ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • fg 9 පාඩම 1-5 ප්‍රශ්න
  • පවුලේ හැමෝටම සතුටින් ඉන්න පුළුවන් කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ හැමෝටම සතුටින් ඉන්න පුළුවන් කොහොමද?
  • සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • සමාන තොරතුරු
  • පවුලක් ලෙස සතුටින් ඉන්න පුළුවන් කොහොමද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විවාහය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
    බයිබලයෙන් උත්තර
  • ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරමු
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
fg 9 පාඩම 1-5 ප්‍රශ්න

9වන පාඩම

පවුලේ හැමෝටම සතුටින් ඉන්න පුළුවන් කොහොමද?

1. නීත්‍යනුකූලව විවාහ වෙලා ඉන්න එක වැදගත් ඇයි?

විවාහය ලියාපදිංචි කරන යුවළක්

විවාහ සැලැස්ම ඇති කරපු යෙහෝවා දෙවි ප්‍රීතිමත් දෙවි කෙනෙක්. (1 තිමෝති 1:11) ඔහු කැමති පවුලේ හැමෝම සතුටින් ඉන්නවාටයි. නීත්‍යනුකූලව විවාහ වෙලා ඉන්න එක ඒ සතුටට දායක වෙනවා. ඒ වගේම ඒක දරුවන්ටත් ආරක්ෂාවක්. දෙන්නෙක් විවාහ වෙද්දී ඒක රටේ නීතියට අනුව සිදු කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා.—ලූක් 2:1, 4, 5 කියවන්න.

විවාහය දෙවියන් සලකන්නේ කොහොමද? ඔහු කැමති සැමියා හා බිරිඳ හැමදාටම එකට ඉන්නවාටයි. ඔවුන් දෙන්නා එකිනෙකාට විශ්වාසවන්තව ඉන්න එකත් දෙවියන් ඉතා වැදගත් දෙයක් හැටියට සලකනවා. (හෙබ්‍රෙව් 13:4) දික්කසාද වෙනවට යෙහෝවා දෙවි කොහෙත්ම කැමති නැහැ. (මලාකි 2:16) ඒත් සැමියා හරි බිරිඳ හරි අනාචාරයේ යෙදුණොත් දික්කසාද වෙන්න අවසර දීලා තියෙනවා. ඒ හේතුව නිසා දික්කසාද වුණොත් විතරයි ආයෙත් විවාහ වෙන්න පුළුවන්.—මතෙව් 19:3-6, 9 කියවන්න.

2. පවුලේ සතුට තියාගන්න සැමියාටයි බිරිඳටයි කරන්න පුළුවන් මොනවාද?

සතුටින් සිටින යුවළක්

දෙවියන් පුරුෂයාවයි ස්ත්‍රියවයි නිර්මාණය කළේ සහයෝගයෙන් වැඩ කරන්නයි. (උත්පත්ති 2:18) බිරිඳට හා දරුවන්ට අවශ්‍ය දේවල් ලබා දීලා ඒ අයව බලාගන්න වගකීම තියෙන්නේ පවුලේ මූලිකයා වන සැමියාටයි. පවුලේ අයට දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න උදව් කරන්න ඕනෙත් ඔහුයි. සැමියා තමාගේ උවමනා එපාකම්වලට වඩා බිරිඳ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔවුන් දෙදෙනා එකිනෙකාට ගරු කිරීමත් ආදරේ කිරීමත් වැදගත්. දෙන්නා අතින්ම අඩුපාඩුකම් වෙන නිසා පවුලේ සතුට දිගටම තියාගන්න නම් දෙන්නට දෙන්නා සමාව දෙන එකත් හරිම වැදගත්.—එෆීස 4:31, 32; 5:22-25, 33; 1 පේතෘස් 3:7 කියවන්න.

3. විවාහ ජීවිතේ ප්‍රශ්න තියෙනවා නම් වෙන් වෙන එකද හොඳම දේ?

