යේසුස්ගේ ජීවිතය ඉතා අනර්ඝ ත්‍යාගයක්
දෙවි මිනිසා උදෙසා දී තිබෙන ත්යාගයන්වලින් උතුම්ම ත්‍යාගය මීට අවුරුදු 2000කට ඉහතදී දුන්නා. ඒ ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතයයි. ඒ මගින් අපට සදාකාල ජීවනය ලබාගැනීමට හැකි වෙනවා. (යොහන් 3:16) මෙම ත්‍යාගයේ තිබෙන වටිනාකම තේරුම්ගත් බොහෝදෙනෙක්, සුවිශේෂ හතරෙහි සඳහන් යේසුස්ගේ ජීවිත කතාව ග්‍රන්ථයකට ගොනු කර තිබෙන මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොතෙහි පිටපතක් තම මිත්‍රයන්ට, නෑදෑයන්ට ත්‍යාගයක් වශයෙන් දී තිබෙනවා.
ටික කාලයකට පෙර එක් පුද්ගලයෙක් කියා සිටියේ ඔහු තමන්ට නත්තල් සුබ පැතුම් පත් එවන අයට මෙම පොතේ පිටපතක් දෙන බවයි. එන්සයික්ලොපීඩියා විශ්වකෝෂය සහ බයිබලය යොදාගෙන තමන් නත්තල නොපැවැත්වීමට හේතු කෙටි ලිපියකින් පැහැදිලි කරන ඔහු ඒ සමඟ මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති ග්‍රන්ථයේ පිටපතක්ද එම පුද්ගලයන්ට යවනවා.
එම පුද්ගලයා කියා සිටියේ ඔහුට විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු දෙදෙනෙකුගෙන් ඉතාමත් දිරිගන්වනසුලු ප්‍රතිචාරයක් ලැබුණ බවයි. එක් ලිපියක සඳහන් වූයේ මෙයයි. “මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති ඔබ එවූ වටිනා ත්‍යාගය ලැබුණා. එවැනි පොතක් ලැබීම ගැන අපි බොහොම සතුටු වෙනවා. එම පොතෙහි වටිනාකම කියා නිම කරන්නට බැහැ. අපි දැනටමත් ඉන් බොහෝ ප්‍රයෝජන අරන් තිබෙනවා.”
යේසුස් දුන් දේශනාවන්, ඔහු යොදාගත් නිදර්ශන සහ ප්රාතිහාර්යයන් පිළිබඳ තොරතුරු මෙම පොතෙහි ඇතුළත් වී තිබෙන අතර එහි සිදු වූ සෑම දෙයක්ම අනුපිළිවෙළටම සඳහන් කිරීමට උපරිම වෑයමක් ගෙන තිබෙනවා. යේසුස්ට සහ ඔහුගේ සමකාලීනයන්ට තිබුණ හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා ඉතා සුපරීක්ෂාකාරීව හොඳින් අධ්‍යයනය කර සකස් කළ පින්තූරු ඉතාමත් අලංකාර ආකාරයකින් යොදා තිබීම මෙම පොතෙහි තවත් විශේෂත්වයක්.
පිටු 448කින් යුත් මෙම පොතෙහි පිටපතක් ලබාගැනීමට ඔබත් සතුටු නම් මේ සමඟ තිබෙන කූපනය පුරවා එහි ලිපිනයට හෝ පස්වන පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට හෝ තැපැල් කරන්න.
□ මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොතේ පිටපතක් පමණක් ලබාගැනීමට මා සතුටුයි.
□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.