ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 79-82 පි.
  • යෙහෝවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 79-82 පි.

යෙහෝවා

ඔහුගේ නම

යෙහෝවා කියන නමේ තේරුම “තමන් අරමුණු කරන දේ අනිවාර්යයෙන්ම ඉටු කරන කෙනා”

උත් 1:1; නික් 3:13-15; ගීතා 102:25; යෙසා 42:5

යෙහෝවා ඔහුට නමස්කාර කරන අයව රැකබලා ගන්න ඉටු කරන්නේ මොන වගේ කාර්යයන්ද?

ගීතා 19:14; 68:5; යෙසා 33:22; 40:11; 2කොරි 1:3, 4

ගීතා 118:14; යෙසා 30:20; යෙරෙ 3:14; සෙක 2:5ත් බලන්න

යෙහෝවා ශුද්ධ කෙනෙක් කියලත් එකම සැබෑ දෙවියන් කියලත් හැමෝම දැනගන්න ඕනෙ ඇයි?

ගීතා 83:18; යෙසා 29:23; එස 36:23; ලූක් 11:2

ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා හැමෝගෙම කීකරුකම ලබන්න වටින්නේ ඇයි?

එළි 4:11; 7:9-12

යෙහෝවාව හඳුන්වන වෙනත් විදි

උදාර උපදේශකයාණන්—යෙසා 30:20

උසස්ම දෙවියන්—උත් 14:18-22; ගීතා 7:17

තේජවත්ම තැනැත්තාණන්—හෙබ්‍රෙ 1:3

පර්වතය—ද්වි 32:4; යෙසා 26:4

පියාණන්—මතෙ 6:9; යොහ 5:21

ශ්‍රේෂ්ඨතම පාලකයාණන්—යෙසා 25:8; ආමො 3:7

සදාකාලික රජ්ජුරුවන්—1තිමෝ 1:17; එළි 15:3

සියලු බලැති දෙවියන්—උත් 17:1; එළි 19:6

ස්වර්ගයේ සේනාවල අධිපති—1සාමු 1:11

යෙහෝවාට තියෙන විශේෂ ගතිලක්ෂණ කිහිපයක්

යෙහෝවා ශුද්ධ කෙනෙක් කියලා පෙන්නලා තියෙන්නේ කොහොමද? ඒක දැනගත්තාට පස්සේ අපි කරන්න පෙලඹෙන්න ඕනෙ මොනවාද?

නික් 28:36; ලෙවී 19:2; 2කොරි 7:1; 1පේතෘ 1:13-16

  • බයිබල් සිද්ධීන්:

    • යෙසා 6:1-8—යෙහෝවා මොන තරම් ශුද්ධ කෙනෙක්ද කියලා දර්ශනයකින් දැකපු වෙලාවේ යෙසායාට දැනුණේ යෙහෝවා ඉස්සරහා ඉන්න එයා වටින්නේ නැහැ කියලයි. ඒත් සෙරාෆ්වරයෙක් එයාට පෙන්නුවා පව්කාර මිනිස්සුන්ටත් යෙහෝවා ඉස්සරහා ශුද්ධව ඉන්න පුළුවන් කියලා

    • රෝම 6:12-23; 12:1, 2—පව්කාර ආශාවන්ට විරුද්ධව සටන් කරලා දිගටම “ශුද්ධ දේ කරන්න” පුළුවන් කොහොමද කියලා පාවුල් පෙන්නුවා

යෙහෝවාට කොච්චර බලයක් තියෙනවාද? ඔහු ඒ බලය පාවිච්චි කරන්නේ මොන විදිවලින්ද?

