තාරකා විද්‍යා ගුරුවරියක් මවිත වී
මවිත වී තිබෙන්නේ කුමකින්ද? ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? නමැති පොත මගිනි. රුසියාවේ නෝව-සෙක්මාර්සෙක්හි ගුරුවරියක විසින් රුසියාවේ ශාඛා කාර්යාලයට ලිපියක් ලියන ලදි. වැඩි විස්තර ඉල්ලමින් ඈ මෙසේ පැහැදිලි කළාය.
“දවස් කීපයකට පෙර මට මගේ පරණ යාළුවෙක් හම්බවෙලා ඇගේ නිවසට ගියා. එහි ඇගේ පොත් රාක්කයේ හුරුබුහුටි පුංචි පොතක් තියෙනවා මම දැක්කා. ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? කියන ඒකෙ මාතෘකාවට මගේ හිත ඇදිලා ගියා. ඊටත් වඩා මගේ සිත්ගත්තේ කවරයේ පින්තූරයයි. මම භෞතික හා තාරකා විද්‍යා ගුරුවරියක්. පොත අතට අරං බැලුවහම ඒකෙ තියෙන තොරතුරු සම්භාරය දැකලා මම පුදුම වුණා. අපේ පවුලේ අය පරම්පරා තුනක කාලයක ඉඳලා ආගම ගැන කතා කරලා නැහැ. මගේ ආච්චිගේ අම්මා ආගමට ලැදි කෙනෙක් වුණත් මගේ ආච්චි කොමියුනිස්ට්වාදියක්. ඔවුන් (කොමියුනිස්ට්වාදීන්) මැවුම්කරුවෙකුව විශ්වාස කළේ නැහැ.
“තාරකා විද්‍යා ගුරුවරියක් හැටියට විශ්වයේ ආරම්භය පිළිබඳ විවිධ උපකල්පන ගැන දරුවන්ට කියා දීමට මා බැඳී සිටිනවා. මම ඔබේ පොත එක හුස්මට කියවලා තීරණය කළා මගේ ලිපිනය දමා ඔබට ලිපියක් ලියන්න. . . . ඒ වෙලාවෙම ශුද්ධ ලියවිලි පදත් කියවලා බලන්න ඕන නිසා මම බයිබලයක් පවා ණයට ඉල්ලගත්තා.
“මේ පොතට ගොඩක් ස්තූතියි! පොත නිකුත් කරලා තියෙන්නේ 1998 නිසා මම මේ ලිපිය එවන්නේ ප්‍රමාද වී වුවත් ඔබෙන් තොරතුරු ලබාගන්න තවමත් හැකි වෙයි කියා මා හිතනවා.”
පහත දැක්වෙන කූපනය පුරවා දී ඇති ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ තිබෙන සුදුසු ලිපිනයකට තැපෑලෙන් එවීමෙන්, පිටු 192කින් යුත් මෙම පොත ඉල්ලුම් කිරීමට ඔබට හැකි බව අප පවසන්නේ ඉතා සතුටිනි.
□ ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? නමැති පොතේ පිටපතක් මට එවන්න.
□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
J. Hester and P. Scowen (AZ State Univ.), NASA