ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w20 ජූනි 17 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ඔබට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහරිනවාද?
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට මඟ පෙන්වීමට දෙවිගේ බලයට ඉඩහරිනවාද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දිගටම ‘බොහෝ පල දරන්න’
    2007 අපගේ රාජ්‍ය සේවාව
  • “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගෙන ඒක දිගටම පරෙස්සම් කරගන්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w20 ජූනි 17 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

දෙවියන්ගේ බලයේ උදව්වෙන් වර්ධනය කරගන්න පුළුවන් ගලාති 5:22, 23 සඳහන් ගුණාංග විතරද?

  • ප්‍රේමය

  • ප්‍රීතිය

  • සමාදානය

  • බොහෝ ඉවසිලිවන්තකම

  • කරුණාවන්තකම

  • යහපත්කම

  • විශ්වාසය

  • මෘදුකම

  • තමාව පාලනය කරගැනීම

ඒ පදවල ගුණාංග නමයක් සඳහන් වෙනවා. එතන කියන්නේ “කෙනෙකු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසය, මෘදුකම, තමාව පාලනය කරගැනීම යන ගුණාංග සියල්ල ඔහු තුළ දැකගත හැකියි” කියලා. ඒත් දෙවියන්ගේ බලයේ උදව්වෙන් අපිට වර්ධනය කරගන්න පුළුවන් ඒ ගුණාංග නමය විතරක් නෙමෙයි තවත් ගුණාංග තියෙනවා.

අපි ඒක දන්නේ කොහොමද? දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග ගැන කතා කරන්න කලින් පාවුල් මෙහෙම කිව්වා. ‘පව්කාර ආශාවන්වලට අනුව ක්‍රියා කරන විට කෙනෙක් තුළ වේශ්‍යාකම, අපවිත්‍රකම, නින්දිත හැසිරීම, රූප වන්දනාව, භූතවාදය, සතුරුකම්, අඬදබර, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, විවාද, භේද, නිකායන්, කුඩුකේඩුකම, බේබදුකම, ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීම යනාදි දේවල් දක්නට ලැබේ.’ (ගලා. 5:19-21) පාවුල් ඒ ලැයිස්තුවේ අවසානයේදී “යනාදි දේවල්” කියලා සඳහන් කරපු එකෙන් තේරෙනවා ඒ ලැයිස්තුවට තවත් දේවල්, උදාහරණෙකට කොලොස්සි 3:5 සඳහන් දේවල් ඇතුළත් කරන්න පුළුවන් කියලා. දෙවියන්ගේ බලයේ උදව්වෙන් වර්ධනය කරගන්න ගුණාංග නමය ගැන කතා කරද්දීත් පාවුල් කියන්නේ “එවැනි දේවල් වැරදියි කියා කිසි නීතියක සඳහන් වී නැත” කියලයි. ඒකෙන් තේරෙනවා දෙවියන්ගේ බලයේ උදව්වෙන් අපිට වර්ධනය කරගන්න පුළුවන් හැම ගුණාංගයක්ම පාවුල් ගලාති 5:22, 23 සඳහන් කරලා නැහැ කියලා.

පාවුල් එෆීස සභාවට ලියද්දී ආලෝකයේ ප්‍රතිඵලයක් ලෙස කෙනෙකු තුළ ඇති වෙන ගුණාංග ගැන කතා කළා. එයා කිව්වා “ආලෝකයේ ප්‍රතිඵලයක් ලෙස කෙනෙකු තුළ සෑම පැත්තකින්ම යහපත්කම, ධර්මිෂ්ඨකම සහ නිර්දෝෂකම දක්නට ලැබේ” කියලා. (එෆී. 5:8, 9) ආලෝකයේ ප්‍රතිඵලයක් ලෙස දකින්න ලැබෙන ගුණාංගවලට යහපත්කම වගේම ධර්මිෂ්ඨකම සහ නිර්දෝෂකම ඇතුළත්. ඒකෙන් තේරෙනවා පාවුල් ගලාති 5:22, 23 සඳහන් කරපු ලැයිස්තුවට ධර්මිෂ්ඨකම සහ නිර්දෝෂකම ඇතුළත් කළේ නැතත් ඒවාත් දෙවියන්ගේ බලයේ උදව්වෙන් වර්ධනය කරගන්න පුළුවන් ගුණාංග කියලා.

“ධර්මිෂ්ඨකම, දේවභක්තිය, විශ්වාසය, ප්‍රේමය, විඳදරාගැනීම හා මෘදු ගුණය ඇතුව සිටීමට නිරතුරුවම වෑයම් කරන්න” කියලා පාවුල් තිමෝතිට උනන්දු කළා. (1 තිමෝ. 6:11) එතන සඳහන් ගුණාංග හයෙන් ගුණාංග තුනක් විතරයි (විශ්වාසය, ප්‍රේමය, මෘදුකම) ගලාති 5:22, 23 සඳහන් වෙන්නේ. එතන කතා කරලා තියෙන අනිත් ගුණාංග වර්ධනය කරගන්නත් තිමෝතිට දෙවියන්ගේ බලයේ උදව් ඕනේ.—කොලොස්සි 3:12; 2 පේතෘස් 1:5-7 බලන්න.

ඒකෙන් තේරෙනවා ගලාති 5:22, 23 සඳහන් ගුණාංගවලට අමතරව අපි වර්ධනය කරගන්න ඕනෙ තවත් ගුණාංග තියෙනවා කියලා. දෙවියන්ගේ බලයේ උදව්වෙන් ගලාති පොතේ කතා කරලා තියෙන ගුණාංග නමය අපිට වර්ධනය කරගන්න පුළුවන්. ඒත් අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානියෙක් වෙන්නත් ‘දෙවිගේ කැමැත්තට එකඟව හැඩගසා ඇති අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්නත්’ අපි වර්ධනය කරගන්න ඕනෙ තවත් ගුණාංග තියෙනවා. ඒ ගුණාංග වර්ධනය කරගන්නත් දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් අපිට උදව් කරනවා.—එෆී. 4:24.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න