ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • fg 5 පාඩම 1-5 ප්‍රශ්න
  • මිනිසුන් සඳහා දෙවියන් අරමුණු කරලා තියෙන්නේ මොකද්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මිනිසුන් සඳහා දෙවියන් අරමුණු කරලා තියෙන්නේ මොකද්ද?
  • සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • සමාන තොරතුරු
  • පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • පාරාදීසය තිබෙන්නේ ස්වර්ගයේද පොළොවේද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “පාරාදීසයේදී හම්බ වෙමු!”
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
fg 5 පාඩම 1-5 ප්‍රශ්න

5වන පාඩම

මිනිසුන් සඳහා දෙවියන් අරමුණු කරලා තියෙන්නේ මොකද්ද?

1. දෙවියන් පොළොව නිර්මාණය කළේ ඇයි?

ඒදන් උයනේ ඉන්න ආදම් සහ ඒව. පස්සේ ඒ දෙන්නාට උයනෙන් යන්න වුණා

දෙවියන් පොළොව නිර්මාණය කළේ මිනිසුන්ට ජීවත් වෙන්නයි. මුල්ම මිනිස් යුවළ ඒ කියන්නේ ආදම් හා ඒවව ඔහු නිර්මාණය කළේ පොළොවේ ජීවත් වෙන්නයි, ස්වර්ගයේ නෙමෙයි. ස්වර්ගයේ ජීවත් වෙන්න දෙවියන් නිර්මාණය කළේ දේවදූතයන්වයි. (යෝබ් 38:4, 7) ආදම් හා ඒවව දෙවියන් පදිංචි කළේ ඒදන් කියන ලස්සන උයනේ. (උත්පත්ති 2:15-17) ඔවුන්ටත් ඔවුන්ගෙන් පැවතෙන අයටත් පොළොවේ සදහටම ජීවත් වෙන්න අවස්ථාව තිබුණා.—ගීතාවලිය 37:29; 115:16 කියවන්න.

මුලින්ම ලස්සන උයනක් විදිහට තිබුණේ ඒදන් උයන විතරයි. දෙවියන් ආදම් හා ඒවට කිව්වේ දරුවන් බිහි කරලා මුළු පොළොවම ඒ උයන වගේ ලස්සන තැනක් කරන්න කියලයි. ඒක රැකබලා ගන්න කියලත් ඔහු ඔවුන්ට කිව්වා. (උත්පත්ති 1:28) මිනිසුන් සඳහා දෙවියන්ගේ අරමුණ වුණේ ඒකයි. පොළොව කවදාවත් විනාශ වෙන්නේ නැහැ. ඒක හැමදාටම මිනිසුන්ගේ නිවහනයි.—ගීතාවලිය 104:5 කියවන්න.

‘දෙවියන් පොළොව නිර්මාණය කළේ ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.

2. දැන් පොළොව ලස්සන තැනක් නොවන්නේ ඇයි?

ආදම් හා ඒව දෙවියන්ට අකීකරු වුණු නිසා ඔවුන්ව ඒදන් උයනෙන් පිටමං කළා. මේ පොළොව ලස්සන තැනක් කරලා ඒකේ ජීවත් වෙන්න තිබුණු අවස්ථාව ඔවුන්ටත් ඔවුන්ගෙන් පැවතෙන අයටත් අහිමි වුණා. කිසි කෙනෙක්ට මේ වෙනකම් පොළොව ලස්සන තැනක් කරන්න පුළුවන් වෙලා නැහැ. බයිබලයේ කියන්නේ, “පොළොව දුෂ්ටයාගේ අතට භාර දී තිබේ” කියලයි.—යෝබ් 9:24.—උත්පත්ති 3:23, 24 කියවන්න.

පාරාදීසයේදී නිවාස ඉදි කරනවා

එහෙමනම් මිනිසුන් සඳහා දෙවියන්ට තිබුණු අරමුණ ඉටු වෙන්නේ නැද්ද? ඔහු සියලු බලය ඇති දෙවියන් නිසා ඔහුට කරන්න බැරි දෙයක් නැහැ. (යෙසායා 45:18) ඔහු ළඟදීම ඒ අරමුණ ඉටු කරනවා.—ගීතාවලිය 37:11, 34 කියවන්න.

