ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g02 12/8 32 පි.
  • අන්‍යයන්ව කම්පා කළ මරණයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අන්‍යයන්ව කම්පා කළ මරණයක්
  • 2002 පිබිදෙව්!
2002 පිබිදෙව්!
g02 12/8 32 පි.

අන්‍යයන්ව කම්පා කළ මරණයක්

මෙම වසරේ වොෂිංටන් ඩි.සි.හි රජයේ ගොඩනැඟිල්ලක වැඩ කරමින් සිටින විට ජෙසී බාර්න්ස් නම් ප්‍රධාන විදුලි කාර්මිකයෙක් අනතුරකට ලක් වී මිය ගියා. ඔහු එම ආයතනයේ 1995 සිට සේවය කර තිබුණා. “හැමෝම ජෙසීට ආදරේයි” කියා එක් කළමනාකරුවෙක් පැවසුවා. සහය පරිපාලකවරියක් ජෙසී ගැන පැවසුවේ මෙසේයි. “එක වතාවක් මුණගැසුණත් මතක හිටින කෙනෙක් ඔහු. ඒ වගේම ඔහුගේ ඇදහිල්ල පිළිගැනීමට අනුන්ට බල කළේ නැහැ. නමුත් අනිත් අය අසභ්‍ය වචන භාවිත කරනවා ඇහුණොත් එහෙම කරන්න එපා කියා ඔහු ඔවුන්ට උපදෙස් දුන්නා.”

ජෙසී මැරෙන විට ඔහුගේ වයස අවුරුදු 48යි. ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වූයේ 1993දීයි. ඔහු වැඩ කළ ආයතනයේ සිටි නිලධාරීන් දෙදෙනෙක් ජෙසීගේ මරණය නිසා වැන්දඹුවක් වූ මෝරීන්ට ඇවිත් ඔවුන්ව හමු වන්න කියා ආරාධනා කළා. මේ ආරාධනාව පිළිගෙන ඇය ඔවුන්ව බැහැදැකීමට මාර්තු 20 වෙනිදා ගියා. ඇය මේ නිලධාරීන් දෙදෙනාටම ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට යන විවරණිකාව සහ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය හඳුනාගනිමු යන වීඩියෝ පටි තෑගි දුන්නා. ඔවුන් දෙදෙනාම මෙම තෑගි ඉතා අගය කොට සැලකුවා. ඉන් එක්කෙනෙක් ඇගේ පැමිණීම අගය කළා. ඊට හේතුව ඔහුගේ පියාත් මෑතකදී මියගොස් තිබුණු අතර එය දරාගැනීම ඔහුට අසීරු වී තිබූ නිසයි.

ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට යන පිටු 32කින් යුත් විවරණිකාව කියවීම තුළින් ඔබට හෝ ඔබ දන්න කෙනෙකුට සහනයක් ලබාගත හැකියි. මේ සමඟ ඇති කූපනය පුරවා එහි සඳහන් ලිපිනයට හෝ 5වෙනි පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට තැපැල් කිරීමෙන් ඔබටත් එහි පිටපතක් ලබාගන්න පුළුවන්.

□ ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට යන විවරණිකාවේ පිටපතක් මට එවන්න.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න