ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lff 39 පාඩම
  • දෙවියන් රුධිරය සලකන විදිහ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් රුධිරය සලකන විදිහ
  • හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • තවත් හොයමු
  • ඉගෙනගත්ත දේ
  • තව දැනගන්න
  • රුධිරයේ අනුකොටස් හා ප්‍රතිකාර ක්‍රම
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගේ ප්‍රශ්න
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවමාන දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
lff 39 පාඩම
39වෙනි පාඩම. අණ්වීක්ෂයකින් රුධිරය පේන විදිහ.

39වෙනි පාඩම

දෙවියන් රුධිරය සලකන විදිහ

මුද්‍රිත පිටුව
මුද්‍රිත පිටුව
මුද්‍රිත පිටුව

රුධිරය නැත්නම් ලේ අපේ ජීවිතේ පවත්වගෙන යන්න අත්‍යවශ්‍යම දෙයක්. ලේ නැතුව අපි කාටවත් ජීවත් වෙන්න බැහැ. අපිව හැදුවේ දෙවියන්. ඒ නිසා ලේ පාවිච්චි කරන්න ඕනෙ කොහොමද කියලා කියන්න ඔහුට අයිතියක් තියෙනවා. ලේ ගැන දෙවියන් මොනවාද කියලා තියෙන්නේ? ලේ ගන්න, ලේ කෑමට ගන්න අපිට පුළුවන්ද? ඒ ගැන හරි තීරණයක් ගන්න ඔයාට පුළුවන් කොහොමද?

1. යෙහෝවා දෙවියන් රුධිරය සලකන්නේ කොහොමද?

අතීතයේදී යෙහෝවා ඔහුට නමස්කාර කරපු අයට මෙහෙම කිව්වා. “පණ තියෙන හැම ජීවියෙක්ගෙම ජීවය තියෙන්නේ ලේවලයි.” (ලෙවී කතාව 17:14) යෙහෝවා බලන විදිහට රුධිරය සහ ජීවිතේ එක සමානයි. ජීවිතේ කියන්නේ දෙවියන්ගෙන් ලැබිලා තියෙන වටිනා තෑග්ගක්. එහෙමනම් රුධිරය කියන්නෙත් ගොඩක් වටින, ශුද්ධ දෙයක්.

2. මොන වගේ දේවලට ලේ පාවිච්චි කරන්න එපා කියලද දෙවියන් කියන්නේ?

යෙහෝවා අතීතයේ ඔහුට නමස්කාර කරපු අයට කිව්වා ලේ කන්න එපා කියලා. (උත්පත්ති 9:4 සහ ලෙවී කතාව 17:10 කියවන්න.) ඊටපස්සේ පාලක මණ්ඩලය මාර්ගයෙන් ඔහු ක්‍රිස්තියානීන්ටත් ඒ ආඥාවම දුන්නා. ඒ ආඥාව තමයි ‘ලේවලින් දිගටම වැළකිලා ඉන්න’ කියන එක.—ක්‍රියා 15:28, 29 කියවන්න.

‘ලේවලින් වැළකිලා ඉන්න’ කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? හිතන්න, දොස්තර කෙනෙක් ඔයාට කියනවා මත්පැන්වලින් වළකින්න කියලා. ඔයා බොන එක නතර කරනවා. හැබැයි මත්පැන් දාපු කෑම කනවා නම්, ඉන්ජෙක්ෂන් එකකින් ඇඟට විදගන්නවා නම් ඔයා මත්පැන්වලින් වැළකිලා ඉන්නවා කියලා කියන්න පුළුවන්ද? ඒ වගේ ලේවලින් වැළකිලා ඉන්න කියලා දෙවියන් දීලා තියෙන ආඥාවට අපි කීකරු වෙනවා නම් අපි ලේ කන්නෙවත් හරියට ලේ අයින් කරලා නැති මස් කන්නෙවත් නැහැ. ලේ මිශ්‍ර කරලා හදලා තියෙන කිසිම කෑමක් කන්නෙත් නැහැ.

වෛද්‍ය ප්‍රතිකාරවලට ලේ පාවිච්චි කරන එක ගැන කියන්න පුළුවන් මොකක්ද? සමහර ප්‍රතිකාර ගන්න එකෙන් දෙවියන්ගේ නීතිය කෙළින්ම කැඩෙනවා. ඒකට සම්පූර්ණ රුධිරය හරි රුධිරයේ ප්‍රධාන කොටස්වලින් එකක් හරි ගන්න එක ඇතුළත්. ඒ ප්‍රධාන කොටස් හතර තමයි රතු රුධිර සෛල, සුදු රුධිර සෛල, පට්ටිකා සහ ප්ලාස්මාව. ඒත් සමහර ප්‍රතිකාරවලින් දෙවියන්ගේ නීතිය කෙළින්ම කැඩෙනවා කියලා කියන්න බැහැ. උදාහරණෙකට රුධිරයේ ප්‍රධාන කොටසකින් ගන්න පොඩි පොඩි කොටස් සමහර ප්‍රතිකාරවලට පාවිච්චි කරනවා. තවත් ප්‍රතිකාරවලදී ඒ පුද්ගලයාගෙම රුධිරය තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේ ප්‍රතිකාර ගන්නවාද නැද්ද කියන එක එක් එක් කෙනා ගන්න ඕනෙ තීරණයක්.a—ගලාති 6:5.