නැහැ. විවාහ ජීවිතේ ඇති වෙන පොඩි පොඩි ප්‍රශ්න නිසා වෙන් වෙන එක දෙවියන් අනුමත කරන්නේ නැහැ. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කරන්න පුළුවන් හොඳම දේ තමයි එකිනෙකාට තව වැඩියෙන් ආදරෙන් සලකන්න පියවර ගන්න එක.—1 කොරින්ති 13:4, 5.—1 කොරින්ති 7:10-13 කියවන්න.

4. දරුවන් මොන වගේ ජීවිතයක් ගත කරනවාටද දෙවියන් කැමති?

සහයෝගයෙන් වැඩ කරන දරුවන් සහ දෙමව්පියන්

දරුවෙනි, ඔයාලා සතුටින් ඉන්නවා දකින්න යෙහෝවා දෙවි කැමතියි. යෞවන කාලය සතුටින් ගත කරන්න පුළුවන් හොඳම විදිහ ගැන දෙවියන් ඔයාට මඟ පෙන්වීම් දීලා තියෙන්නේ ඒ නිසයි. දෙමාපියන් දෙන හොඳ උපදෙස් හා එයාලගේ අද්දැකීම් හිතට ගන්න කියලත් දෙවියන් ඔයාට කියලා තියෙනවා. (කොලොස්සි 3:20) ඔයාගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිටත් ඔහුගේ පුතා වන යේසුස්ටත් සේවය කළොත් ඔයාට ලොකු සතුටක් අද්දකින්න පුළුවන්. ඇත්තටම දෙවියන් කැමති ඔයා ඒ සතුට අද්දකිනවාටයි.—දේශනාකාරයා 11:9–12:1; මතෙව් 19:13-15; 21:15, 16 කියවන්න.

5. දෙමාපියන්ගෙන් දෙවියන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

තාත්තා කෙනෙක් දරුවෙක් එක්ක කතා කරනවා

දරුවන්ට අවශ්‍ය කෑම බීම, ඇඳුම් පැළඳුම් හා ඉඳුම් හිටුම් දෙන එක දෙමාපියන්ගේ වගකීමක්. (1 තිමෝති 5:8) ඒත් දරුවන්ගේ ජීවිත සාර්ථක වෙන්න නම් ඒ දේවල් විතරක් මදි. දෙවියන් ගැන කියලා දීලා ඔහු ගැන ආදරයක් එයාලගේ හිත්වල ඇති කරන එකත් හරිම වැදගත්. නිතරම දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්න දරුවන්ව පුහුණු කරයි කියලත් ඔහු දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වෙනවා. (එෆීස 6:4) දෙමාපියන් දෙවියන්ට ආදරේ කරනවා දකිද්දී දරුවනුත් එහෙම කරන්න ඉගෙනගන්නවා. බයිබලයේ තියෙන උපදෙස් හා මඟ පෙන්වීම් දරුවන්ට කියලා දෙනවා නම් දෙවියන් හිතන විදිහට හිතන්න එයාලා පුරුදු වෙනවා.—ද්විතීය කතාව 6:4-7; හිතෝපදේශ 22:6 කියවන්න.

දරුවන් කරන හොඳ දේවල් අගය කරලා එයාලව දිරිගන්වද්දී ඒකෙන් දරුවන් ගොඩක් සතුටු වෙනවා. දරුවන්ට හික්මවීම් ඕනේ කියලත් මතක තියාගන්න. වැරදි දේවල්වලින් වැළකිලා ඉන්න දෙමාපියන්ගෙන් ලැබෙන හික්මවීම් ලොකු උදව්වක්. (හිතෝපදේශ 22:15) ඒත් කුරිරු විදිහට දරුවන්ව හික්මවන්න එපා.—කොලොස්සි 3:21 කියවන්න.

දෙමාපියන්ට හා දරුවන්ට හොඳ උපදෙස් තියෙන පොත් රැසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ පොත්වල තියෙන හැම උපදෙසක්ම පදනම් වෙලා තියෙන්නේ බයිබලය මතයි.—ගීතාවලිය 19:7, 11 කියවන්න.

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 14වෙනි පරිච්ඡේදයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න