3. පොළොව නැවත ලස්සන තැනක් කරන්නේ කොහොමද?

ළඟදීම යේසුස් දේවදූතයන් සමඟ එක්ව නපුරු, දුෂ්ට මිනිසුන්ව විනාශ කරනවා. ඒත් එක්කම දුෂ්ට දේවල් කරන්න මිනිසුන්ව පොලඹවන සාතන් කියන යක්ෂයාව අවුරුදු 1,000කට හිර කරනවා. එතකොට පොළොවේ ඉතුරු වෙලා ඉන්න, දෙවියන්ට කීකරු මිනිසුන්ට සාමයෙන් හා සතුටින් සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. පොළොව නැවත ලස්සන තැනක් කරන්න පියවර ගන්නේ ඒ විදිහටයි. යේසුස් මේ පොළොව පාලනය කරන කාලේදී මේ පොළොව ආපහු ලස්සන තැනක් වෙනවා.—එළිදරව් 20:1-3; 21:3, 4 කියවන්න.

4. දුක් කරදර නිමා වෙන්නේ කවදාද?

අපි ජීවත් වෙන දුෂ්ට සමාජයේ අවසාන කාලය අඳුනගන්න යේසුස් “ලකුණක්” දුන්නා. අද ලෝකයේ සිද්ධ වෙන දේවල්වලින් ඒ ලකුණ ඉටු වෙනවා කියලා පැහැදිලියි. ඒ නිසා දුක් කරදර නිමා වෙන දවස අත ළඟයි.—මතෙව් 24:3, 7-14, 21, 22 කියවන්න.

යේසුස් ස්වර්ගයේ සිට අවුරුදු 1,000ක් පොළොව පාලනය කරන කාලයේදී දුක් කරදර සියල්ල ඉවත් කරනවා. (යෙසායා 9:6, 7; 11:9) ඒ කාලයේදී ඔහු මිනිසුන් උරුම කරගෙන තියෙන පව්කාර ස්වභාවය ඔවුන්ගෙන් ඉවත් කරනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ දෙවියන් යේසුස් මාර්ගයෙන් අසනීප, මහලු විය හා මරණය නැති කරලා දානවා කියලයි.—යෙසායා 25:8; 33:24 කියවන්න.

5. අනාගතයේදී ලස්සන පොළොවේ ජීවත් වෙන්නේ කවුද?

නමස්කාර මධ්‍යස්ථානවලදී ඉගෙනගන්නවා

සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලදී දෙවියන්ට ප්‍රේම කරන, ඔහුට කීකරුව ජීවත් වෙන්න කැමති අයව ඔයාට හම්බ වෙයි

ඒකේ ජීවත් වෙන්නේ දෙවියන්ට කීකරුව ඉන්න අයයි. (1 යොහන් 2:17) යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ නිහතමානී අයව හොයලා දෙවියන්ට කීකරුව ජීවත් වෙන විදිහ ගැන ඔවුන්ට කියලා දෙන්න කියලයි. දෙවියන්ගේ සෙනඟ අදත් ඒක කරනවා. දැන් ඉඳලම දෙවියන් තම සෙනඟව ඒ ලස්සන පොළොවේ ජීවත් වෙන්න පුහුණු කරනවා. (ශෙපනියා 2:3) උදාහරණයකට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට එන අයට ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් විදිහටත් පියවරුන් හා මව්වරුන් විදිහටත් තම වගකීම් හොඳින් ඉටු කරන්න පුළුවන් ආකාර ගැන වටිනා උපදෙස් ලැබෙනවා. දෙමාපියන් හා දරුවන් රැස්වීම්වලදී එක්ව දෙවියන්ට නමස්කාර කරනවා. දෙවියන්ගේ ප්‍රීතිමත් පණිවිඩයට සවන් දෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් ඉගෙනගන්නවා.—මීකා 4:1-4 කියවන්න.

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 3වෙනි පරිච්ඡේදයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න