නික් 15:3-6; 2ලේක 16:9; යෙසා 40:22, 25, 26, 28-31

  • බයිබල් සිද්ධීන්:

    • ද්වි 8:12-18—ඊශ්‍රායෙල්වරුන්ට කිසිම අඩුවක් නැතුව දේවල් තියෙන්නේ යෙහෝවා ඔහුගේ බලය පාවිච්චි කරලා එයාලට ආශීර්වාද කරන නිසයි කියලා මෝසෙස් කිව්වා

    • 1රාජා 19:9-14—යෙහෝවා ඔහුගේ බලය පෙන්නලා දුකෙන්, කලකිරිලා හිටපු එලියාව ශක්තිමත් කළා

යෙහෝවාගේ විනිශ්චයන් සීයට සීයක්ම සාධාරණයි කියන්නේ ඇයි?

ද්වි 32:4; යෝබ් 34:10; 37:23; ගීතා 37:28; යෙසා 33:22

  • බයිබල් සිද්ධීන්:

    • ද්වි 24:16-22—මෝසෙස්ට දුන්න නීතියෙන් පැහැදිලි වෙනවා ඔහු හැම තිස්සේම සාධාරණව වැඩ කරන, ආදරණීය, දයාවන්ත දෙවි කෙනෙක් කියලා

    • 2ලේක 19:4-7—යෙහෝෂපාට් රජ විනිශ්චයකරුවන්ට මතක් කළා විනිශ්චය කරද්දී එයාලා නියෝජනය කරන්නේ මිනිස්සුන්ව නෙමෙයි යෙහෝවාව කියලා

යෙහෝවා අනිත් හැම කෙනෙක්ටම වඩා ප්‍රඥාවන්තයි කියලා කියන්න පුළුවන් ඇයි?

ගීතා 104:24; හිතෝ 2:1-8; යෙරෙ 10:12; රෝම 11:33; 16:27

ගීතා 139:14; යෙරෙ 17:10ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1රාජා 4:29-34—යෙහෝවා සලමොන් රජට ආශීර්වාද කරපු නිසා එයා ඒ කාලේ හිටපු අනිත් හැම කෙනෙක්ටම වඩා ප්‍රඥාවන්ත කෙනෙක් වුණා

    • ලූක් 11:31; යොහ 7:14-18—සලමොන්ට වඩා ලොකු ප්‍රඥාවක් යේසුස්ට තිබුණා. ඒත් ඒ ප්‍රඥාව ලැබුණේ යෙහෝවාගෙන් කියලා ඔහු නිහතමානීව පිළිගත්තා

යෙහෝවාගේ ප්‍රධානම ගුණාංගය ආදරයයි කියලා අපි දන්නේ කොහොමද?

යොහ 3:16; රෝම 8:32; 1යොහ 4:8-10, 19

ශෙප 3:17; යොහ 3:35ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 10:29-31—යේසුස් ගේකුරුල්ලන් ගැන කියලා අපි එක් එක් කෙනා යෙහෝවාට කොච්චර වටිනවාද කියලා පෙන්නුවා

    • මාක් 1:9-11—යෙහෝවා ස්වර්ගයේ ඉඳන් යේසුස්ට කතා කරලා කිව්වා ඔහු යේසුස්ට ආදරෙයි, ඔහු ගැන සතුටු වෙනවා කියලා. හැම දරුවෙක්ම ආසයි දෙමාපියන් ඒ වගේ දේවල් කියනවාට

යෙහෝවාට තියෙන විශේෂ ගතිලක්ෂණවලට අමතරව මේ ගතිලක්ෂණ නිසාත් අපිට ඔහු ගැන ආදරයක් ඇති වෙනවා

ඉවසිලිවන්තයි—යෙසා 30:18; 2පේතෘ 3:9

කරුණාවන්තයි—ලූක් 6:35; රෝම 2:4

තේජවත්—ගීතා 8:1; 148:13; එළි 4:1-6

ත්‍යාගශීලියි—ගීතා 104:13-15; 145:16

දයානුකම්පාව පෙන්නනවා—යෙසා 49:15; 63:9; සෙක 2:8

දයාවන්තයි—නික් 34:6

ධර්මිෂ්ඨයි—ගීතා 7:9

නිහතමානියි—ගීතා 18:35

පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැහැ; හැමදාමත් ඉන්නවා—ගීතා 90:2; 93:2

