ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g03 12/8 22 පි.
  • ඔබ දන්නවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දන්නවාද?
  • 2003 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ඔබ දන්නවාද?
    2000 පිබිදෙව්!
  • ඔබ දන්නවාද?
    2005 පිබිදෙව්!
2003 පිබිදෙව්!
g03 12/8 22 පි.

ඔබ දන්නවාද?

(පහත දක්වා ඇති ප්‍රශ්නවලට එහි සඳහන් කර ඇති බයිබල් පදවලින් පිළිතුරු සොයාගත හැකි අතර සියලුම පිළිතුරු ඇතුළත් ලැයිස්තුවක් 27වන පිටුවේ සඳහන් වේ. අමතර තොරතුරු සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන “ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය” [සිංහලෙන් නැත, it] නමැති පොත බලන්න.)

1. යෙහෝවා කිසිදා නොනවතින ලෙස නියම කළේ මොනවාද? (උත්පත්ති 8:22)

2. යේසුස් පැවසූ පරිදි, පරිසිවරු “යුක්තියද දෙවි කෙරෙහි ප්‍රේමයද” පෙන්වීම අමතක කර දමා, කුමන ඔසු පැළෑටිවලින් දසයෙන් කොටසක් දීම ගැනද ඉතා සුපරීක්ෂාකාරී වූයේ? (ලූක් 11:42, NW)

3. යේසුස් පැවසුවේ තමා කුමනාකාරයෙන් නැවත පැමිණෙනවා කියාද? (එළිදරව් 16:14)

4. සැම්සන් ‘කොටළුවෙකුගේ අලුත් හකු ඇටයකින්’ පිලිස්තිවරු කීදෙනෙක් මරණයට පත් කළාද? (විනිශ්චයකාරයන් 15:15)

5. යෙහෝවා විසින් පමණක් මවන ලද එකම තැනැත්තා යේසුස් වීම නිසා ඔහුව හඳුන්වනු ලබන්නේ කවරෙකු ලෙසද? (යොහන් 3:18)

6. අලස මනුෂ්‍යයන් සම්බන්ධයෙන් පාවුල් තෙසලෝනිකවරුන්ට අණ කළේ කුමක්ද? (2 තෙසලෝනික 3:10, 12, NW)

7. “පටු දොරටුවෙන් ඇතුල් වීම” සඳහා සියලුදෙනාම කුමක් කළ යුතු බව යේසුස් පැවසුවාද? (ලූක් 13:24, NW)

8. ඊශ්‍රායෙලයේ උතුරු කෙළවරෙහි පිහිටි ප්‍රදේශය නියෝජනය කළ නගරය වූයේ කුමක්ද? (1 සාමුවෙල් 3:20)

9. මිනීමරු හෙරොද් රජ වෙතට ආපසු නොයන්න කියා යේසුස්ව බැහැදැකීමට ගිය ශාස්ත්‍රවන්තයන්ට දෙවි අනතුරු ඇඟවූයේ කෙසේද? (මතෙව් 2:12)

10. සභාවේ අවේක්ෂකයෙක් “පිටත සිටින අයගෙන් යහපත් සාක්ෂියක් ලබා තිබිය” යුත්තේ මන්ද? (1 තිමෝති 3:7, NW)

11. ෆිලිප්ට ඉතියෝපීය නිලධාරියාව හමු වුණේ හා ඔහු ඔහුට ඉගැන්නුවේ කොහේදීද? (ක්‍රියා 8:26)

12. සියලුම අමලෙක්වරුන්ව හා ඔවුන්ට අයිති සියලුම එළු බැටළු රැළවල්ද විනාශ කිරීමට යෙහෝවා දුන් නියෝගයට සාවුල් අකීකරු වීම නිසා ඔහුට දුන් දඬුවම කුමක්ද? (1 සාමුවෙල් 15:23, 26)

13. ආබ්‍රහම් ඔහුගේ ජීවිත කාලයෙන් වැඩි හරියක් විදේශිකයෙක් හා තාවකාලික පදිංචිකරුවෙක් ලෙස ජීවත් වූයේ මන්ද? (හෙබ්‍රෙව් 11:10; 12:22; NW)

14. පිලාත් විසින් යේසුස් වෙනුවට නිදහස් කළ බරබ්බස් චෝදනා ලැබ සිටියේ කුමන වැරදි සඳහාද? (ලූක් 23:25; යොහන් 18:40)

15. ලිද්දාවෙහි “අට අවුරුද්දක් පුරා තම යහන මත” අංශභාග රෝගයෙන් පීඩා විඳි පේතෘස් විසින් සුව කරන ලද මනුෂ්‍යයාගේ නම කුමක්ද? (ක්‍රියා 9:32-34, NW)

ප්‍රශ්නවලට පිළිතුරු

1. ‘වපුරන කාලය හා කපන කාලය, ශීතය සහ උෂ්ණය, ග්‍රීෂ්ම කාලය සහ ශීත කාලය, දවාල සහ රාත්‍රිය’

2. මිංචි හා අරුදු

3. “සොරෙකු මෙන්”

4. 1,000

5. “දෙවිගේ ඒකජාතක පුත්‍රයා” ලෙසයි

6. “යමෙකු වැඩ කිරීමට අකමැති නම් ඔහු නොකා සිටීවා.” ‘සන්සුන්ව වැඩ කිරීමෙන් තමුන්ම උපයාගත් දෙයින් කෑම කත්වා’

7. “දැඩි උත්සාහයක් දරන්න”

8. දාන්

9. සිහිනයක් මාර්ගයෙන්

10. ඔහු “නින්දාවටද යක්ෂයාගේ මලපතටද නොවැටෙන පිණිසය”

11. යෙරුසලමේ සිට ගාසාව තෙක් දිවෙන පාරේදීය. මෙය කාන්තාර පාරකි.

12. යෙහෝවා ඔහුව ‘ඊශ්‍රායෙල්හි රජකමෙන්’ පහ කළේය.

13. ඔහු “සැබෑ අත්තිවාරම් ඇති නුවර” හෙවත් ස්වර්ගීය යෙරුසලම දෙස බලා සිටි නිසයි.

14. කැරලිගැසීම, මිනී මැරීම හා කොල්ල කෑම සඳහායි

15. අනීයස්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න