තවත් හොයමු

ඔයා ගන්නේ මොන වගේ වෛද්‍ය ප්‍රතිකාරද කියලා තීරණය කරන්නේ කොහොමද කියලා දැනගන්න.

3. ප්‍රතිකාර ක්‍රම ගැන යෙහෝවා සතුටු වෙන විදිහේ තීරණ ගන්න

ලේ ගැන යෙහෝවා හිතන විදිහ සැලකිල්ලට අරන් ගන්න ඕනෙ ප්‍රතිකාර ගැන ඔයාට තීරණය කරන්න පුළුවන් කොහොමද? වීඩියෝ එක බලන්න. ඊටපස්සේ පහළ තියෙන පියවර ගන්න එක වැදගත් ඇයි කියලා කතා කරන්න.

වීඩියෝ: ‘ප්‍රතිකාර තෝරගද්දී ඥානවන්ත තීරණ ගන්න’ (5:47)

  • ප්‍රඥාව ඉල්ලලා යාච්ඤා කරන්න.—යාකොබ් 1:5.

  • බයිබලයේ තියෙන මඟ පෙන්වීම් සහ ඒවා අදාළ වෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න.—හිතෝපදේශ 13:16.

  • ඔයා ජීවත් වෙන පැත්තේ මොන වගේ ප්‍රතිකාර ක්‍රම තියෙනවාද කියලා හොයලා බලන්න.

  • ඔයාට පිළිගන්න බැරි ප්‍රතිකාර මොනවාද කියලා පැහැදිලිව අඳුරගන්න.

  • හිත වධ දෙන්නේ නැති තීරණයක් ගන්න.—ක්‍රියා 24:16.b

  • ඔයාගේ හෘද සාක්ෂියට එකඟව තීරණයක් ගන්න වෙද්දී ඔයා ගන්න ඕනෙ තීරණය මොකක්ද කියලා කාටවත් අඩුම ගාණේ ඔයාගේ සැමියාටවත් බිරිඳටවත් වැඩිමහල්ලෙක්ටවත් ඔයාට බයිබලය උගන්නන කෙනාටවත් කියන්න බැහැ කියලා තේරුම්ගන්න.—රෝම 14:12.

  • ඔයා ගත්ත තීරණය ලියලා තියන්න.

කෙනෙක් ලබාගන්න ඕනෙ ප්‍රතිකාරයක් ගැන තීරණයක් ගන්නවා. 1. එයා යාච්ඤා කරනවා. 2. බයිබලය, සඟරා, පොත් පත්, ටැබ් එක පාවිච්චි කරලා තොරතුරු හොයනවා. 3. එයා දොස්තර එක්ක විස්තර කතා කරනවා.

4. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ හොඳම ප්‍රතිකාර ක්‍රම තෝරගන්නවා

ලේ ගැන දෙවියන් දීලා තියෙන නීතියට කීකරු වෙන ගමන් ලේ නැතුව කරන හොඳම ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. වීඩියෝ එක බලන්න.

වීඩියෝ: ‘මහාචාර්ය වෛද්‍ය මාසීමෝ පී. ෆ්‍රාන්කි සමඟ කරපු සාකච්ඡාවක්’ (1:36)

තීතස් 3:2 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • වෛද්‍යවරු එක්ක කතා කරද්දී අපි හැම වෙලාවෙම ගෞරවනීයව, කාරුණිකව කතා කරන්න ඕනෙ ඇයි?

රුධිරයේ ප්‍රධාන කොටස් හතර දකින්න පුළුවන් විදිහට පරීක්ෂණ නළයක තියෙන රුධිරය. ඒ කොටස් 1, 2, 3 සහ 4 හැටියට ලේබල් කරලා තියෙනවා.

ගන්නේ නැහැ

පෞද්ගලික තීරණයක්

1. රුධිර ප්ලාස්මාව

ප්ලාස්මාවෙන් ගත්ත පොඩි පොඩි කොටස්

2. සුදු රුධිර සෛල

සුදු රුධිර සෛලවලින් ගත්ත පොඩි පොඩි කොටස්

3. පට්ටිකා

පට්ටිකාවලින් ගත්ත පොඩි පොඩි කොටස්

4. රතු රුධිර සෛල

රතු රුධිර සෛලවලින් ගත්ත පොඩි පොඩි කොටස්

5. රුධිරයේ පොඩි පොඩි කොටස් ගැන තීරණ ගන්න වෙද්දී

රුධිරය හැදිලා තියෙන්නේ ප්‍රධාන කොටස් හතරකින්. ඒ තමයි රතු රුධිර සෛල, සුදු රුධිර සෛල, පට්ටිකා සහ ප්ලාස්මාව. ඒ කොටස් තව පොඩි පොඩි කොටස්වලට කඩන්න පුළුවන්. ඒවාට කියන්නේ ලේවල අනුකොටස් කියලා.c ඒ සමහර අනුකොටස් බෙහෙත් විදිහටත් ලේ ගලන එක නවත්තන්නත් පාවිච්චි කරනවා.