ප්‍රීතිමත්—1තිමෝ 1:11

විශ්වාසවන්තයි—එළි 15:4

වෙනස් වෙන්නේ නැහැ—මලා 3:6; යාකො 1:17

සාමයට කැමතියි—ෆිලි 4:9

හැම දේම දකිනවා—2ලේක 16:9; හිතෝ 15:3

යෙහෝවා දෙවියන්ව තවත් හොඳින් අඳුරගද්දී අපිට ඔහු ගැන කොහොම හැඟෙයිද?

ද්වි 6:4, 5; මාක් 12:28-32

යෙහෝවා ඔහුගේ සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල්

අපිට කරන්න බැරි දේවල් යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා දන්නේ කොහොමද?

ද්වි 10:12; මීකා 6:8; 1යොහ 5:3

  • බයිබල් සිද්ධීන්:

    • ද්වි 30:11-14—යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට දුන්නේ පිළිපදින්න අමාරු නීතියක් නෙමෙයි

    • මතෙ 11:28-30—තාත්තාව හැම පැත්තෙන්ම ආදර්ශයට ගත්ත යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට සහතික කරලාම කිව්වා ඔහු එයාලට සහනයක් වෙනවා කියලා

යෙහෝවා අපේ ප්‍රශංසාව ලබන්න වටින්නේ ඇයි?

ගීතා 105:1, 2; යෙසා 43:10-12, 21

යෙරෙ 20:9; ලූක් 6:45; ක්‍රියා 4:19, 20ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • ගීතා 104:1, 2, 10-20, 33, 34—ගීතිකාකරු යෙහෝවාගේ නිර්මාණ දිහා බලලා ඔහුට ප්‍රශංසා කළා

    • ගීතා 148:1-14—දේවදූතයන් ඇතුළුව යෙහෝවා නිර්මාණ කරපු අනිත් හැම දේකින්ම යෙහෝවාට ප්‍රශංසාව ලැබෙනවා. අපිත් ඒකම කරන්න ඕනේ

අපි හැසිරෙන විදිහෙන් යෙහෝවාට ගෞරවයක් ගේන්න අපිට පුළුවන් කොහොමද?

මතෙ 5:16; යොහ 15:8; 1පේතෘ 2:12

යාකො 3:13ත් බලන්න

අපි යෙහෝවාට තවත් ළං වෙන්න ඕනෙ ඇයි?

ගීතා 73:28; යාකො 4:8

යෙහෝවාට ළං වෙන්න නිහතමානිකම අපිට උදව් වෙන්නේ කොහොමද?

ගීතා 138:6; යෙසා 57:15

බයිබලේ කියවලා ඒ ගැන හොඳින් හිතන එක යෙහෝවාට ළං වෙන්න උදව් වෙන්නේ කොහොමද?

ගීතා 1:1-3; 77:11-13; මලා 3:16

යෙහෝවා ගැන ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න එක වැදගත් ඇයි?

ලූක් 6:46-49; යාකො 1:22-25

යෙහෝවාගෙන් දේවල් හංගන්න හොඳ නැත්තේ ඇයි?

යෝබ් 34:22; හිතෝ 28:13; යෙරෙ 23:24; 1තිමෝ 5:24, 25

  • බයිබල් සිද්ධීන්:

    • 2රාජා 5:20-27—ගෙහාසී එයා කරපු වරද හංගන්න හැදුවත් යෙහෝවා එලිෂාට ඒක හෙළි කළා

    • ක්‍රියා 5:1-11—යෙහෝවා අනනියස් සහ සෆීරා කරපු බොරුව හෙළි කරලා එයාලට දඬුවම් කළා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න