයි?

      මතෙව් 3:13-17; මාක් 1:9-11; ලූක් 3:21-23; යොහන් 1:29-34; යෙසායා 42:1; හෙබ්‍රෙව් 10:7-9

  • යක්ෂයා යේසුස්ව වරදට පොලඹවන්න හැදුවා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
    • දේවමාලිගාවේ උසම තැනින් පනින්න කියද්දී යේසුස් ඒක ප්‍රතික්ෂේප කරමින්

      75වෙනි පාඩම

      යක්ෂයා යේසුස්ව වරදට පොලඹවන්න හැදුවා

      ගල් රොටි කරන්න කියද්දී යේසුස් ඒක ප්‍රතික්ෂේප කරමින්

      යේසුස් බව්තීස්ම වුණාට පස්සේ පාළුකරයට යන්න දෙවියන් ඔහුට මඟ පෙන්නුවා. එහෙදී ඔහු දවස් 40ක් මුකුත්ම කෑවේ නැහැ. ‘ඔයා ඇත්තටම දෙවියන්ගේ පුතෙක් නම් මේ ගල් රොටි කරන්න’ කියලා යක්ෂයා ඔහුව වරදට අහු කරගන්න හැදුවා. යේසුස් ශුද්ධ ලියවිල්ලේ දෙයක් මතක් කරලා මෙහෙම කිව්වා. ‘මිනිස්සු එයාලාගේ ජීවිත පවත්වගෙන යන්න ඕනෙ කෑමවලින් විතරක් නෙමෙයි. යෙහෝවා කියන හැම දේටම ඇහුම්කන් දෙන්නත් ඕනෙ කියලා ලියලා තියෙනවා.’

      ඊළඟට යක්ෂයා මෙහෙම කිව්වා. ‘ඔයා දෙවියන්ගේ පුතෙක් නම් දේවමාලිගාවේ උසම තැනින් බිමට පනින්න. දෙවියන් දේවදූතයන්ව එවලා ඔයාව අල්ලගනියි ලියලා තියෙනවානේ.’ එතකොට යේසුස් මෙහෙම කිව්වා. ‘යෙහෝවාව සැක කරලා ඔහුට ඔයාලව රැකබලා ගන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරන්න එපා කියලත් ලියලා තියෙනවා.’

      සාතන් ලෝකේ තියෙන හැම රාජ්‍යයක්ම දෙන්න හැදුවත් යේසුස් ඒක ප්‍රතික්ෂේප කළා

      ඊටපස්සේ යක්ෂයා ලෝකේ රාජ්‍යයන් පෙන්නලා කිව්වා ‘ඔයා මට එක පාරක් නමස්කාර කළොත් මං මේ හැම දේම දෙන්නම්’ කියලා. ඒත් යේසුස් මෙහෙම කිව්වා. ‘සාතන්, මගෙන් අහකට යන්න! ඔයාලා නමස්කාර කරන්න ඕනෙ යෙහෝවාට විතරයි කියලා ලියලා තියෙනවා.’

      යක්ෂයා ගියාට පස්සේ දේවදූතයන් යේසුස්ට කෑම ගෙනත් දුන්නා. එදා ඉඳන් යේසුස් දේවරාජ්‍යය ගැන දේශනා කළා. ඒකට තමයි යේසුස්ව පොළොවට එව්වේ. යේසුස් උගන්වපු දේවල් මිනිස්සු හරිම සතුටින් පිළි අරන් ඔහුගේ අනුගාමිකයන් වුණා.

      “එයා [යක්ෂයා] බොරු කියන්නේ ඒක එයාගේ ඇඟේම තියෙන දෙයක් නිසයි. එයා බොරුකාරයෙක්. එයා තමයි බොරුවේ පියා.”—යොහන් 8:44

      ප්‍රශ්න: යක්ෂයා යේසුස්ව වරදට අහු කරගන්න හැදුවේ කොහොමද? යේසුස් යක්ෂයාට උත්තර දුන්නේ කොහොමද?

      මතෙව් 4:1-11; මාක් 1:12, 13; ලූක් 4:1-15; ද්විතීය කතාව 6:13, 16; 8:3; යාකොබ් 4:7

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න