ලේවල අනුකොටස් ගන්නවාද නැද්ද කියන එක අපි එක් එක් කෙනා ගන්න ඕනෙ තීරණයක්. ඒ තීරණය ගන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම්වලට එකඟව පුහුණු කරපු අපේ හෘද සාක්ෂිය අපිට උදව් වෙනවා. ලේවල අනුකොටස් තියෙන ප්‍රතිකාර ක්‍රමයක්, බෙහෙතක් ප්‍රතික්ෂේප කරන්න සමහර අය තීරණය කරන්න පුළුවන්. තවත් අයට ඒ වගේ දෙයක් පිළිගන්න එයාලාගේ හෘද සාක්ෂිය ඉඩ දෙනවා වෙන්න පුළුවන්.

ඔයා තීරණ ගද්දී මේ ප්‍රශ්නය ගැන හිතන්න.

  • ලේවල සමහර අනුකොටස් මම ගන්නෙත් සමහර ඒවා ගන්නේ නැත්තෙත් ඇයි කියලා මම වෛද්‍යවරයෙක්ට පැහැදිලි කරන්නේ කොහොමද?

සමහරු මෙහෙම අහයි: “ලේ ගන්න එකේ තියෙන වරද මොකක්ද?”

  • මොකක්ද ඔයා හිතන්නේ?

ඉගෙනගත්ත දේ

යෙහෝවා කැමති අපි ලේ ශුද්ධ දෙයක් විදිහට සලකනවාට.

ඔයා හිතන්නේ මොකක්ද?

  • යෙහෝවා රුධිරය ගොඩක් වටින, ශුද්ධ දෙයක් විදිහට සලකන්නේ ඇයි?

  • ලේවලින් වැළකිලා ඉන්න කියලා දෙවියන් දීලා තියෙන ආඥාව ලේ ගන්න එකටත් අදාළයි කියලා අපි දන්නේ කොහොමද?

  • ලේ සම්බන්ධ වෙන වෛද්‍ය ප්‍රතිකාරවලදී හොඳ තීරණ ගන්න ඔයාට පුළුවන් කොහොමද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

ඔයාගෙම ලේ පාවිච්චි කරලා කරන ප්‍රතිකාර පිළිගන්නවාද නැද්ද කියලා තීරණය කරන්න කලින් ඔයා මොන වගේ දේවල් ගැන හිතන්න ඕනෙද?

“පාඨකයන්ගෙන් ප්‍රශ්න” (2000 ඔක්තෝබර් 15 ‘මුරටැඹ’)

ලේවල අනුකොටස් ගන්නවාද නැද්ද කියලා තීරණය කරද්දී ඔයා හිතන්න ඕනෙ මොන වගේ දේවල් ගැනද?

“පාඨකයන්ගෙන් ප්‍රශ්න” (2004 ජූනි 15 ‘මුරටැඹ’)

ලේ ගැන යෙහෝවා හිතන විදිහ හරියි කියලා හිතන්න වෛද්‍යවරයෙක්ට උදව් වුණේ මොකක්ද?

“රුධිරය පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය මා පිළිගත්තා” (2003 දෙසැම්බර් 8 ‘පිබිදෙව්!’)

රෝහල් සබඳතා කමිටුවල සේවය කරන වැඩිමහල්ලන් අපේ සහෝදර සහෝදරියන්ට උදව් කරන්නේ කොහොමද කියලා දැනගන්න.

‘යෙහෝවා දෙවියන් අසනීප අයව රැකබලා ගන්නවා’ (10:23)

a “හරි තීරණ ගන්නේ කොහොමද?” කියන 35වෙනි පාඩම බලන්න.

b “රුධිරයේ පොඩි පොඩි කොටස් ගැන තීරණ ගන්න වෙද්දී” කියන 5වෙනි කරුණ සහ “රුධිරය සම්බන්ධ වෙන ප්‍රතිකාර” කියන 3වෙනි අමතර සටහන බලන්න.

c සමහර වෛද්‍යවරු ලේවල ප්‍රධාන කොටස් හතර සලකන්නෙත් අනුකොටස් විදිහට. ඒ නිසා ඔයා සම්පූර්ණ රුධිරය, රතු රුධිර සෛල, සුදු රුධිර සෛල, පට්ටිකා සහ ප්ලාස්මාව ගන්නේ නැතුව ඉන්න තීරණය කරලා තියෙනවා කියලා පැහැදිලිව කියන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න