යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන විකාශය වූ රූපවාහිනි විවාදය
වර්ෂ 2000 සහ 2001 යන වසර තුළදී, කලින් සෝවියට් සංගමයට අයත් ජනරජයක්ව තිබූ ජෝර්ජියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට එරෙහිව ප්‍රහාරයක් දියත් කෙරුණා. ජෝර්ජියාවේ සුප්‍රකට රූපවාහිනි මධ්‍යස්ථානයක ඔවුන් පිළිබඳව එක් විවාදයක් විකාශය වුණා. එම විවාදය පැවැත්වුණේ සාක්ෂිකරුවන්ව තහනම් කළ යුතුයයි කියා සිටි එක්තරා දේශපාලකයෙක් සහ සාක්ෂිකරුවන්ගේ පොත් පත් ගැන අධ්‍යයනයක් කරන ලෙසට අධිකරණය මගින් පත් කරනු ලැබ සිටි එක්තරා මහාචාර්යවරයෙකු අතරයි.
සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් ගැන කරන ලද දැඩි චෝදනාවලට පිළිතුරු දෙමින්ද ඒවාට විරෝධය පළ කරමින්ද මහාචාර්යවරයා කියා සිටියේ මෙම දේශපාලනඥයා කියා සිටින දේවල් නිකම්ම “හිස් කතා” බවයි. අනතුරුව ඔහු මෙහෙම කිව්වා. “මෙන්න සාක්ෂිකරුවන් විශ්වාස කරන දේවල්.” මෙසේ කියමින් රූපවාහිනි නරඹන්නන්ට පෙනෙන පරිදි සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතේ පිටපතක් පෙන්නුවා.
අනතුරුව එම පොතේ පළමු ඡේදය මෙම මහාචාර්යවරයා කියවන්නට පටන්ගත්තා. එම ඡේදය අවසන් වන්නේ මේ වචන සමඟිනුයි. “ඒ කෙසේවෙතත්, බොහෝදෙනෙකුට නම් ජීවිතය කියන්නේ ප්‍රශ්න වැලකි. ඔබටත් එසේ හැඟී ඇත්නම්, අධෛර්යය නොවන්න.”
බොහෝදෙනෙකුට තිබෙන ප්‍රශ්නවලට බයිබලයේ සපයන පිළිතුරු මෙම ප්රකාශනයේ හුවා දක්වා තිබෙනවා. උදාහරණයක් වශයෙන්, එහි පරිච්ඡේදවල තේමා අතරට, “සැබෑ දෙවි කවුද?” “අප මහලු වී මියයන්නේ මන්ද?” “දුක් වේදනා පැවතීමට දෙවි ඉඩ දී ඇත්තේ මන්ද?” යන තේමාවන් ඇතුළත්.
පිටු 192කින් යුත් මෙම පොතේ පිටපතක් ලබාගෙන පෞද්ගලිකව සෝදිසි කර බලන්නට ඔබ කැමතිද? පහත ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට හෝ පහත ඇති කූපනය පුරවා එවීමෙන් ඔබටත් පිටපතක් ලබාගත හැකියි.
□ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම යන පොතේ පිටපතක් මාහට එවන්න.
□ නොමිලයේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.